IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මීගමු දොස්තර පෝරකේට

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී 2007 දී ඇගළුම් සේවිකාවක දුෂණය කැර  රෝහලේ හය වැනි මහලෙන් බිමට  දමා මරා දැමීයැයි වරදකරු වු එම රෝහලේම වෛද්‍යවරයකු වු ඉන්දික සුදර්ශන බාලගේ ට මිගමු මහාධිකරණ විනිසුරු  එම් එම් ඒ ගෆූර් මහතා විසින් අද (03) මරණ දඩුවම නියම කැරිණි.

මොනරාගල පදිංචිකාරියක වු චමිලා දිසානායක (22) රෝහලේ හය වැනි මහලෙන්  බිමට තල්ලු කිරීම සඳහා ඇදගෙන ආ සැටි  බිමට තල්ලු කළ සැටිත්  උසාවියේදී කියැවිණි.

ස්ත්‍රී දුෂණ චෝදනාවට  වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද  මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.

IMG_2471chamila-new

 

 

 



අදහස් (0)

මීගමු දොස්තර පෝරකේට

සත්‍යපාල Wednesday, 03 September 2014 10:04 AM

යන්නේ නම් බොහොම සතුටින් කියලා වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       1

මොරිස් Thursday, 04 September 2014 02:02 AM

රුවන්, එවැනි නිශ්ශබ්ද චරිත ස්වභාවික නැහැ, ගුප්තයි. හිත තුළ තෙරපි තෙරපී තිබෙන මානසික අසහනකාරී තත්වයන් සියල්ල පුපුරාගෙන ඉතාම ම්ලේච්ඡ ආකාරයෙන් එළියට පනින්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒ වෙලාවට බලය තත්වය ඔක්කොම අමතක වෙනවා. (නි)

:       0       1

ජිනප්‍රිය Thursday, 11 September 2014 05:15 PM

උසාවිය නියම තීන්දුව දුන්නට වෙන්නේ ඔය අපතයත් ජනතාවටම බරක් වෙන එක පමණයි. තුන්වේල කන්න දීල බුදිය ගන්න දෙන්න එපා. මරලා දාන්න. (නදී)

:       0       1

රොහාන් සෞදි Wednesday, 03 September 2014 10:25 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කාලය දැන් ඇවිල්ලා. මේ වගේ අයට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනෑ.බොහොම හොඳ තීන්දුවක්. (නි)

:       0       1

ඉන්දු මෙල්බර්න් Wednesday, 03 September 2014 10:27 AM

ගෆූර් මහතාණෙනි, ඔබතුමාට මගේ උත්තමාචාරය! සොයුරියනි, නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව! (නි)

:       0       1

තරිදු Thursday, 04 September 2014 02:45 AM

කැලුම්, නිකන් බොරු පම්පෝරි කතා නොකියා ඉන්න (නි)

:       0       0

සදජිත් Wednesday, 03 September 2014 10:38 AM

මෙහෙමත් දොස්තරලා ඉන්නවනේ අපේ රටේ? (නි)

:       0       0

සමාධි Thursday, 04 September 2014 09:21 AM

මේ ගැන විස්තර දාලා තිබුණ ලිපියක තිබුණා මේ නරුමයා ඒ ගෑණු ළමයාට පුදුම විදියට වද දීලා මරලා තියෙන්නේ කියලා. කීප තැනක්ම දරුණු විදියට සපා කාපු තුවාල තිබුණා කියලත් ඒකේ තිබුණා. තට්ටු 6 කින් තල්ලු කරලා මරන්නත් කොච්චර හයියක් නපුරුකමක් තියෙන්න ඕනද (නදී)

:       0       0

තරිදු Thursday, 04 September 2014 02:47 AM

රුවන්, යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයිනේ (නි)

:       0       0

රොහාන් Wednesday, 03 September 2014 10:41 AM

අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

විජේදාස Thursday, 04 September 2014 02:48 AM

මිනිස් ආධ්‍යාත්මික හැඟීම් මීට වඩා දියුණුවිය යුතුයි (නි)

:       0       0

පරා Friday, 05 September 2014 07:42 AM

සාධාරණ තීන්දුවක්. (ස)

:       0       0

ආනන්ද Wednesday, 03 September 2014 11:01 AM

දීලා තියෙන්නේ නම් නියම දඬුවමක් (නි)

:       0       0

මහින්ද Wednesday, 03 September 2014 11:08 AM

ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් සමාජයේ බොහෝ කාන්තාවන්ට සිදුවන මෙවන් විපත් වළකිනු ඇත. (නි)

:       0       0

බුද්දිෂ Wednesday, 03 September 2014 11:26 AM

මෙච්චර හොඳට ඉගෙනගෙන දොස්තර කෙනක් වෙලත් කරගත්ත දේක හැටි? (නි)

:       0       0

චින්තක Thursday, 04 September 2014 03:49 AM

කැලුම්, එතකොට දැන් ඉන්න කට්ටිය ඔක්කොම ඔයාගේ නංගිලාද? (නදී)

:       0       0

හිරාන් ආදිත්‍ය Tuesday, 14 April 2015 01:00 PM

ගරු විනිසුරුතුමනි, මම ඔබේ තීන්දුවට ගොඩක් ගරුකරනවා. ඔබ වැනි විනිසුරුවරුන් තවත් සිටිනවා නම් මොනතරම් වටිනවාද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 12:12 PM

පවු නේද? අහිංසක මුහුණක් දොස්තරට තියෙන්නේ. (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 03 September 2014 12:28 PM

මොහොතක වින්දනය නිසා ජීවිතයක් විනාශකර ජීවිතයක් කාලකන්නි කරගත් සැටි. (නි)

:       0       0

සරත් Wednesday, 03 September 2014 12:31 PM

පවු! අහිංසක තරුණියකගේ ජීවිතය නැතිවුණා (නි)

:       0       0

සිල්වා Wednesday, 03 September 2014 01:04 PM

මේ වගේ පාපතරයින් ගල්ගහලා මරන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 September 2014 01:14 PM

සෑම ගරු කටයුතු ක්ෂේත්‍රයකම මෙවන් අය ඉන්නවා.එය වළක්වන්න බැහැ. දේශපාලන ක්ෂේත්‍රයත් ඒ වගේ තමයි. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 03 September 2014 01:24 PM

ගරු අධිකරණයට ප්‍රණාමය වේවා! අගතියට පත් පවුලට සෑහෙන වන්දියකුත් ලබාදීමට අධිකරණයම කටයුතු කරනවා නම් කොතරම් අගනේද? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 September 2014 05:45 AM

කළ කළ දේ පළ පළ දේ. සාධාරණ තීන්දුවක් (නි)

:       0       0

නිසාර් Wednesday, 03 September 2014 05:54 AM

ගල් ගහලා මරන්න වටිනවා මේ කරලා තියෙන වැඩේට නම් (නි)

:       0       0

ධම්ම Wednesday, 03 September 2014 06:04 AM

වෛද්‍යවරයෙක් වෙලත් හැගීම් පාලනය කර ගත නොහැකි නම් ඔහු සුදුසු පෝරකයටම තමා. (නදී)

:       0       0

කැළුම් Wednesday, 03 September 2014 06:32 AM

පළවන බොහෝ ප්‍රවෘත්ති අපරාධ, මිනීමැරුම් හෝ දුෂණ. (නි)

:       0       0

ශාන්ති Thursday, 04 September 2014 05:54 AM

ඉතාමත් හොද තීන්දුවක් මේ වගේ අයට මරණය දඩුවම දිය යුතුයි (නදී)

:       0       0

කැලුම් Wednesday, 03 September 2014 02:55 PM

මහින්ද, ගණිකා වෘත්තිය නීතිගත කරලා වෘත්තිය සඳහා යොදවන්න වෙන්නේ අපේ සහෝදරියන් හා දරයන්, ඔය ඊට එකඟද?(අ)

:       0       0

කමල් Wednesday, 03 September 2014 06:38 AM

දැන් ඉතින් ජීවිතයේ ඉතිරි කාලයවත් හොඳින් ගතකරන්න (නි)

:       0       0

නිරාන් Wednesday, 03 September 2014 06:42 AM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

විදුරංග Thursday, 04 September 2014 06:13 AM

ගණික වෘත්තිය නීතිගත කලත් නැතත් මේ රටේ ගණිකාවන්ගෙ අඩුවක් නෑනෙ. නීතිගත කිරීමෙන් ඒකට යම් ප්‍රමිතියක් ලැබෙනව වගේම රටේ ලිංගික හිංසනය සහ සමාජ රෝග පැතිරීම වලක්වන්න පිටුබලයක් ලැබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම කියන්නේ තරුණියන්ට ඒ වෘත්තියට එන්න දිරී දීමක් නොවන වග ඊනියා බුද්ධිමතුන් තේරුම් ගත යුතුයි. (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 03 September 2014 06:46 AM

මොහුට දේශපාලන බලපෑමක් නැතුවා වගෙයි (නි)

:       0       0

බුපති එක්නැලිගොඩ Thursday, 04 September 2014 06:22 AM

මම හිතන්නේ මෙයා අහිංසක මිනිහෙක් .මෙතන ලොකු අභිරහසක් තියෙනවා. දොස්තර වෙන්න මොලේ තිබුණ නම් සාක්කි සමග මිනි මරන්න තරම් මෝඩද? (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 06:50 AM

මෙහෙම මිනිස්සු මොනවට මෙලොවට පහළ වෙනවද මන්දා (නි)

:       0       0

සයිමන් Wednesday, 03 September 2014 07:12 AM

දැන් කට්ටිය වර්ජන පටන්ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

එම්. කේ. තිලිනක Wednesday, 03 September 2014 07:12 AM

විනිසුරුගේ නියෝගය ඉතා නිවැරදියි. වරදට දඩුවම අනිවාර්යයි (නි)

:       0       0

තාරක Thursday, 04 September 2014 12:27 PM

වැරදි වලට දෙන දඩුවමත් ප්‍රසිද්ධ කරන එක වටිනවා. (නි)

:       0       0

දිලිප් Wednesday, 03 September 2014 07:20 AM

එතකොට තංගල්ලේ කෙනාට මොකද වුණේ දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කලීල් Wednesday, 03 September 2014 07:22 AM

නියම දඬුවමක් (නි)

:       0       1

නිමල් Wednesday, 03 September 2014 07:20 AM

අන්න නියම තීන්දුවක්. මුළු රටේම ඔය විදිහට වෙනවා නම් බොහොම හොඳ රටක් බිහිවෙයි (නි)

:       0       1

මහේෂ් - ජකර්තා Friday, 05 September 2014 02:02 AM

දන්නෙ නැති නිසයි අහන්නෙ. දැං ඔය දඬුවම් දෙකෙන් කොයිකද පළමුව දෙන්නේ. 20 දීල මරණවද. මරල 20 දෙනවද?  එහෙම වෙන්න බෑනෙ. එහෙම උනොත් 20 දෙන්නෙ කාටද ? (නදී)

:       0       1

අපොන්සු Wednesday, 03 September 2014 07:44 AM

මේ නැතිවුණ දරුවාගේ පවුලට වුණ පාඩුවට දහදාහක් ප්‍රමාණවද්ද? (නි)

:       0       1

දේශප්‍රිය Wednesday, 03 September 2014 07:44 AM

ඉතා හොඳයි (නි)

:       0       1

චින්තක Thursday, 04 September 2014 12:39 PM

මෙහෙමත් පවු කාරයෙක්. සොබාදර්මයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනි. අකාලයේ මියැදුණු සොයුරිය ඔබට නිවන් සුව අත් වේවා. (නදී)

:       0       1

හේතුක Wednesday, 03 September 2014 07:48 AM

උසාවිය මගින් ලබාදුන් සාධාරන තීන්දුවක්. අගය කළ යුතුයි. (නි)

:       0       1

දිලිනි පෙරේරා Wednesday, 03 September 2014 07:46 AM

මේ විදියටම සෑම ස්ත්‍රී දූෂකයෙකුටම මරණ දඩුවම හිමිවිය යුතුයි. මේ වගේ දඩුවමක් අර තංගල්ලේ මිනීමැරුමට දෙන්න බැරිවුණ එක ගැන කණගාටුයි. (නි)

:       0       0

සිසිර Thursday, 04 September 2014 07:02 AM

රටට වැඩක් කරන්න හිටිය පුද්ගලයෙක් හැගීම් පාලනය කරගන්න බැරි වුණා. නිමේෂයක සතුටට සදාකාලික දුකක් උරුම කරගත්ත. (ස)

:       0       0

කුසුමාවතී Wednesday, 03 September 2014 07:51 AM

මෙයාගේ බලපත්‍රය දැන්වත් තහනම් කරලද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 03 September 2014 08:04 AM

කෝ අපි බලන්න ආසයි, මරණ දණ්ඩනය. (නදී)

:       0       0

ආනන්ද Wednesday, 03 September 2014 08:07 AM

නියම දඬුවම. (නදී)

:       0       0

උදාරත් Wednesday, 03 September 2014 08:15 AM

දඩුවම හොඳයි (නදී)

:       0       1

සිඩ්නි Wednesday, 03 September 2014 08:20 AM

වරදකරුගේ ඡායාරූපය දැමීම ඉතා‍ හොඳයි (නි)

:       0       1

සිරිසේන Wednesday, 03 September 2014 06:55 PM

මොකද මෙයාගේ මුහුණ තොප්පියෙන් වහන්නේ නැත්තේ? (නි)

:       0       1

ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 September 2014 08:25 AM

ඇත්තටම මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි අපරාද සිදු නොවේ (නදී)

:       0       1

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 04 September 2014 07:48 AM

බන්දුල පෙරේරා, ඔයාගේ කතාව ඇත්ත. මොකද ඔයාල වගේ කඩේ යන අය ඉන්නකල් මේවා නැතිකරන්න බැහැ සහතික ඇත්ත. (නදී)

:       0       0

රකිත් Friday, 05 September 2014 03:19 AM

කොහෙද ඔය පෝරකය තියෙන්නේ හැබෑටම? මරණ දණ්ඩනය ලැබුණු කී දෙනෙක් ඔය පෝරකයට ගෙනියලා තියෙනවද? (නදී)

:       0       1

චමී Wednesday, 03 September 2014 08:26 AM

වරදත් බරරපතල නම් දඩුවමත් එහෙම උනාට කමක් නැහැ. (නදී)

:       0       1

අජිත් Wednesday, 03 September 2014 08:31 AM

මෙහෙමත් දොස්තරලා ? (නදී)

:       0       1

කුමාර් Wednesday, 03 September 2014 08:34 AM

දැන් ඉතින් ආණ්ඩුවේ බෝඩිමේ කන්න දිදී තියාගනියි. එල්ලුම් ගහනම් අත්‍යවශයි රට හදන්න (නදී)

:       0       1

නාලක Wednesday, 03 September 2014 08:43 AM

මෙවන් දොස්තර වරයෙකු මුළුමහත් වෛද්‍ය වෘතියටම අභිමානයක්. (නදී)

:       0       1

තිළි Wednesday, 03 September 2014 08:43 AM

අනේ අපොයි...! මේ මිනිහගේ ක්‍රියාව සමස්ත වෛද්‍ය වෘතියටම නින්දාවක්. (නදී)

:       0       1

රත්න Wednesday, 03 September 2014 08:46 AM

සැප තමා දැන්! මට ආපහු මතක් වුනේ අර මේ වැරැද්දටම තව අදිකරණයකින් අවුරුදු 20 කින් ගෙවිලා යන්න දුන් දඬුවම. (නදී)

:       0       0

අජන්තා Wednesday, 03 September 2014 08:48 AM

මිනිසුනි, මේවා හොද පාඩම්. (නදී)

:       0       1

චන්දි Wednesday, 03 September 2014 08:49 PM

මහින්ද, ඔය දොස්තර විවාහකයෙක් කියලා විවිධ මාධ්‍ය වල පළවුණා. (නි)

:       0       1

සමන් පෙරේරා Wednesday, 03 September 2014 08:51 AM

හෙන ගහන අපරාද, එල්ලලා මරන්න ඕනා (නදී)

:       0       1

භානු Wednesday, 03 September 2014 08:58 AM

අවුරුදු 7 ක් තිස්සේ නඩුව අහලා. (නදී)

:       0       1

සරත් Wednesday, 03 September 2014 08:56 AM

මේ දොස්තර කෙනෙක්ද ? ලබා දී ඇති දඩුවමට අදිකරණයට ගරු කරමි. (නදී)

:       0       1

භක්ති Wednesday, 03 September 2014 09:03 AM

අනෙක් අයටත් පාඩමක් වෙන්න ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න පුලුවන් නම් තවත් හොඳයි (නි)

:       0       1

වරුනි Wednesday, 03 September 2014 09:05 AM

මේ වගේ නඩු වල සාක්කිකාරයන්ගේ ආරක්ෂාව ගැන වගකිව යුතු නිලධාරින් සැළකිලිමත් විය යුතුයි. මේ මියගිය කාන්තාව ඇදගෙන එනවා දුටු රෝහල් සේවිකාව වැනි උදවිය චුදිතයගේ පාර්ශවයේ අයගෙන් අනතුරක් නොවී රැකගත යුතුයි. මෙවැනි අපරාධ නඩු වලට සාක්කිකරුවන් නිර්භයව ඉදිරිපත් වුණේ නැත්නම් අපේ රටේ මීට වඩා අපරාධ වැඩි වෙනවා. ඒ නිසා එවැනි යුක්තිය උදෙසා කැපවෙන උදවියට ආරක්ෂාව සැපයීම හරිම වැදගත්. (නි)

:       0       0

රුවන් Wednesday, 03 September 2014 11:09 PM

මොහුගේ ළමා කාලය මම හොඳින් දන්නවා. ඉතාම නිහඬ චරිතයක්. ඉගෙනීමටත් දක්ෂයි. මුතුඇට වගේ ලස්සන අත්අකුරු.මේවගේ විනාශයක් කළා කියලා මට අදටත් හිතාගන්න බැහැ.දුෂ්කර පළාතක ඉපදිලා කොච්චර අමාරුවෙන්ද දොස්තර කෙනෙක් වුණේ? අපහසුවෙන් ජීවිතයේ ලබාගත් ජයග්‍රහණ රැකගන්න බැරිවුණ හැටි. (නි)

:       0       0

රසුන් Wednesday, 03 September 2014 09:08 AM

දොස්තර කෙනෙක් වෙලත් හිත පාලනය කරගන්න නොහැකිව කරගත් දෙයක්... (නි)

:       0       1

සරත් Wednesday, 03 September 2014 09:09 AM

කෝ මෙයාගේ මුහුණ වහන්න කට්ටිය නැහැනේ ... (නි)

:       0       1

ධම්ම Wednesday, 03 September 2014 09:20 AM

ලා හිනාවක් දොස්තරගේ මුවගේ තිබෙනවා. (නි)

:       0       1

රූපවතී Wednesday, 03 September 2014 09:21 AM

මේවා සහගහන අපරාධ. මිනිස් ආත්මයක් කල්ප ගානක් ගියත් නැවත නම් නොලැබේවි. අහෝ දෙවියනේ..! මිනිසුන්ට මොකක්ද මේ සිද්ධවූ ශාපය..? තම හැගීම් නිසා ඇයි මිනිස්කම තිරිසනුන්ටත් වඩා පහතට ඇදවැටුනේ..? (නි)

:       0       0

රුවන් Wednesday, 03 September 2014 09:25 AM

කාන්තාවන් පරික්ෂා කිරීමට [විශේෂයෙන්ම ප්‍රසව හා නාරි]කාන්තා වෛද්‍යවරියන්ම යොදාගන්නවා නම් මෙවැනි දේවල් වළක්වාගන්න පුළුවන්. ප්‍රසව අවස්ථාවේදීවත් පිරිමි වෛද්‍යවරයෙක් ඉදිරියේ නිරුවත් වෙන්න කිසිම කාන්තාවක් කැමති නැහැ.අසරණකමට එහෙම වෙන්න වෙනවා. (නි)

:       0       0

රුවන් Wednesday, 03 September 2014 09:25 AM

කාන්තාවන් පරික්ෂා කිරීමට [විශේෂයෙන්ම ප්‍රසව හා නාරි] කාන්තා වෛද්‍ය වරියන්ම යොදාගන්නවා නම් මෙවැනි දේවල් වලක්වාගන්න පුළුවන්. ලස්සන කාන්තාවන්ව නිකරුනේ අඩනිරුවත් හෝ නිරුවත්කරන අවස්ථා ඕනෑතරම් තියනවා. ප්‍රසව අවස්ථාවේදීවත් පිරිමි වෛද්‍යවරයෙක් ඉදිරිරියේවත් නිරුවත්වෙන්න කිසිම කාන්තාවක් කැමති නැහැ. අසරණකමට එහෙම වෙන්න වෙනවා.(නදී)

:       0       0

චමීර Friday, 05 September 2014 06:14 AM

දොස්තර මහත්තයා දේශපාලකයෙක් වුණා නම් කතාව මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා. (නි)

:       0       0

අනුර Wednesday, 03 September 2014 09:44 AM

තරාතිරම නොබලා අපරාධකරුවන්ට දඩුවම් දෙන්න (නි)

:       0       0

අනුර පනාගොඩ Wednesday, 03 September 2014 09:48 AM

කාමේසු මිච්චාඡාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 3 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 46 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 51 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2497 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1419 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2106 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site