‘‘ මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ගිමන්හල විවෘත කරමින් ප්‍රකාශ කළේය. “එක්තරා සභාපතිවරයකුගේ දූෂණ ගැන විපක්ෂය එදා කෑ ගැහුවා. අල්ලස් කොමිසමටත් දිව්වා. ඔහුගේ නෝනාටත් එරෙහිව ක්‍රියා කළ යුතුයැයි කීවා. නීතිය අනුව, ව්‍යවස්ථාව අනුව ඒ ක්‍රමවේදය කරගෙන යනවිට දැන් රජයට දොස් කියනවා. රජය එවැනි චෝදනා වලින් සැලෙන්නේ නැහැ. නීතිය අනුව සාධාරණව කටයුතු කරනවා යැයි “ ද ජනපති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." අනේ මන්දා ඉතිං.... (නි)
මේජර් මේජර්ටම ගහගත්තා ලු , තව සමහරු නිදැල්ලේ ලු , තවත් අය හිරේටත් ගියා ලු , වැරදිකරන අය එළියේ ලු. (නි)
අයේ ඒක කියන්නත් දෙයක්ද, ඒක මුළු රටම දන්නවා.(ස)
"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." නමුත් "පක්ෂ / විපක්ෂ " භේධය බලපානවද ?? නොදන්න නිසා අහන්නේ (ස)
පාකිස්තානය උදාහරණයට ගන්න (ස)
විධායක බලතල ක්‍රියාත්මක කලානම් සියල්ල කරන්න තිබුනා, නමුත් ඔබතුමා නීතියට වැඩ කියලා අපි දන්නවා (දී)
මේවා මොන කතාද ? (ස)
කාට ගිය රටක්ද මේක (ස)
ඔබතුමාට සුභපැතුම් (දී)
අපි නොදන්නවයැ ඉතින් (ස)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
එහෙනම් අපේ තරුණ ජීවිත විනාශ කළ අයට නීතියක් නැද්ද? (නි)
මේක විනිසුරුවරුන් හිරේට ගිහින් දූෂිතයින්ට රජ සැප ලැබෙන කාලයක්. (නි)
"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." මේ කියමන හරි, එක සම්පූර්ණ කරනවානම්... ඒත් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවද, නැද්ද කියන එක පුද්ගලයා අනුව තීරණය කරනවා...(ස)
උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." අනේ කාට කියන්නද? (නි)
එච්චරයි ඕනේ (දී)
අපේ රට ගැන නෙමෙයි නේද මේ කියන්නේ ?????(ස)
නීතිය කාටත් එකයි කිවුවට අනේ මන්දා ඉතිං... (නි)
හැබෑවටම (ස)
අනේ මට නම් මොකුත්ම මතක නැහැ. (නි)
නීතිය හෙමොටම එකයි . මේ අනුව හරිනම් මුලින්ම දඬුවම් ලබන්නේ ......................... (ස)
අනේද කියන්නේ දෙතොල නොකී දේ මුහුණෙන් එළිවෙනවා (ස)
මෙයා මොනවද මේ කථාකරන්නේ (ස)
ජනාධිපතිතුමනි, ඔබතුමා මේ සිරිලකේ මහා වාසනාවකටම පහළ වෙච්ච උත්තමයෙක්. ඇමරිකාවෙ ජනාධිපතිටත් හොඳ ආදර්ශයක්. (නි)
අනේ හොදයි
දන්නෝ දනිති හාමුදුරුවනේ ... ඔබතුමාටත් ,ඔබතුමාගෙ පවුලේ අයටත් ලංකාවෙ මිනිසුන්ගේ පිනටම දීර්ඝායු වේවා! (නි)
අනේ මේවා කොහොමද මෙහෙම කියන්නේ? (නි)
ජෙනරාල්තුමාට සාධාරණය ඉටුකිරීමම ඇති ඔබ තුමාට නිවන් දකින්න. (ස)
සන්තෝසයි
අනේද කියන්නෙ .......! (ස)
ඔකත් කියන්න දෙයක්යෑ? අපි දන්නවනෙ. (නි)
අනේ මට නම් මතක නැහැ. (නි)
රටකට නීතියක් තියේනම් වරද කරුට දඩුවම් ලැබේවි, වරදවල් නොකළ අයට පලිගන්න කියලා හිතාගෙන දඩුවම් දීලා නැහැ කොහෙවත් (දී)
බොර දියේ මාලු බාන්න එපා. (නි)
අපි එකනේ ඔබතුමාටම මනාපය දෙන්නේ (දී)
නැතුව නැතුව.... (නි)
මේ රටේ මිනිසුන්ගේ ඔලු දැන්වත් පෑදේවා! (නි)
නීතියට අනුව වැඩ කිරීම පලි ගැනීමක් කියලා හිතන්න එපා (දී)
දේශපාලන පාලි ගැනීම් (දී)
එක එක්කෙනාට එක එක නීති තියෙන්න බැහැ (දී)
අනේ අනේ... (නි)
ඒක හොදයි මහත්තයෝ
අනේ සර්, ඇයි අපිට මෙහෙම වෙන්නේ? (නි)
අර එක අයියා කෙනෙක් දැන් ලංකාවෙද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
ඔබතුමා ඔය කතාකරන්නේ 1912 ගැනද? 2012 ගැනද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔවු නීතිය සියල්ලන්ටම පොදුයි. (නි)
එතකොට අර සමහරුන්ට නීතිය පොදු නැද්ද සර්? (නි)
සමහරුන්ට හැර ඉතිරි උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. (මම මේ කිවුවේ මට තේරෙන විදියට.) (නි)
ඔබට තෙරුවන් සරණයි (දී)
ඔබතුමා අපිට වීරයෙක් (දී)
ජයවේවා ජනපති තුමාට ජයවේවා
පාලි ගන්න නම් එපා මහත්තයෝ ඔබතුමා අපිට වීරයෙක් (දී)
සහතික ඇත්ත
අනේ මෙහෙමත් කතා (ස)
ඔබතුමා නැති උනාට සමහර දේශපාලකයෝ අපිව දැක්කාම පන්න පන්න ගහන්නේ (දී)
ඔබතුමා එහෙම නම් මොනවා කරන්න බැරිද (දී)
වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය හැකිනම් ............. (ස)
මහත්තයෝ කෝ ජුවරජු (දී)
පලි ගන්න එපා කාටවත් ම හොද නැහැ ඒ ගතිය (දී)
ජනාධි පති උනාම සියල්ලන්ටම එක වගේ සල කන්න ඕනේ (දී)
පාලකයෙක් උනාම තමයි ඉන්න ඔනෙ (දී)
සන්තෝසයි ඔබ ගැන, ඔබට අපේ උපහාරය (දී)
මට කියන්න මොකුත් හිතට එන්නේ නැහැ (දී)
පාලකයෙක් උනාම ඉවසිම තියෙන්න ඕනේ (දී)
ඔබතුමාට අපිත් ගොඩක් ආදරෙයි . අපි යාලුවොත් එක්ක රන්ඩු කරනවා ඔබතුමා නිසා. (දී)
අනේ හොදයි
හරි අනෙක් මිනිස්සු කියන්නේ මොකද්ද (දී)
පාලකයෙක්ට නොගැලපෙන දෙයක් තමයි පලි ගන්න එක (දී)
මසුරන් කියමනක්නේ ජනාධිපතිතුමනි, හොඳයි එහෙමනම් කවදද ඒ වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ? (ස)
මොකටද තවත් ආරුලු බුරුළු කතා (දී)
ජයවේවා සර් (දී)
මට මුකුත් මතක නෑ (ස)
දැන් මොකද කරන්නේ (දී)
මිනිස්සුන්ට දැනෙන්න මොනව්වා හරි කරන්න (දී)
මේවා අහලා පණ යනවා ලබන පෙරේදා (ස)
ඊට වඩා වැඩ තියෙනවා (දී)
නමුත් මිනිස්සු කියන්නේ වෙන කතාවක් (දී)
ඔබතුමා නම් එහෙම නැහැ (දී)
රටක් දියුණු කරන්න ඉතා වැදගත්ම දේ තමයි එක (දී)
අපි මොකද නොදන්නේ (දී)
හරි ෂෝක් නේද (ස)
රටකට නීතියක් කියලා දෙයක් වැඩක් නැහැනේ එහෙනම් (දී)
යුවරජ තුමා මොකද කියන්නේ (දී)
ඉතා හැගීම්බරව කියලා තියෙන්නේ (දී)
දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නැහැ (දී)
අපි නොදන්නවයැ !!!!!!!!(ස)
දේශපාලනය කියන්නේ පුදුම දෙයක් (දී)
මගේ ඔලුව හොඳ නැහැ වගේ. අනේ මටත් දෝෂාභියෝගයක් ඕනෑ ඉක්මනටම. (නි)
සුභපැතුම් ඔබට
මම මොකුත් නොකියමි (දී)
අපි ඔබතුමා ගැන දන්නවානේ (දී)
ජයවේවා ඔබතුමාට (දී)
සුභපැතුම් ඔබට (දී)
මේ කතාව ඇත්තද බොරුද කියල අපි විවාද කලයුතු නැහැ. ඉතිහාසය මේකට සාක්ෂි දරනවා. (ස)
නීතියක් තියෙන රටක එසේ කිරීම පලක් නැත (දී)
එතකොට මේ මිනිස්සු කියන කතා ඔක්කොම බොරු නේද? (ස)
එසේ නම් දැනටමත් මේක එකාධිපත්ත්වයක් තියෙන රටක් වෙලා (දී)
මිනිස්සු නම් නොයෙකුත් කතා කියනවා නමුත් අපි දන්නවානේ (දී)
අප දන්නවා මහත්තයෝ (දී)
ඔබට අපි නය ගැතියි (දී)
මම ඔබ හා එකඟයි (දී)
ජයවේවා, අපේ ජනපති තුමාට ජයවේවා
ඔබට සුභ පැතුම් සර්
විධායක් බලයත් එක්ක පලි ගන්නවානම් කොහොම කරන්න පුලුවන්ද, නමුත් අපි දන්නවා ඔබ එහෙම නැති වග (දී)
නිමල්, මේ රටේ ඔලු තියෙන මිනිස්සු ඉන්නවද? (නි)
අපි ඔබට ගරු කරනවා (දී)
දෙයියෝ සාක්කි (ස)
මහත්තයෝ ඔය ඇත්තටමද කියන්නේ? (ස)
අපි දන්නවා සර් ඒ කතාව (දී)
කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කළා නම් කොච්චර හොදද? (නි)
මොනවද අනේ මේ කියන්නේ (ස)
එතකොට අනිත් කට්ටිය (දී)
අනේ මට මොකුත් මතක නැහැනේ. (නි)
අහන්න ලැබිම සතුටක් (ස)
ක්‍රියාවෙන් ඔප්පු කරන්න (දී)
ඔබතුමාට ජයවේවා
මගේ ඇස් වල දෝෂයක්ද මන්දා? අනේ මන්දා? (නි)
අනේ , අර මොකුත් මතක නැහැ කියන මල්ලි ගැනත් පොඩ්ඩක් බලන්න. අහිංසකයා. (නි)
ඔබතමා කොහොමද එහෙම කියන්නේ (ස)
දන්නවා දන්නවා (දී)
දැන්වත් ලංකාවේ මිනිස්සුන්ට සත්‍ය තේරුම්ගැනීමට මොලය පැහැදේවා!!! (ස)
එයා කියන දේ කරන කෙනෙක්. (නි)
නැතුව නැතුව මහත්තයෝ.(ස)
මුණිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා (ස)
දැන්වත් නිල්, කොළ බල බලා ඉන්නෙ නැතුව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න මිනිසුනේ. (නි)
එක වගේ සලකන්න නීතියක් ඉතුරුවෙලා තියෙනවද ?? (ස)
ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ වෙන්නෙ නැති එකනේ. (නි)
වෙන්න පුළුවන්
කියුවා කළා එච්චරයි (දී)
පිට කූටුවේ තියෙනවා අපි හීනෙන්වත් ජය අංකය අය කියලා පරුඉස්සාම් වෙන්නේ (දී)
කැඩුවොත් කොහේ හෝ හිහිල්ල (දී)
අපිට ඕවා කියන්න එපා. (නි)
කතාවනම් ඇත්ත සර්... කටේ මසුරං දාන්න වටිනවා.... හැබැයි සර් ඔය කියන්නෙ ඔස්ට්‍රේලියාව හරි එංගලන්තය හරි ගැන නේද??? (ස)
මේ ලෝකෙ ඕනම කෙනෙකුට ධනයයි බලයයි ඕනවට වඩා ලැබුනම එම පුද්ගලයන්ගේ ආයුෂ කෙටි වෙනවා කියලා මම අහලා තියෙනවා..... (ස)
මට මිකුත් මතක නැහැ (දී)
ලංකාවේ මිනිස්සු කොහොමත් රවට්ටන්න ලේසියි. (නි)
අපි නොදන්නවායෑ ඒක (දී)
ජයවේවා ඔබ තුමාට (දී)
කෝ ඉතින් නීතියක් ..!!!(ස)
ඔබට පින් (දී)
සුභ අනාගතයක් (දී)
ගැයුවට ඉමිහිරි පද උපුටා........ (ස)
අහගෙන ඉමු. මොනවා කරන්නද? (නි)
අපි ඔහොම අහගෙන ඉමු. (නි)
ඇත්තද (දී)
අපි දන්නවා (ස)
කතාව එකක් .......(ස)
ලංකාවේ බිහි වුණ සුපිරිම පුද්ගලයෙක්. (නි)
ඔබතුමා උත්තමයෙක් බව අපි දන්නවා. එය ඔප්පු කර පෙන්වන්න සියල්ලටම. (නි)
ඔබතුමා හොද මනුස්සයෙක්. (නි)
පළි ගැනීම හොඳ නෑ. තමන්ට එරෙහි වන අයගෙන්වත් පළිගන්න හොඳ නෑ (ස)
මේක ලංකාවනේ. (නි)
මම නම් හිතාගෙන හිටියේ මේ ප්‍රකාශය වෙන කෙනෙක් කරයි කියලා. (නි)
මේ පක්ෂයට පක්ෂව කතාකරන අය හොද සිහියෙන්ද ඉන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ රටේ මිනිස්සුන්ට හොඳ කතාවක් (ස)
බොහොම හොදයි
බොහොම හොද ගුණයක් ඒ (දී)
නීති පොත් දෙකක් තියෙනවා නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔබතුමා ඔහොම කතාකරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. (නි)
ඒත් ඉතිං වැරදි කරන ගොඩක් කට්ටිය තවමත් වචනයකින්වත් කරදරයක් නැතුව හොදට ඉන්නවනේ. (නි)
ඔබගේ පවුලේ හෝ ඥාතියෙකුට වුණත් නීතීය එකද සර්? මම මේ නොදන්නා නිසා ඇහුවේ. (නි)