IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මංගල විදෙස් සේවය පීලිගත කරයි

ශ්‍රී ලංකා විදේශ සේවාව විධිමත් කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ප‍්‍රතිපත්ති සහ සැලසුම්වලට යොමුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විදේශ සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී කෙටිකාලීන සැලසුම් යටතේ විදේශ දුත සේවා  සම්බන්ධයෙන් වන වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සමරවීර මහතා කියා සිටී.

වියදම් අවම කිරීම සඳහා විදේශයන්හි පිහිටුවා ඇති ප‍්‍රමාණවත් සේවා  ඉටු නොකරන දුත සේවාවන් අහෝසි කර දැමීමටත්, ඒ අනුව ඇතැම් රටවල පව්ත්වාගෙන යන තානාපති කාර්යාල වෙනුවට අනේවාසික තානාපතිවරුන් හඳුන්වා දීමට විදේශ අමාත්‍යාංශය සැලසුම් කර ඇති  බවද ඔහු පවසයි.

තවද රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් පත් කිරීමේදී මෙතෙක් ක‍්‍රියාත්මකවූ පුද්ගල බද්ධ හා අක‍්‍රමවත් තෝරා ගැනීමේ පටිපාටිය වෙනුවට මාරුකිරීමේ මණ්ඩලයක් පත් කිරීමටත් , අභ්‍යන්තර ඉල්ලූම්කරුවන් සඳහා ඉඩක් ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසූ   සමරවීර මහතා   සඳහන් කරනුයේ මේ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායික සහාය ලබාදීමට සිංගප්පූරු රජයේ එකඟතාවය පළ කර ඇති බවයි. ඒ සඳහා වන විශේෂඥ කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට ද  නියමිතය.  

විදෙස් ගත ලාංකික ශ‍්‍රමිකයින් ආරක්ෂා කිරීමටත්, නව විදේශ වෙළඳපොළ අවස්ථා ලබා ගැනීමටත්, විදේශ සහාය මෙරට අවශ්‍ය අවස්ථාවන් හිදී ලබා ගැනීමට සඳහා කටයුතු කරන කාර්යක්ෂම රාජ්‍යතාන්ත‍්‍රිකයින් වෙනුවෙන් දිරි දීමනා හා උසස්වීම් ලබා දෙන ක‍්‍රමවේදයක් සකස් කිරීමටත් අමාත්‍යාංශය අදහස් කරන බව ද ඇමැති කියයි.



අදහස් (0)

මංගල විදෙස් සේවය පීලිගත කරයි

ලලිත් Monday, 14 December 2015 07:01 PM

ඔය ඉන්දියාවෙන් ගෙන්වූ පීලිද? නැත්නම් චීනෙන් ගෙනා පීලිද? (නි)

:       0       0

විද්‍යා Monday, 14 December 2015 08:24 PM

නෑදෑයෝ, ඉංග්‍රීසි හරියට බැරි අය වගේම හරියට වැඩක් කරන්න බැරි අය යවන්න එපා. (නි)

:       0       0

විජිත් Monday, 14 December 2015 08:36 PM

හැමෝම විදේශ සේවය ඒ වගේම විදේශ ප්‍රතිපත්ති "පීලිගත කරනවා". නමුත් ටිකක් කල්යනකොට ඒ අයම "පීල්ලෙන් පනිනවා". අනේ මන්දා...! ඉස්සර නම් විදේශ සේවය කිවුවහම ලොකු පිළිගැනීමක් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඒක අපේ වගේම අපේ රටේම අවාසනාව! (නි)

:       0       0

තිලක් Monday, 14 December 2015 09:29 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 832 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5198 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3037 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28244 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 406 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site