රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා රත්තරන් පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.
රේගු නිලධාරීන් සැකකරු පරීක්ෂා කරද්දී ඔහු සතුව තිබී ඇත්තේ රුපියල් තිස් දහසක් පමණ වටිනා එල්.සී.ඩී බල්බ තොගයකි. නමුත් ඒවායෙහි බදු ගෙවු විට සැකකරුට එතරම් ලාබයක් නොමැති බැවින් රේගු නිලධාරීන් දිගටම ප්‍රශ්ණ කරද්දී ඔහු පිළිගත නොහැකි විවිධ දේ පවසා ඇත. පසුව ඔහු එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කරන බව කී විට ඔහු වේවල වෙවලා පවසා ඇත්තේ රන් බිස්කට් 9 යක් ගුද මාර්ගයේ සගවාගෙන ඇති බවයි.
පසුව ඔහු විසින් ඉවතට ලබා දුන් පාර්සල් දෙක ලිහා බැලීමේදී එහි රන් බිස්කට් 9 යක් තිබු බවත් එහි බර ග්‍රෑම් 900 ක් බවත් රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටුයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී නන්දසිරි වාසලතිලක නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එම්.කේ උදය ගාමිණී සහ එම්.ඒ අරුණ ශාන්ත යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිල දරුවන්ට උකුසු ඇස් හා හොඳ අත්දැකීම් තියෙන නිසා මේක අල්ලා ගත්තා (දී)
මුදලාලි වෙවුලලා එක්ස්රේ එකට යවනවා කිව්වම , වෙව්ලපු වෙලාවේ ගුද මාර්ගයෙන් මලපහත් පිටවන්නට ඇති සමහරවිට (දී)
ජනතා විරෝදය මැද්දේ පල්ලන් බහින්න වුන ටියුනිසියාවේ ජනධිපතිගේ භාර්යාව සතුව අසාධාරණයෙන් ගොඩ ගහ ගත්තු රත්තරන් ටොන් ගානක තොගයත් අරගෙනම තමයි පල්ලන් බැස්සේ. (ස)
කට්ටියට හොදටම කේන්ති ගිහින් වගේ. (නදී)
ඇත්තටම කොහොමද අප්පා ඕවා ඔහේ හන්ගගන්නේ (නදී)
සමන් දන්නවනම් කියන්න,මේ රත්තරන් වෙන්දේසි දාන්නේ කවදාද කොහෙද කියලා ? අපිටත් ගන්න පුලුවන්ද බලන්න !(දී)
සම්පත්, රත්‍රන් තොගයක් පිටරටට විකුණන්න ගිහින් නෝනලා ගොඩක් ඇල්ලුවා මතකද ?ඒ නඩුවට මොකද වුණේ දන්නෙ නැහැ නේද?දඩුවම් ලැබුනා කියලා කොහෙවත් තියෙනවද? (නි)
මේවා බය නැතුව කරනවනේ (දී)
රාසසන්තක කරනවා කියන්නේ රාජ්‍ය භාන්ඩාගාරයට ගන්නවා. ඒවා රටේ විවිධ වියදම් පියවන්නේ ඒවායින් (දී)
මීට වඩා කොල්ලකන දේශපාලුවනුත් හිනා මූහුණෙන් ඉන්නේ ඕනෑතරම් (නි)
මුදලාලි කැමැත්තෙන් නෙමෙයි වෙන්න ඇති මේවා ගෙනෙන්න ඇත්තේ. ඒකනේ වෙව්ලුවේ (නි)
මේ මුදලාලි චණ්ඩි වැඩ කළාට හිතයටින් බයගුල්ලෙක් වගෙයි (නි)
ඕකට කියන්නේ "ගුද මාර්ගය" කියල නෙමේ "අධෝමුඛය" කියලයි. (නදී)
අනේ මන්දා රේගුවේ නිලධාරීන් ඕවත් බලනවද? මම හිතන් හිටියේ දොස්තරලා විතරයි කියලා (නදී)
මම හිතන්නේ රේගුවට ඒවා වෙන්දේසි කරන්න අයිතියක් නැහැ. රාජසන්තක කළාම ඒවායින්, ඒ වැටළුම කළ නිලධාරීන්ට යම්කිසි ප්‍රමාණයක් රජයෙන් නියම පරිදි ලැබෙනවා. අනෙකුත් සියල්ල යන්නේ රජය සතු භාණ්ඩාගාරයකට. ඒවා රජයේ ආදායම් ගොඩටයි වැටෙන්නේ. එහෙම නේද? (නි)
රත්තරන් වලට ගිය කලක් (දී)
මේක කොහොම ඇල්ලුවද (දී)
ටිකිරි බණ්ඩා නිකම් බබා වෙන්න එපා. මිනිස්සු ඔය ටොපි කන්නේ නැහැ, ඔය රත්තරන් වෙදෙසිවෙන්නේ රේගුව යටතේ.(දී)
ලංකාවේ දැන්උද්දමනය වැඩියි .(දී)
ඔය මාර්ගය තියෙන්නෙ කල් පිරුණු දේවල් එලියට එන්න විතරයි. සමානය්‍යන් දේවල් ඒ පැත්තෙන් එනව මිසක් මේ පැත්තෙන් දාන්නෙ නැහැ. සත පහක වටිනා කමක් නැති දෙයක් එලියට එන්න තියන තැනකින් ඇතුලට දාල තියෙන්නෙ ලක්ෂ ගානක් වටින දෙයක්. ලෝකෙ ගොඩාක් අය දැන් මේ පැත්ත ආදායම් මාර්ගයක් කරගෙන. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ මිනිස්සු මේ දේවල් එලි උනාට පස්සෙ කොහෝම ලෝකෙට මූන දෙනවද කියලයි. (දී)
අනේ මේ හැටි අල්ලන රත්තරන් වලට ඇත්තටම මොකද වෙන්නේ ?? (දී)
ලජ්ජා නැති වැඩ මේවා (දී)
කටක් ඇරලා කියන්න පුලුවන්ද මේ වැඩේ (දී)
පාර්ලිමේන්තුවේ කොන්දක් තියෙන කවුරුවත් නැහැනේ ඔය අල්ල ගන්න දේවල් වලට මොකද වෙන්නේ කියල අහන්න.(දී)
ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (දී)
මම නොදන්නා නිසා අහන්නේ රාජසන්තක කරනවා කියන්නේ මොකද්ද (දී)
ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් අපුරු මිනිසෙකුගේ කතාව ...දැන් තිරගතවේ (දී)
මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ. (දී)
මුදලාලි ගුද මාර්ගය රන් ප්‍රවාහනය කිරීමට යොදා ගත්තට , ඒවාට නිසි බලපත්‍ර අරන් නැහැ වාගේ , මිට පසු මේ වාගේ මුදලාලිලාට ගුද මාර්ගය රන් ප්‍රවාහනයට බලපත්‍ර ගන්නට වෙයි , නැතිනම් ඔක්කොම රාජසන්තකයි (දී)
තමන්ගේ ශරීරයත් ගබඩාවක් කරගෙනනේ. (දී)
මිනිස්සු අදායම් මාර්ග ඇතිකරගන්න ක්‍රම දැක්කම පිස්සු හැදෙනවා.(දී)