IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී, යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම් වන්නේ රුසියාවට පක්ෂව යැයි යුක්රේනයේ හිතවතුන් වන ප්‍රංශය ද ඇතුළු සෙසු යුරෝපා රටවල් චෝදනා කරයි.

සුහඳශීලීව පැවැති සාකච්ඡා අතරතුරේ, ට්‍රම්ප් මැක්රොන්ට පෙන්වා දුන්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොකළොත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම නැවැත්විය නොාහැකි බවය. එසේ වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවට ට්‍රම්ප් පොරොන්දු විය.

මැක්රොන්, ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවූයේ, රුසියන් යුක්රේන යුද්ධයට වසර තුනක් සපිරෙද්දී වීම විශේෂත්වයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි

mithila Tuesday, 25 February 2025 12:06 PM

මැක්රොන් සහ ට්‍රම්ප්ගේ හමුවීම යුක්රේන සාමයට ඉමක් වේවා!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 10 19 0

වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා
2025 අප්‍රේල් මස 10 185 0

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා


’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 225 0

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්
2025 අප්‍රේල් මස 10 222 0

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 403 3

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 214 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 318 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 890 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site