මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක් ගත්තේ යැයි සැකපිට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ අල්ලස් කොමිසම විසින් අද පොල්ගොල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු කටුගස්තොට පොලිසියට බාරදුන් බව ද එම කොමිසම කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අද ලංකාවේ තත්ත්වය. අල්ලස් දෙන්නේ නැතුව වැඩක් කර ගන්න පුලුවන්ද? (නි)
අපෙන් ගත්ත ඒවා මතකද දන්නේ නැහැ. (නි)
පරණම පරණ 'ඉන්ටසිටි' වල බලපත් අහෝසි කරන්න බැරිද? (නි)
හාල්මැස්සෙක් අහුවෙලා. (ත)
හැමතැනම ඔහොමයි. ඉහළ තැන ඉදලා පහළ තැනට යනකල් ඔක්කොම එකයි. (නි)
කම්කරුවාගේ සිට ඉහළට යනකල් කොහෙත් තත්ත්වය ඔහොමම තමයි. (නි)
සාමාන්‍යයෙන් රජයේ සේවකයන් අවංකයි (නි)
කොන්දොස්තරගේ ඉදලා ගසා කනවා. ළගින් ගියොත් ඇහැක් නැහැ. (නි)
අනෙක් අය ගන්න ගණන් වල හැටියට මේක පොඩි ගාණක්නේ. (නි)
අනේ අපේ සංවිධායක තුමා.. !!(නු)
කම්බ හොරු. (නි)
එකයිනෙ අහුවුණේ.. මේ වගේ ලක්ෂ කීයක් විතර ගන්න ඇතිද?(නු)
ඔය අහුවුණේ එක්කෙනෙක් පමණයි. ඕකේ වැඩකරන වැඩිහරියක් හොරු (අ)
මෙයා විතරක් නෙවෙයි අද රජ්‍යසේවකයන් අතරින් පගාවක් නොගත් කෙනෙක් සෙවීම එදා නොමල ගෙයකින් අබ ඇටයක් සෙවීමට වඩා අපහසුයි (දී)
රණසිංහයෝ ඇයි මෙහෙම වෙන්නේ? (නි)
මේවට ලොක්කොත් සම්බන්ධඇති..!!(නු)
සමහරු ඔයිට වඩා අල්ලස් ඉල්ලපු අවස්ථා තිබුණේ. මේක සුළු දෙයක් අද රටේ වැඩ සිද්ධ වෙන විදියට. මොකට කලබල වෙනවද මන්දා? මේක එච්චර වටිනා ගණනක් නොවෙයි. (නි)
අල්ලස් දූෂණය නවත්තන්න ඕනෙ..!!(නු)
අනේ ඔහොම නැතිව කොහොමද ජීවත් වෙන්නෙ..?(නු)
හෙට ඇප ලැබෙයි, බය වෙන්න එපා. කාටහරි කියන්න පුලුවන්ද එහෙම නොවෙයි කියලා? (නි)
රන්ජිත් මහත්තයෝ, කරුණාකරලා ඔබට සිදුවුණ දෙය පැහැදිලිව අපට කියන්න (නි)
මේ එක්කෙනෙක් විතරයි. තව ඉන්නවා (නි)
අනේ ......අපේ සභාපති ...???? (දී)
ලෝකෙම ආශ්චර්යය. (නි)
මෙයාලට වැටුපක් ගෙවන්නේ නැද්ද? දැන් රජයේ ගොඩක් නිලධාරීන් අල්ලස් ගන්නවා. (නි)
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඕනම දෙයක් කරගන්න පුළුවන්. නුවර ඉදලා අරුප්පොල ගමට තියෙත දුර සැතපුම් බාගයකින් වැඩි කරලා බස් ගාස්තුවත් වැඩි කරලා දුන්නා. (දී)