තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) පළමු අදියරේ දෙවැනි සහ අවසන් දිනය වන අද (30) පළමු අදියරේ අවසන් මහා තරගයට මධ්‍යම කිංග්ස් පිල සහ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව තරගවලදී මධ්‍යම කිංග්ස් පිල විසින් ලකුණු 24-5 කින් නැගෙනහිර ඊගල්ස් පිල ද, දකුණ ශර්ක්ස් පිල විසින් ලකණු 19-14 කින් ඌව විපයිස් පිල ද, පරාජය කරන ලදී. මධ්‍යම කිංග්ස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ෆාසිල් මරීජා ද, දකුණ ශර්කස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස් ද කටයුතු කරති. තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල අවසන් පූර්ව තරග මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (24-5) දකුණ ශර්ක්ස් පිල විසින් ඌව විපයිස් පිල පරාජය කරන ලදී (19-14) කාණ්ඩ තරග ප‍්‍රතිඵල වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (26-12) බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-7) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (31-7) සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (47-21) කාණ්ඩගත කිරීමේ තරග මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-19) නැගෙනහිර ඊගලස් පිල විසින් උතුර ග්ලැඞ්යේටර්ස් පිල පරාජය කරන ලදී (24-14) ඌව විපයිස් පිල විිසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (24-19) දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-10)
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මධ්‍යම කිංග්ස් - දකුණ ශාර්ක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි