IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී බව කියමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ඉල්ලා නිදහස් මාධ්‍යවේදියෙකු වන ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල පහර දෙන බවට තොරතුරක් දැනුම් දීම හේතුවෙන් තමා නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇතැයි පෙත්සම ගොනු කර තිබේ.

තමා මුදා හරින නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරන්නැයි පෙත්සම්කාර නිදහස් මාධ්‍යවේදියා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් බාරයේ රදවා සිටින නිදහස් මාධයවේදී ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොල්ලුපිටි පොලිස් ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු ලංකා නිව්ස් ඩොට්.ඔර්ග් යන වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.හෙතෙම ආරක්ෂක සහ දේශපාලන ප්‍රවෘත්ති ආවරණය කරයි.පෙත්සම්කරු මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියෙකු වශයෙන්ද සේවය කළේය. යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත් විණි.

පෙත්සම්කරු ගුවන් හමුදාවේ සිටියදී අභ්‍යන්තර පරීක්ෂණ වලට සහභාගී වූවෙකුද වේ.මෙහිදී පෙත්සම්කරු ඉහළ නිලධාරීන්ගේ විමර්ශන කටයුතු සදහාද සහභාගී වී ඇත.ඒ හේතුවෙන් , එම ඉහළ නිලධාරීන් ගෙන් ජීවිත තර්ජන පවා පෙත්සම්කරුට එල්ල වී ඇත.

එක් අවස්ථාවකදී යම් කිසි කණ්ඩායමක් පෙත්සම්කරු පැහැරගෙන ගොස් පහර දී ඇති අතර එය ගුවන් හමුදාවේම නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දැක් යැයි පෙත්සම්කරු සැක පළ කරයි.

2004 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පොලීසි මගින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගත් අතර පසුව කිසිදු චෝදනාවක් නොමැතිවම මුදා හරින ලදී.‍ඉන් අනතුරුව අරමුදල් සාවාද්‍ය අපහරණය කළේ යැයි චෝදනා මත පෙත්සම්කරු ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇත.

එම තීරණයෙන් අගතියට පත් පෙත්සම්කරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.එය විභාගයට ගත් අභියාචනාධිකරණය පෙත්සම්කරු යළි කොමිෂන් නිලධාරියෙකු ලෙස පිහිටුවන ලෙස නියෝග කරමින් රිට් ආඥාවක්ද නිකුත් කළේය.එහෙත් එම රිට් ආඥාව ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක බාධාවක් පැවතිණි.ඊට හේතුව වූයේ පෙත්සම්කරුගේ කොමිෂන් නිලධාරී තත්වය ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමයි.එනිසා පෙත්සම්කරු යළි කොමිෂන් නිලධාරියෙකු ලෙස පිහිටුවන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කරුට දන්වා ඇත.කෙසේ නමුත් පෙත්සම්කරු යළි ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියෙකු ලෙස පත් නොකළේය.ඉන්පසුව පෙත්සම්කරු ඩුබායි හී සිල්ලර අලෙවි සලක සේවය කර ඇත.

පෙත්සම්කරු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ඉහළ රාජ්‍ය නිලධාරීන් ගේ හා දේශපාලනඥයින් වංචා හෙළි කරමින් ලිපි මාලාවක් වෙබ් අඩවිය ඔස්සේ පළ කළේය.

පාතාල නායක කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට ප්‍රථම ඔහු පොලිස් අත්අඩංගුවේ සිටයදීම මරා දැමීමේ සූදානම් පවතින බවට කරුණු හෙළි කරමින් පෙත්සම්කරු ලංකා නිව්ස් ඩොට්.ඔර්ග් යන වෙබ් අඩවියේ ලිපියක් පළ කෙරිණි.එදිනම එම පාතාල නායක ඝාතනයට පත් විණි.

පෙත්සම්කරු කොස්ගොඩ තාරක ගේ ඝාතනයට පෙර පෙත්සම්කරු ඒ පිළිබදව පාතාල නායකයාගේ නීතීඥවරයාට දැනුම් දුන් අතර ඒ ගැනී අදාළ නීතීඥවරයාද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දුන්නේය.

 

 



අදහස් (0)

මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 297 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 238 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 308 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1018 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2708 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 361 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site