IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මට තාම නත්තල් කේක් හදන්න බැහැ

2016-12-23-ent-23

ශනුද්‍රි කොහොමද නත්තලට සූදානම?

2016-12-23-ent-19හ්ම්...... හැමදාම වගේ ඉතින් ගෙදර අස් කරන්න සැරසිලි කරන්න අම්මාට උදව් වුණා. ඉස්සර නම් අක්කලා දෙන්නයි මායි තමා ගොඩක්ම මේ දේවල් කරන්නේ. දැන් ඉතින් එයාලා ගෙදර ඉන්න වෙලාවක් වත් නැති නිසා, මමයි අම්මයි තමා ඒ දේවල් කළේ. ඊට අමතරව ඉතින් කෑම හදනවා පල්ලි යනවා.

 

එතකොට නත්තල් ගහ....?

ඒක අපි මාසේ පටන් ගත්ත මුලම හැදුවා.

 

නත්තල් කේක්...?

නත්තල් කේක් නම් හදන්නේ අම්මා. මොකද මට තාම නත්තල් කේක් හදන්න නම් බැහැ. හැබැයි මට මේ සැරේ අනිත් ඔක්කොම කෑම ටික හදන්න කියලා භාර දුන්නා.

 

ඒ කෑම වර්ග හොඳට හදන්න පුළුවන් ද ?

ඔව්. ඒවා මම පහුගිය සතියේත් හදලා බැලුවා. මොකද මම ඒ කෑම හදන්නේ නත්තල් දවසට කලින් දවසේ සහ එදා උදේම නිසා කලින් කිහිප සැරයක් හදලා බැලුවා. නැත්නම් අනිත් අයට ඒවා දෙන්න බැහැනේ.

 

කොහොමද ඒවාට ලැබුණු ප්‍රතිචාර?

හොඳයි රසට තියෙනවා. බය නැතුව කෙනෙක්ට කන්න දෙන්න පුළුවන්.

 

එතකොට තාමත් අම්මා නත්තලට ගවුම් මහලා දෙනවද ?

අපෝ ඔව්. ඒවා අපිට කලින්ම අම්මා මහලා දුන්නා. කොහොමත් හැම අවුරැද්දකම නත්තල් ඇඳුම් ටික වගේම ගෙදර සැරසිලි ටික මහන්නේ අම්මා අතින් තමා. අපිට ඕනේ විදිය අපි කලින්ම කියලා තියෙනවා. අම්මා ඉතින් ලස්සනට මහලා දෙනවා තුන්දෙනාටම.

 

මේ සැරේ පොඩි අක්කා ඉන්නවද ?

ඔව්. මේ දවස්වල එයා ලංකාවට ඇවිත් ඉන්නේ.

 

කොහොමද පොඩි කාලේ නත්තල් සැමරෑ හැටි මතක් කළොත්?

හරිම සුන්දරයි, අපි තුන්දෙනාම බලන් ඉන්නේ දෙසැම්බර් මාසේ එනකම් ඒ තරම් සතුටක් නැහැ වෙන අපිට. ඉතින් අපි එකතුවෙලා නත්තල් ගහ හදනවා සැරසිලි කරනවා. ඒ වගේම තමා අපි නත්තලට ඉස්සර බණ්ඩාරවෙල යනවා. මොකද අපේ අම්මගේ ගම බණ්ඩාරවෙල නිසා. හරිම සුන්දරයි ඒ කාලය මතක් වෙද්දීත්. දැන් ඉතින් එහෙ ආච්චිලා සීයලා නැති නිසා යන්නේ නැහැ.

 

තුන්දෙනාම එකතු වුණාම කොහොමද?

ඇත්තටම පුංචි කාලේ තමා ගොඩක් සුන්දර. ඊට පස්සේ ඉතින් අපි ටිකක් ලොකු වුණාට පස්සේ අපි තුන්දෙනාම ෂොපින් යනවා. දැන්නම් එයාලා කාර්යබහුල නිසා තුන්දෙනාටම ෂොපින් යන්න ලැබෙන වෙලාව අඩුයි. ඒත් පුළුවන් වුණු ගමන් ෂොපින් යනවා.

 

පොඩි කාලේ නත්තල් සීයා ගැන මතකය කොහොමද?

ඇත්තටම මම හිතාගෙන හිටියේ ඇත්තටම අපි ඉල්ලන තෑගි දෙන්නේ නත්තල් සීයා කියලා. මොකද මම පොඩි කාලේ තාත්තා මට Call එකක් අරන් දෙනවා ඔන්න දැන් නත්තල් සීයා අහගෙන ඉන්නේ ඔයාට ඕනේ දේවල් කියන්න කියලා. ඉතින් මමත් මම ආස දේවල් ඔක්කොම කියනවා. එහා පැත්තෙන් කව්රැත් කතා කරන්න නම් නැහැ. එත් මම කියවනවා මට ඕනේ දේවල්. ඉතින් ඒවා අම්මයි තාත්තයි අහගෙන ඉඳලා මට ලැබෙන්න සලස්වනවා නත්තල් සීයා ගෙනත් දුන්න විදියට.

 

දැන් කොහොමද තෑගි ලැබෙන්නේ?

අම්මයි තාත්තයි දැන් අක්කලා දෙන්නත් ඉන්න නිසා මට  තෑගිනම් තාමත් ලැබෙනවා.

 

අක්කලට කලින් කියනව ද ?

එහෙමත් නැහැ. මම කැමැතියි කියලා දැනගත්තම ගෙනත් දෙනවා. මට මේ දේ ගෙනත් දෙන්න කියලා කියන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට මම ෂොපින් යන්නේ අක්කලා දෙන්නා එක්ක. එතකොට ඒ අය මට ඕනේ දේවල් අරන් දෙනවා.

 

එහෙනම් ඔයා තමා පවුලේ lucky ම නේද ?

ඔව්. ඔව්. මම පවුලේ බාලයා නිසා මට ලැබෙන දේවල් වැඩියි.

 

එතකොට ශනුද්‍රි මොනවද දෙන්නේ?

මම ඉතින් පුරැද්දක් විදියට මගේ පවුලේ අයට වගේම මගේ යාළුවන්ට නත්තල් සුබ පැතුම් පතක් හදලා යවනවා. මටම හදන්න බැරි වුණොත් කඩෙන් අරන් හරි යවනවා. ඊට අමතරව ගෙදර අයට විතරක් මට පුළුවන් විදියට පොඩි තෑග්ගක් දෙනවා.

 

නත්තලට ගෙදර පාටියක් තියෙනවා ද ?

අනේ නැහැ. අපේ ගෙදර කවදාවත් එහෙම පාටි නම් දාන්නේ නැහැ. නෑදෑයෝ යාළුවො එහෙම ඇවිත් යනවා. ඒ ඇරෙන්න පාටියක් කියලා නම් අපේ ගෙදර කවදාවත් කරන්නේ නැහැ.

 

නත්තල් ගීතයක් එහෙම කරන්න අදහසක් නැද්ද?

මම කලින් ගෲප් ගීතයක් කළා. ඒ වගේම මම O/L වලට ආගම ඉගෙන ගත්ත ෆාදර් ගේ CD එකට නත්තල් ගීතයක් කළා. තවම මගේ තනි ගීතයක් නම් නත්තල වෙනුවෙන් කරන්න බැරි වුණා. බලමු ඉතින් ඉස්සරහට තියෙන නත්තලකදී ඒ ගැන.

 

නත්තලට මාධව ඇවිත් තියෙනවද?

නත්තලට කියලා නම් ඇවිත් නැහැ. කොහොමත් මාධව අයියා සහ පේෂල අයියා අපේ ගෙදර ඇවිත් යනවා. අපේ ගෙදරත් එක්ක ඒ දෙන්නම හරි හිතවත්. අපේ අම්මා වුණත් එයාලා එක්ක හරි හිතවත්. ඉතින් අපිත් හරි කැමැතියි එයාලා ඇවිත් යනවට.

 

මාධවට කොහොමද නත්තල සමීප?

2016-12-23-ent-21නත්තල කියන්නේ කිතුණු බැතිමතුන් වගේම මමත් ගොඩක් ගරැ කරන දිනයක්. දෙසැම්බර් මාසේ පටන් ගන්නකොටම පරිසරය වුණත් වෙනස් වෙනවා. ඉතින් කිතුණු බැතිමතුන්ට විශේෂ දිනයක් වගේම ලක්වාසී සැවොම කැමති මාසයක්.

 

මාධව නත්තල් සැමරැවේ නැති වුණාට කොහොමද නත්තල ගැන පොඩි කාලේ තිබ්බ මතකය?

ඔව්. මම බුදු දහමේ. ඒත් මටත් පොඩි කාලේ හිටියා කතෝලික ආගමේ යාළුවන්. මට ඉන්නේ අයියා කෙනෙක්. අපි දෙන්නා තමා වෙසක් පොසොන්වලට එහෙම මැරීගෙන වෙසක් කූඩු සහ මිහින්තලේ හදන්නේ.

ඉතින් මට මතකයි දවසක් මම දැක්කා මගේ යාළුවෙක්ගේ ගෙදර එයාලා නත්තල් ගස් හදනවා. මමත් අම්මට ඇවිත් කිව්ව මටත් ඕනේ කියලා නත්තල් ගහක් හදන්න. ඊට පස්සේ අම්මා එක්ක ගිහින් ගහක අත්තක් කපලා ලස්සනට සැරසිලි කරලා අපිත් අපේ ගෙදර හැදුවා නත්තල් ගහක්. අපේ ගෙදර අය වුණත් ඒකෙ වැරුද්දක් දැක්කේ නැහැ. සාමය සහජීවනය සහ සහයෝගය තමා ඒ තුළිනුත් පැතිරෙන්නේ.

 

එතකොට මාධවත් නත්තලට  තෑගි ඉල්ලලා තියෙනවාද?

පුංචි කාලේ නත්තල් සීයා ඇවිත් දීලා ගියා කියලා මට මතකයි අපේ අම්මත් මටයි අයියටයි තෑගි දීලා තියෙනවා.

 

තාමත් නත්තල් ගහක් හදනවාද?

ඔව්. මේ සැරේ නම් අපි නත්තල් ගහක් හැදුවා. මොකද මගේ අයියට දැන් පොඩි දුවක් ඉන්නවා. එයාට මොකක්ද මේ නත්තල කියන්නේ කියලා තේරැම් කරලා දෙන්න එක්කම අපි නත්තල් ගහක් හදනවා.

 

නත්තල් කාලෙට නත්තල් උත්සවවල‍ට යනවද ?

ඔව්. පොඩි කාලේ නම් ගොඩක් සහභාගි වෙලා තියෙනවා. මමත් පෞද්ගලිකව කැමතිම මාසයක් තමා මේ දෙසැම්බර් කියන්නේ.

 

එතකොට නත්තලට ශනුද්‍රිලගේ ගෙදර ගිහින් තියෙනවාද?

අනේ නත්තලට කියලා නම් ගිහින් නැහැ. නමුත් ඊට පෙර සහ පස්සේ ගිහින් තියෙනවා. 

 

මොකද කරන්නේ දෙසැම්බර් මාසෙට?

දැන් නම් මම කරන්නේ නත්තල වෙනුවෙන් සහ පුළුවන් හැම වෙලාවේම මට පුළුවන් විදියට මහරගම පිළිකා රෝහලට ගිහින් එතැන ඉන්න පොඩි ළමයින්ට තෑගි අරන් දෙන එක තමා. ඒ තුළින් මම ලොකු මානසික සුවයක් ලබනවා.

 

අනුෂා රණසිංහ

සේයාරූ I සුමුදු හේවාපතිරණ

 

2016-12-23-ent-22
2016-12-23-ent-20
2016-12-23-ent-17
2016-12-23-ent-18



අදහස් (0)

මට තාම නත්තල් කේක් හදන්න බැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 430 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 991 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 304 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4721 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 975 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site