දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ ලංගම බසයක ටයරයක් ගිනි ගන්නා දුටු පින්නදූව පිවිසුමේ පොලිසිය හා නිලධරයෝ ගින්න නිවා මගීන් 50 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූහ.
මිනිත්තු දහයකට පෙර මේ අනතුර සිදු විය.
ගිනි ගන්නා බසයෙන් මගීන් බස්සවා ගිනි නිවන රථ ගෙන්වා ගින්න නිවීමට එහි පිරිස් පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයට එන්න එන්නම අපලයි වගේ (නි)
නැවත නැවත පිරවූ ටයර් අධිවේගී මාර්ග වලට සුදුසු නැහැ. (නි)
ධාවනය වන වාහනයක,ටයරයක් ගිනිගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම එම රෝදයේ බ්‍රේක් තදවීමක් නිසයි.සාමාන්‍යයෙන් රියදුරෙකුට වාහනය [ඇදීමේ වේගය බාලවෙනවා නම් ] සුපුරුදු විදියට ධාවනය නොවෙනවා නම්,ඒ බව රියදුරාට දැනෙනවා.බස් රථය ධාවනයේදී ඒ බව ඔහුට නොදැනුන එකයි ප්‍රශ්නය. (නි)
පොලීසිය හොඳ දෙයක් කළාම ඒකට ස්තුති කරන්නවත් කවුරුවත් නැහැ. සුළු හරි වරදක් කළා නම් ලංකාවම ඒකට බනිනවා (නි)
ප්‍රදීප්, මේ ගොල්ලන්ගේ රාජකාරිය ඒක. ඒකට තමයි පඩි ගෙවන්නේ ? (නදී)
මැද පෙරදිග බස් රත පැදවු රියදුරෙක් වශයෙන් මමත් චමත්ගේ මතය අනුමත කරනවා (නදී)
ඔහොම තමයි ප්‍රදීප්,හොඳ වැඩ සියයක් පලවී තිබුනත් කටක් නොඅරින ජාතියක් නැති සමහරු මොකෙක් හරි නරුමයෙක් වසල වැඩක් කලොත් බනිනින්නේ උනුත් උපන් අපිත් උපන් මේ මුළු ශ්‍රී ලංකාවටයි, සිංහල ජාතියටමයි.(අ)
පොලිසියට පඩි දීලා පගාව ගහන්නත් ඉඩ දීල තියෙන්නේ ඕවට තමයි (නදී)
ප්‍රදීප් සම්පුර්ණ අැත්ත (නදී)
ඕක අමුතුවෙන් පොලිසියට ස්තුති කරන්න දෙයක් නැහැ. මොකද බස් රථය අනතුරකට පත් වෙලා මිනිස්සු ඇතුලේ හිර වෙලා හිටියද ? දොරවල් කඩලා මගින් එලියට ගත්තද ? නැහැනේ. බස් එක නැවත්තුවට පස්සේ, දොරවල් දෙකෙන් මගීන් බැහැ ගන්න ඇති. ඕනේ නම් ලංගමයට පුළුවන්. පොලිසියට ස්තුති කරන්න බස් රථය අළු වෙන්නට පෙර, ගින්න නිවන්න උදව් කරපු එකට. (නදී)
මොන තරම් නොසැලකිලිමත් ලෙස මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් මරණය කරා ගෙන යන්න හදපු අවස්ථාවක්ද මේ ...දියුණු රටක නම් රියදුරා, සහ එම ඩිපෝව කම්මුතුයි ... මේක ලංකාවනේ .. එ්ක හින්ද අද ඩිපෝවෙයි , රියදුරාගෙයි වරද හින්ද ඔය ජිවිත ගොඩ විනාශ වුණානම් අවමගුල් උත්සවයට රුපියල් 50,000 ක් විතර දීලා බේරෙයි ..(අ)
මේ බස් රථය අනතුරකට පත්වෙලා, මඟීන් ඇතුළේ හිරවෙලා හිටියද? නැහැනේ.බස් රථය නැවැත්තුවාට පස්සේ මඟීන් දොරවල් දෙකෙන් බැහැලා ආරක්‍ෂිත ප්‍රදේශයකට යන්න ඇති.ඒ නිසා ප්‍රවෘත්තියක් දුටු පමණින්, එයට හදිසියේ අදහස් දමන්න එපා.ලියන්න කලින් පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න (නි)
බලපතක් නැවත අලුත් කිරීමට යද්දී දුම් පරීක්ෂණයක් කරගන්න ඕන වගේම වාහනේ අනෙකුත් කොටසුත් පරික්ෂ කර බැලිය යුතුයි ධාවනයට සුදුසුද නුසුදුසුද කියල. (අ)