පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුවේදී මොටර් රථයක් ත්‍රිරෝද රථයක ගැනීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ත්‍රිරෝද රියේ ගැටුණු මෝටර් රථය අඹගසක වැදී නතර වී ඇතැයි පොලිසිය පවසයි.
පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුවේදී මොටර් රථයක් ත්‍රිරෝද රථයක ගැනීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ත්‍රිරෝද රියේ ගැටුණු මෝටර් රථය අඹගසක වැදී නතර වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම ඔබගේ අදහස සියයට අනුවක් නිවැරදියි, එකඟයි. ඔලුවට අමතරව හදවතත් සෑදිය යුතුනොවේද? (දී)
අනේ අපොයි අඹගස (දී)
මේ පාරේ වේගය පැයට කිලෝමීටර් 70 එත් පාර හොඳ නිසා එළවනකොට එක අමතක වෙන්න ඇති. මේ පාරවල් වල නම් ත්‍රී වීලර් අවුලක් නැහැ. තද බදය තියන පාරවල අස්සෙන් රින්ගන්නයි, පෙව්මන්ට් උඩ යන්නයි, පුරුදු වෙලා තියන ත්‍රී වීලර් රියදුරන් ගෙන තමයි කරදර. (දී)
දෙන්නම අඹ ගහට පොරකාලා තියෙන්නේ (දී)
මේ වැඩිවෙන වාහන කන්දරාව පාලනය කරන්න ඕනෑ (නි)
අනේ අපොයි! (නි)
අපි විසින් වරින්වර මේ තීරුවට ලියා පාඨකයින් දැනුවත් කරන්න උත්සාහ කළා මාර්ග අනතුරු අඩුකරගැනීමට රජය විසින් කළ යුතු ක්‍රියාදාමය කුමක් විය යුතුද කියා. ත්‍රස්තවාදයෙන් ජනතාව මුදාගත්තා කියන වැකිය මාර්ග අනතුරු අඩුකර ගැනීමෙන් නොකියවෙන බව මේ දේශපාලකයින් දන්නවා. මාර්ග අනතුරු අඩුකරන ආකාරය ගැන මේ අයට හිතන්නවත් බැරි ඇයි? (නි)
වාහන අනතුරු ලෝකේ කෙහෙත් දිනපතා සිදුවනවා , දියුණු රටවල උනත් , එහෙත් මෙහෙම පොඩි පාරවල් වල මෙතරම් අනතුරු සිදුවන්නේ අපේ රටේත් මාර්ග නීති නොසලකන නොදියුණු රටවලත් පමණි (දී)
දැන් තියන වාහන කන්දරාවට පාරේ ඉඩ කොහෙන්ද ??(අ)
හරි ෂෝක් නේ , දෙන්නම ඇවිත් තියෙන්නේ එකම අඹ ගහට නගින්න ,.. (දී)
මහා පාරේ මෙච්චර ඉඩ තියෙද්දී දෙන්නම අඹ ගහ යටට ගිහින් හප්පගෙන වගෙයි....(දී)
රිය අනතුරු අඩුකරන්න රජය වගකියන්න ඕනෑ නැද්ද? අපේ අය හැම දෙයකටම එයාලවනෙ අල්ලන්නේ. (නි)
ඒ මනුස්සයන්ගේ ගේ බේරුන එක ලොකු දෙයක් ......i(දී)
පාරේදී අනතුරු සිදුවීම ස්වාභාවිකයි. ඒත් අපේ රටේ රියදුරන් හදන්නට පෙර පාරවල් හැදුවේ ඇයි කියලා විටෙක මට හිතෙනවා. (දී)
ඇයි අනේ, ඔයගොල්ලන්ට හිතුනේ නැත්තේ ලක්ෂ්මන් මහත්මයාගේ කටට මොකුත් දැම්මා නම් හොඳයි කියලා? එයා හිතාගෙන ඉන්නේ ලංකාවේ හැමදෙනාටම සුපිරි වාහන තියෙද්දී ඇයි මේ ත්‍රීවිල් වල යන්නේ කියලා. දුක හිතිලා වගේ (නි)
ලක්ෂ්මන් මේ ප්‍රදාන නගරයක් නෙමේ. දුප්පත් ත්‍රීවීල් එකට දොස් කියන්න එපා. මටත් ත්‍රීවීල් එකක් තියනවා. හැමෝම වැරදි . සල්ලි තියන මිනිස්සු තමා වැඩියන් වැරදි කරන්නේ. (අ)
පාරවල් ටික හැදුනට, මිනිස්සු ටික වැනසුනා. මහපාරේදී අපට නම් හැඟෙන්නේ මිනිස්සු තිත තියල තියෙන්නේ මතට නොවේ, තිත තියල තියෙන්නේ මනුස්සකමට කියලයි. තමන්ට යෝග්‍ය නැති බොහෝ දේවල් ගොඩක් මිනිස්සු අතරට පත්වෙලා ඉවරයි. ඒවල ප්‍රතිපල තමයි මේ. පව් ඉතින් මේ අඹ ගහ ගැන දුකයි. (අ)
ත්‍රීවිල්වලට ප්‍රධාන නගරවලට ඇතුළුවීම තහනම් කළා නම් හොඳයි (අ)
මේ වාහන වල අය වාහන පදවනව නොවේ , වාහන වලින් පිහාබනවා , එකයි මෙතරම් දරුණු අනතුරු වන්නේ (අ)
ධම්ම ඔයාගේ අදහස හරියට හරි. ලංකාවේ පාරවල් හැදුවට මිනිස්සු හදල නැහැ. සමහර රියදුරන් හරියට තිරිසන්නු වගේ. (අ)
ලංකාවේ සිදුවෙන මාර්ග අනතුරුවලින් සියයට අනු පහකටම ත්‍රිවිල් සම්බන්දයි. (දී)
ධම්ම , ඔබේ කියමනට කටට මසුරන් දාන්න වටිනවා. (දී)
රටක ලෝකයක ජනගහනය පාලනය වන ක්‍රමයක් තියෙනවා. මේ සිද්ද වෙන්නේ එක තමයි (දී)
ඉස්සර අපිට දිනපතා අහන්න සිද්ධ උනේ " බ්‍රේකින් නිවුස් " වලට කොටි ගහපුවා.දැන් කාලයේ පැයෙන් පැයට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ හතර දිග් බාගයෙන් මාරක රිය අණතුරු. (දී)
රිය අණතුරක් නොවුන දවසක් කියන්න බලන්න (දී)