IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මුද්‍රා නාට්‍යය චෙස් ක්‍රීඩාව තරම්ම ප්‍රබලයි

2016-06-03-ent-194

"චක්‍රය බිඳී යයි" (Breaking The Karmic Cycle) මුද්‍රානාට්‍ය අද (04දා) සවස ලයනල් වෙන්ටඩ්හිදී

 

2016-06-03-ent-197නිදුක් මධුෂික

මීට විසි දෙවසකට පෙර තමන් ඉගෙන ගත් විවිධ නර්තන කලාවන් හා නාට්‍ය තවත් පරපුරක් වෙත ගෙන යාමේ අභිප්‍රා‘යෙන් ඔහු ක්‍රියේටිව් ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා ඇකඩමිය ආරම්භ කළේය. එහි අස්වැන්න මේ වනවිට නාට්‍ය කලාවට නර්තන කලාවට ඔහු දායාද කරමින් සිටියි. ඔහු නර්තන ආචාර්ය නිලාන් මලිගැස්පය. රාජ්‍ය නාට්‍ය උලෙළට දිගු නාට්‍ය අංශයේ වැඩිම සහභාගීත්වයක්ද ඔහුගෙනි. ඔහුගේ නර්තන හා නාට්‍ය ඇකඩමියට වසර විසි දෙකක් සපිරීම නිමිත්තෙන් නිර්මාණය කරන ලද %චක්‍රය බිඳී යයි^ (Breaking The Karmic Cycle) මුද්‍රානාට්‍ය හෙට (04දා) සවස ලයනල් වෙන්ටඩ්හිදී වේදිකාගත කිරීමට නියමිතය. මේ ඒ පිළිබඳව මලිගැස්පයන් සමග කළ කතාබහකි.

 

මුලින්ම චක්‍රය බිඳී යයි මුද්‍රානාට්‍ය ගැන කතාකරමු?

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිහින් පැවිදි බව ලබනකම් සිදුවන කතා පුවත තමයි මම බැලේ නාට්‍ය‘යෙන් දක්වන්නේ. මෙහිදී ඒ ගමන අතර අපි දකින සිදුවීම් කතා කරනවා. ඒ තුළ තිබුණු රියැලිටිය ගැන කතා කරන්න මම උත්සාහ කළා. මේ තුළ කතා කරන්නේ අපි අහලා තිබුණත් දකින්න උත්සාහ කළ නැති දේවල් ගැන. මම පසුගිය වසරේ මැල්සියාවේ ප්‍රදර්ශනය කළා. මීට පෙර ඔවුන් ලංකාවේ මුද්‍රානාට්‍යයක් දැක තිබුණේ නැහැ. ගිය වසරේ මම ඉන්දියාවේ චව් ඩාන්ස් සහ මොඩන් ඩාන්ස් මික්ස් කරලා නර්තන නිර්මාණයක් කළා. මෙවර කතක් නර්තනය යොදාගෙන තිබෙනවා. මේ "චක්‍රය බිඳී යයි" දන්න කතාවක් වෙන්න පුළුවන්. නමුත් නොදන්න දෙයක් මේ තුළ කතා කළ යුතුයි. මම ලොකු පසුතල හදන්නේ නැහැ. බොහෝ විට ඉවත දාන දේවල්වලින් පසුතල නිර්මාණය කරන්නේ.

 

මෙවැනි මුද්‍රානාට්‍යයක් නැරඹීමට එන ප්‍රේක්ෂකාගාරය ගැන තිබෙන්නේ කෙබඳු අදහසක්ද?

මුද්‍රානාට්‍ය කියන්නේ නර්තන කලාව තුළ ශාරීරික හා මානසිකත්වය සුවපත් කරන කලාවක්. ලංකාවෙත් එහෙම කාලයක් දශක තුනකට පමණ පෙර චිත්‍රසේන සර්ලාගේ කාලේ තිබුණා. මුද්‍රානාට්‍යවලත් තියන්නේ බැලේ තියෙන එක තමයි. ඒ කලාව අපේ සංස්කෘතියට බද්ධ වෙලා තමයි ගමන් කළේ. මම දකින්නේ මේ වෙනකොට මුද්‍රනාට්‍ය කලාව ක්ෂය වෙමින් ගිහින්. 1989 පසු මට මෙහි හොඳ තත්ත්වයක් දැකගත නොහැකි වුණා. එහෙත් මම එය නොනවත්වාම මම කරගෙන ගියා. මුද්‍රානාට්‍යයක් කියන්නේ චෙස් ක්‍රීඩාවක් වගේ ප්‍රභල දෙයක්. මම මුද්‍රානාට්‍ය කලාවට ඇතුළත් වෙන්නෙත් බාහිර නර්තන ශිල්පියෙක් ලෙස. මට මුද්‍රානාට්‍ය කරන්න පටන්ගන්න හිතුණා. මේ ගැන අධ්‍යයනය කරලා මම මොඩන් බැලේ පැත්තෙන් මේක ආරම්භ කළා. මේ මගේ 14 වැනි නිර්මාණය. මේ මොහොතේ විශාල පිරිසක් නැති වුණත් මෑතක ලොකු කතිකාවක් ඇතිවෙයි. මම දන්නේ නැහැ මගේ ප්‍රේක්ෂකාගාරයේ දෙදෙනෙක් ඉඳියිද තුන්දෙනෙක් ඉඳියිද කියලා. කරන දේ සමාජයට පිළිලයක් නොවන නිසා මම කැමැති මෙය නැවත නැවත සමාජයට ගේන්න.

 

මෙම විෂයෙහි සාර්ථකත්වයට මෙය අධ්‍යාපනය පද්ධතිය තුළටත් ඇතුළත් විය යුතුයි නේද?

මට පාසල්වලත් මෙය කරන්න අවශ්‍යතාව තිබුණා. කිසිම අධ්‍යාපනයක් ලබාදෙන්නැති විෂයක් ගැන හදාරන්න කැම්පස් එකෙන් කිහිපදෙනෙක් ඉඳහිට බිහිවෙනවා. ඔවුන් මුද්‍රානාට්‍ය ගැනවත් සමහර අවස්ථාවල දන්නේ නැහැ. පාසල් අධ්‍යාපන පද්ධතියටවත් ඇතුළත් කළ හැකි නම් මම හිතනවා එය සාධනීය දෙයක් වෙයි. එහෙත් අකුරු කියවන්න බැරි කෙනෙකුට අකුරු කියවන්න දීලා ඔටෝ කියවෙයි කියලා බලන් හිටියට වෙන්නේ නැහැ. අද IT උපරිමයට ගිහින් තියෙනවා. නමුත් ගෙදරදී ශිෂ්‍යයා තේ කෝප්පෙ බීලා කැරපොත්තෝ, හූනෝ වහනකම් තේ කෝප්පේ අයින් කරන්නේ නැහැ. අම්මා හරි තාත්තා හරි හෝදනකම් බලන් ඉන්නවා. පරිගණකය තුළ ඉන්න ඔවුන් නාට්‍යකරණයට යොදාගත හැකි නම් ඉතා හොඳයි. දරුණු දේවලට හිත යොමුවෙන්නේ නැහැ. මම හිතනවා විසි තුන්වැනි සංවත්සරයේ ඉඳන් විවෘත මුද්‍රනාට්‍ය තරගයක් පවත්වන්න. කැසිකල්, බැලේ සහ මොඩන් බැලේ ලෙස ඛාණ්ඩ දෙකකට තරග පවත්වන්න.

 

ප්‍රේක්ෂකාගාරයක් නැති වුණාම නිෂ්පාදකයන් අභියෝගාත්මක තැනකට එනවා?

මම වර්ෂයක් පාසා කරන නිෂ්පාදන මගේ මුදලින් හෝ මම ප්‍රදර්ශනය කරනවා. මම ස්වේච්ඡාවෙන් ශිෂ්‍යයන්ට මේ දැනුම ලබාදෙන්නේ. මට අවශ්‍ය නව දක්ෂයන් මෙයට ගෙන එන්න. මෙවරත් අම්පිටිය ප්‍ර‘දේශයේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් වැඩකරනවා. මම ලංකාව පුරා ගිහිං වැඩ මුළු කරනවා. නිෂ්පාදනයටත් වඩා මට ඕන මෙය ව්‍යාප්ත කරන්න. මම හිතන්නේ ලංකා ප්‍රේක්ෂකාගාරයටත් මෝඩන් බැලේ වගේ දෙයකට යනවා. ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මට උදව් කරනවා. පන්තියේදීත් අපි තැනකට එක් සීමා නොවී කටයුතු කරනවා. මම හැමෝටම ආරාධනා කරනවා ඒ වගේම නර්තනය ගැන නාට්‍ය ගැන හැදෑරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න පුළුවන්.

 

නිලාන් මලිගැස්ප, ACDA 289/12, සේපාලිකා උයන, වටරැක, පාදුක්ක

0714740799

 

2016-06-03-ent-196
2016-06-03-ent-195
2016-06-03-ent-193

 

related-ARTICAL

 



අදහස් (0)

මුද්‍රා නාට්‍යය චෙස් ක්‍රීඩාව තරම්ම ප්‍රබලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 224 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2215 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 776 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 516 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 782 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 517 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site