දුම්රිය සේවක වැඩ වර්ජනයත් සමග දුම්රිය ගමනා ගමනය අද මුළුමනින්ම ඇන හිටියේය. කාර්යාල සේවයන් අතුළු මගීහු දහස් ගණනකට ගමන් පහසුව බරපතල ප්‍රශ්නයක් විය. ඇතැම් ප්‍රධාන නගරවල බස් නැවතුම්පළවල දිගු පෝලිම් දක්නට ලැබිණි. දුම්රිය ස්ථානධිපති කාර්යාල, ටිකට් කවුළුද වසා දමා තිබූ අතර විශ්‍රාමික දුම්රිය රියදුරන් හා නියාමකයන් ලවා දුම්රිය කිහිපයක් ධාවනය විය. ගාල්ලේ සිට අද උදේ කොළඹට දුම්රිය තුනක් ළඟාවිය. අම්බලන්ගොඩ සිට කොළඹට ඒමට පැය දෙකහමාරක් ගත විය. එම දුම්රියවල මගීන් බොහෝ සෙයින් දක්නට නොලැබිණි.
ඡායාරූප සජීව විජේවීර, ක්‍රිෂාන් ජිවක, සුමින්ද සුදරුශන සහ ඩික්සන් වසන්ත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මේ අයම පත්කර ගත්තානම් තමයි හොඳ (ස)
නයනා කුමාරි දුම්රියත් අද නැද්ද?(නු)
මොනවා උනත් අසරණ මගී ජනතාව තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ මේ වර්ජන නිසා (ස)
අනේ මන්ද මේවට මොන කියන්නද කියලා? ඒ මිනිස්සුන්ට බෑනලත් බෑ, නොබෑනත් බෑ. ඒ මිනිස්සුත් තමන්ගේ අයිතීන් දිනා ගන්නත් එපෑයි. මිනිස්සුන්ට කරදරයක් වෙන්න දෙන්නත් බෑ. එහෙම නොකරත් බෑ.....අනේ මටනම් තේරෙන්නෙ නෑ......මේකෙන් අසරන වෙන්නෙ එදා දවසට අතේ සල්ලි තියන් ඉන්න දුප්පත් මිනිහා තමයි........ (ස)
මිනිස්සුන්ට ජීවත් වෙන්න සාධාරණ වැටුපක් ඕන.. මේ මොන වැඩවර්ජන ආවත් දුක් විදින්නේ දුප්පත් මිනිස්සු මොකද මේවා භාවිත කරන්නේ සාමාන්‍ය ජනතාව නිසා. කවදාවත් මොන ආශ්චර්ය කිව්වත් මේ රට හදන්න බැහැ..!(නු)
අසරණ ජනතාව ගැන කියනවා.. නමුත් මිනිස්සු රුකියාවක් කරනවා කියලා එනවා ජයනවා ගන්න වැටුප මදි ජීවත් වෙන්න.. ඒකයි මේ වර්ජන.. එයාලාගේ ඉල්ලීම් දෙන්න බැරිනම් ලැම්බොගිනිවල බදු වැඩිකරන්න..!(නු)
මේ වගේ අය තනතුරුවල ඉදීමෙන් රටේ ගැටලු වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ.. ජනතාව නිදා නොසිට වෙනසකට සිතිය යුතුයි.. නැත්නම් අපට ඉන්න රටක් නැති වෙනවා..!(නු)
මේ වෙලාවට ප්‍රේමදාස මහත්තයාව මතක් වෙනවා (ස)
කලින්ම මහාජනයට දැන්නුව නේද ??? (ස)
අපේ අහවල් ඇමතිතුමාට කියන්නකෝ. (නි)
මොනවා නැතත් එක දෙයක් දුටුවා චායාරුප වල. සියලුම දුම්රිය ස්ථාන පිරිසිදුව තියනවා. මිනිසුන් පිරිසිදුව තමන්ගේ රට තියාගන්න ඕනේ කියන තත්වයට ආපු එකනම් ලොකු දෙයක්...(ස)
විෂය භාර ඇමතිතුමාට තුමාට වෙනම අසනීපයක් හැදිලා අදාල ගැටලු ඉදිරිපත් කරන කොට වෙන වෙන ඒවා කියනවා.. අපිටම ලැජිජයි අපි නේද මේ අයව පත්කලේ කියලා.. (නු)
නාරද හරියටම හරි, දුම්රිය ස්ථාන පිරිසිදුව තියාගන්නවා වගේ අපේ කට්ටියගේ ආකල්පත් පිරිසිදු වුනානම් ලංකාව දිවිය ලෝකයක් කරන්න පුළුන්. (අ)
රාජ් හරියටම හරි මේකට නියම විසදුම ප්‍රෙම්දාස මහතා ලග තිබුණා..!(නු)
අයියෝ සල්ලි
හොදයි. දුම්රියටත් නිවාඩුවක්. (දී)