වැසි දිනවලට මීගමු රෝහලේ ඇතැම් වාට්ටුවල වහලෙන් වැටෙන වතුර රැස් කිරිමට භාජන තබා ඇත.සැත්කම්වලට ලක් කරන රෝගීන් එක ඇදෙහි දෙන්නා බැගින් සිටින අතර රෝහලේ වැසිකිලි පද්ධතියද නිසි අයුරින් නොමැත.
අද (14) මීගමුව රෝහලේ නීරීක්ෂණ චාරිකාවකට ගිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට රෝහලේ එම තත්ත්වය දකින්ට ලැබිණි.
රෝගීහු දහසකට අධික ප්‍රමාණයක් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
මන්ත්‍රීවරුන් රෝහල් කාර්ය මණ්ඩලයට පැවසුයේ මේ පිළිබඳව පළාත් සභාවේදී සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිගමුව රෝහල තම ලංකාවේම තියෙන රෝහල්වලින් තියෙන අන්තිම නරකම රෝහල.(හේ)
දැන් මේ දේවල් ගැන සොයා බලන්න කාටවත් සිහියක් නැහැ.(හේ)
මේ රෝහලේ අඩු පාඩු හදලා දුන්නානම් අසරණ රෝගීන්ට සහනයක්.(හේ)
මේ රෝහලේ මේ අඩුපාඩු විතරක් නෙමෙයි, රෝගීන්ට ඇතැම් අවස්ථාවල හරියට ප්‍රතිකාර ලැබෙන්නෙත් නැහැ කියලා මම කියනවා. බලධාරීන් මීට වැඩිය හොයලා බලනවා නම් සෑහෙන මට්ටමකට දියුණු කරලා හුඟක් රෝගීන්ට උදවු කරන්න පුළුවන් රෝහලක්. (නි)
අනේ ඒක නම් ඇත්ත. ඉක්මනින් මොනවාහරි කරන්න (නි)
මේ රෝහලේ අඩු පාඩු බලලා මේක හදලා දුන්නනම් මොකද?(හේ)
බොහෝ තැන්වල තත්ත්වය මේ හා සමානයි (නි)
සමහර දොස්තරලාට රෝගීන් බලන්න වෙලාවක්වත් අඩුපාඩු හොයන්න වෙලාවක්වත් නැහැ. එයාලා හරියට කාර්යබහුලයි පාරෙන් එහා පැත්තේ චැනල් සෙන්ටර් වල (නි)
රටක සංවර්ධනයට සෞඛ්‍යය අංශයේ ශක්තිමත්කම අවශ්‍යයි (නි)
මේවා මාධ්‍යයෙන් හෝ පෙන්වාදෙන එක හොඳයි (නි)
රෝහල් පද්දතිය නිසි ආකාරව සැකසිය යුතුයි.(හේ)
මිගමුව විතරක් නෙමෙයි රටේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරලා බැලුවොත් මේ වගේ රෝහල් කොතෙකුත් හොයාගන්න පුළුවන් වේවි.(හේ)
අහිංසක රෝගීන් ඒ දෙයිනුත් අසරණයි.(හේ)