බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පැවැසීය.
අධ්‍යාත්මික සමාජයක් යහපත් සමාජයක් ගොඩනැගීමේදී බෞද්ධ දර්ශනයටත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී අනෙකුත් ආගමික දර්ශනවලටත් හැකියාව තිබෙන බවද යහපත් සමාජයක් ගොඩනැගීමේ ප්‍රධාන කේන්ද්‍රස්තාන දෙක වනුයේ පන්සල හා පාසල බව ද කීය.
නාවල, නාරාහේන්පිට ධර්මායතනයේ සංඝාවාසය හා දානශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදි ඔහු මෙසේ ද කීවේය.
“ අද මත්ද්‍රව්‍ය උවදුරු මුළු ලෝක ප්‍රජාවටම බරපතල හා ප්‍රබල අභියෝගයක් බවට පත්වෙලා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු හදනවා ආණ්ඩු පෙරළනවා. යහපත් සමාජයක් ගොඩනැගීම හමුවේ තිබෙන ප්‍රධානතම හා විසම අභියෝගය වනුයේ මත්ද්‍රව්‍ය අභියෝගයයි.
අප අසල්වැසි මාලදිවයිනේ තරුණ පිරිසෙන් සියයට 40ක් මත්කුඩු මත්ද්‍රව්‍ය භාවිත හුරු පුරුදු වෙලා. අද සෑම රටක්ම දරුණු ලෙස මත්ද්‍රව්‍ය අර්බුදයට මුහුණ දී සිටිනවා. නව තාක්ෂණය සමඟ පැමිණෙන වේගවත් සංවර්ධන තුළ බොහෝ අශීලාචාර දේවල් සැඟවිලා තියෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව ඇතිවන ව්‍යාප්තිය එයින් එකක්.
බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී තිබෙනවා. ඒ සඳහා විහාරස්ථානය හා පාසල් අපට වැදගත් වෙනවා” යනුවෙනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට පරකාසේ කිවුවලු (බ)
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව? මතට තිත, නීතියක් නැති රටේ කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.(බ)
එතකොට මෛත්‍රී , දැන් නම් ගෙදරවත් බලාගන්න බැරි පාටය. කතාවෙන් පේන්නේ දෙවැනි සැරයට ඉව අල්ලනවා වගේ. (බ)
ප්‍රතිචාර දැක්කම පේනවා කට්ටිය දාල තියෙන (බ)
ඔබ තුමා කියන තරම් දේවල් කෙරෙන්නේ නැහැ නේ? එකනේ වැඩේ? අර පාරේ යනවා හිටිගමන් මොටෝ බයිසිකල් සද්දේ තරමට වේගෙන් ඒවා යන්නේ නැහැ. ඒවගේ. (බ)
ඔය කණගාටුනොවන්න ජනාධිපතිතුමනි! (නි)
හැමදේටම කලින් රට බේරාගන්න (නි)
බේරා ගන්න දෙයක් නැහැ සියල්ල එක රැයෙන් තහනම් කළා නම්. තවත් තහනම් දේ කරනවා නම් එල්ලා මැරිය යුතුයි. ඕක මහා ලොකු දෙයක් නොවෙයි කරනවා නම් (නි)
මෙතුමා ජනාධිපති ධූරයට පත් වෙලා අවුරුදු දෙකකටත් කිට්ටුයි. තාම කරපු දෙයක් නැහැනේ (නි)
මෙතෙක් කල් කයිවාරු ගහපු ඒවායින් අඩුම ගන්නේ සියයට එකක්වත් කරලා පෙන්නුවා නම් කොයිතරම් වටිනවද. (නි)
මෙතුමාගේ කතා වැඩිමනක් කතා විතරයි . අඩුම ගානේ විකුණන තැන අඩුකරන්න, රටේ නිෂ්පාදනය අඩුකරන්න වගේ මොනවාහරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනෑ (නි)
හැමදාම එක තැන කැරකෙන ගී තැටි අහලා අපිට එපාවෙලා (නි)
මේ සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආයතන අපේ රටේ තියනවා. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්නේ නැහැ. නීතියක් නැති රටක කිසිදෙයක් හරියට කෙරෙන්නේ නැහැ. ඒවාට තිබෙන යාන්ත්‍රණ නිසි ලෙස ක්‍රියාත්මක කළයුතුයි. ඒක කරන්න යහපාලනය ගේනවා කියපු අයට ඒක බැරිවෙලා තියෙනවා. තවත් අවුරුදු සියයක් අපි මේවා කතාකර කර ඉඳියි. (නි)
කතා වැඩක් නැහැ. කරලා පෙන්නන්න. ආ දා ඉඳලා කළ දෙයක් නැහැ. (නි)
කවුරු කවුරුත් පළමුව නිවසින්ම පටන්ගමු (නි)
බොරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. හැමදාම පන්සල්වලට ගිහින් හාමුදුරුවරුයි ගිහියොයි රවට්ටනව. කරපු දෙයකුත් නෑ, කරනව කියල පේන දෙයකුත් නෑ.(බ)
අනිවාර්යෙන්ම අගය කරන්න ඕනි වැඩසටහනක්..... එ්ත් මේ යන විදිහට අපිට රටක් ඉතුරු වේවිද (බ)
සහතික ඇත්ත . හැබැයි ඔක්කොටොම කලින් තමුන්ගේ පුත්‍රයාව මතින් බේර ගන්න පුලුවන්ද කියල බලන්න . ඔවා දෙනු පරහට තම ගෙදර සම්මතයේ පිහිටා සිට ... (බ)
තමන්ගේ ගෙදරින්ම පටන් අරන් පෙන්නන්න. ඔබතුමා ඔබතුමාගේ පුතාව හදාගෙන පෙන්නන්න (බ)
පුතා හදන්න ඕනේ ඔක්කොටම ඉස්සරවෙලා හොඳයි (බ)
විස්කි බොන නෝනා කෙනෙක් ගැනත් මම අහල තියනවා . ඒ අයට කමක් නැද්ද (බ)
කතාව දෝලාවෙන් ගම පයින් කියලා තමා කියන්න වෙන්නේ (නි)
හැමදාම කියනවා. දැන්වත් මොනවාහරි කරන්නකෝ. අඩුගානේ අර මඩු වලිගෙවත් අතට ගන්නකො. (නි)
රාජ්‍ය ස්කාගාර පවා තිබෙනවා යැයි කියන රටේ මෙවන් ප්‍රකාශ හරි ඉහළයි සමහරුන්ට. (නි)
දේශපාලකයෝ හැමදාම කිව්වේ බොරු. ඉදිරියට කියන්නෙත් බොරු. මත්ද්‍රව්‍ය ප්‍රධාන ජාවාරම්කරුවන්ට ආවරණය ලැබෙන්නේ දේශපාලන හස්තයෙන්. මම අහන්නේ ඇයි මෙම ජාවාරමේ මුදුන් මුල් සිඳදැමීමට නීතිය පස්ස ගහන්නේ? (නි)
අනේ මහත්තයෝ, ඔක්කොම කටින් විතරයිනේ. කටින් බතල හිටවලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. අර බියර් කොම්පැණියට බදුසහන ලබා දීලා තියෙන්නේ ඇයි කියලත් කිවුවා නම් අපි කැමතියි (නි)
මත්ද්‍රව්‍ය උවදුර මැඩලන්න රජය විසින් විද්‍යාත්මක පියවර ගෙන ඇතොත් ඒ පිළිබඳ විස්තරයක් කළා නම් කොච්චර හොඳද? (නි)