IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මගියා බසයෙන් වැටී මරුට : රියදුරු කොන්දොස්තර පොලිසියේ

කොට්ටාව බොරැල්ල 174 බසයකින් විසිවුණු මගියකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බස් කොන්දොස්තරවරයෙක් හා රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. එම පුද්ගලයා පාර අයිනේ වැටී තුවාල ලබා සිටි බව කියමින් නාවින්නේ බොරු ලිපිනයක් හා කහවත්තේ දුරකථන අංකයක් රෝහලට දී ඇතැයිද පොලිසිය කියයි. රෝහලට ඇතුළු කර මිනිත්තු 15 කින් පමණ ඔහු මිය ගිය බවත් ඔහු බසයෙන් වැටී මිය ගිය බවට තොරතුරු ඇති බවත් ඔහුගේ හැඳුනුම්පත තිබූ බෑගය සොයාගත නොහැකි බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

මගියා බසයෙන් වැටී මරුට : රියදුරු කොන්දොස්තර පොලිසියේ

විල්සන් Monday, 06 October 2014 07:36 AM

මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවාට දැඩි දඬුවම් දිය යුතුයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 06 October 2014 07:57 AM

ලෝකයේ බොහෝ රටවල් මෙවැනි වැරදි නොවන්න වගබලාගෙන ඉවරයි. අපේ රටේ ලොක්කෝ රටරටවල් වල ගියාට ලක්ෂ ගණන් වියදම් කළාට දැක බලාගෙන එන්නේ මොනවාද? රටට සෙතක් වෙන දෙයක් දැකබලාගෙන ඇවිත් ක්‍රියාවට නන්වන්න දන්නේ නැහැ අපේ බලධාරීන්. බස් රථ වල පොල් පටවනවා වගේ පටවනවා. දොරවල් අැරගන වේගයෙන් යනවා. ඒ මදිවට රේස් එකට තරඟයකට යනවා. නීතිය හරියට ක්‍රියාත්මක කළා නම් මේවා නවතිනවා (නදී)

:       0       0

චාන්දනී Monday, 06 October 2014 08:09 AM

මම පාසල් ගියේත්, ඉන්පසු උසස් අධ්‍යාපනයට රැකියාවට ගියේත් මේ බස් මාර්ගයේ. මට නම් පුදුම එළියට විසිවෙන්න පෙර බස් එක ඇතුළේ තදවෙලා මගියා මියගියේ නැති එකට. එක දවසක් මම බොරැල්ලේ ඉඳලා තලවතුගොඩ හන්දියට වෙනතුරු ආ බස් එකෙන් බැස්සේ ක්ලාන්ත වෙලා. පාර අයිනේ හිටි වැඩිහිටි පිරිමියෙක් මාව වැටෙන්න නොදී අල්ලා ගත්තා. නැත්නම් බසයට යටවෙනවා. පුදුමයක් නැහැ මේ මඟියාට වුණ දේට. (නි)

:       0       0

අස්කා Monday, 06 October 2014 08:25 AM

අපේ රටේ පාරවල් හදනවා, කාපට් කරනවා, ඒත් දෙපයින් යන මිනිසුන්ට යන්න පාර දෙපැත්තේ පදික වේදිකා හදන්න හිතෙන්නේ නැත්තේ ඇයි මන්දා? (නි)

:       0       0

නිමල් Monday, 06 October 2014 08:26 AM

ලංකාවේ පුද්ගලික බස් මාර්ග වල රජයනවා. සමහරු මිනිසුන්ට සළකන්නේ සතුන්ටත් අන්ත විදිහට (නි)

:       0       0

ගමගේ Monday, 06 October 2014 08:26 AM

පුද්ගලික බස් නම් කරන්නෙම වැරදිමයි. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 07 October 2014 06:23 AM

174 මාර්ගයේ අහිංසක දරුවෙක් හප්පලා මරපු රියදුරෙක් තවමත් බස් එකක වැඩ කරනවා කියනවා. එක පාරක් ලංගම බස් රියදුරෙකුටත් පහරදීලා මග ඇරලා හිටපු කෙනෙක්. වචනයේ පරිසමාර්ථයෙන්ම රස්තියාදු කාරයෙක්. මේකටත් මිනිහම සම්බන්ධද දන්නෙ නැහැ. (නදී)

:       0       0

මානගේ Monday, 06 October 2014 09:55 AM

මෙයට තියෙන හොඳම විසඳුම තමයි, බස් එක ධාවනය වෙන හැම වෙලාවේම දොරටු දෙක වසා ධාවනයේ යෙදවීම. පිට රට වල මෙය තමයි ආරක්ෂිතව මගී ප්‍රවාහනයේ යොදන ක්‍රමය. ඒ සඳහා දොරවල් වලට හයිඩ්රෝලික් ක්‍රමයට දොර ඇරීමට සහ වැසීමට රියදුරුට හැකියාව තිබිය යුතුයි. හොරකමක් කර පලා යාමටත් නොහැකියි මේ ක්‍රමය තිබෙයි නම්. එවිට පොලිසියෙන් කරදර වෙන්නෙත් නැහැ. ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු වග කීමක් (නදී)

:       0       0

ටෙනිසන් Monday, 06 October 2014 10:15 AM

මානගේ ඔබ හරි. එ්ත් ඕක යෝජනාවක් විදිහට ගෙනාවත් පෞද්ගලික බස් සංගම්වල ඉන්න මගමරු සභාපතිලා පහුවෙනිදම වර්ජනයක් ආරම්භ කරයි. ඇයි ඉතින් උන්ටම ගිය රටනේ (නදී)

:       0       0

ගුණවතී Monday, 06 October 2014 10:22 AM

පදික වේදිකා නැති පාරවල් මම නම් දැක්කේ නැහැ . ඔය කියන්නේ වේවැල් පාරද කස පාරද කණේ පාරද ? (ස)

:       0       0

සමන්ති Monday, 06 October 2014 07:41 PM

සමහරු ඉන්නේ ලංකාවේද මන්දා, අදහස් බලද්දී? (නි)

:       0       0

කුමුදිනි වත්සලා Tuesday, 07 October 2014 01:18 AM

පුද්ගලික මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රයිවෙට් බස් මාර්ග පර්මිට් දෙන්නේ බොහොම අඩුවෙන්. මේ නිසා පාරේ පුද්ගලික බස් හිඟයි. පර්මිට් එකක් ගන්න ගොඩක් වියදම් කරන්න වෙනවා, කාලයත් යනවා. මිනිස්සු බොහෝ විට තෙරපිලා යන්නේ සාඩින් වගේ. ඒ වගේම බස් නවත්තගන ඉන්නවා. සමහර වෙලාවට විනාඩි 15-20, ඊළඟ බස් එක එනකම්. මෙය මඟීන්ට කරන ලොකු අසාධාරණයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 17 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 38 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 122 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 243 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 196 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site