IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


භික්ෂුවට දේශපාලනය තහනම්

අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්‍රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා  ශ්‍රමණ විරෝධී ක්‍රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය.

අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්‍රකාශ කළහ.

මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්ප්‍යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්‍රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම්  බව  උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.



අදහස් (0)

භික්ෂුවට දේශපාලනය තහනම්

වීරහැන්නැදිගේ Tuesday, 25 February 2014 09:38 AM

සාදු සාදු සාදු සාදු සාදු.!!!! ආර්ය මහා සංඝරත්නය තව බොහෝකල් බුදු සසුන ආරක්ෂා කරත්වා!! චිරාත් කාලයක් බුදු සසුන මේ ලක් දෙරණේ බැබලේවා!!!සිංහල බෞද්ධ බැතිමතුන් වෙනුවෙන්ගත් බොහොම වටිනා තීරණයක් සාදු සාදු සාදු..(අ)

:       0       0

කුමාරි Tuesday, 25 February 2014 09:38 AM

සාදු,සාදු,සාදු ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ.... කාලෝචිත තීරණයක්...මෙහෙම නොවුනානම් තව වසර 2400ක් බුදු දහම සුරැකෙන එක හීනයක්..............(අ)

:       0       0

තුසිත Tuesday, 25 February 2014 09:41 AM

අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා ....(අ)

:       0       0

පණ්ඩු Tuesday, 25 February 2014 09:57 AM

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ අමරපුර නිකායේ නෙව්යිද? (දී)

:       0       0

රංග Tuesday, 25 February 2014 10:06 AM

සාදු සාදු සාදු ... !!! බුදු සසුන බැබලේවා ...! (දී)

:       0       0

පුර්නිමා Tuesday, 25 February 2014 10:11 AM

බුද්ධ ශ්‍රාවක මහා සංග රත්නයට තියෙන්නේ නිවී සැනසිගිය හදවතක්. උන්වහන්සේලා වචනයෙන්, කයෙන් නිවී සිටින්නෝය. උපශාන්ත සිත් ඇති විතරාගී වන්නෝය. සම්බුද්ධ සාසනය රැක ගන්නට කතිකාවත් අවශ්‍ය නැත. මේ ගත තීරණයම හේතු වන්නේය. සාදු. සාදු.. සාදු... (දී)

:       0       0

සියබලාංදුවේ සුමන සීල ස්වාමින්වහන්ස Tuesday, 25 February 2014 09:42 PM

දෙශපාලනය තුළදි භික්ෂුව ඡන්දය ඉල්ලන තත්ත්වයට පත් නොවිය යුතුයි. දේශපාලනය සිදුකරනු ලබන පුද්ගලයන්හට අනුශාසක කෙනෙක් වශයෙන් නිවැරදි නායකත්වයක් සපයන්නෙ නම් එය භික්ෂූන් හට ගැලපේ. { දෙශපාලනය වෙනුවෙන් පවත්වන්නට යෙදෙන සභා මධ්‍යයේ කතා කිරීමද සුදුසු නොවේ. !!!! රැස්වීම් (අ)

:       0       0

ලලන්ත Tuesday, 25 February 2014 10:20 AM

බොහොම හොද තීරණයක් (දිල්)

:       0       0

එම්.යසස්සි හිමි Tuesday, 25 February 2014 09:42 PM

ඇත්තටම සතු‍ටට කරණයක්.ඔය තිරණයට අපේ නිකායවල මහානායක මහා හිමිපාණන් වහන්සේලා ප්‍රමුකත්වය ගත්තොත් අපිත් ගොඩක් සතුටු වෙනවා. (අ)

:       0       0

අනිල් Tuesday, 25 February 2014 10:23 AM

ඉතා නිවරදි තීරණයක්. අනිකුත් නිකායන් වල මහානායක ස්වාමීන්වහන්සේලාද මෙවන් සම්මුතියකට පැමිණිය යුතු යැයි සිතේ. පෙර රජ දවස පටන් භික්ෂුන් වහන්සේලා පාලකයින්ට අනුශාසනා කළා මිස මෙසේ කලහකාරී ලෙස හැසිරුණු බවක් අප අසා නැත. ඉතාමත් හොද තීරණයක් ගත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ''වේවා''(දිල්)

:       0       0

තුසිත Tuesday, 25 February 2014 10:59 AM

බහුජන හිත සුව පිණිස වනදේ විශේෂෙයන් දෙපිරිසටම අවැඩ නොවන දේ කිරීමට ඇති අයිතිය අහෝසි කිරීම නොගැළපේ. ගැළපෙන ලෙස කිරීමට නියෝග කරීම වටී.(දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 25 February 2014 11:03 AM

කාලෙකට පස්සේ හොඳ ආරංචියක් (දිල්)

:       0       0

සේන Tuesday, 25 February 2014 11:27 AM

සාදු සාදු ඉතාමත් කාලෝචිත තීරණයක්.(දිල්)

:       0       0

කපිල එම් ගමගේ Tuesday, 25 February 2014 01:30 PM

හොද වගේම නරකත් මේකේ තියනවා (දිල්)

:       0       0

ගුණේ Tuesday, 25 February 2014 01:38 PM

සාදු! සදු! සාදු! ඉතා හොද පියවරක්. නායක හාමුදුරුවන් මෙතෙක් කාලයක් නිහඬව සිටින විට හැමෝම මේ දෙස උපේක්ෂාවෙන් බලාසිටිය. ඔබතුමන්ලා මේ ක්‍රියා අනුමත කරනවාදෝ කියා. ඔය ගත් පියවරට මේ අදහසත් ඇතුළුකර ගත්තොත් වඩා කාලෝචිතයි කියා සිතමි. එනම් දේසපාලකයන්ගේ මිනි මරුවන්ගේ, පාතලයන්ගේ නැති ගුණ වර්ණනා කිරීමත් තහනම් කිරීම. (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 25 February 2014 01:44 PM

බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ගන්නා ලද හොඳ තීරණයක් ,(දී)

:       0       0

ක්‍රිෂාන් කෞශල්‍ය Tuesday, 25 February 2014 02:14 PM

හොදම තිරණයක් ඇත්තෙන්ම...(දී)

:       0       0

දමිත් දිල්හාන් පෙරේරා Saturday, 10 May 2014 04:50 PM

දේසපාලනය කියන්නේ (දේශය පාලනය කිරීමක් ) වචනය වරද්දගන්න එපා .එදා වරිය පොළ සුමංගල හිමි ,මිගේට්ටුවත්ටේ ගුණානන්ද හිමියන් එස් මහින්ද හිමියන් කලේ දෙස පාලනයක් තමා

:       0       0

සුමිත්‍ර Monday, 24 February 2014 08:56 PM

සාදු සාදු සාදු.!!!! ආර්ය මහා සංඝරත්නය තව බොහෝකල් බුදු සසුන බබලාවා!! චිරාත් කාලයක් බුදු සසුන මේ ලක් දෙරණේ බැබලේවා!!! (අ)

:       0       0

ප්‍රභාත් Monday, 24 February 2014 08:58 PM

අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මාර්ගපල මහනින්සංස ලැබෙන්න ඕනේ මේ ගත්ත තීරණයට. මොකද අපේ සාසනය රැක ගන්න නම් නායක ස්වාමින්වහන්සේලා හැටියට ඔබ වහන්සේලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ.අද සමාජයේ සංඟයාවහන්සේට තියන ගරුත්වය අඩුවෙන්න එක හේතුවක් ඔය දේශපාලනය. (අ)

:       0       0

රාජා කුවෙට්. Monday, 24 February 2014 09:00 PM

කලකට පසු හොද ආරංචියක් . (අ)

:       0       0

විද්‍යා Monday, 24 February 2014 09:01 PM

බොහොම හොඳ වැඩක්. විශ්ව විද්‍යාල වල ඉන්න ගෝල හිමිවරුන්ටත් මෙම නීති රීතිම ක්‍රියාත්මක කරන්න. (අ)

:       0       0

අල්විස් Monday, 24 February 2014 09:11 PM

මේ තීරණය ලබා දීම ගැන අමරපුර නිකායේ සිලගුනොපිත ශික්ෂාකාමී මහා සංග්‍යාවහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. (අ)

:       0       0

විරාජ් කාලිංග Monday, 24 February 2014 09:14 PM

හොද තීරණයක් හැටියට දකිනවා, සක්‍රිය දේශපාලනයට පැමිණීමෙන් බෞද්ධ භික්ෂුවට හිමි තැන හැල්ලුවට ලක්උනා, නමුත් රට ජාතිය වෙනුවෙන් හඩ නගන්නට පාලකයන්ට උපදෙස් දීමට ඉදිරිපත් වීමට හැකි විය යුතුයි,(අ)

:       0       0

ප්‍රියන්ත Monday, 24 February 2014 09:23 PM

අනේ සාදු !ඔය තීරණය අනෙක් භික්ෂුන් වහන්සේලාත් අරගත්තොත් හොදයි . එච්.එච්.එස්. ප්‍රියන්ත

:       0       0

සුනිල් සිල්වා Monday, 24 February 2014 09:24 PM

නියම හොද තීරණයක් (අ)

:       0       0

දීපාල් Monday, 24 February 2014 09:30 PM

හොද වැඩක් (අ)

:       0       0

සමන් ප්‍රසන්න Monday, 24 February 2014 09:32 PM

ඉතා හොඳයි

:       0       0

තේජා Monday, 24 February 2014 09:33 PM

මම නම් මේකට අත් දෙකම උස්සල කැමැත්ත දෙනවා . මේ වැඩෙන් බුද්ධ ශාසනය රැකෙනවා . හාමුදුරුවන්ගේ ගෞරවයත් රැකෙනවා (අ)

:       0       0

දයාවන්ශ Monday, 24 February 2014 09:50 PM

කලකට පස්සෙ අහන්න ලැබුනු හොද  පුවතක් එමෙන්ම දුෂණ අපරාධ වල යෙදෙන  භික්ෂූන් සාසනයෙන්ද නෙරපිය යුතුය (අ)

:       0       0

නන්ද punsara Monday, 24 February 2014 09:51 PM

ඉතා හොඳයි (අ)

:       0       0

කමල් Monday, 24 February 2014 09:58 PM

සාදු, සාදූ, ආදර්ශයක් (අ)

:       0       0

වසන්ත සමීර නවරත්න Monday, 24 February 2014 10:01 PM

ඇති දැන්වත් තේරුනා .නැති නම් බුදු දහම නැති වනවා (අ)

:       0       0

Ravi Jayaweera Monday, 24 February 2014 10:06 PM

නිවරදි තීරණයක්. අනිකුත් නිකායන් වල මහානායක ස්වාමීන්වහන්සේලාද මෙවන් සම්මුතියකට පැමිණිය යුතු යැයි සිතේ. පෙර රජ දවස පටන් භික්ශූන් වහන්සේලා පාලකයින්ට අනුශාසනා කළා මිස මෙසේ කලහකාරී ලෙස හැසිරුනු බවක් අප අසා නැත. (අ)

:       0       0

රණවීර Monday, 24 February 2014 10:07 PM

ඉතාමත් හොඳයි. (අ)

:       0       0

ජෙලෝ Monday, 24 February 2014 10:26 PM

බුදු සසුන බැබලේවා . (අ)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 25 February 2014 03:29 PM

ශ්‍රද්ධා ගගුල තව දෙදහස් පන්සීය වසරක් ගලන්නයි බුදු සමිදුන් දෙසු විනය පිටකය හද තුල දිලෙන්නයි නිවනින් නිවෙන්නට අප හද තුල දම්සද දෙසන්නැයි අමරපුර සගසරනින් මේ සිරිලක හෙට පිපෙන්නයි (දී)

:       0       0

නන්දා Monday, 24 February 2014 10:27 PM

අන්න හොඳ තීරණයක්...හැබැයි, ප්‍රශ්නය තිබෙන්නේ මෙම තීරණය කෙතෙක් දුරට ක්‍රියාත්මක කළ හැකිද කියන එකයි..(අ)

:       0       0

ශ්‍රී Monday, 24 February 2014 10:27 PM

බොහොම හොඳයි මොකද බුදු දහම පැවැත්මට ලොකු රුකුලක් මේවගේ නීති ගෙනාවොත්, හොද ඉදිරි දැක්මක් (අ)

:       0       0

සි. ගංගොඩ Monday, 24 February 2014 10:34 PM

සාධු, සාධු, සාධු. අමරපුර නිකායේ මහනායක හිමිපාණන් විසින් බුදු සසුන රැක ගැනීම සඳහා ගත් එම තීරණයට අපි සැම සතුටු සිතින් නමස්කාර කරමු. (අ)

:       0       0

පද්මිණි Tuesday, 25 February 2014 03:34 PM

බුදු දහම අනුව නිකාය කීපයක් තියෙන්නේ ඇයි? කුල භේදය නේද මෙතන?

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 03:36 PM

ඇතැම් "භික්ෂුවරුන්ට" සාසනික වශයෙන් කරන්න තියෙන වැඩ අඩු නිසා ඔවුන් සුදුසු දේශපාලනයටම තමයි. මහමෙර ගිලපු අයට අග්ගලාවත් කජ්ජක්ද කියල කිව්වලු.(දී)

:       0       0

ධනංජය විජේරත්න බලපිටිය Monday, 24 February 2014 11:25 PM

බලපිටියෙ සීවලී හමුදුරුවන්ට ගොඩක් පින් මේ ගත්ත තීරණයට සීවලී හාමුදුරුවෝ ආදර්ශයට ගනිමු (අ)

:       0       0

සංක Monday, 24 February 2014 11:27 PM

අමරපුර නිකායික මහනාහිමියන් ඇතුළු සංඝරත්නයට මගේ නමස්කර පුර්වක ස්තුතිය.මෙය අනෙක් නිකායික ස්වමින්වහන්සේලටද අදර්ශයක්ම වේවා. (අ)

:       0       0

සිරි Monday, 24 February 2014 11:30 PM

ඉතාම කාලෝචිත සහ උතුම් තීරණයක්. මෙම අදහස අනෙකුත් සියලුම නිකායවල මහනායක හිමිවරුන් වහන්සේලාද සැලකිල්ලට ගන්නවා ඇතැයි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි. මෙයට අමතරව භික්ෂුන් වහන්සේලා රජයේ රැකියාවලට යාම ජංගම දුරකථන, පරිගණක සහ රුපවාහිනි යන්ත්‍ර භාවිතය වැනි දෑ මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර හදී හූනියම් වැනි සමාජයට අහිතකර අනෙකුත් කර්මාන්තයන්හි නියැලීමද සපුරා නවතා දැමීම වටී (අ)

:       0       0

හතරබගේ ධම්මවංස හිමි Monday, 24 February 2014 11:35 PM

අපේ මහනායක හාමුදුරුවන් ඇතුළු අපේ නිකායේ ගරුතර සංඝරත්නය මේ ගන්නා ලද තීරණය ඉතා වැදගත් එකකි භික්ෂුවට දේසපාලනය උවමන නැත දේශපාලනය නිසා මුළු සඟරුවනටම වන්නේ ඉතා අවැඩකි අපකීර්තියකි මන්ද සමහරක් ඇතැම් භික්ෂුන්ගේ නොමන කටයුතු නිසාවෙනි (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Monday, 24 February 2014 11:47 PM

අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී මහා නා හිමියන් මා කුඩා කල සිට ඉතා හොදින් දනිමී. භික්‍ෂුන් වහන්සේලා අතරින් ඉතා පිරිසිදු සීලවන්ත ස්වමින්වහන්සේ නමකි.(අ)

:       0       0

පිටිගල Tuesday, 25 February 2014 12:02 AM

හාමුදුරු වරුන්ගේ කටවල් වැසීමක් මේකෙන් කරන්නේ . රට ජාතිය අනතුරේ බව කාට කාටත් අමතක වෙලා වගෙයි. රජයට උවමනා විදිහට වැඩ කරන්න බැරි උනේ හාමුදුරුවන් ඊට විරුද්ධව හඬ නගන නිසයි. බරපතල වරදක් බව පහුවෙනකොට තේරෙයි. ලංකාව අනතුරේ බව කව්රුත් වටහා ගත්තොත් හොඳයි. (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 25 February 2014 12:08 AM

මෙය ඉතා හොද තීරණයක් (අ)

:       0       0

ගාමිණී අබු ධබි Tuesday, 25 February 2014 12:17 AM

කාලොචිතයි ඔබ වහන්සේලාගේ ශාසනික සේවාවට ශක්තිය ජය (අ)

:       0       0

පාලිත ජයසිංහ Tuesday, 25 February 2014 12:33 AM

දකුණුලක බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතීතයේ සිට මහා ජාතික වැඩ කලේ බුදු වදනට අනුව යමින් අදත් අප බලපිටිය මුල් වී මෙවන් ගරු තීරණයක් ගත සඟ රුවනට සාදු කර දෙමු (අ)

:       0       0

අසංක Tuesday, 25 February 2014 01:08 AM

හාමුදුරුවන් මෙහෙම වෙනවා නම් හොදයි අපේ බුදු දහමට අභියෝගයක් නැත්නම්, (අ)

:       0       0

චමින්ද ප්‍රදීප් කුමාර සිල්වා Tuesday, 25 February 2014 01:52 AM

අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ ඉතා සුලු පිරිසයි ඉන්නෙ...අනෙක් නිකායවල් මෙය ක්‍රියාත්මක කරත්වා..(අ)

:       0       0

චන්දි Tuesday, 25 February 2014 01:57 AM

අනේ සාදු...!!ප්‍රමාද වෙලා හරි ඉතාමත් හොද තීරණයක් ගත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ''වේවා'' බුදු සසුන මුළු ලෝකයේම සදා බැබලේවා..,සාදු..සාදු....සාදු...!!!! (අ)

:       0       0

දීප්තා Tuesday, 25 February 2014 04:58 PM

දැන්වත් මලේ පාවිච්චි කරපු එක ලොකු දෙයක් (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 25 February 2014 04:58 PM

කාලෝචිත තීරණයක් බොහොම වැදගත්.තවත් ප්‍රමාද නැතිව මේ ගත්ත තීරණය.නැතිනම් දේශපාලනේ නිසා සංඝ රත්නයට තුබුණු ගෞරවය නැති වෙලා යමින් තිබුනේ.(දී)

:       0       0

ව.වින්සන් Tuesday, 25 February 2014 02:50 AM

ප්‍රමාද වී හෝ මේ වගේ තීරණයක් ගැනීම ශාසනයට කරන සේවයකි.සමහර භික්ෂුන්ගේ හැසිරීම් ගැන දකින විට බෞද්ධයෙක් කීම පවා ලජ්ජා සහගතය. (අ)

:       0       0

කළු Tuesday, 25 February 2014 03:10 AM

දකුණෙන්ම තමයි වැඩේ පටන් ගන්න ඕන .....ඔන්න වැන්ඳ සීවලී හාමුදුරුවන්ට (අ)

:       0       0

සීල Tuesday, 25 February 2014 03:19 AM

උත්තරීතර සඟරුවන ගත් මේ කතිකාවතෙන් බුදුදහමට ගරුකරන අපැහමට මහත් වූ අස්වැසිල්ලකි. බොහෝ පින්!. (අ)

:       0       0

තක්ෂිලා Tuesday, 25 February 2014 03:21 AM

හොඳ දෙයක්

:       0       0

දිල්ශාන් නවසීලන්තය Tuesday, 25 February 2014 03:31 AM

මහානාහිමියන් ගත් මේ තීරණය වෙනුවෙන් මම සහ මේ රටේ ඉන්න සිංහල ජනතාවගේ නමස්කාරය දහස් වාරයක් පුද කරමි. බුද්ධ ශාසනය සහ රට වෙනුවෙන් ගත් හොඳම තීරණයි. ගොඩක් පින්. .(අ)

:       0       0

යසන්ත Tuesday, 25 February 2014 04:14 AM

තීරණය නම් ඉතාම විශිෂ්ටයි.එම තීරණය අනුව එවැනි ක්‍රියාවල යෙදෙන භික්ෂුන් වහන්සේලාට විරුද්ධව දැඩි තීරණ රැගෙන ඒවා ප්‍රසිද්දීයටත් පත් කලයුතුයි.අන්න එවිට ඒ පිළිබඳව විශාල ජන සහයෝගයක් රැල්ලක් ඇතිවේවි.එවැනි තත්වයක් තුල අනිත් නිකාය වලටත් මේ විදියේ තීන්දු තීරණ ගන්න වේවි! (අ)

:       0       0

රණා Tuesday, 25 February 2014 04:30 AM

ඉතා දැහැමි රජෙක් වූ සිරි සඟබෝ රජුටත් සතුරන් හිටියා. භික්ෂුව යනු දසතින් දනය ලැබීමට සුදුසු සතුරන් නැති කෙනකි. මේ තීරණය සාසනයේ පැවැත්මට ඉතා හිතකර එකකි. (අ)

:       0       0

පියල් Tuesday, 25 February 2014 05:59 AM

අප රටට ජාතියට ප්‍රශ්නයක් එල්ල උනොත් පමණක් භික්ෂුන් වහන්සේලා යමක් කලයුත්තේ ! නැත්නම් උන්වහන්සේලා ආගමික කටයුතු ආදී උන්වහන්සේලාට අදාළ කටයුතු කලයුතුයි ! විශේෂයෙන් මෙම කාලයේදී උන්වහන්සේලාට කිසිදු බාහිර දෙයකට යොමු වීමට අවශ්‍යතාවයක් නොමෙති හෙයින් ගෙන ඇති තීරණය කාලෝචිත තීරණයකි ! (අ)

:       0       0

සජීව Tuesday, 25 February 2014 06:22 AM

සාධු සාධු සාධූ..... පමා වී හෝ ගත් මහැඟි තීරණයක්...(අ)

:       0       0

සාලිය වික්‍රමසුරිය Tuesday, 25 February 2014 07:12 AM

ප්‍රශ්නේ මේකයි. දැනට දේශපාලනේ කරන හාමුදුරුවරු වැඩි දෙනෙක් අමරපුර නිකායේ. ඒ ය ඉල්ලා අස්වෙයිද? (අ)

:       0       0

රකිත් Tuesday, 25 February 2014 07:24 AM

අමරපුර මහා නිකායට නමස්කාර පූර්වකව ස්තූතිය පුද කරමි. අනිකුත් නිකාය වලටත් මෙය පුර්වාදර්ශයක් වේවා! (අ)

:       0       0

නිමල් ලලිත් Tuesday, 25 February 2014 07:37 AM

බුදු දහමට, ,සිංහලයට වින කරන අයට විරුද්දව ඉදිරිපත් වීම සහ එම අයිතිය රැක ගැනීමට ඉදිරිපත් වීම මෙම තීරණයෙන් නැතිවන්නේ නැහැ නේද .නැතිනම් සිංහල බල ලොබි දෙසපළුවන් ජාතික සමගිය යි කියා මින් රුවන්වැලි මහා සෑ රදුන් එදිරිපිටත් අන්‍ය ආගමික ස්ථාන ඉදිකිරීමට ඉදිරිපත් වේවි. (අ)

:       0       0

ප්‍රනාන්දු පුල්ලේ Tuesday, 25 February 2014 07:38 AM

බොහොම හොද තීරණයක් (අ)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 25 February 2014 08:04 AM

ථෙරපුත්තභ්ය හාමුදුරුවෝ සිවුර ඇරලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවට එකතුවෙලා යුද්දෙන් පස්සේ නැවත මහන උණා.කුඩාපොළ හාමුදුරුවෝ එදාදවසේ මහන කම කුමක්දැයි පෙන්නුවා .යුද්දය කියන්නේ ප්‍රචණ්ඩකාරී දේසපාලනය .ඔය කියන විදිහට මට ගැටළු සහගතයි (අ).

:       0       0

කිත්සිරි Tuesday, 25 February 2014 08:13 AM

සාදු සාදු... අනෙක් නිකායන් සියල්ලම මේ මගම යත්වා! ක්‍රියාකාරී දේශපාලනය කලයුතු භික්ෂූන් උපැවිදි වී එය කල යුතුයි.(අ)

:       0       0

හේමන්ත Tuesday, 25 February 2014 08:18 AM

පිටිගල වගේ අය රට ජාතිය ගැන කැක්කුම හාමුදුරුවරුන්ට බාරදීලා අනාගත අවදානමක් ගැන කතා කියල බෞද්ධ දර්ශනය විකුර්තිවෙන පවතුමකට හොඳයි කියනවා. හැබැවටම රට ජාතිය බේරගන්න ඉදිරිපත්වෙනවානම් ඒ අය කියනදේ හරි නම් ඇයි තමන් පැවිදි නොවී නිස්සරණ අධ්‍යාසයෙන් පැවිදි වූ අයව ගිහියන් බදාගෙන ඉන්න තණ්හා මන ධිට්ඨි වලටම පටලවන්න හදන්නේ. දැන හෝ නොදැන භික්ෂුව මේ තත්වයට පත්කිරිමමම පාපයක්. අමරපුර මහා නිකායට නමස්කාර පූර්වකව ස්තූතිය පුද කරමි (අ)

:       0       0

බණ්ඩාර මීගහකුඹුර Tuesday, 25 February 2014 08:32 AM

සාදූ සාදූ. බුදු හාමුදුරුවෝ වැඩියා වගේ දැනෙනවා (අ)

:       0       0

ඩනා Tuesday, 25 February 2014 08:33 AM

කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි තීරණයක්, ඉතාම හොඳයි, අනිකුත් නිකායන් වලත් මේ තීරණය ගන්නවානම් පින්...(අ)

:       0       0

කපිල Tuesday, 25 February 2014 08:55 AM

මේ තීරණය අපේ රටේ අනෙකුත් බෞද්ධ නිකායවල මහානායක හිමිවරුන් වහන්සේලාද අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කරත්වා. (අ)

:       0       0

දැදිගම Tuesday, 25 February 2014 08:56 AM

පරක්කු වෙලා හරි හොද තීරණයක් (දී)

:       0       0

චතු Tuesday, 25 February 2014 08:56 AM

ඉදිරියටත් බුදුදහම රැක ගැනීමට ගත්තු හොද තීරණයක් සාදු සාදු පන්සල රෙකුනොත් ගම රැකෙයි (දී)

:       0       0

මනෝජ් Tuesday, 25 February 2014 09:10 AM

ඔන්න වැඩ මේවා කාලෙන් කාලෙට වෙනස් වෙන එකනේ වැඩේ කොහොමත් මේවා ආණ්ඩුවේ වැඩ(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 292 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 903 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4318 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3877 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2504 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16910 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site