IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මුදලාලි වෙව්ලයි

රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා රත්තරන් පාර්සල් දෙකක්  තම ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කොළඹ කොච්චිකඩේ  ප්‍රදේශයේ පදිංචි  45 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.

රේගු නිලධාරීන්  සැකකරු  පරීක්ෂා කරද්දී  ඔහු සතුව තිබී ඇත්තේ රුපියල් තිස් දහසක් පමණ වටිනා එල්.සී.ඩී බල්බ තොගයකි. නමුත් ඒවායෙහි  බදු ගෙවු විට සැකකරුට එතරම් ලාබයක් නොමැති බැවින් රේගු නිලධාරීන් දිගටම ප්‍රශ්ණ කරද්දී   ඔහු  පිළිගත නොහැකි විවිධ දේ පවසා ඇත.  පසුව ඔහු එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කරන බව කී විට ඔහු වේවල වෙවලා පවසා ඇත්තේ රන් බිස්කට් 9 යක් ගුද මාර්ගයේ සගවාගෙන ඇති බවයි.

පසුව ඔහු විසින් ඉවතට ලබා දුන් පාර්සල් දෙක ලිහා බැලීමේදී එහි  රන් බිස්කට් 9 යක් තිබු බවත්  එහි බර ග්‍රෑම් 900 ක් බවත් රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටුයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී නන්දසිරි වාසලතිලක නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එම්.කේ උදය ගාමිණී සහ එම්.ඒ අරුණ ශාන්ත යන නිලධාරීහු සිදු කරති.

 

 

 



අදහස් (0)

මුදලාලි වෙව්ලයි

සේනානායක Thursday, 25 September 2014 04:59 PM

ලංකාවේ දැන්උද්දමනය වැඩියි .(දී)

:       0       0

සම්පත් Thursday, 25 September 2014 05:33 PM

ටිකිරි බණ්ඩා නිකම් බබා වෙන්න එපා. මිනිස්සු ඔය ටොපි කන්නේ නැහැ, ඔය රත්තරන් වෙදෙසිවෙන්නේ රේගුව යටතේ.(දී)

:       0       0

ලකිශනී Thursday, 25 September 2014 05:36 PM

අපේ නිල දරුවන්ට උකුසු ඇස් හා හොඳ අත්දැකීම් තියෙන නිසා මේක අල්ලා ගත්තා (දී)

:       0       0

බිංදු Thursday, 25 September 2014 05:53 PM

රත්තරන් වලට ගිය කලක් (දී)

:       0       0

නිලක්ෂි Friday, 26 September 2014 07:35 AM

ඇත්තටම කොහොමද අප්පා ඕවා ඔහේ හන්ගගන්නේ (නදී)

:       0       0

රූපවතී Thursday, 25 September 2014 07:32 PM

මම හිතන්නේ රේගුවට ඒවා වෙන්දේසි කරන්න අයිතියක් නැහැ. රාජසන්තක කළාම ඒවායින්, ඒ වැටළුම කළ නිලධාරීන්ට යම්කිසි ප්‍රමාණයක් රජයෙන් නියම පරිදි ලැබෙනවා. අනෙකුත් සියල්ල යන්නේ රජය සතු භාණ්ඩාගාරයකට. ඒවා රජයේ ආදායම් ගොඩටයි වැටෙන්නේ. එහෙම නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 26 September 2014 08:22 AM

කට්ටියට හොදටම කේන්ති ගිහින් වගේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 26 September 2014 08:29 AM

ජනතා විරෝදය මැද්දේ පල්ලන් බහින්න වුන ටියුනිසියාවේ ජනධිපතිගේ භාර්යාව සතුව අසාධාරණයෙන් ගොඩ ගහ ගත්තු රත්තරන් ටොන් ගානක තොගයත් අරගෙනම තමයි පල්ලන් බැස්සේ. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 25 September 2014 07:37 PM

අනේ මන්දා රේගුවේ නිලධාරීන් ඕවත් බලනවද? මම හිතන් හිටියේ දොස්තරලා විතරයි කියලා (නදී)

:       0       0

රජින්ද Thursday, 25 September 2014 07:42 PM

ඕකට කියන්නේ "ගුද මාර්ගය" කියල නෙමේ "අධෝමුඛය" කියලයි. (නදී)

:       0       0

හෂාන් Thursday, 25 September 2014 08:48 PM

මේ මුදලාලි චණ්ඩි වැඩ කළාට හිතයටින් බයගුල්ලෙක් වගෙයි (නි)

:       0       0

සංජීව Thursday, 25 September 2014 11:07 PM

මුදලාලි කැමැත්තෙන් නෙමෙයි වෙන්න ඇති මේවා ගෙනෙන්න ඇත්තේ. ඒකනේ වෙව්ලුවේ (නි)

:       0       0

සුනිල් මාපලගම Friday, 26 September 2014 09:43 AM

මුදලාලි වෙවුලලා එක්ස්රේ එකට යවනවා කිව්වම , වෙව්ලපු වෙලාවේ ගුද මාර්ගයෙන් මලපහත් පිටවන්නට ඇති සමහරවිට (දී)

:       0       0

නාලක Thursday, 25 September 2014 01:50 PM

මේක කොහොම ඇල්ලුවද (දී)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 25 September 2014 01:58 PM

මිනිස්සු අදායම් මාර්ග ඇතිකරගන්න ක්‍රම දැක්කම පිස්සු හැදෙනවා.(දී)

:       0       0

සරත් Thursday, 25 September 2014 02:02 PM

තමන්ගේ ශරීරයත් ගබඩාවක් කරගෙනනේ. (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 02:09 PM

මුදලාලි ගුද මාර්ගය රන් ප්‍රවාහනය කිරීමට යොදා ගත්තට , ඒවාට නිසි බලපත්‍ර අරන් නැහැ වාගේ , මිට පසු මේ වාගේ මුදලාලිලාට ගුද මාර්ගය රන් ප්‍රවාහනයට බලපත්‍ර ගන්නට වෙයි , නැතිනම් ඔක්කොම රාජසන්තකයි (දී)

:       0       0

ගාමිණී Thursday, 25 September 2014 02:13 PM

මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ. (දී)

:       0       0

වීරසිංහ Friday, 26 September 2014 02:40 AM

මීට වඩා කොල්ලකන දේශපාලුවනුත් හිනා මූහුණෙන් ඉන්නේ ඕනෑතරම් (නි)

:       0       0

සෑම් Thursday, 25 September 2014 02:34 PM

ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් අපුරු මිනිසෙකුගේ කතාව ...දැන් තිරගතවේ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 25 September 2014 02:41 PM

මම නොදන්නා නිසා අහන්නේ රාජසන්තක කරනවා කියන්නේ මොකද්ද (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 25 September 2014 02:42 PM

ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 25 September 2014 02:43 PM

පාර්ලිමේන්තුවේ කොන්දක් තියෙන කවුරුවත් නැහැනේ ඔය අල්ල ගන්න දේවල් වලට මොකද වෙන්නේ කියල අහන්න.(දී)

:       0       0

බුද්ධික Friday, 26 September 2014 03:26 AM

රාසසන්තක කරනවා කියන්නේ රාජ්‍ය භාන්ඩාගාරයට ගන්නවා. ඒවා රටේ විවිධ වියදම් පියවන්නේ ඒවායින් (දී)

:       0       0

අසංක Friday, 26 September 2014 03:23 AM

මේවා බය නැතුව කරනවනේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 26 September 2014 03:51 AM

සම්පත්, රත්‍රන් තොගයක් පිටරටට විකුණන්න ගිහින් නෝනලා ගොඩක් ඇල්ලුවා මතකද ?ඒ නඩුවට මොකද වුණේ දන්නෙ නැහැ නේද?දඩුවම් ලැබුනා කියලා කොහෙවත් තියෙනවද? (නි)

:       0       0

ගුනේ Thursday, 25 September 2014 03:41 PM

කටක් ඇරලා කියන්න පුලුවන්ද මේ වැඩේ (දී)

:       0       0

චානක Thursday, 25 September 2014 03:48 PM

ලජ්ජා නැති වැඩ මේවා (දී)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 25 September 2014 03:51 PM

අනේ මේ හැටි අල්ලන රත්තරන් වලට ඇත්තටම මොකද වෙන්නේ ?? (දී)

:       0       0

ලසා Thursday, 25 September 2014 04:01 PM

ඔය මාර්ගය තියෙන්නෙ කල් පිරුණු දේවල් එලියට එන්න විතරයි. සමානය්‍යන් දේවල් ඒ පැත්තෙන් එනව මිසක් මේ පැත්තෙන් දාන්නෙ නැහැ. සත පහක වටිනා කමක් නැති දෙයක් එලියට එන්න තියන තැනකින් ඇතුලට දාල තියෙන්නෙ ලක්ෂ ගානක් වටින දෙයක්. ලෝකෙ ගොඩාක් අය දැන් මේ පැත්ත ආදායම් මාර්ගයක් කරගෙන. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ මිනිස්සු මේ දේවල් එලි උනාට පස්සෙ කොහෝම ලෝකෙට මූන දෙනවද කියලයි. (දී)

:       0       0

සත්‍යපාල Friday, 26 September 2014 04:47 AM

සමන් දන්නවනම් කියන්න,මේ රත්තරන් වෙන්දේසි දාන්නේ කවදාද කොහෙද කියලා ? අපිටත් ගන්න පුලුවන්ද බලන්න !(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 168 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 286 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 199 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 807 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site