ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑමට ලක්වූ හිමිනමගෙන් වැඳ සමාව ගත්තේය.
පසුගිය මැයි නව වැනිදා කහවත්ත කෙටේ තැන්නේදී පහර කෑමට ලක්වූයේ සෙවනගල ඥාණවිමල ස්වාමීන් වහන්සේය. ‘රාවණා බලය‘ භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන උන්වහන්සේ මෙම මෙම සිද්ධිය තම සංවිධානයට ද දැන්වීමෙන් අනතුරුව දෙපර්ශ්නයේ එතඟතාවය මත මෙසේ වැඳ සමාව ගෙන සිද්දිය සමථයකට පත් කැරිණි.
රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් එම් කේ බී දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.
කොළඹ - ඇඹිලිපිටිය බස් රථයේ කොන්දොස්තර ශාන්ත කුමාර හා රියැදුරු ලලිත් කුමාර අද බුද්ධ ශාසන අමාත්‍යංශයේදී මෙසේ වැඳ සමාව ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් ගැමුනු නිදිද?
කොහොමත් ඇඹිලිපිටය පැත්තේ ඉන්නේ නහයට අහන්නැති එවුන් තමා.(ස)
අපේ මුතුන් මිත්තන් කියපුවා බොරු නොවෙයි (දී)
දෙයියෝ සාක්කි
''වැරදීම මනුස්ස ගතියක්, සමාව දීම හාමුදුරු ගතියක්'' (ස)
ලෝකයේ බොහෝ දියුණු රටවල රජයේ බස් සේවා නැහැ. පුද්ගලික ප්‍රවාහන සේවා විතරයි තියෙන්නේ. හැබැයි සේවකයෝ ඉතාමත් විනීත සහ ආචාරශීලී පිරිසක්. අනේ අපේ රටේ කවදාක එබදු සේවාවක් ඇතිවේවිද?(ස)
නුවනක් කාරයෝ ගහනවා වදිනවා ,වදිනවා ගහනවා.(ස)
මෝඩ කම හදා ගත්තොත් ලොකු දෙයක්
නැවත මේවගේ වැඩ කරනකොට දෙපාරක් හිතන්න
ජනතාව දන්නවා නේද මුස්ලිම් ජනතාව කවදාවත් හාමුදුරුවහන්සේ නමකට අපහාස කරන්නේ නැහැ කියලා. මේ අය බෞද්ධ අය නේද? කොහොමද හාමුදුරුවන්වහන්සේට පහර දෙන්න සිත හැදුනේ කියලා සෙවිය යුතුයි. (නි)
මිනිස්සු එක එක විදිහයි
අතීතයේ මෙන් නොවයි වර්තමානය වෙනස් වෙලා
ඒකත් කහවත්තෙද? (නි)
වැරදී කිරීම මනුස්ස ගතියකි.වරදට සමාව දීම දේව ගතියකි. අද මේ හිමිවරු ඔහුන්ගේ දේව ගතිය ලොවට පෙන්නා දුන්නා. බුද්ධ දර්ශනයේ තිබෙන දෙයක් අද මේ බුද්ධ පුත්‍රයන් ලොවට විදහා පෙන්නා දුන්නා.මේ හිමිවරුන්ට නමස්කාර කරමි . සාදු සාදු සාදු (නි)
සමාව අරගෙන මදි (දී)
මම ඉක්මනට බැලුවේ කොන්දොස්තර ගේ නම මොකක්ද කියලා. අපේ මුස්ලිම් සහෝදරයෙක් මේක කරලා තිබුනා නම් ලංකාවම ඉවරයි. (නි)
දැන් සමාව ගත්තටවත් වැනදටවත් පලක් නැහැ (නි)
මිනිස්සුන්ට සලකන්න දන්නේ නැති මිනිස්සු (දී)
ඇබිලිපිටිය කොළඹ බස් සේවකයන්ගේ හැසිරීම අන්තිම පහත්. මොවුනට අනිත් මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම තේරෙන්නේ නැහැ. කිලෝමීටර 150 න් 100 ක්ම යන්නේ පාරේ වැරදී පැත්තෙන්. (නි)
හාමුදුරුවන්ට කොහොමත් වදිනවනේ ඉතින් (නි)
කොහොමත් ඔය මුදල් පසු පස පිරිසක් නේ ප්‍රයිවට් බස් කාරයෝ කියන්නේ. ගුණයහපත්කම් ඇත්තේම නැහැ. (නි)
චන්ඩි දෙන්නට හිරේ යන්න බය හිතිලා වාගේ. මේ සමාව ගැනීම නීතියට අදාළ නැහැනේ. අර නයි නළගන පස්සේ පැන්නුවා වගේම මේ ජෝඩුව පස්සෙත් පන්නන්නයි පොලිසියට තියෙන්නේ. (නි)
කතාවනම් 100% ඇත්ත
සැබවින්ම සමාව ඉල්ලුවානම් සැබවින්ම සමාව දුන්නනම් වටිනවා.(ස)
වැඩේ හොඳයි. ටිකක් කල් ගියා වැඩියි. (නි)
ගහන මිනිහත් මෝඩයා වදින මිනිහත් මෝඩයා කියලා හාමුදුරුවෝ හිතාගෙන සමාව දෙන්න ඇති. (නි)
මෙතන හිනා වෙන්න ගරහන්න දෙයක් නැහැනේ. වරදක් කරලා ඒ වරද තේරුම් අරන් සමාව ඉල්ලුවා. අවසර අපේ හාමුදුරුවෝ මෙත් සිතින් අවසර දුන්නා. ඒක තමා බුදු දහමේත් අනිත් ආගම් වලත් වෙනස. මෙතන කවුරු හරි ඉන්නවද කවදාවත් වරදක් කරලා නැති ? (නි)
නැවත එවන් මෝඩ කම් කරන්නේ නැත
ජ.හේරත් මෝඩ කමට ආගම් බේද ඇති නොකර ඉන්නවද ? ආගමේ පියතුමන්ලා ඇයි සමාව දෙන් නැද්ද ?(නදී)
මේ වගේ චාරයක් නැති අයට බස් දෙන මුදාලාලිටයි ගහන්න ඕනෑ (නි)
මෙතන ෙපාඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අයට බලපෑම් කරලා සමාව ඉල්ලා ගත්තාද?නැත්නම් ඒ දෙදෙනාගේ කැමැත්තෙන්ම සමාව ඉල්ලුවාද කියන එක. (නි)
හා හා හා හාමුදුරුවනේ.... (නි)
දෙන්නාගේම නම කුමාර එක්කෙනෙක්ට ශාන්ත කෑල්ලකුත් තියෙනවා. නමේ හැටියට නෙමෙයි වැඩ. (දී)
හාමුදුරුවන්ටත් මෙහෙම නම් සාමාන්‍ය මගියෝ වුණු අපිට මොනවා නොකරාවිද කියලා හිතාගන්න පුළුවන්නේ.. (ස)
දැන් වත් වැරැද්ද නිවැරදි කර ගන්න. (ස)
වරද තේරුම් ගත්තනම් ලොකු දෙයක්. (ස)
මහා පාපකර්මයක්. (ස)
පසුව හෝ සමාව ගත් එක අගය කල යුතුයි. (ස)
මෙයාලා හිතනවා ඇති මගියෙක්ට ගැහුවම එක වීර කමක් කියලා. (ස)
ඔව්වට තමයි කියන්නේ "සිංහ නාද, බලු කෙඳිරිලි" කියල. (ස)
කෙසෙල් ගසට කෙටු කොට්ටෝරුවා සේ හොට පටලාගෙන ඇත. (ස)
පොදු ජනතාවට සේවය සපයන බස්රථ වලදී ප්‍රවේශ පත්‍රය හෝ වෙනත් සේවා කටයුත්තක් පිළිබඳව බස්රථයේ රියදුරු හෝ කොන්දොස්තරගෙන් විමසීමේදී ඔවුන් අහේතුකව කෝපවී දක්වන ප්‍රතිචාර ගුජුප්සා ජනකයි. ඉතා පහත මට්ටමක පවතින ලංකාවේ පොදු ප්‍රවාහන සේවය උසස් තත්වයකට පත්කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.(ස)
අපේ හාමුදුරුවෝ ඉවසීමෙන් කටයුතු කරලා තියනවා. (ස)
කොහොමද චන්ඩි වැඳ වැටෙන හැටි.. (ස)
මම මේ අපහාසේට කියනවා නෙමෙයි, හැබැයි ඇත්ත තිත්තයි. මේ පින්තුරේ ඉන්නේ හාමුරුවන්ගේ කිසිම ප්‍රසන්න පෙනුමක් නැහැ. (නි)
සපත්තුත් දාගෙනද සමාව අයදින්නේ.. (ස)
වෛරයෙන් වෛරය නොසන්සිදෙයි. (ස)
හාමුදුරුන්ට ඔය වගේ වැඩ කරන්න එපා (දී)
සමාව ගත්ත එක නම් හොද දෙයක් (දී)
ලංකාව යන අත කාටවත් කියන්න බැහැ (දී)
හරක් මරණ වැඩේ නවත්තන්න ලෑස්ති උනොත් නරකද ඊළගට. කොන්දොස්තරට දඩුවම් දෙනවා වගේ? (ස)
හොද හාමුදුරු නමක් ... හමුදුරුවොත් මුන්දෙන්න ට ගැහුවනම් ... එතෙනම මුන්දෙන්නා මැරෙනවා. (ස)
මේ දෙන්නට දේවදත්ත සුත්‍රය අහන්න දෙන්න. (ස)
බෞද්ධ දර්ශනයහි, මෝඩ කමට තියන එක බේහතක් තමයි දීලා තියන්නේ. (ස)
කොහොම වැන්දත් ඔය පාපෙන්නම් අත මිදෙන්න බැරිවේවි. සංවිධානේ ඉල්ලීමට වදිනවා මිසක් භක්තියකින් වදින බවක් පේන්න නැහැ. සපත්තු දාගෙන හාමුදුරුවරුන්ට වදිනවද? මේ මොනවා උනත් ස්වාමීන් වහසේලා ටික අගේ කරන්න ඕන. මීට වරුද්ධව ගිනි තියාගත්තේ නැති නිසා. (ස)
එකමුතු කම නැති නිසා මෙවැනි දේවල් සිදුවන්නේ, ජාතික ගීයෙන් පමණයි එක මවකගේ දරු කැළ. (ස)
වරද පිළි අරගෙන සමාව ඉල්ලා ගැනීම මේ දෙන්න දුන්නු ආදර්ශයක්. හොද මහතුන් දෙදෙනෙක්. නැවත මේ වැරැද්ද මේ අය අතින් වෙන්නේ නෑ ඒක සහතිකයි. (ස)
හිරේ යන්න වෙයි කියල බයට වදිනවා නේද? සපත්තු දාගෙන, කිසිම ගරු පක්ෂ පාටක් නැහැ. හීන් කෝටුවකින් දෙන්නයි තිබුනේ පාරක්.(ස)
මම නම් සිතන්නේ මේ දෙදෙනා හරක් මස් ප්‍රිය කරන්නන් විය හැකියි. (ස)
මේ දෙන්නා බත් කන හරක් දෙන්නෙක් සිංහල කමටත් ලැජ්ජයි.(ස)
වැඳුම් පිදුම් කරන්නේ සෙරෙප්පු දා ගෙනද?(ස)
හාමුදුරු කෙනෙකුට ගැහුවා? හොද සිහියෙන්ද ඉදල තියෙන්නේ මේ කොන්දා? (ස)
හාමුදුරුවරුන්ගේ මුහුණු බලන්න. තවත් දුර ඔහොම යන්න එපා.ඔය බුද්ධාගම නොවේ. අංගුලිමාල ,නාලාගිරි පවා දමනය කලේ කරුණාව,දයාව,ආදරය දැක්වීම මගින්. (නි)
ගෙදරදී අම්මා තාත්තටත් ගහනවා ඇති.මොවුන්ට මඩු වලිගෙන් තලන්නයි තිබුනේ. නැහැදිච්ච කම නැති කර ගන්න.(ස)
සිංහලකමටත් ලැජ්ජයි. (නි)
නිකම් හරි මේ දේ මුස්ලිම් දෙදෙනෙකුගෙන් සිද්ධ වුණා නම් නියම ප්‍රතිචාර ටිකක් බලා ගන්න තිබුනා. (නි)