ශබ්ද විකාශන පද්ධතියේ දෝෂයක් ඇතිවීමත් සමග පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) දක්වා කල් තැබිණි.
මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ශබ්ද විකාශන පද්ධතියේ දෝෂයක් ඇතිවීමත් සමග පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) දක්වා කල් තැබිණි.
මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් ලවා රට පාලනය කරවා ගැනීමයි. රටේ බහුතර ජනතාවක් මේකට කැමතිද කියලා මම අහන්න කැමතියි. මිනිසුන්ගේ බඩු මිල, ජීවන වියදම පහත හෙළන්න තියෙන මුදල් වලින් කෝටි ගණන් වටිනා වාහන ගන්න එකද ජනතා කැමැත්ත. මේක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. මීට විසඳුම් සෙවිය යුතුයි (නි)
විජේරත්නලා වගේ අය තමයි අපිව හැමදාමත් අමාරුවෙ දැම්මෙ (නි)
පරිස්සමින්. අරයගෙ කට්ටිය දැන් හැමතැනම ඉන්නවා. ඔය ගොල්ලන්ගේ මහා ගෙදරත් ඇති සමහර වෙලාවට (බ)
මැච් එක පරදින කොට බෝලේ අරන් ගෙදර යන තියරිය (බ)
මේකේ වගකීම ගන්න කෙනෙක්වත් නැද්ද දැන්? (ර)
රොහාන් ඔබතුමා හරියටම හරි. (ර)
මේක අහම්බයක්ද? එසේ නොවේනම් යහපාලනයට කැළලකි. (ර)
මේ අදහස් දාන මගේ ඇගට දැනෙනවා තව නොබෝ දිනකින් මේ රටේ ලේ කදුළු ගංගාවක් ගලන පෙර නිමිති ආයෙත් පහළවේගන එන්නේ කියලා. මිනිස්සු ඉවසලා ඉවසලා බැරිම තැන එන්නේ කොතෙන්ටද කියලා මේ පාලකයෝ දන්නවා (නි)
ගොඩක් අය කලබලවෙලා වගේ. රවී කරුනානායක කියන පුද්ගලයට පොද්ගලිකව අකමැති වුණත් මේ විශ්වාසභංගය භංගවෙන බව නම් මම හොඳින්ම දන්නවා. (නි)
රොහාන්, ඔබ හරි (නි)
වෙහෙර ගිලපු අයට අග්ගලයත් කජ්ජක්ද කිවුවලු (නි)
මන්ත්‍රී පර්මිට් නවතනු!! ඇමතිලට සුඛෝපභෝගී වාහන ලබාදීම නවතමු! පක්ෂ බේදයෙන් තොරව සියලු ජනතාව පෙළගැසෙමු! මුළු රටම එකා මෙන් පාරට බසිමු. (නි)
දයාරත්න,මේක කොහොමද ලංකාවේ උත්තරීතරම තැන වෙන්නේ..? ඔය කියන තැන තමයි ..ලංකාවේ කුඩු මුදලාලිලා, අරක්කු මුදලාලිලා, සට කපටි ලෝක හොරු ..වංචාකාරයෝ,කොමිස් කාක්කන් ,ස්ත්‍රී දුෂකයෝ ඇතුළු සියලුම දුරාචාරයේ ගෝඩ් ෆාදර් ලා ඉන්න තැන. කොටින්ම කියනවානම් නරකාදියට යන ලංකාවේ අයගේ මීළඟ ගෘෘප් එක තමයි ඔතන ඉන්නේ. (බ)
මේ දැවැන්ත පාර්ලිමේන්තුව ජනතාවට බරක්. මැදපෙරදිග රටවල් බොහොමයක මන්ත්‍රී ගණන 50 ට අඩුයි. මන්ත්‍රීවරු 100 ක් හිටියහම ඉහටත් උඩින්. (නි)
ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. ප්‍රාදේශීය සභා, පළාත් සභා කියලා දෙකක් එපා. එකක් ඇති. ජනතාව කොහොමද මෙච්චර ලොකු බරක් දරන්නේ? (නි)
අනේ හරිම යහපාලනේ! මේ පළදෙන්නේ දේව ශාපය. ආ දා ඉඳලා කරන වැඩ හින්දා. දුක, ඒවා යන්නේ අහිංසක මිනිසුන්ගේ කරපිටින්. (නි)
මම ප්‍රේම්ගේ අදහස එක්ක එකඟ වෙනවා. රටේ බහුතරයක් ජනතාවත් මේ දේ විශ්වාස කරනවා. රට පාලනය වෙන්නේ ඇත්තටම පොදු ජනතාව කැමති විදිහටමද කියලා මට ලොකු සැකයක් තියෙනවා. (නි)
ජාත්‍යන්තර පාසල් වල ගාස්තු 30%කින් ඉහළ ගිහින්. අපිත් ඡන්දෙ දුන්නේ හොඳ වෙනසක් බලපොරොත්තුවෙන්. ජාත්‍යන්තර පාසල් වලට අපි ළමුන් දැම්මේ හොඳ රජයේ පාසල් ලැබුණු නැති නිසා. නිදහස් අධ්‍යාපනය තියෙන මෙරටේ මෙවන් බදු පාසල් වලට ගැසීම කිසිසේත් අනුමත නොකළ යුතුයි. ලබන ඡන්දයේදී මේ රජය අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි. (නි)
මේ අවනඩු කාට කියන්නද? (නි)
අනේ මෙහෙමත් යහපාලනයක්? (නි)
රොහාන් තුර්කිය, ඔබ 100%ක් නිවැරදියි. (නි)
මේ රටයි අපිවයි කාලා විශ්වාසභංගය විතරක් දිනාගෙන රවි කරුණානායකලා අගේට ඉඳියි. අපි වෙනදා වගේම විඳවයි. ඒ නිසා ඔය විශ්වාසභංගෙ ගෙනාවත් එකයි නැතත් එකයි. (නි)
මහරගම පිළිකා රෝහලට මැෂිමක් ගන්න රුපියල් කෝටි 20 ක් හොයා ගන්න බැරුව පුදුම අසරණ වෙලා. එ්ත් අරෙහේ රුපියල් කෝටි 118 ක් සම්මත කරගෙන. යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අපිට දැන් හොදටම සනීපයි. හැකි ඉක්මනින් මේ රජයත් ගෙදර යවන්න පුළුවන් සියල්ලම කරනවා. (නි)
දවස ගානේ ලැබෙන රත්තරන් බිත්තර මදිවී, සතා මරාදමා හරි රත්තරන් බිත්තර එකවරම ගන්න ගිය මිනිසාට වුණදේමයි අද මිනිසුන්ට වී තිබෙන්නේ. ඉතාමත් ඉවසීමෙන් යහපාලනයෙන් බැරි නම්, මොන පාලකයගෙන් හරි රටේ සියලු දෙනාටම සිදුවන අසාධාරනයට එරෙහිව කොන්ද කෙළින් තබාගන, හොඳ හෝ නරක සියලු දේශපාලකයන් ඉදිරියේ සිටගෙන, රටටත් ජනතාවටත් උවමනා සංහිඳියාව සහජීවනය ලබාගැනීමට පාරට ආ යුතුය. රටේ අනාගත ඔබේ දු දරුවන් වෙනුවෙන් මෙය කළයුතුව ඇත (නි)
කලින් සැලසුම් කරලා කල දෙයක් නැත්නම් මේ වගේ සුළු දෙයකට හෙටට කල් දාන්නේ (ම)
අනේ දෙවියනේ පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන පද්ධතිය හදාගන්න පුළුවන් කෙනෙක් මේ රටේ නැත්ද හෙට වෙනකම් කල් දැම්මේ. බලන්නකෝ එකෙත් හැටි අදම පද්ධතිය අක්‍රිය වෙලානේ අනේද කියන්නේ.(ම)
ඕකත් අධිරාජ්‍යවාදී, බටහිර බලපෑම් නිසා සිදුවූ දෙයක් කියල බෙරිහන් දෙන්න පටන් ගනීවි.....(ම)
හරි පුදුමයි. කාර්මික දෝෂෙත් අදම හැදුනනේ. දෙවියන්ගේ පිහිටෙන් අර කෝටි 117 පාස්කරන වෙලාවේ දෝෂය හැදුනේ නැහැ. (නි)
වැඩේ හරි වගේ නේද? මුදල් ඇමැතිට මොනවා වෙයිද? (නි)
නන්දලාල්, ඔයා ප්‍රංශයේ ජීවත්වෙන හින්දා ලංකාවේ මිනිස්සු යහපාලනය යටතේ කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නේ කියලා කිසිම හැඟීමක්, අවබෝධයක් නැහැ වගේ. (නි)
රටම නතරවෙලා දැන්. රට ගැන කිසි අමාරුවක් නැති පක්ෂය ගැන විතරක් බලාගෙන ඉන්න අය ඉන්න රටක මේ වගේ දේවල් අරුමයක් නොවේ. රටට හෙණ ගැහුවත් පක්ෂ ටික තිබුනොත් එයාලට හොඳටම ඇති (නි)
ඔව් ඔව් නන්දලාල්, අධිරාජ්‍යවාදීන්ගේ හොල්මන් තමා දැන් එහෙ මෙහෙ යන්නේ. අපිව විනාශ කරන්න මාන බලන අයගේ ගොදුරට අපි අහුවෙලා ඉවරයි. (නි)
නවීන තාක්ෂණයේ හැම දෙයකින්ම සමන්විත, කලට වෙලාවට පරීක්ෂණයට යොමුකරන උපකරණ වලින් ශබ්ද විකාශන පද්ධතිය පමණක් ක්‍රියාවිරහිත වීම පුදුමයකි. එය ක්‍රියාකරවන නිලධාරියා මීට වගකියන්නේ නැද්ද? (නි)
කෝටි ගණන් වියදම්කර වාහන ගන්න වෙන්කරනකොට මැති ඇමතියන්ට කවුද අකමැති වෙන්නේ? කවුරු බලයට ආවත් එකම සින්දුව තමයි. ඔලු විතරයි වෙනස් වෙන්නේ (නි)
අතීතයේදී මේ දෙය සිදුවුවා නම් ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙමින් පවතින බවට ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් මුලින්ම ප්‍රකාශ කරනු ඇති. (නි)
අනේ දෙවියනේ, මේ විශ්වාසභංගය ගැන මෙච්චර අඬන කට්ටිය, ගිය ආණ්ඩුව කාලේ සාකච්ඡාවටවත් ගන්නේ නැතුව යටගහපු විශ්වාසභංග 11 ගැන මොකද කියන්නේ...? යහපාලනේ හින්දා මේක ඡන්දෙකටවත් ගන්නවා. ඒ කාලේ ඒවා ඡන්දෙකට තියා සාකච්ඡාවටවත් ගත්තේ නැහැ. මේක තමයි මහතුනි, යහපාලනයේ වෙනස. (නි)
පේනවා නේද කඩාකප්පල්කාරී ක්‍රියාවන් , මේවාට බෙහෙත් නොදුන්නොත් නුදුරු අනාගතේ බරපතල ප්‍රතිවිපාක විඳින්න වෙනවා යහපාලන කට්ටියට , ජනතා බලාපොරොත්තු සුන් වෙනවා (ම)
අද නැති උනොත් හෙට හැමදාම දෝෂ බැහැ (ම)
බාලගිරි දෝෂය අද නොවේ හෙට...(ම)
අදම හැදුන එකනේ පුදුමේ. බාලගිරිය අද නොවෙයි හෙට. (නි)
රටකට ගිය කලක් ලංකාවේ උත්තරීතර තැනක් (ම)
බහුතරයක් තියාගෙනත් ඇයි බය? රටට විහිළු සපයනවා (නි)
මේකේ අදහස් දාපු අය මොකද ශබ්ද විකාශන පද්ධතියේ දෝෂය ගැන මෙච්චර හුඹස් බියක් ඇති කරගෙන තියෙන්නේ? ඔවැනි දේ ලෝකේ හැම රටකම වෙනවානේ. සමහර අය හිතන විදියට මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය රජය හමස් පෙට්ටියට දැම්මේ නැහැනේ (නි)
විශ්වාසභංගයට මෙච්චරටම බයද? (නි)
විශ්වාසභංගයට බයවෙලා තියෙන තරම. (නි)
මෙචචර අඬන කට්ටියම තමා දැක්කේ මීට කලින් මේ මහා විපත සිද්ධවෙනවා කියලා. ඒත් තවමත් වැටහෙන්නේ නැති සිංහලයෝ අපිත් එක්ක ඉන්න එක තමා පුදුමේ. (නි)
අර සාලාව මෙතන තිබුණානම් කෝටි 117 යෝජනාව ගේන වෙලාවේ ! (බ)