IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මැණිකකට කුරුමානම් අල්ලන ඉලන්දාරියා

සිනමාව, ටෙලිනාට්‍ය රංගනයෙන් මෙන්ම නිවේදනයෙන්ද සිය කුසලතාවයන් එළිදක්වමින් කලා ක්ෂේත‍්‍රය ආලෝකමත් කළ කලා ශිල්පියෙක් තමයි විශ්ව ලංකා.

2016-12-16-ent-35

මේ දිනවල ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන 64 මායම් චිත‍්‍රපටයට රංගනයෙන් දායක වන ඔහු දෙරණ ීඒර ක්‍සඑහ වේදිකාවේද ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කරමින් ඒ වැඩ සටහනට නව ජීවයක් ලබාදෙනවා. ඉතා කෙටි කලකදීම පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් මේ ආදරණීය චරිතය විශ්ව ලංකා වෙනුවෙන් ඔහුගේ කලා දිවියේ තොරතුරු කතා කරන්නටත් සමඟින්ම මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

විශ්ව කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ?

2016-12-16-ent-36මේ දවස්වල රංගන කටයුතු සහ නිවේදන කටයුතු එක්ක තමයි වැඩිපුර ජීවිතේ ගෙවෙන්නෙ. ඉතින් ටිකක් කාර්ය බහුලයි.

 

අලූත් චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවනෙ?

ඒ ගැන කතා කරමු

මගේ අලූත්ම චිත‍්‍රපටය තමයි 64 මායම්, මේ දවස්වල සිනමා ශාලා බොහෝ ප‍්‍රමාණයක තිරගතවෙනවා. ඒ සඳහා හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එහි ප‍්‍රචාරක කටයුතුවලටත් මේ ටිකේ දායක වෙනවා. චිත‍්‍රපටය බලපු අයගෙන් ඉහළ ප‍්‍රතිචාර තියෙනවා.

 

ඒ සඳහා විශ්ව සම්බන්ධ වෙන්නෙ කොහොමද?

සුදේශ් වසන්ත පීරිස් මහත්මයගෙ ‘‘රන් සයුර’’ චිත‍්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා. ඒ චිත‍්‍රපටය තවම තිරගත වුණේ නෑ. එතනින් පසුව තමයි 64 මායම් චිත‍්‍රපටයට ආරාධනා ලැබෙන්නෙ. සුදේශ් වසන්ත පීරිස් මහත්මයගෙ ආරාධනාවක් මතම තමයි මේ සඳහාත් සම්බන්ධ වෙන්නෙ. සුනිල් ටී මහත්මයවත් මේ අවස්ථාවෙදි මතක් කරන්න ඕනෑ. ඒ අයගෙ ආරාධනා මත තමයි. මම සම්බන්ධ වුණේ. ඕනෑම රංගන ශිල්පියෙක්ගෙ බලාපොරොත්තුව තමයි රිදී තිරයෙ පෙනී සිටින එක. සිනමා නිර්මාණයකට දායකත්වය ලබාදෙන එක ඉතින් මම දෙපාරක් හිතුවෙ නෑ. මට චරිතය ලැබුණා. පිටපත කියෙව්වා. හොඳ පිටපතක්. හිනාවෙන්න පුළුවන්. සරළ වින්දනයක් ලබන්න පුළුවන්. ඉතින් මම චිත‍්‍රපටයට සම්බන්ධ වුණා.

 

විශ්වගෙ චරිතෙ ගැනත් කතා කරමු?

චිත‍්‍රපටයෙ මගෙ නම ‘‘රයන්’’. මම එහි මැණිකක් පස්සෙ හඹායන චරිතයක් කරන්නෙ. මමත්, විජය නන්දසිරි මහත්මයත් මහින්ද අයියත් අපි තුන්දෙනාම මැණිකක් හොයාගෙන යන්නෙ. අවසානෙදි එය ලැබෙන්නෙත් නෑ. ඒ අතරතුර සිදුවන සිදුවීම් ටිකක් තමයි මෙහි තියෙන්නෙ.

 

64 මායම් කියන්නෙ විජය නන්දසිරි මහත්මය රඟපෑ අවසාන චිත‍්‍රපටය. ඔහුත් සමඟ ඔබට රංගනයෙ යෙදෙන්නට මෙමඟින් හැකියාව ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?

විජය නන්දසිරි මහත්මයා දායකත්වය ලබාදුන් අවසාන චිත‍්‍රපට දෙකේම මම ඔහු සමඟ රඟපෑවා. ඊට පෙර ඔහු සමඟ ටෙලි නාට්‍යවලත් රඟපාලා තියෙනවා. ඔහු මගෙ ළඟම හිතවතෙක් වගේම මට ගුරුවරයෙක්. එතුමා රඟපාපු ඒ අන්තිම දවස් ටිකේ මගෙත් එක්ක ළඟින්ම ආශ‍්‍රය කළා. ඒක හරිම සුන්දර කාලයක්. මේ චිත‍්‍රපටයෙ එතුමා මට කතා කරන්නෙ සුදු පුතා කියලා. නමුත් ඒ නම චිත‍්‍රපටයට විතරක් සීමා වුණේ නෑ. දිගටම කතා කළේ ඒ නමින්මයි. ඇත්තටම ඔහු ඉතා නිහතමානී කලාවට ගොඩක් ආදරේ කරපු මනුස්සයෙක්. රංගන ශිල්පියා කියන වචනයට වටිනාකමක් දුන්න පුද්ගලයෙක්. ඉතින් එතුමා එක්ක අවසාන කාලයේ එකට වැඩ කරන්නට ලැබීම ගැන ගොඩක් සතුටුයි. එතුමා අපි අතරින් නැතිවුණා කිව්වම හිතාගන්නත් බැරිවුණා. ඒක කලා ක්ෂේත‍්‍රයටත් ලොකු පාඩුවක්. ඇත්තටම කියනවනම් ඒ පාඩුව ගැන කියන්න වචන නෑ.

 

ඒ රූප රාමු දකිද්දි මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒ රූපරාමු දකිද්දි රංගනයන් දකිද්දි හිනාවක් එනවා. ඒත් ඒ හිනාවත් එක්ක අනේ දැන් මෙයා අපි ළඟ නෑනෙ කියන දුක හදවතටම දැනෙනවා. මම චිත‍්‍රපටය බලලා එළියට ඇවිල්ලා මාධ්‍යයටත් කිව්වෙ අපි චිත‍්‍රපටය බලලා හිනාවුණාට ඇත්තටම හිත ඇතුළෙන් පුදුමාකාර දුකක් දැනෙන්නෙ කියලා. ඒ දුක වචනවලින් මෙහෙමයි කියන්න බෑ. නමුත් කලාකරුවා කියන චරිතය හැමදාම අපි අතර ඉන්නවා කවදාවත් නැති වෙන්නේ නෑ.

 

විශ්ව මේ වෙද්දි චිත‍්‍රපට කීයකට සම්බන්ධ වෙලා තියෙනවද?

මේ වෙද්දි චිත‍්‍රපට හතරකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියෙදි චිත‍්‍රපට තුනක් එන්න තියෙනවා. තව ආරාධනාත් ලැබිලා තියෙනවා.

 

විශ්ව වැඩිපුර සීරියස් චරිතනෙ කළේ? ඇයි කොමඩි චරිතයකට දායක වෙන්න හිතුණේ?

මම කොමඩි චරිත, සීරියස් චරිත කියලා වෙන් කළේ නෑ. රංගන ශිල්පියෙක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. එතකොට තමයි වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. මම කොහොමත් එක චරිතෙකට කොටුවෙලා නෑ. 64 මායම් චිත‍්‍රපටයෙ කොමඩි චරිතයක් කළාට අනිත් චිත‍්‍රපටවල කළේ අහිංසක පෙම්වතාගෙ චරිතය, එතකොට ‘‘මයි නේම් ඊස් බංදු’’ චිත‍්‍රපටයෙ දුෂ්ටයාගේ චරිතය කළේ. ඉදිරියට එන්න තියෙන චිත‍්‍රපටවල දකින්න ලැබෙන්නෙ වෙනස්ම චරිත. ලංකාවෙ හෝ වෙනත් රටක ඕනෑම නළුවෙකුට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. හැමදාම එකම චරිතෙකට කොටුවෙලා ඉන්නවා කියන්නෙ ඒක හරි අපරාධයක්. මටනම් ඕනෑම චරිතයක් කරන්න හැකියාව තියෙනවා.

 

ඒ කියන්නෙ විශ්වට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන්?

අපෝ ඔව්. ඕනෑම අභියෝගයක් භාරගන්න සුදානම්, මට ඕනෑම අභියෝගයකට හොඳට මුහුණදෙන්නත් පුළුවන්. මට මං ගැන 100% විශ්වාසයක් තියෙනවා.

 

විශ්ව දැන් පුංචි තිරයෙන් ඉවත් වෙලාද?

පසුගිය කාලෙ මම චිත‍්‍රපට තුන, හතරක් එක අවුරුද්දකට කළා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ටෙලිනාට්‍ය භාරගන්න එක ටිකක් අඩු කරන්න ඕනෑ කියලා නමුත් මගෙ කරුමෙද කොහෙද චිත‍්‍රපට ටික ඉවර වුණා විතරයි ආයෙත් ටෙලිනාට්‍ය නිර්මාණයක් ලැබුණෙ නෑ. නමුත් දැන් නැවත ලැබිලා තියෙනවා. ඒ දේවල්වලට සම්බන්ධවෙලා ඉන්නවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඉදිරියෙදි විකාශය වෙන්න නියමිත. ටෙලිනාට්‍යයක් තියෙනවා.

 

එතකොට විශ්ව වේදිකාවට සම්බන්ධ වෙලා නැද්ද?

වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියා තුසිත් ගුණසේකර මහත්මයගෙ. එහි ප‍්‍රසංග 15 ක් වගේ තමයි පෙන්නන්න හැකිවුණේ. නමුත් දුලීකා මාරපන සහ සුජීව ප‍්‍රියලාල් අධ්‍යක්ෂණය කරන ඔවුන්ගෙ අලූත්ම වේදිකා නාට්‍යයට මට ආරාධනා ලැබිලා තියෙනවා. ජනවාරි මුල එහි පුහුණුවීම් ආරම්භ කරන්න සුදානම්.

 

නිවේදන වැඩ කටයුතු කොහොමද?

ඒවත් හොඳින් කරගෙන යනවා. මේ දවස්වල ලංකාවෙ ජනප‍්‍රියම වැඩසටහන වන දෙරණ ීඒර ක්‍සඑහ මම සහ දෙනුවන් තමයි ඉදිරිපත් කරන්නෙ. ඒ වෙනුවෙන් ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව ලැබෙන වැඩ සටහන් කරනවා. Star City වැඩසටහනේ සමහර තැන්වලදි දෙපැත්ත කැපෙන වචන භාවිතා වෙනවනෙ? ඒ දේවල් කරන්නෙ වැඩසටහන ජනප‍්‍රිය කරගන්නද? වැඩසටහන ජනප‍්‍රිය කරගන්න දෙපැත්ත කැපෙන වචන භාවිතා වෙන්නෙ නෑ. එතනින් ඔප්පු වෙන කාරණය අපි නිසා වැඩසටහන ජනප‍්‍රිය වෙනවා කියන එකනෙ. නැත්නම් ඒ වචන නිසා වැඩසටහන ජනප‍්‍රිය වෙනවා කියන එක එහෙම දෙයක් නෑ. ඒක ජනප‍්‍රිය වෙන්නෙ දක්ෂ කලා ශිල්පීන් රැුසක් ඉන්න නිසා.

ඒ අයගෙ දක්ෂතාවය නිසා සහ අපි ඉදිරිපත් කරන ආකාරයත් එක්ක වැඩසටහන ජනප‍්‍රිය වෙන්නෙ. එහිදී දෙපැත්ත කැපෙන වචන කියලා තේරෙන්නෙ ඒ වචන දන්නා අයට පමණයි.

 

ඒ පිළිබඳ විවේචන නෑ කියලද විශ්ව කියන්නෙ?

විවේචන තියෙනවා. නැතුව නෙමෙයි. අපි යම්කිසි නව නිර්මාණයක් කළොත් තමයි ලංකාවෙ ගොඩක් විවේචන එන්නෙ. නමුත් හොලිවුඞ් නිර්මාණ, බොලිවුඞ් නිර්මාණ ලංකාවට ගෙනල්ලා ඒ වගෙ දෙපැත්ත කැපෙන වචන. ඒ වගෙ තියෙන කුණුහරුප, අසභ්‍ය දර්ශන කට ඇරගෙන මිනිස්සුන්ට බලන්න පුළුවන්. ඒවට වචනයක්වත් කියන්නෙ නෑ. අපි දෙයක් කළොත් තමයි අපේ රටේ මිනිසුන්ගෙ විවේචන තියෙන්නෙ.

 

විශ්ව දැන් ක්ෂේත‍්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?

දැන් අවුරුදු 8 ක් වෙනවා.

 

ඒ ආපු ගමන් මගේ ජීවිතේට ලැබුණු අද්දැකීම් ගැන කතා කළොත්?

අද්දැකීම් ගැන කතා කළොත් ඒවා කතා කරන්න වෙනම වෙලාවක් යනවා. මොකද මම කිසිම දෙයක් තිබුණු මනුස්සයෙක් නෙමෙයි. මගෙ අම්මා, තාත්තාවත් කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මම ගමේ ඉඳලා කොළඹ ඇවිල්ලා බුදු කට්ටක් කාලා මෙතෙන්ට ආවෙ. ඒ ගමනෙදි මට දෙරණ ආයතනය ගොඩක් උදව් කළා. ඉතින් දැන් යම් ස්ථාවර මට්ටමක ඉන්නවා මම දැන් ටිකක් විතර ජනප‍්‍රියයි කියලා හිතෙනවා මට ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක.

 

අවසන් වශයෙන් පවුලෙ විස්තර ටිකකුත් කියමුද?

පවුලෙ මගෙ බිරිඳයි, පුතයි, මමයි අපි තුන්දෙනා පුංචි පවුල රත්තරන් කියලා බොහොම සතුටින් ඉන්නවා.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

මැණිකකට කුරුමානම් අල්ලන ඉලන්දාරියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site