උළු නිෂ්පාදනය සඳහා දංකොටුව,වයිකාල හා බෝවත්තේ වසර ගණනාවකට පෙර කැපු මැටි වළවල් රැසක් කුඩා වැව් බවට පත් වී බරපතල පරිසර හානියක් සිදු වෙතියි වැසියෝ කියති.
මැටිවළවල් කැපීමට අවසර ගත යුත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙනි.
මැටි ගත් පසු වළ වසා දැමීම අනිවාර්ය කොන්දේසියකි.එහෙත් මේ වළවල් වසා නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහෙද පරිසරය,අනිත් මිනිසුන්,ගම,රට ගැන හිතන අය ඉන්නේ? හැමෝම දැන් හිතන්නේ තමන්ගේ බඩ,කට විතරයි.(දිල්)
මිරිදිය මාළු හදන්න(දිල්)
මෙම වලවල් වලින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයක් සාර්ථකව පටන් ගත හැක.(හේ)
අවට ඉඩම් සංචාරක කරමාන්තයට හෝ නේවාසික කලාප සඳහා යොදාගත හැකියි.(හේ)
ඉලේපෙරුමගේ යෝජනාව අනුමත කරමි. වෙන කිසි බාධකයක් නොමැති නම් මිරිදිය මසුන් බෝකිරීම සඳහා මේ කුඩා පොකුණු යොදාගත හැක. මේ පොකුණු වෙනම හදන්න ගියා නම් කොපමණ මුදල් නාස්ති වෙනවද? (නි)
උපාලි සහ ඉලේපෙරුම මැටි වළේ නියෝජිතයින් වගේ කෑගහන්නේ මොකද? (නි)
මාළු හදමු. නෙලුම් ඕලු ටිකක් හිටවමු (නදී)
කුණු අපද්‍රවය බැහැර කළ හැකිය, නමුත් එය නිසි කළමනාකරණයක් ඇතිව කළ යුතුයි. විශේෂයෙන්ම අවට පදිංචිකරුවන් හුල් කරගෙන. අවම පරිසර හානියක් සමග. (අ)
මේ ජලය වදයක් නොව සම්ම්පතක් කරගමු, මිරිදිය මාළු, වටේට එළවලු වගාව, නෙලුම් හා ජලජ පැළෑටි වගාව; කොතෙක් දේ කරන්න පුලුවන්ද වැඩි විශාල ආයෝජනයක් නොමැතිව. (හේ)
දැක්කම ලස්සන වුණාට වටේ ඉන්න මිනිස්සුන්ට කරදරයි.(හේ)
මිරිදීය මත්ස්‍ය පොකුණු හදමු. අපට වීයට්නාමය ආදර්ශයට ගන්න පුළුවන්.(හේ)
මගේ ඉඩමක් තිබුනා නම් ඔය අද්දරක මම කුඹුරු ටිකක් අස්වද්දනවා. මේ වතුර ටික ප්‍රයෝජනයට ගෙන එළවලු ගොවිතැන් ටිකක් කරනවා. කිරි හරක් ටිකකුත් හදා ගන්නවා. මගේ පවුලත් බඩගින්නේ නොතියා දියුණු හෙටකට අඩිතාලම දමාගන්නවා (නි)