බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැවසීය.
මානව හිමිකම් කොමිසමේ ද පොලිසියේ ද නිලධරයන් අමතමින් ඔහු පැවසුවේ පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක් බවයි.
‘ඔවුන් ඉතිරි දවස් දහයත් අල්ලාගෙන ඉන්න ඕනෑ. ඡන්ද නීතිය බය නැතිව හරියට ක්‍රියාත්මක කරන්න. නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා. එසේ කරන අය රැක ගැනීමට පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් වන බව මා සහතික වෙනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය පවතින රටවල විධායකය මඟින් තනතුරු ලැබුවත් ඔවුන් විධායකයේ බලපෑම් වලට නතු නොවීමෙනුත්, විධායකය ඔවුන්ගේ රාජකාරී වලට අතනොපෙවීම නිසාත් එම රටවල් දියුණුව කරා යනවා. (නි)
"ඡන්දය ඉතා සාමකාමිව පැවැත් වුණා" කියලා ඔය කටින්ම කියාවි.රටකට ගිය කලක්.(දිල්)
රටේ විදුහල්පතිවරුන්ගේ ඉදලා, රටේ විශ්ව විද්දීයාල වල දරුවන්ගේ ඉදලා, රටේ රාජ්‍ය සේවයේ සියලුම දෙනාට හමුදා පුහුණුව දෙන්න යන්නේ "ඉද ගනින්" කියද්දී "ඉද ගන්නත්","දන ගහපිය" කියද්දී "දන ගහන්නත්","වැදපිය" කියද්දී වදින්නත්,"සැලියුට් " ගහපිය කියද්දී "සැලියුට්" ගහන්නත්. දැන් ඉතින් "දුවපිය" කියද්දී පන කඩාගෙන දුවන්නත් උගන්වන්නේ ඔය ටිකට තමයි. (නදී)
භීෂණය අනුමත කරන්න බැහැ කව්රු කලත්. නමුත් අද තිබෙන භීෂණයට ප්‍රවේශය සැදුවේ පසුගිය කාලේ භීෂණය හදුන්වා දුන් අයම තමයි. එ්ක දැන් පාරා වළල්ලක් වෙලා. කණගාටුවට කරුණ නම් මේවට සම්බන්ද නැති අයත් භීෂණයේ ගොදුරු බවට පත් වීම්යි (නදී)
එසේ නම් යක්කු සිටි බවත් යක්කු නැටු බවත් පිළිගනී (නදී)
ඒ දවස්වල බන්දුල පෙරේරා මහත්මයා කියන විදිහේ භිෂණයක් තිබුනා. නමුත් අතීතයේ සිද්දවෙච්ච භිෂණය වර්තමානයේ භිෂණයක් ඇතිකිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි. (නදී)
ඒ දවස්වල බන්දුල පෙරේරා මහත්මයා කියන විදිහේ භිෂණයක් තිබුනා. නමුත් අතීතයේ සිද්දවෙච්ච භිෂණය වර්තමානයේ භිෂණයක් ඇතිකිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි. යක්කුන්ට කඩේ යනකොට උන්ගේ පාට හරියට පේන්නේ නැහැ මහත්තයෝ (නදී)
අනේ ඔව් බන්දුල, ඒ කාලයේ තුන්ඩු කෑලි මේ කාලයේ අංක තහඩු නැති වාහන. දෙකෙන්ම එකම පණිවුඩයනේ ගෙනියන්නේ! ඉතින් මොකද නේද ? (නි)
මොණරාගල කළු යක්කු නැහැ තමයි. පිටිගල, ටිකිරි බණ්ඩා ඔබ වැනි අය ඉන්න නිසා රටේ අනාගතය ගොඩ ගන්න යම්තම් හරි සහයෝගයක් ලැබේවි යයි හිතනවා (නි)
පිටිගල මහත්තයෝ,මේ මනාප ඡන්ද ක්‍රමය හදලා තියෙන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රමවේදයට. ලිස්ට් එකේ උඩට එන්නනම් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න ඕනෑ. තමන්ගේ ගොඩ වැඩිවෙනවා කියන්නේ පක්ෂයේ ගොඩ ඉබේම වැඩිවෙනවා කියන එක.ඉතින් මොන ක්‍රමයෙන් හරි තමන්ගේ ගොඩ වැඩි කරගන්න හදන ක්‍රමවේදයේදී ප්‍රචණ්ඩ ක්‍රියා නැති මැතිවරණ ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ එක්කෝ මෝඩයෝ, එහෙමත් නැත්නම් කපටියෝ. (නි)
මෙතන අදහස් දන සමහර මහත්වරුන්ට / නෝනලාට කියන්නේ... යම් කණ්ඩායමක් අතීතයේ කළ වැරදි වලට අතීතයෙන්ම දඩුවම් ලැබිලා තියෙනවා. ඔවුන් අතීතයේ කළ වැරදි වලට දැන් දඩුවම් දෙන්න හදලා වැඩක් නැහැ. අපි දැන් බලන්න ඕනෑ අද වැරදි කරන අයට දඩුවම් දෙන්නේ කොහොමද කියලා. (නි)
ඔය අදහස් දැක්වීම අදට ගැළපෙනවා ඇති. එත් පහුගිය දවස්වල ඌවෙන් වාර්තා වූ මැර ක්‍රියා ගැන හිතනකොට සහ මැතිවරණයට තව දින 12 ක් විතර තිබෙනකොට ඔය ගත් තීරණය හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. නේද? අපක්ෂපාතීව රාජකාරිය කරන්න පොලිසියට ඉඩ තියෙනවා නම් මේ ප්‍රශ්නය ඇතිවන්නේ නැහැ කියලයි මම හිතන්නේ. (නි)
අනේ ඉතින් අපි නොදන්නවායැ? (නි)
වසන්ත, පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු වැලිවේරියේ අසරණ දරුවන්ට "පට පට" ගාල වෙඩි තියල මරපු හමුදා නායකයන් අද තුර්කියේ තානාපති වරප්‍රසාද ලබමින් බුදු සැප විදිනවා. තව ජනදිපතිවරණයේදී දිස්ත්‍රික්ක 22 කාබන් කොළ ටික දෙන්න බැරිව අාතතිය හැදුන කෙනා තවත් කොහෙද රටක තානාපති කරවලා බුදු සැප විදිනවා. බුමිතෙල් සහනාදාරය ඉල්ලපු අසරණ දීවරයන්ට ඔලු කටු කුඩු වෙන්න වෙඩි තියල මරන්න උපදෙස් දුන්නු අයත් අබුඩාබි රටේ තානාපති කරවලා එහෙ බුදු සැප විදිනවා. ඉතින් මෙතුමාත් මේ බවයේදීම බුදු සැප විදින්න කැමති නැද්ද මම අහන්නේ. (නදී)
89/90 අවුරුද්දේ ජ.වි.පෙ ඇති කළ භීෂණය ඊටපසු රටේ ඇතිවුණා කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරාට කවුද උගත් කියන්නේ? (නි)
ඒ කාලේ භීෂණය ක් තිබුනා, කව්රු කව්රුත් එකතු වෙලා තරඟෙට මිනී මරුවා. සෝවියට් දේශය පොතක් තිබුනා කියලා ඒ ගෙදර හිටපු කොල්ලෝ දෙන්නම අරන් ගිහින් මරුවා, ලස්සන කෙල්ලෝ ඉඳීම , උගත් තරුණයෝ ඉඳීම දෙමාපියන්ට ශාපයක් වෙලා තිබුනා. නිලලත් සහ නිල නොලත් හමුදාවල් සිහි විකල් වෙන දේ බීගෙන ආයුධ අරන් රෑට තරුණ දඩයමේ ගියා. දෙමව් පියෝ දරුවෝ හංගලා බයේ වෙව්ල මින් රැය පහන් කලේ. ඒවා අපටත් අමතක නැහැ. දෙපාර්ශවයම වග කියන්න ඕන ඒවාට.ත්‍රස්තවාදය මැඩ පවත්වන්න භීෂණය යොදා ගත්ත අයත් ත්‍රස්තවාදය ඇති කල අයත් අපි දන්නවා. ඒ යුගය අමතක වෙන්නේ නැහැ. අපි කාටවත් කඩේ යන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන කියලයි මම කියන්නේ. (ස)
ටිකිරි බණ්ඩා එල එල, මසුරන් කියමන.(ස)
පාටපාට මැකෝගෙයි ඔබෙයි වෙනසක් නෑ, කියවන එක විතරයි, වැඩ නෑ.(ස)
මැකෝ හරි... ඔය කියන තරම් දෙයක් මොණරාගල නැහැ.. නිකන් බොරුවට පැරදෙන්න ඉස්සෙල්ල ඉදලම කිව්වම .. ඡන්දෙන් පස්සේ කියන්න පුළුවන්නේ පරාජයට හේතුව මේකයි කියල .... බන්දුල මහතා හරි....විපක්ෂය දැන්ම ඉඳල පරාජයට හේතු හොයනවා ද කොහෙද .. ? (ස)
බන්දුල පෙරේරා , ඔයා ගැන ගොඩක් දුකයි (නි)
මට මැකෝ ගිරවා මතක්වුණා (නි)
වැලිවේරියේ කොහෙද බන්ඩෝ අහිංසකයෝ හිටියේ..පැට්රල් බෝම්බ හදා ගෙන ප්‍රධාන පාරවල් හරස් කරලා හට් ගහගෙන ප්‍රධාන පාරවල් මග ඇරලා යන පාරවලුත් වහගෙන මගී ජනතාව ප්‍රාණ ඇපේට ගත්ත ආරක්ෂක අංශ වලට පොලු ගල් පැට්රල් බෝම්බ වලින් නෙලපු ත්‍රස්ත වාදියෝ මිසක..හලාවතදී කඩු පොලු අරගෙන ආවේ කටුනායකදී පොලිස් කාරයින්ට එලව එලව ගල් වලින් පොලු වලින් ගැහුවේ අහින්සකයෝද? ඔවුන්ට සලකන්න ඕන ආකාරයට සැලකුව..අපිටනම් එක මදි ඇත්තටම.. ටිකිරි බණ්ඩාගේ ආණ්ඩුවක් ආපු දවසට කට්ටියව දෝතට අරන් නලවන්න..එතකම් ඉතින් මහජන චන්දෙන් පත් වෙච්ච ආණ්ඩුවකට මහජනයාට හිතා මතා පිඩා දෙන ත්‍රස්තවාදීන්ට පිළිතුරු එයාලට තේරෙන භාෂාවෙන්ම දෙන්න වෙනවා....මහජනයා එම ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත් අයට ඉතින් එපින් බලෙන් සැප ලැබෙන්න ඕන තමයි..ටිකිරි බණ්ඩ ඕවට ඉරිසියා කලාට ලැබිය යුත්තාට ලැබිය යුතු දේ ලැබෙනවා..ඒක වලක්වන්න බැහැ ..ටිකිරි බණ්ඩාටනම් වෙලාවටත් කලින් ලැබිය යුතු දේ ලැබේවි කොහොමත්....එතකන් පරිස්සමින් ඉන්න. (ස)
බන්දුල පෙරේරා මහතා,ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නෝ! (නි)
මොනරාගල කළු යක්කු නම් නැහැ. (නදී)
ඔහොම කියන්නේ නැත්නම් තමයි පුදුමේ කියන්නේ (නදී)
යම් රටක රජයේ මැතිවරණ කොමසාරිස් විසින් පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක් බවයි කියල කියනකොට, මානව හිමිකම් ගැන විමර්ශන ඒ රටට නෑවිත් තියේවිද ? (නදී)
හරියට හරි සර්. පොලීසියට නියම නිර්වචනය. විරුද්ධ පාර්ශ්වය ප්‍රබල නම් නැට්ට දෙපරැන්දේ ගහ ගන්න අයට තමයි චන්ඩි කියන්නේ. (නදී)
අපිට තේරුම් ගන්න පුළුවන් ඔබතුමා පත්වෙලා ඉන්න තත්වය. (නදී)
කොහොමත් දැන් කාලේ යක්කු කියන තරමට තියා කොහොමටවත් කළු නැහැ..අපි කළු යක්කු දැක්ක පහු ගිය දශක කීපයේ..කට්ට කළු යක්කු..උන්ගේ හැටියට මේ ඉන්නේ මොක්කුන්ද..කට්ටියට දැන් ඒ යක්කු අමතකයි..එහෙම යුග තිබුනද කියලත් අමතකයි..තමන්ට බලේ තියෙද්දී මේක යක් විමන් කල කට්ටිය , නාමික බලයක් අතේ තියෙද්දී තුන්ඩු කැලි වලින් මේක අමු සොහොනක් කල කට්ටිය අද නැති යක්කු මවන්න හදනවා..ඔබ තුමා ඕවා ගණන් ගන්න එපා..චන්ද පොලට යන මිනිහට කතිරේ ගහන කොට යක්කු පෙන්නන්න හදනවා නම් ක්‍රියාත්මක වෙන්න..ඒ හොදටම ඇති.. (නදී)
ඔය කතා වලට අහු වෙන්න එපා පොලිසියේ මහත්වරුන්. ඇමතිට දඩ කොලේ දීපු රාලහාමිට උන දේ මතක නේ ? පුළුවන් නම් අංක තහඩු නැති එක වාහනයක් අල්ලලා දඩ ගහන්න. (නදී)
සුබ අනාගතයක් තියෙන නිලධාරියෙක්. මොන රටේ තානාපති වෙන්නද දන්නේ නැහැ ආසා (නදී)
අනේ මැකෝ (නදී)
බන්දුල පෙරේරා මගේ උගත් මිත්‍රයා නිතරම එක පාර්ශවයක් ගැන භීතිකාවෙන් අදහස් දානකොට මොනරා උජාරුවෙන් තමන්ගේ නැටුම හරි ලස්සනයි කියලා හිතාගෙන නටද්දී බලා ඉන්න අයට පේන දේ මට මතක් වෙනවා. ස්වාදීනව අදහස් ඉදිරිපත් කළා නම්, ඇත්ත ඇති හැටියෙන් දැක්ක නම් බොහොම අගෙයි. නිතරම තුන්ඩු කෑල්ල ගැන කියලා වැඩක් නැහැ. ඒවා අතීතයට භාර දෙන්න වර්තමානයේ දේශපාලක ක්‍රියා වැරදි නම් වැරදියි කියන්න එඩිතර වෙන්න. හොඳ දේ හොඳයි වැරදි දේ වැරදියි කියන්න. කව්රු කලත්. උෟව පළාතේ රාජ්‍ය අනුග්‍රහයෙන් මැර බලය ක්‍රියාත්මක වෙන එක ඇත්ත. එ්කයි ඇත්ත. හැමෝම දන්නා ඇත්ත. (නදී)
අර මිනිමරාපු බ්‍රිගේඩියර් ලොක්කට දුන්නේ තුර්කිය, චන්ඩින් මැරයන් ආරක්ෂා කරන කොට කසකස්තානය වගේ තැනක් ලැබේවි. ඔබ තුමාට දෙව් පිහිටයි. පුලුවන්නම් ඔය අංක තහඩු රහිත ඩිපෙන්ඩර් වාහනයක් අල්ලලා දඩ ගහල පෙන්නන්ඩ. (නදී)
ලංකාවේ ප්‍රස්තා පිරුලක් තියෙනවා හොරාගේ අම්මගෙන් පේන අහන්ඩ එපා කියල නේද (නදී)
දත් සැට් එක විතරක් සුදුවට තිබිල මදි. කියන කතාත් ඇත්ත වෙන්න ඕනේ. ඔය වගේ කඩුප්පුලි කතා කිව්වොත් ලබන ආත්මේ දැන් නම් මුතුවන් සුදු දත් සැට් ලැබෙන්නෙකක් නෑ මහත්තයෝ. (නදී)
ඇත්ත නේන්නම් (නදී)
ෆොන්සේකා මහත්තයා කිව්වා මෙයාට ගැලපෙන නියම නම (නදී)
යක්කුන්ට කඩේ යනකොට උන්ගේ පාට හරියට පේන්නේ නැහැ මහත්තයෝ (නදී)
පොලිසියට කරපු මේ අපහාසයට මෙයාව අපරාද පරීක්ෂන දෙපාර්තුමේන්තුවට ගෙන්නලා ප්‍රශ්න කරන්න පුළුවන්නේ. (නදී)
ශ්‍රි ලංකාවේ පොලිස් කොමිසම තියෙනවද ? (නදී)
කිතුලට නැග්ග කොමසාරිස්ටත් උත්තර තියෙනවා එහෙනම්. (නදී)
බන්දුල පෙරේරා හරි. තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කල යුගය අමතක කරන්න කියල පිටිගල කියන්නේ කොහොමද? අපි පවුලේ හය දෙනෙක් ජීවත්වුණු පියාගේ පුංචි කඩ පොඩ්ඩ ගිනිතිව්වේ තුන්ඩු කෑල්ලට කඩේ වැහුවේ නැති හින්දලු. ඉතා කුඩා වයසේ හිටපු මට ඒක අදටත් නපුරු හීනයක්. අපේ ජීවිත බේරා ගත්තේ කාරුණික පවුලක් පිහිටවෙලා. (නදී)
අනේ මේ හැමදාම කියන්නේ පට්ටපල් බොරු. දැන් ආතතියද කොහෙද. (නදී)
ඒ දවස්වල බන්දුල පෙරේරා මහත්මයා කියන විදිහේ භිෂණයක් තිබුනා. නමුත් අතීතයේ සිද්දවෙච්ච භිෂණය වර්තමානයේ භිෂණයක් ඇතිකිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි. මෙවැනි භිෂණයන් ඇතිකරලාත් බලය පෙරලුනාට පස්සේ සිද්දවෙච්ච පලිගැනීම් කොච්චර දරුණු වුනාද කියන එක අපි කව්රුත් දන්නවා. ඔය භීෂණයට උඩගෙඩි දෙන මහත්වරුන්ට අපි කියන්නේ "හැම ක්‍රියාවකම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් තියෙනවා" ශිෂ්ට මිනිසුන් වූ අපි භිෂණය හෝ ප්‍රති භිෂණය යන දෙකම අනුමත නොකළ යුතුයි. (නදී)
බන්දුල පෙරේරා මහත්තයා ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් වගේ. විපක්ෂයෙන් වැරද්දක් පෙන්නුවාම එ්ක හදන්නේ නැතුව "ඔයාලගේ කාලේ මීට වැඩ නරකයි" කියනවා ඉතින් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට අරගෙන පාරවල් වහගෙන උද්ගෝෂණය කරනවා. (නදී)
පිටිගල මහත්මයා, නියම කතාව. මෙන්න මගෙන් මල් මිටක්. (නදී)
ජනතාව දන්නවා අන්තිමට ඕක කියන බව (නදී)