IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර නගරයේදී  කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

ලබන වසරේදී පාසල් අධ්‍යාපනයට ඇතුලත් වීමට නියමිතව සිටින ඒ මහතාගේ වැඩිමහල් දියණිය මාතර සුජාතා බාලිකා විද්‍යාලය වෙත ඇතුලත් කීරීමට අවශ්‍ය කටයුතු තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් භාර ගෙන තිබේ.

දැනට මාතර අයි.ඩී.එම්.ජාතීන්ගේ පාසලේ ඉගෙනුම ලබන වීරසිංහ මහතාගේ වැඩිමහල් දියණිය හා අවුරුදු තුනක් වයසැති බාල පුතුට පෙර පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක් ගාස්තු අය කර ගැනීමකින් තොරව නොමිලේ අධ්‍යාපන කටයුතු සිදු කර දෙන බව එහි විදුහල්පතිනී ගයනි වඩනම්බි මෙනවිය පැවසුවාය.

දරුවන් දෙදෙනාට පෙර පාසල් අධ්‍යාපනයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වන තෙක් සෑම වසරකටම අවශ්‍ය පොත් පත් , පාසල් උපකරණ , සපත්තු , නිල ඇදුම් ආදී සියලු දෑ ඇතුලත් ශිෂ්‍යත්වයක් ලබා දීමට ඒ.එස්.බී.සමූහ ව්‍යාපාරයේ සභාපතිනී ක්‍රිෂාන්තී ජීවන්ති පේදුරුආරච්ච් මහත්මියගේ උපදෙස් මත එහි කළමණාකාර අධ්‍යක්ෂක අසංක ප්‍රසාද් මහතා කටයුතු කර තිබේ.

ඊට අමතරව මාතර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් තම සහෝදර නිලධාරියාගේ දරු පවුල වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන අතර එම මුදලින් ඔවුන්ගේ නිවසේ උඩු මහලේ වැඩ තුන් මාසයේ දානමය පිංකමට පෙර අවසන් කර දීමට නියමිතව ඇත.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී  ගයංග හසන්ත මාරපන මහතා මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය සිදුකරනු ලබයි.



අදහස් (31)

මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති

sarath Monday, 25 June 2018 05:15 PM

පින්. පොලිසියේ මහත්වරුන්ගේ සේවය ගොඩක් අගයනවා මදි.

:       0       798

sam Monday, 25 June 2018 05:18 PM

මෙය ඉතාම ප්‍රශංසනීය ක්‍රියාවක්. මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා මේවා දකිද්දී. එත් පුංචි දරුවන්ට තම පියත් බිරිදකට තම ආදරණීය සැමියත් අහිමි වීම ඉතාම සොචනීයි

:       0       567

ජගත් ලියනගේ Monday, 25 June 2018 05:21 PM

හරිම සතුටුදායක පුවතක්. ඉතාමත්ම හොඳ වැඩක්. මට ඉලන්ච්චේලියන් විනිසුරුතුමා මතක් වුනා.

:       0       565

rasika Monday, 25 June 2018 05:38 PM

මේවා තමයි හොද ආදර්ශ.. තම රාජකාරිය හරියට කරන නිලදරින්ට වරදින්නෙ නෑ.. මේ එක්කම නරකද ත්‍රස්තවාදීන්ගෙන් , බෝම්බ වලින් රට බේරගත්ත අනෙක් හමුදා නිලදාරීන් ගැනත් බැලුවොත්.. කොහොම උනත් හොද වැඩක්.

:       2       605

Weera Monday, 25 June 2018 05:50 PM

ඉතාමත් අගනා උපකාරයක් කල මාතර ව්‍යාපාරික ප්‍රජාවට සහ අනෙකුත් ආයතන වලට මගේ අවංක උපහාරය පුදකර සිටිමි. පොලිස් වීරයාගේ නිර්භීතකම අනෙකුත් පොලිසියේ නිලධාරීන් වෙත ආදර්ශයක් වී යයි ප්‍රර්ථනා කරමි.

:       0       613

nali Monday, 25 June 2018 05:57 PM

කාලෙකින් සතුටට කඳුලක් ගැලුවා .....

:       0       400

Chanak Los angeles Monday, 25 June 2018 06:41 PM

මොනවා වුනත් ලංකාවේ මිනිසුන්ගේ මෙවන් ක්‍රියා ලෝකයේ කිසිම රටක සිදුවෙන්නේ නැහැ .

:       296       521

BamunuarachchiTuesday, 26 June 2018 03:14 AM

අපේ මිනිස්සු හොඳට හොඳයි නරකට ඒ වගේම නරකයි. පොලිස්සියත් අපේ මේ මිනිසුන්ගේ මෙවැනි ගුණාංග අවදානයට ගෙන මිනිසුන්ට මිනිසුන්ට වගේ සලකන්න හැබැයි හැම මිනිහාටම නොවෙයි. විවිධ මිනිසුන් සමග කටයුතු කරන පොලිස්සියට මිනිහා කවුද නොමිනිහා කවුද කියා තේරුම් ගැනීමේ හොඳ පළපුරුද්දක් තිබෙනවා.

:       57       40

sanath Monday, 25 June 2018 06:47 PM

මාතර නගරයේ ඉන්නේ හිතහොඳ මිනිස්සු කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

:       57       274

ashan Monday, 25 June 2018 07:42 PM

ඉතාමත් හොද ක්‍රියාවක්. හැම දෙනාටම පින්

:       0       11

Ambalanthota Dhammika Thero Monday, 25 June 2018 08:18 PM

කෙනෙකුගේ දුකේදී පිහිටවෙන සත්පුරුෂ මිනිස්සු අපේ මව්බිමේ තාම ඉන්නවා සතුටට කරුණක්. හැමෝටම බොහොම පින්.

:       0       8

prasad Monday, 25 June 2018 08:19 PM

මෙමගින් යම් උදවුවක් ලැබෙනවා ඒ දරුවන්ට. පොලිසියේ මහත්වරුන්ටත්, ව්‍යාපාරිකයන්ටත් තුති. මැරුණ තරුණ නිලධාරියා නැති පාඩුව සදාකල් පවුලේ අයට දැනෙයි. පවු පුංචි දරුවෝ සහ බිරිඳ.

:       0       11

faizer Monday, 25 June 2018 09:00 PM

මොවුන් වෙනුවෙන් උදව් උපකාර කල කරුණාබර හදවත් ඇති සැමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ගොඩක් පින් අතේ වැඩක්. කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක ආරංචියක්.

:       0       17

VSK Monday, 25 June 2018 10:12 PM

ඉතා දුක්මුසු පුවතකින් පසු, කාලෙකින් මගේ ඇහැට සතුටු කඳුළු ආවා. මාතර සහෝදර ජනතාවට සහ පොලිසියට අපේ ආචාරය. පිට රට වෙසෙන ශ්‍රී ලංකිකයෙක්ගෙන්.

:       0       36

Doluweera Tuesday, 26 June 2018 12:12 AM

ලංකාවේ මිනිසුන්ගේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා, මාතර ව්‍යාපාරික ප්‍රජාවට සහ අනෙකුත් ආයතන වලට උපහාරය පුදකර සිටිමි. ලංකාවේ මිනිසුන්ගේ මෙවන් ක්‍රියා ලෝකයේ කිසිම රටක සිදුවෙන්නේ නැහැ. පොලිස් වීරයාගේ නිර්භීතකම අනෙකුත් නිලධාරීන් වෙත ආදර්ශයක් වී යයි ප්‍රර්ථනා කරමි.

:       0       7

lalithsjm Tuesday, 26 June 2018 01:26 AM

අද දවසේ දැක්ක හොදම පුවත කියන්න බැරි තරම් සතුටුයි. මේ සදහා දායක උණු සියලු දෙනාට ගොඩක් පින්.

:       0       10

abaran Tuesday, 26 June 2018 02:20 AM

විශේෂයෙන්ම ව්‍යාපාරික ජනතාවගේ සද් ක්‍රියාව අගය කරනවා.... ඒත් දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදුපතා අපේ සමාජයට මෙවන් රුදුරු අපතයෝ එක්වීම වැලක්වීමට ඔය ව්‍යාපාරික ප්‍රජාවට නොහැකියි... සාමාන්‍ය සහ උසස් පෙළ අසමත් තරුණ ජනතාවට රටට සේවයක් කිරීමට හෝ තමාගේ ජීවිතය ගෙන යාමට ජීවනෝපායක් නොමැතිවීම ප්‍රධානම හේතුවයි... ආර්ථික වර්ධනයකින් රැකියා ඇතිකිරීමේ මාර්ගයක් නොදන්නා දියවන්නාවේ සිටින දේශපාලුවෝ විදෙස් රටවලට ගැහැණුන් යවා ඒ මාර්ගයෙන් යැපීම අපේ රටේ අබාග්‍යයක්.... මෙවැනි අවස්තාවලදී පැලැස්තර දමමින් තමන්හට ලකුණු ලබා ගැනීම උන්ගේ අරමුණවේ....

:       0       29

Aruna Tuesday, 26 June 2018 02:22 AM

කාලෙකින් සතුටට කඳුලක් ගැලුවා

:       0       1

jayantha Tuesday, 26 June 2018 02:49 AM

කෝ දේශපාලකයෝ කයිවාරු ගහපු කට්ටිය.

:       0       31

p.d goonawardena Tuesday, 26 June 2018 03:22 AM

හරිම සතුටුදායක පුවතක්. ඉතාමත්ම හොඳ වැඩක්.

:       0       1

janatha anura UAE Tuesday, 26 June 2018 03:34 AM

මාතර ජනතාවට අපේ ප්‍රණාමය

:       0       209

amali Tuesday, 26 June 2018 03:38 AM

මේවා සංහිදීයාවට බාධාවක් වෙයිද දන්නේ නැහැ. මොනවා වුනත් දකුණේ මිනුස්සුන්ගේ මනුස්සකම මනාවට ඔප්පු වුන තවත් සිදුවීමක්.

:       18       126

ප්‍රශංසනීය ක්‍රියාවක් Tuesday, 26 June 2018 03:58 AM

මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා . මේ රටේ හොඳ සිත උණුවන මිනිස්සු ඉන්නවා. සිතට සතුටු කදුළු එනවිට පියා නැති දරු දුක දැනෙනවා. වසර 2000 ට පෙර ජේසු කිව, ස්වර්ගයට යාමට නම් මේ වගේ අය ,කන්න නැති අයට, සිරගෙයි සිටින අය, රෝහලේ දුක් විඳින අයට පිහිට වන ලෙස. මාතර සිටින බොදු ජනයාගේ ජිවිත සැපවත් වේවා. නිරෝගී වෙත්වා.!

:       0       3

shan saudi Tuesday, 26 June 2018 04:42 AM

මෙය ඉතාම ප්‍රශංසනීය ක්‍රියාවක්. මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා මේවා දකිද්දී. එත් පුංචි දරුවන්ට තම පියත් බිරිදකට තම ආදරණීය සැමියත් අහිමි වීම ඉතාම සොචනීයි

:       0       2

Raveendra Tuesday, 26 June 2018 04:45 AM

ඇත්තෙන්ම මෙම වෙළද ව්‍යාපාරික ප්‍රජාව කල කටයුත්ත අප හදවතින්ම අගය කරන්නෙමු.

:       0       4

Hemal Tuesday, 26 June 2018 04:46 AM

තම රාජකාරිය හරියට කරන නිලධාරින්ට වරදින්නෙ නෑ..

:       0       27

asiri peirs Tuesday, 26 June 2018 05:00 AM

මේ උත්තම ක්‍රියාව සඳහා කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු !!!!

:       0       9

ජගත් Tuesday, 26 June 2018 05:08 AM

දරැවන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරන මිනිස්සුන්ට බුදුසරණයි.................

:       0       10

MISHAL-MATARA Tuesday, 26 June 2018 05:49 AM

ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක් ඔබ සැමට ගොඩක් පිං , මාතර ඉපදීම ගැන නිහතමානීව ආඩම්බර වෙමී .

:       0       8

Shan Tuesday, 26 June 2018 06:14 AM

ඉතා අගනා ක්‍රියාවක්. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න, නිලධාරියාගේ මරණය අහේතුවක් නොවන්නට.

:       0       2

Senaka Tuesday, 26 June 2018 07:36 AM

ඉතාමත්ම හොඳ වැඩක්, මේ උත්තම ක්‍රියාව සඳහා කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු !

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 51 0

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 221 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 238 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 307 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 540 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 559 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site