IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මැද පෙරදිගදී දිවි අහිමිවූ 39ක් වෙනුවෙන් ලක්ෂ 720ක්

මැද පෙරදිග සේවය කරමින් සිටියදී  මියගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 39 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට රුපියල් ලක්ෂ 720 ක වන්දි ප‍්‍රදානය කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.

සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්,  ඕමානය, ලෙබනනය, ජෝර්දානය යන රටවල සේවය කරමින් සිටිය දී මියගිය අය වෙනුවෙන් මෙම  වන්දි මුදල් ප‍්‍රදානය කර ඇත. එලෙස විදේශයන්හි දී මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් ශ‍්‍රී ලාංකිකයන්ගේ පවුල්වල ඥාතීන් වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීම විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු කැරිණි.

මෙවැනි වන්දි ප‍්‍රදානයක් මේ වසරේ සිදුකළ පස්වැනි අවස්ථාව යැයිද එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා පහක දී විදේශයන්හි සේවය කරමින් සිටින අතරතුර මියගිය 196 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3,450ක මුදලක් පිරිනමා තිබේ. එසේම ගෙවුණු වසර පහක කාලය තුළ වන්දි වශයෙන් පිරිනමන ලද ඉහළම මුදල මෙවර ප‍්‍රදානය කර තිබෙන බවද අමාත්‍යාංශය කියා සිටී.

dig2051560dig2051558



අදහස් (0)

මැද පෙරදිගදී දිවි අහිමිවූ 39ක් වෙනුවෙන් ලක්ෂ 720ක්

ශාන් Wednesday, 21 December 2016 04:34 AM

මැදපෙරදිග කලාපයේ සේවය කරන සියලුම සේවකයන්ට එම රටවල නීතියෙන්ම රක්ෂණ ආවරණයක් ලැබෙනවා, මෙය සේවා ගිවිසුම් එම රටවල රජයේ ලියාපදිංචි කිරීමේදී අනිවාර්‍ය සාධකයක්, මෙය මරණයකදී රු. ලක්ෂ 40 (අවම ) පමණ වේ, මාර්ග අනතුරක් හෝ හදිසි අනතුරකදී අවම රු. ලක්ෂ 80 හෝ ඊට වැඩි මුදලකට යැපෙන්නන් හිමිකම් ලබයි (බ)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:19 AM

මේවා ගැන ආඩම්බර වෙන්න නොවෙයි ලැජ්ජා වෙන්න ඕනෑ. අහිංසක දුප්පත් ශ්‍රමිකයින් මරුකතරට යවා මුදල් ඉපයීම නිර්ලජ්ජිත ක්‍රියාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 93 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 540 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 740 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 434 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 375 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1219 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site