මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී 2007 දී ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හය වැනි මහලෙන් බිමට දමා මරා දැමීයැයි වරදකරු වු එම රෝහලේම වෛද්‍යවරයකු වු ඉන්දික සුදර්ශන බාලගේ ට මිගමු මහාධිකරණ විනිසුරු එම් එම් ඒ ගෆූර් මහතා විසින් අද (03) මරණ දඩුවම නියම කැරිණි.
මොනරාගල පදිංචිකාරියක වු චමිලා දිසානායක (22) රෝහලේ හය වැනි මහලෙන් බිමට තල්ලු කිරීම සඳහා ඇදගෙන ආ සැටි බිමට තල්ලු කළ සැටිත් උසාවියේදී කියැවිණි.
ස්ත්‍රී දුෂණ චෝදනාවට වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හොඳට ඉගෙනගෙන දොස්තර කෙනක් වෙලත් කරගත්ත දේක හැටි? (නි)
මහින්ද, ඔය දොස්තර විවාහකයෙක් කියලා විවිධ මාධ්‍ය වල පළවුණා. (නි)
මොකද මෙයාගේ මුහුණ තොප්පියෙන් වහන්නේ නැත්තේ? (නි)
මහින්ද, ගණිකා වෘත්තිය නීතිගත කරලා වෘත්තිය සඳහා යොදවන්න වෙන්නේ අපේ සහෝදරියන් හා දරයන්, ඔය ඊට එකඟද?(අ)
ගරු අධිකරණයට ප්‍රණාමය වේවා! අගතියට පත් පවුලට සෑහෙන වන්දියකුත් ලබාදීමට අධිකරණයම කටයුතු කරනවා නම් කොතරම් අගනේද? (නි)
සෑම ගරු කටයුතු ක්ෂේත්‍රයකම මෙවන් අය ඉන්නවා.එය වළක්වන්න බැහැ. දේශපාලන ක්ෂේත්‍රයත් ඒ වගේ තමයි. (නි)
මේ වගේ පාපතරයින් ගල්ගහලා මරන්න ඕනෑ (නි)
පවු! අහිංසක තරුණියකගේ ජීවිතය නැතිවුණා (නි)
මොහොතක වින්දනය නිසා ජීවිතයක් විනාශකර ජීවිතයක් කාලකන්නි කරගත් සැටි. (නි)
පවු නේද? අහිංසක මුහුණක් දොස්තරට තියෙන්නේ. (නි)
මොහුගේ ළමා කාලය මම හොඳින් දන්නවා. ඉතාම නිහඬ චරිතයක්. ඉගෙනීමටත් දක්ෂයි. මුතුඇට වගේ ලස්සන අත්අකුරු.මේවගේ විනාශයක් කළා කියලා මට අදටත් හිතාගන්න බැහැ.දුෂ්කර පළාතක ඉපදිලා කොච්චර අමාරුවෙන්ද දොස්තර කෙනෙක් වුණේ? අපහසුවෙන් ජීවිතයේ ලබාගත් ජයග්‍රහණ රැකගන්න බැරිවුණ හැටි. (නි)
ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් සමාජයේ බොහෝ කාන්තාවන්ට සිදුවන මෙවන් විපත් වළකිනු ඇත. (නි)
දීලා තියෙන්නේ නම් නියම දඬුවමක් (නි)
අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕනෑ (නි)
මෙහෙමත් දොස්තරලා ඉන්නවනේ අපේ රටේ? (නි)
ගෆූර් මහතාණෙනි, ඔබතුමාට මගේ උත්තමාචාරය! සොයුරියනි, නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව! (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කාලය දැන් ඇවිල්ලා. මේ වගේ අයට අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනෑ.බොහොම හොඳ තීන්දුවක්. (නි)
යන්නේ නම් බොහොම සතුටින් කියලා වගෙයි මට පෙනෙන්නේ. (නි)
කාමේසු මිච්චාඡාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)
තරාතිරම නොබලා අපරාධකරුවන්ට දඩුවම් දෙන්න (නි)
බන්දුල පෙරේරා, ඔයාගේ කතාව ඇත්ත. මොකද ඔයාල වගේ කඩේ යන අය ඉන්නකල් මේවා නැතිකරන්න බැහැ සහතික ඇත්ත. (නදී)
ගරු විනිසුරුතුමනි, මම ඔබේ තීන්දුවට ගොඩක් ගරුකරනවා. ඔබ වැනි විනිසුරුවරුන් තවත් සිටිනවා නම් මොනතරම් වටිනවාද? (නි)
උසාවිය නියම තීන්දුව දුන්නට වෙන්නේ ඔය අපතයත් ජනතාවටම බරක් වෙන එක පමණයි. තුන්වේල කන්න දීල බුදිය ගන්න දෙන්න එපා. මරලා දාන්න. (නදී)
සාධාරණ තීන්දුවක්. (ස)
දොස්තර මහත්තයා දේශපාලකයෙක් වුණා නම් කතාව මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා. (නි)
කොහෙද ඔය පෝරකය තියෙන්නේ හැබෑටම? මරණ දණ්ඩනය ලැබුණු කී දෙනෙක් ඔය පෝරකයට ගෙනියලා තියෙනවද? (නදී)
දන්නෙ නැති නිසයි අහන්නෙ. දැං ඔය දඬුවම් දෙකෙන් කොයිකද පළමුව දෙන්නේ. 20 දීල මරණවද. මරල 20 දෙනවද? එහෙම වෙන්න බෑනෙ. එහෙම උනොත් 20 දෙන්නෙ කාටද ? (නදී)
මෙහෙමත් පවු කාරයෙක්. සොබාදර්මයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනි. අකාලයේ මියැදුණු සොයුරිය ඔබට නිවන් සුව අත් වේවා. (නදී)
වැරදි වලට දෙන දඩුවමත් ප්‍රසිද්ධ කරන එක වටිනවා. (නි)
මේ ගැන විස්තර දාලා තිබුණ ලිපියක තිබුණා මේ නරුමයා ඒ ගෑණු ළමයාට පුදුම විදියට වද දීලා මරලා තියෙන්නේ කියලා. කීප තැනක්ම දරුණු විදියට සපා කාපු තුවාල තිබුණා කියලත් ඒකේ තිබුණා. තට්ටු 6 කින් තල්ලු කරලා මරන්නත් කොච්චර හයියක් නපුරුකමක් තියෙන්න ඕනද (නදී)
කාන්තාවන් පරික්ෂා කිරීමට [විශේෂයෙන්ම ප්‍රසව හා නාරි] කාන්තා වෛද්‍ය වරියන්ම යොදාගන්නවා නම් මෙවැනි දේවල් වලක්වාගන්න පුළුවන්. ලස්සන කාන්තාවන්ව නිකරුනේ අඩනිරුවත් හෝ නිරුවත්කරන අවස්ථා ඕනෑතරම් තියනවා. ප්‍රසව අවස්ථාවේදීවත් පිරිමි වෛද්‍යවරයෙක් ඉදිරිරියේවත් නිරුවත්වෙන්න කිසිම කාන්තාවක් කැමති නැහැ. අසරණකමට එහෙම වෙන්න වෙනවා.(නදී)
රටට වැඩක් කරන්න හිටිය පුද්ගලයෙක් හැගීම් පාලනය කරගන්න බැරි වුණා. නිමේෂයක සතුටට සදාකාලික දුකක් උරුම කරගත්ත. (ස)
මම හිතන්නේ මෙයා අහිංසක මිනිහෙක් .මෙතන ලොකු අභිරහසක් තියෙනවා. දොස්තර වෙන්න මොලේ තිබුණ නම් සාක්කි සමග මිනි මරන්න තරම් මෝඩද? (ස)
ගණික වෘත්තිය නීතිගත කලත් නැතත් මේ රටේ ගණිකාවන්ගෙ අඩුවක් නෑනෙ. නීතිගත කිරීමෙන් ඒකට යම් ප්‍රමිතියක් ලැබෙනව වගේම රටේ ලිංගික හිංසනය සහ සමාජ රෝග පැතිරීම වලක්වන්න පිටුබලයක් ලැබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම කියන්නේ තරුණියන්ට ඒ වෘත්තියට එන්න දිරී දීමක් නොවන වග ඊනියා බුද්ධිමතුන් තේරුම් ගත යුතුයි. (ස)
ඉතාමත් හොද තීන්දුවක් මේ වගේ අයට මරණය දඩුවම දිය යුතුයි (නදී)
කැලුම්, එතකොට දැන් ඉන්න කට්ටිය ඔක්කොම ඔයාගේ නංගිලාද? (නදී)
මිනිස් ආධ්‍යාත්මික හැඟීම් මීට වඩා දියුණුවිය යුතුයි (නි)
රුවන්, යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයිනේ (නි)
කැලුම්, නිකන් බොරු පම්පෝරි කතා නොකියා ඉන්න (නි)
රුවන්, එවැනි නිශ්ශබ්ද චරිත ස්වභාවික නැහැ, ගුප්තයි. හිත තුළ තෙරපි තෙරපී තිබෙන මානසික අසහනකාරී තත්වයන් සියල්ල පුපුරාගෙන ඉතාම ම්ලේච්ඡ ආකාරයෙන් එළියට පනින්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒ වෙලාවට බලය තත්වය ඔක්කොම අමතක වෙනවා. (නි)
එතකොට තංගල්ලේ කෙනාට මොකද වුණේ දන්නෙ නැහැ නේද? (නි)
නියම දඬුවම. (නදී)
කෝ අපි බලන්න ආසයි, මරණ දණ්ඩනය. (නදී)
මෙයාගේ බලපත්‍රය දැන්වත් තහනම් කරලද දන්නේ නැහැ. (නි)
මේ විදියටම සෑම ස්ත්‍රී දූෂකයෙකුටම මරණ දඩුවම හිමිවිය යුතුයි. මේ වගේ දඩුවමක් අර තංගල්ලේ මිනීමැරුමට දෙන්න බැරිවුණ එක ගැන කණගාටුයි. (නි)
උසාවිය මගින් ලබාදුන් සාධාරන තීන්දුවක්. අගය කළ යුතුයි. (නි)
ඉතා හොඳයි (නි)
මේ නැතිවුණ දරුවාගේ පවුලට වුණ පාඩුවට දහදාහක් ප්‍රමාණවද්ද? (නි)
අන්න නියම තීන්දුවක්. මුළු රටේම ඔය විදිහට වෙනවා නම් බොහොම හොඳ රටක් බිහිවෙයි (නි)
නියම දඬුවමක් (නි)
දඩුවම හොඳයි (නදී)
විනිසුරුගේ නියෝගය ඉතා නිවැරදියි. වරදට දඩුවම අනිවාර්යයි (නි)
දැන් කට්ටිය වර්ජන පටන්ගනීද දන්නෙ නැහැ (නි)
මෙහෙම මිනිස්සු මොනවට මෙලොවට පහළ වෙනවද මන්දා (නි)
මොහුට දේශපාලන බලපෑමක් නැතුවා වගෙයි (නි)
හොඳ තීන්දුවක් (නි)
දැන් ඉතින් ජීවිතයේ ඉතිරි කාලයවත් හොඳින් ගතකරන්න (නි)
පළවන බොහෝ ප්‍රවෘත්ති අපරාධ, මිනීමැරුම් හෝ දුෂණ. (නි)
වෛද්‍යවරයෙක් වෙලත් හැගීම් පාලනය කර ගත නොහැකි නම් ඔහු සුදුසු පෝරකයටම තමා. (නදී)
ගල් ගහලා මරන්න වටිනවා මේ කරලා තියෙන වැඩේට නම් (නි)
හෙන ගහන අපරාද, එල්ලලා මරන්න ඕනා (නදී)
කාන්තාවන් පරික්ෂා කිරීමට [විශේෂයෙන්ම ප්‍රසව හා නාරි]කාන්තා වෛද්‍යවරියන්ම යොදාගන්නවා නම් මෙවැනි දේවල් වළක්වාගන්න පුළුවන්. ප්‍රසව අවස්ථාවේදීවත් පිරිමි වෛද්‍යවරයෙක් ඉදිරියේ නිරුවත් වෙන්න කිසිම කාන්තාවක් කැමති නැහැ.අසරණකමට එහෙම වෙන්න වෙනවා. (නි)
මේවා සහගහන අපරාධ. මිනිස් ආත්මයක් කල්ප ගානක් ගියත් නැවත නම් නොලැබේවි. අහෝ දෙවියනේ..! මිනිසුන්ට මොකක්ද මේ සිද්ධවූ ශාපය..? තම හැගීම් නිසා ඇයි මිනිස්කම තිරිසනුන්ටත් වඩා පහතට ඇදවැටුනේ..? (නි)
ලා හිනාවක් දොස්තරගේ මුවගේ තිබෙනවා. (නි)
කෝ මෙයාගේ මුහුණ වහන්න කට්ටිය නැහැනේ ... (නි)
දොස්තර කෙනෙක් වෙලත් හිත පාලනය කරගන්න නොහැකිව කරගත් දෙයක්... (නි)
මේ වගේ නඩු වල සාක්කිකාරයන්ගේ ආරක්ෂාව ගැන වගකිව යුතු නිලධාරින් සැළකිලිමත් විය යුතුයි. මේ මියගිය කාන්තාව ඇදගෙන එනවා දුටු රෝහල් සේවිකාව වැනි උදවිය චුදිතයගේ පාර්ශවයේ අයගෙන් අනතුරක් නොවී රැකගත යුතුයි. මෙවැනි අපරාධ නඩු වලට සාක්කිකරුවන් නිර්භයව ඉදිරිපත් වුණේ නැත්නම් අපේ රටේ මීට වඩා අපරාධ වැඩි වෙනවා. ඒ නිසා එවැනි යුක්තිය උදෙසා කැපවෙන උදවියට ආරක්ෂාව සැපයීම හරිම වැදගත්. (නි)
අනෙක් අයටත් පාඩමක් වෙන්න ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න පුලුවන් නම් තවත් හොඳයි (නි)
මේ දොස්තර කෙනෙක්ද ? ලබා දී ඇති දඩුවමට අදිකරණයට ගරු කරමි. (නදී)
අවුරුදු 7 ක් තිස්සේ නඩුව අහලා. (නදී)
කළ කළ දේ පළ පළ දේ. සාධාරණ තීන්දුවක් (නි)
මිනිසුනි, මේවා හොද පාඩම්. (නදී)
සැප තමා දැන්! මට ආපහු මතක් වුනේ අර මේ වැරැද්දටම තව අදිකරණයකින් අවුරුදු 20 කින් ගෙවිලා යන්න දුන් දඬුවම. (නදී)
අනේ අපොයි...! මේ මිනිහගේ ක්‍රියාව සමස්ත වෛද්‍ය වෘතියටම නින්දාවක්. (නදී)
මෙවන් දොස්තර වරයෙකු මුළුමහත් වෛද්‍ය වෘතියටම අභිමානයක්. (නදී)
දැන් ඉතින් ආණ්ඩුවේ බෝඩිමේ කන්න දිදී තියාගනියි. එල්ලුම් ගහනම් අත්‍යවශයි රට හදන්න (නදී)
මෙහෙමත් දොස්තරලා ? (නදී)
වරදත් බරරපතල නම් දඩුවමත් එහෙම උනාට කමක් නැහැ. (නදී)
ඇත්තටම මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි අපරාද සිදු නොවේ (නදී)
වරදකරුගේ ඡායාරූපය දැමීම ඉතා හොඳයි (නි)