IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මේජර් ජනරාල් කමල් පොලිසියේදී පස්ස ගසයි

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සාමන්‍ය පෙළ සිසුවකුගේ කමිස කොරලයෙන් ඇඳ තර්ජනය කළැයි කියන මේජර් ජනරාල් කමල් ගුණරත්න කුරුදුවත්ත පොලිසියට පැමිණ සිසුවා සමඟ සිද්ධිය සාමදාන වූ බව පොලිසිය කියයි.

කමල් ගුණරත්නට එරෙහිව සිසුවා කළ පැමිනිල්ලද ඉල්ලා අස්කර ගත්තේය.

පහරදුන්නැයි කියන පසුගිය දෙසැම්බර් 14 වැනිදා තමා එතෙර සිටි බව කමල් ගුණරත්න මීට කලින් ලංකාදීප වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

එහෙත් ඔහු කුරුදුවත්ත පොලිසියේදී සිසුවා හා ඔහුගේ මව ඉදිරියේ සිද්ධිය සමාදන විය.

පසුගිය 14 වැනිදා තම සමීප ඥාතීවරියකගේ ඉල්ලීම මත එදින පාසලට ගිය බව ඔහු පිළිගෙන ඇත.

මේ අනුව ඔහු ලංකාදීප වෙබ් අඩවියට කළ ප්‍රකාශය වැරැදිය.

ඔහු ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදාය. සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 17 වැනිදාය.

http://www.lankadeepa.lk/index.php/articles/490611

 



අදහස් (0)

මේජර් ජනරාල් කමල් පොලිසියේදී පස්ස ගසයි

පද්මිණී Monday, 26 December 2016 06:13 AM

සෙනරත්, ඔබේ දරුවට නම් මෙය වුණේ, ඔබ කියනවද අනේ යුද්ධය දිනු රණවිරුවෙක් නිසා දරුවා ගුටිකැවට කමක් නැහැ කියලා. (නි)

:       0       0

චාමර Monday, 26 December 2016 06:13 AM

අපරාදේ කළ හොඳ ඔක්කොම වතුරේ! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 06:13 AM

වරදක් කළාම එ්ක වහගන්න මිනිසා තමන් සතු සියලුම හැකියාවන් යොදනවා. එයයි මිනිස් මොළය. නමුත් ඔහුගේ මොළයෙන් ඔහු සකසාගෙන කළ ප්‍රකාශය අසාර්ථක වුණා.. මොහු කියපු බොරුව නිසා බලන්න ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන විදිය. මීට වැඩිය මානසික වේදනාවක් තවත් කොයින්ද? (නි)

:       0       0

සුනිල් Monday, 26 December 2016 06:37 AM

පුංචි නොමේරූ පාසල් දරුවෙකුට පහරදෙන්න ඉදිරිපත් වෙන කෙනෙක් හොඳ මිනිසෙක් වෙන්නේ කොහොමද? එ්ක වීර ක්‍රියාවක්ද? ලැජ්ජා වෙන්න ඕනෑ දෙයක් නේද? (නි)

:       0       0

සුනිල් Monday, 26 December 2016 06:41 AM

යුද්ධයේදී කරපු සේවය පුංචි දරුවන්ට නින්දිත විදියට පහරදෙන්න සුදුසුකමක් නොවේ කියලා කවුරුත් හිතාගත්තොත් හොඳයි. ඒ කළේ තමුන්ගේ රස්සාව. පුංචි දරුවෙකුට පහරදෙන එක රස්සාව නිසා කරන්න සුදුසු දෙයක් නොවේ. නැහැදිච්චකමක්. (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 26 December 2016 06:45 AM

රූපවාහිනී වැඩසටහනකට ගෙනල්ලා අහමුද මේකේ ඇත්ත නැත්ත? (නි)

:       0       0

බමුණු සිංහ Monday, 26 December 2016 06:50 AM

සෙනරත්, ඔබේ කතාව ඇත්ත. නමුත් මට තිබෙන ගැටලුව අැයි මේවගේ සුළු දේවලට මේ වගේ උසස් නිලධාරීන් සම්බන්ධ වෙන්නේ? අනික ප්‍රශ්න බොහොම විනීත ලෙස විසඳාගැනීමේ පුහුණුවක් මේගොල්ලන්ට නැහැ. බොහොම රළු විදිහට ප්‍රශ්න විසඳන්නේ. අපි තාත්තලා හැටියට මේ වගේ ළමයින්ගේ දේවලට කෙළින්ම සම්බන්ධ වෙන්නේ නැත. (නි)

:       0       0

නන්ද Sunday, 25 December 2016 11:12 AM

මොලේ අඩුවන තරමට "පුහු ආඩම්බරකම " වැඩිවෙනවාය කියා ගම්වල කතාවක් කියනවා. ඒ උඩඟු කමත් එක්ක "බොරුකීමත්‘ එකතු වුනාම කොහෙන් කෙලවර වෙනවාද කියා කියන්න බැහැ. නිරහංකාර වුනා නම්, ඇත්තම කීවා නම්, හමුදාවේ ඉහලම නමක් තියාගෙන හිටපු කමල් මහත්තයට පොලීසියේදී "පස්ස නොගහ " ඉන්න තිබුන. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 25 December 2016 11:27 AM

"ජාතික විරවරු" කියල කියා ගන්න අය කවදද ඇත්ත කිව්වේ? (බ)

:       0       0

සුරංග තිළිණ Sunday, 25 December 2016 12:12 PM

මෙයත් හිටපු හමුදා ලොක්කාත් වෙනසක් නෑ වගේ.(බ)

:       0       0

ශාන් සෞදි Sunday, 25 December 2016 12:23 PM

තමන් කළ වැරදි වහගන්න කරන කියන දේවල් අනුව පැවතී යුද්ධය ගැන පොත්වල ලියපු දේවල් ගැනද දෙපාරක් සිතිය යුතුය (බ)

:       0       0

පුෂ්පකුමාර Sunday, 25 December 2016 12:48 PM

ඔබ කළ දෙය ඉතාමත් බුද්ධිමත් තීරණයක්. ඔබට තෙරුවන් සරණයි (බ)

:       0       0

රිකී Sunday, 25 December 2016 12:56 PM

ලැජ්ජයි මේ වෙච්ච දේ ගැන.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 08:23 AM

කිසියම් කෙනෙක් සමාජ අසාධාරනයක් කළවිට ඊට විරුද්ධව අදහස් පළකිරීම එම වරද කළ ඔහුට හෝ ඇයට කරන අපහාසයක් ලෙස මම නම් නොදකිමි (නි)

:       0       0

සංජීව Sunday, 25 December 2016 01:20 PM

මෙන්න අපේ රණවිරුවෝ. මුලින් කිව්වේ ලංකාවේ හිටියෙත් නැහැ කියලානේ. මට හිතෙන්නේ මෙතුමා හොඳ දියවන්නාවට (නි)

:       0       0

ලෙස්ලි Sunday, 25 December 2016 01:23 PM

මට නම් මේවා අහන්නත් ලැජ්ජයි (නි)

:       0       0

ලංකා Monday, 26 December 2016 09:14 AM

කවුරු වරදක් කළත් වරද වරදමය.මේ වරද ලොකු වරදක් .විනයක් තිබිය යුතු නිලධාරියෙක් පාසල් දරුවෙකුට මෙහෙම සැලකීම හරිම පහත් කණගාටු දායක තත්වයක් .රටේ පිරිහීම (බ)

:       0       0

විජේපාල Sunday, 25 December 2016 01:31 PM

පොලිසිය මේ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවාද? (නි)

:       0       0

උපුල් Sunday, 25 December 2016 01:46 PM

මේවට මොනවා කියන්නද මන්දා අනේ?? (නි)

:       0       0

රූපා Sunday, 25 December 2016 01:53 PM

ඔබතුමා නන්දිකඩාල් රණමඟ ඔස්සේ උපයාගත් ගෞරවය නැති කරගන්න නම් එපා. (නි)

:       0       0

සෙන්සාන් Sunday, 25 December 2016 02:06 PM

මොනවද මහත්තයෝ මේ කරගත්තේ? (නි)

:       0       0

විදානේ Sunday, 25 December 2016 02:08 PM

ඒ වුණාට ඔහුගේ යහපත් පැත්ත අපි අමතක නොකළ යුතුයි (නි)

:       0       0

සුනිල් Sunday, 25 December 2016 03:32 PM

මේ විදිහට බොරු කියපු කෙනෙකුගේ පොතේ ඇති කරුණු ගැනත් සැක ඇතිවීම පුදුමයක්ද? (නි)

:       0       0

රොහාන් Sunday, 25 December 2016 03:41 PM

අනේ අපොයි! අපි වගේ මෝඩයෝ. යුද්ධයේදී නන්දිකඩාල් වලදී සිදුවීම් ගැන ලියපු පොත ගැනත් පස්සේ දවසක මොනවා කියයිද මන්දා (නි)

:       0       0

සෙනරත් Monday, 26 December 2016 10:53 AM

වෙන රටවල් සමඟ සසඳද්දී අපේ හමුදාව කොතරම් හොඳද? මේක මේතරම් ලොකු සිදුවීමක්ද කියලා ලිවුවේ එ්කයි. පාසල් වල ළමයි කොයිතරම් නිකරුනේ ගුටිකනවනවද සමහර ගුරුවරුන්ගෙන්? (නි)

:       0       0

නන්දන Sunday, 25 December 2016 04:13 PM

පොතක් ලියු පමණින් පුද්ගලයෙක් ප්‍රඥාවන්තයෙක් නොවේ (නි)

:       0       0

බමුණු Monday, 26 December 2016 11:27 AM

සෙනරත් කතාව ඇත්ත නමුත් මෙතන වුනේ අඩන්නට හිටිය එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අන්නවගේ දෙයක්. අපේ සිංහල එවුන් ම බලාගෙන සිටියේ කමල් ගුණරත්න මහත්මයාට වරදින කම්. හැබැයි මෙතන කතාව යන්නේ අර ළමය බොහොම සාන්ත දන්ත කෙනෙක් හැටියට ඌත් මොන අණ්ඩයෙක් ද දන්නේ නැත. (බ)

:       0       0

රොහාන් Sunday, 25 December 2016 04:19 PM

මෙයාලා ගැන දැන් අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

විනෝද Sunday, 25 December 2016 04:25 PM

පුෂ්පකුමාරගේ ප්‍රකාශයත් ඉතාමත් බුද්ධිමත්. පුෂ්පෙටත් තෙරුවන් සරණයි ...! (නි)

:       0       0

චන්දන Sunday, 25 December 2016 04:50 PM

හමුදාවේ අය හිතන්නේ තමන් තරම් කෙරුමෝ නැහැ කියලා. එළියේදී පොලිසියටත් පාර්ට් දානවා. (නි)

:       0       0

ජයරත්න Sunday, 25 December 2016 04:53 PM

මොනතරම් අභිමානයෙන් සිටියයුතු මිනිස්සුද මේ පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. හරිම කණගාටුයි. (නි)

:       0       0

සුසිල් Sunday, 25 December 2016 04:56 PM

පොතත් ආපහු ලියමුද? මොකද ඒකෙත් මොනවා තියෙනවද දන්නෙ නැහැනෙ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 25 December 2016 05:02 PM

කාකි කෝට් එකයි පිත්තල බොත්තම් පේළියයි නිසා එයා හිතන්න ඇති එයාගේ බේගල් වලින් අසරණ සිසුවාත් ඔහුගේ අම්මාත් බිය වද්දන්න පුළුවන් වෙයි කියලා. සිසුවාගේ කමිස කොලරයෙන් ඇඳ තර්ජනය කිරීමට ගියේ නිල අැඳුමෙන්ද? නිල අැඳුමටත් හමුදාවටත් එය නිගාවක් (නි)

:       0       0

සේන Sunday, 25 December 2016 05:21 PM

මේ ක්‍රියාකලාපය බලද්දී මෙතුමාගේ පොතේ කරුණු ගැන වුණත් විචාරශීලීව බැලුවොත් හොඳයි වගෙයි. (නි)

:       0       0

මලික් Sunday, 25 December 2016 06:18 PM

මෙතුමාගේ පොත ගැන තිබුණ කැමැත්තත් නැතිවුණා මේකෙන් (නි)

:       0       0

සුපුන් Sunday, 25 December 2016 06:48 PM

අර ලියපු පොතත් අපට පෙරළන පොතක්ද එතකොට.... (නි)

:       0       0

රණසිංහ Sunday, 25 December 2016 07:49 PM

කමල් ගුණරත්න මහත්මයාට ඔය සිද්ධිය සාධාරණීකරනය කරගන්න තිබුණා ගිය ආණ්ඩුව තිබුණා නම්. ඔබත් දරුවන් ඉන්න පියෙක්. මිනිසුන්ට ඊටවඩා කාරුණික වෙන්න. (නි)

:       0       0

සෑම් Sunday, 25 December 2016 08:13 PM

අපේ ආනන්දෙටත් ලැජ්ජාවක්. අපි හිතුවේ හොඳ විනයක් තියන හිටපු නිලධාරියෙක් කියලා. එදා පොත ප්‍රදානය කළ දවසේ කළ කතාවේදී අපි හිතුවේ අවංක පුද්ගලයෙක් කියලා. ලැජ්ජයි, ලැජ්ජයි, ලැජ්ජයි. (නි)

:       0       0

කමල් Sunday, 25 December 2016 08:20 PM

පාසල් දරුවෙකුට ආමි උණ පෙන්නන්න ගිහින් මේ උන්නැහේ කියපු බොරුව අතේම පත්තුවුණා. දැන් ඉතින් මෙයා කවුද කියලා එයාම මුළු රටටම පෙන්නුවා. මෙවැනි වැඩ නැවත නොවෙන්නට නම් දඬුවමක් දියයුතුමයි. (නි)

:       0       0

අසංක Sunday, 25 December 2016 10:21 PM

මෙච්චර උසස් නිලධාරියෙක් මේ වගේ පහත් වැඩක් කිරීම ගැන පුදුමයි (නි)

:       0       0

ක්‍රිස් Sunday, 25 December 2016 10:34 PM

අපිට ඔහු ලියපු යුද්ධය ගැන පොතේ තියන කරුණු ගැනත් දැන් විශ්වාස කරන්න අමරුයි. ළමයට ගහපු දවසේ විදේශගතවෙලා කියලා ප්‍රකාශයක් කරලා තිබුනා. ඒ වගේ පුද්ගලයෙක් ගැන තවදුරටත් විශ්වාස කරන්න අමාරුයි. මට හරිම කළකිරීමක් තියෙන්නේ ඔබ ගැන (නි)

:       0       0

සාමා Sunday, 25 December 2016 10:40 PM

දැන් ඉතින් අර විපක්ෂේ කට්ටියට යුධ විරුවෝ පොලිසියට ගෙනාවා කියලා සද්ද බද්ද දාන්න පුළුවන්. මොකද එයාලට කියන්න දෙයක් නැහැනේ දැන්. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 25 December 2016 11:13 PM

මොනතරම් ප්‍රසිද්ධියක් හොඳ නමක් ගත් නිලධාරියෙක්ද මේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 December 2016 12:34 AM

වැඩේ ඇණගත්තා නේද? මේගොල්ලෝ දන්නේ යුද්ධ කරන්න විතරයි. ඔය වැරැද්ද සොල්දාදුවෙක් කළා නම් විශාල වැරැද්දක් ලෙස දකින්නේ නැත. එ්ත් නිලධාරියෙක්? ඉතින් අපි කොහොමද ඔබලාව රටේ පාලනයට සම්බන්ධ කරගන්නේ. (නි)

:       0       0

කුසුම් Monday, 26 December 2016 01:01 AM

කවුරු ඇත්ත කියනවද කියලා හොඳට හිතන්න ඕනෑ. කියපු පමණින් විශ්වාස නොකළ යුතුයි. මහින්දටත් කිවුවේ ඔහොමනේ. අපේ අය ඉක්මනින් රැවටෙනවා. අදහස් බැලුවහම හිනායනවා. (නි)

:       0       0

දිලන්ක Monday, 26 December 2016 04:17 PM

අපිට නම් පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 27 December 2016 03:12 PM

කවුරු කළත් වැරැද්ද වැරැද්ද ලෙස හඳුනා ගැනීමටත් ඊට එරෙහිව නැඟී සිටීමට කොන්ද පණ තිබෙන ජාතියක් ලෙස නැඟීසිටීමට කාලය පැමින ඇත. (නි)

:       0       0

රාධා Monday, 26 December 2016 01:56 AM

හැබැයි මෙතුමාගේ හොඳ මේකෙන් අපි අමතක කරන්න නරකයි (නි)

:       0       0

අප්පුහාමි Monday, 26 December 2016 02:36 AM

මම කලින්ම කිව්වා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. ඇත්ත දැනගැනීම ගැන සතුටුයි (නි)

:       0       0

පිටිගල Monday, 26 December 2016 03:01 AM

හා! හා!! රණවිරුවන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

සෙනරත් Monday, 26 December 2016 03:09 AM

කමිස කොලරයෙන් අල්ලලා තර්ජනය කරපු එකට ලැබුණු අදහස් මොනවා වුණත් එතුමා යුද්ධයේදී රටට කරපු සේවය අමතකද? මෙයට වඩා තර්ජන පොලිස් නිලධාරීන්, දේශපාලුවන් කොතරම් කරනවද අහිංසක මහජනයාට? (නි)

:       0       0

සුසන්ත Monday, 26 December 2016 03:16 AM

මෙවන් ක්‍රියා යුධ හමුදාවේ ගෞරව නාමයටත් අගෞරවයක්. (නි)

:       0       0

මංජුල Monday, 26 December 2016 03:48 AM

යම් අයෙක් විසින් අපහාස නොකළයුතු තුන් දෙනෙකු ඇත. තම මව, තම මව්රට සහ අගේ රණවිරුවන් ඒ තිදෙනාය. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 26 December 2016 03:53 AM

මෙන්න රණවිරුවෝ දංගෙඩියට දක්කනෝ! දිනූ දේශය රැකගන්න එන්නෝ! (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 26 December 2016 03:55 AM

කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කිරීම මහබැංකු වංචාවටත් වඩා අතිවිශාල අපරාධයක් බවට සමහර විද්වත්හු පවසති! (නි)

:       0       0

අබය Monday, 26 December 2016 04:04 AM

අනේ අපේ අප්පච්චි හිටියා නම්......(නි)

:       0       0

රවී Monday, 26 December 2016 04:18 AM

කරමුද මේකටත් උද්ඝෝෂණයක්? (නි)

:       0       0

උදිත් Monday, 26 December 2016 04:45 AM

කිරි කළයට‍ ගොම බිඳක් මුසුවෙලා වගෙයි (නි)

:       0       0

අරවින්ද Monday, 26 December 2016 04:54 AM

පුදුම උද්දච්චකමක් සහ පුහු මානයක්නේ තියෙන්නේ. (නි)

:       0       0

අරවින්ද Monday, 26 December 2016 04:55 AM

සෙනරත් වගේ හිතන වහල් සමාජයක් තියනතුරු අපේ රටේ කොන්ද හදන්න බැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 26 December 2016 05:02 AM

එයා තිබ්බ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදිම මට නම් තෙරුනා මෙයා ඇත්ත සිද්ධිය වහන්න හදනවා කියලා. මෙයා එතනදි කිව්වෙ පහරදීමක් වුණ වෙලාවෙ තමන් මේ රටේ හිටියෙ නැහැ කියලා. නමුත් මෙ කියන පෙරළා පහරදීම වෙලා තියෙන්නෙ ඒ සිද්ධියට දින කීපයකට පස්සෙයි. එදා තමන් හිටියෙ කොයි රටේද කියලා සඳහනක් කළේ නැහැ. එයට අමතරව මේ සිද්ධියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරපු ලංකා ගුරු සංගමයේ ලේකම්වරයාට ප්‍රසිද්ධියේ අපහාස කළා. එය වැදගත් පුද්ගලයයෙකු කිසිසේත් නොකළයුතු දෙයක් (නි)

:       0       0

චම්පික Monday, 26 December 2016 05:04 AM

අපිට නම් විලිලැජ්ජයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 434 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 994 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 305 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4727 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 975 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site