මට්ටක්කුලිය සමිට්පුර සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
හෙරොයින් විකිණූ බව කියන පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම ඝාතන සිදුවී ඇති බවත් මියගිය පිරිස අවුරුදු 24ත් 29ත් වයස්වල පසුවන්නන් බවත් පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප් වික්‍රමරත්න, රජයේ හමුදාවකට කිසිම මිනිසකු පැහැරගෙනගොස් මරා දැමීමට කිසිම අයිතියක් නැත. එවැනි දේවල් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්ය. (නි)
මේවා නවත්වන්න බැහැ. අඩු කරන්න පුළුවන්. (බ)
ලංකාව දැන් ඇමරිකාවේ වගේ හැමදේම තියෙනවා (හේ)
දිලිප් පසුගිය ආණ්ඩුව පාතාලය නතර කළේ ඔවුන් විසින් පාතාල කල්ලියක් නිර්මාණය කරලා කුඩු එ්කාධිකාරිය තම යටතට තියාගෙන. (බ)
පාතලේ වැඩ තමයි ඔය.(හේ)
වෙනසක් නෑනේ.(හේ)
උන්ටම ගිය රට (බ)
යහපාලනය, අනේ යහපාලනය! (නි)
යහපාලනය කියමින් පාතාලයන් හුරතල් කිරීමෙන් සිදුවුණේ රටේ අපරාධ වැඩිවීමයි. රටක නීති තිබියයුත්තේ අහිංසක මහජනතාව ගැන සිතා මිසක පාතාලයන් රැකීමට නොවෙයි (නි)
ඒ කාලෙනම් ඕව ඔක්කොම ගෝටා ගේ එකවුන්ට් එකට තමා ගියේ....(බ)
දිලිප්ගේ අදහස සමඟ එකඟවෙමි. දැන් තේරෙනවද එදා සුදු වෑන් අාවේ මොකටද කියලා. නැතුව සාමාන්‍ය මිනිස්සු ගෙනියන්න නෙවෙයි. (නි)
පසුගිය ආණ්ඩුව කාලේ පාතාලය නතර කරපු විදිය උදේ දවල් හෙළාදැකි මිනිසුන්, දැන් පුළුවන් නම් මේවා නවත්වන විදිය ගැන අදහසක් දුන්නා නම්... (නි)
ලංකාව දැන් කව්බෝයි චිත්‍රපටි වල දැක්ක දර්ශන ඇත්තටම බලන්න පුළුවන් රටක්නේ. ඇමරිකාවේ ඉස්සර පුද්ගල ආරක්ෂාවට ඉනේ පිස්තෝලයක් පැළඳයාමට අවසර දී තිබුනා. දැන් ලංකාවටත් එවැනි නීතියක් ක්‍රියාත්මක නොකළොත් පාරේ බැහැලා යන්න බැරිවේවි (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
2015 ජනවාරි 08 ට කලින් ලංකාවේ කොහේ මිනීමැරුමක් වුණත් පොලිසිය සත්‍ය සොයාගන්න කලින් එ් මිනීමැරුම එක්තරා පුද්ගලයෙකුගේ නමට බැරකරන පුරුද්දක් තිබුණ. දැන් මේ යහපාලන අාණ්ඩුවෙත් එ් වගේ කෙනෙක් නිර්මාණය කරගන්න අපිට බැරිද? නෑ... මම මේ කිව්වෙ සත්‍ය මොකක් වුණත් කාටහරි මඩගහලා සතුටක් ගන්න අපි හරිම කැමති නිසා. (නි)
අදහසක් ලියන්නටවත් බයයි මට නම් (නි)
ඇත්තටම කියන්න කනගාටුයි, දිනෙන් දින පෙර වසරවලට වඩා අපරාද රැල්ල වැඩිවේගන එනවා. නීතිය නමලා හරි මේවා නැතිකරන්න වර්තමාන පොලිස්පතිට හැකියාවක් නැද්ද? (බ)