IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මාධ්‍යවේදීන් ඉන්නෙ කුණු අවුස්සන්න විතරයි

‘‘හොඳ වැඩ මාධ්‍යයට පේන්නෙ නැහැ. පන්සලක පිංකමක් වාර්තාකරන්නෙත් නැහැ. හාමුදුරුනමකට හූ කිව්වොත් එහෙමත් නැත්නම් මට හූ කිව්වොත් ඒක තමයි ලොකුවට පළ කරන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්ප්‍රදාය අද ඒ විදියටයි හැඩ ගැසී ඇත්තේ” යනුවෙන් කම්කරු හා කම්කරු සබඳතා ඇමති ගාමිණී ලොකුගේ මහතා පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ පැවති උත්සවයකදී පැවසීය.

 



අදහස් (0)

මාධ්‍යවේදීන් ඉන්නෙ කුණු අවුස්සන්න විතරයි

සමරේ(ගාල්ල) Wednesday, 08 October 2014 11:00 AM

කැස්බෑව පැත්තෙන් යනකොට 88-89 මතක් වෙනවා. ජනමතය හැරෙයි කියල පේනවද මේ විදියට ලකුණු දාගන්න හදන්නෙ. (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 11:00 AM

ඇමති තුමෝ අර "වදකාගාරේ" තාම තියෙනවද වලව්වේ? (නදී)

:       0       0

ඕමාර් අෂ්වර් මොහොමඩ් Wednesday, 08 October 2014 11:06 AM

මෙයාලා ගුටිකාපු ඒවා කියනකොට රිදෙනවා වගේ (නදී)

:       0       0

ඉෂානි Wednesday, 08 October 2014 06:28 PM

මම නම් මාධ්‍ය වෘත්තියට සැමදා ගරු කරනවා (නි)

:       0       0

රූපවතී Wednesday, 08 October 2014 06:38 PM

කවුරු කවුරුත් වේදිකා නැඟගෙන කෝටි ගණන් වියදම් කරලා දහසක් මිනිසුන් ඉදිරියේ වපුරපු ඒවායේ ඵලදාව තමයි මාධ්‍යවේදීන් ජනතාවට නෙළාදෙන්නේ. ඒ නිසා ඒ මනුස්සයාගේ රස්සාවට ඇඟිල්ල දිගුනොකර තම තමන්ගෙන් රටට, ජනතාවට ඉටුකරනවා යැයි දිවුරා පොරොන්දුවී කියූ ඒ වගකීම් ටික හරියට ක්‍රියාත්මකදැයි කියලා හොඳට කල්පනා කරලා බලන්න. (නි)

:       0       0

බමුණු Wednesday, 08 October 2014 11:23 AM

"හිටපු මන්ත්‍රී තුමෙක් කිවිව කවිය " අන්තිම පද දෙක මතකයි " නවතා ගන්න බැරිනම් කොල්ලෝ ...... හූව ..............................(නදී)

:       0       0

හිරුෂ Wednesday, 08 October 2014 07:02 PM

මාධ්‍යවේදීන් නැත්නම් හොඳට තියෙයි.... එහෙනම් අපිට මොකුත්ම දැනගන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

බමුණු Wednesday, 08 October 2014 11:25 AM

මාධ්‍යවේදීන් කුණු අවුස්සන්න කොට මතු වෙන්නේ ඔබලානේ. (නදී)

:       0       0

වින්සන්ට් Wednesday, 08 October 2014 11:53 AM

අපට නම් "හු " කියන කෙනෙක් නැත. ගරු ඇමති තුමා වගේ ගරු ගාම්බිර කෙනෙකුට එහෙම කරන එක බරපතල ප්‍රශ්නයකි. "හු" වෙන් ප්‍රතිචාර දක්වන බොහෝ අවස්ථා ඇත. අපි අකමැති උනත් එයට වෙන උච්චාරණයක් නැත. කෙනෙක් එයට අකමැති නම් එම ප්‍රතිචාරය නොලැබීමට කටයුතු කල යුතුය. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 11:57 AM

මාධ්‍යවේදීන් වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ දිහා බැලුවම මට නම් හිතෙන්නේ සැබෑ මාධ්‍යවේදීන් එකතුවෙලා යම් සංශෝධනයක් කළයුතු කාලය එළඹිලා තියෙනවා කියලා. (නි)

:       0       0

නාලි Wednesday, 08 October 2014 12:02 PM

ඇමති තුමා , " ලංකාදීප " කියලත් පුවත්පතක් ලංකාවේ තියනවා. ඔබ තුමා බලන්නේ මොන පත්තරේද? කුණුගොඩවල් දාන පත්තර බලපුවහම කුණුගොඩවල් පේනවා. අනේ අපිට නම් කුණුගොඩවල් පේන්නේ නැහැ. හොඳ නරක සම සමව වාර්තා වෙනවා. ඔබ තුමා හු කියන වැඩ නොකර ඉන්නකෝ. අපි හු කියන්නෙත් නැහැ. මාද්‍ය වේදියෝ ලියන එකකුත් නැහැ. මට නම් පේන්නේ ඔබතුමාත් කැපෙන්න යන පාටයි. (නදී)

:       0       0

බුද්ධිමිත්‍ර Thursday, 09 October 2014 07:56 AM

නැහැ. මාධ්‍යවේදීන් ඉන්නේ වැසී ඇති කුණු ලෝකයට හෙළිදරවු කර සත්‍යය පෙන්වාදීමටයි (නි)

:       0       0

සරත් Wednesday, 08 October 2014 12:15 PM

පිටරටවල නම් මෙහෙම නැහැ. කණගාටුයි ලංකාව ගැන (නි)

:       0       0

හෂාන් Wednesday, 08 October 2014 12:15 PM

මාධ්‍යවේදීන් නැත්නම් කාගෙ කාගෙත් විත්ති නිකම්ම වැළලිලා යාවි (නි)

:       0       0

සෝමරත්න Wednesday, 08 October 2014 10:42 PM

සමහරුන්ට නම් දැන් මාධ්‍ය දැක්කහම පන ගැහෙනවා (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 October 2014 12:25 PM

මෙහෙම කීම හරිද මන්දා? (නි)

:       0       0

කමල් Wednesday, 08 October 2014 08:29 AM

කුණු ගොඩවල් ගැන ප්‍රචාරය දෙනකොට කැක්කුම හැදෙන්නේ තමන්ටත් ප්‍රචාරයක් ලැබෙයි කියලද? රට ඉදිරියට යන්න නම් මේ කුණු ගොඩවල් සුද්ද කරන්න මාධ්‍ය මගින් අප දැනුවත් වීම වැරදිද? (නධී)

:       0       0

චමින්ද Wednesday, 08 October 2014 08:34 AM

කවුද මේ ? දැකලා පුරුදු මුහුණක්. ඇයි මාධ්‍යට ඔච්චර බය. මාධය නැත්නම් අද ලංකාව තිබිච්ච තැනක් වත් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සුසිල් Wednesday, 08 October 2014 02:54 PM

දේශපාලකයෝ කුණු වැඩ කරනවිට ඒවා අවුස්සන එක මාධ්‍යයේ යුතුකමක් තමයි (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 October 2014 08:52 AM

දේශපාලුවෝ ජරාව කනකොට මාද්‍යවේදීන් ඒ කුණුගොඩවල් අවුස්සපුවාම මොකද?(අ)

:       0       0

ජනක Wednesday, 08 October 2014 08:53 AM

හරිම ආසා ඇති මහජනතාව ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නවා නම්. (අ)

:       0       0

සෑම් Wednesday, 08 October 2014 08:55 AM

සතියකට දෙකකට පෙර ඉරිදා ලංකාදීපයේ පිටුවක් පුරා මෙතුමා ගැන හොඳ විස්තරයක් තිබුනා. ඒකට කේන්ති ගිහිල්ලා තමා මෙහෙම කියන්නේ. (අ)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 09:01 AM

ඒ කාලේ රජයක හිටපු ප්‍රසිද්ධ චන්ඩියෙක්.(අ)

:       0       0

සුනිල් අබේරත්න Wednesday, 08 October 2014 09:11 AM

88 89 මිනී මරපු අය පක්ෂය මාරු කරලා දැන් මාධ්‍යටත් බය වෙලා වගේ (නදී)

:       0       0

උදාර Wednesday, 08 October 2014 09:19 AM

හොඳ නැති නම් මොකටද මැතිවරණ කිට්ටුව සම්භාෂණ තියල මාධ්‍යවේදීන්ව උඩ දාන්නේ. ? මේගොල්ලන්ව පුම්බනවා නම් හරිම හොඳයි . නැතිනම් නරකයි. (අ)

:       0       0

හසිත් Wednesday, 08 October 2014 09:23 AM

කුණු එකතු කරගත්තම මාධ්‍ය නැති වුනත් අවට බලු කපුටන් හරි ඇවිල්ල ඒවා අවුස්සාවී. (නදී)

:       0       0

ජයාත් Thursday, 09 October 2014 10:29 AM

සුරන්ජිත්, ඔයා හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වැරදියි. (නි)

:       0       0

රුවන් Wednesday, 08 October 2014 09:31 AM

දැන් ඔය කියපු ටික ප්‍රචාරය වුනෙත් මාධ්‍යයට පින්සිද්ධ වෙන්න නේද ? (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 08 October 2014 09:36 AM

මොකද අායෙත් පනින්නද හදන්නේ මේ සැරේ පැන්නාට ගන්න කවුරුත් නැහැ දෙන්න තනතුරුත් නැහැ. ඒවා ඔක්කොම දුක විඳගෙන පක්ෂයේ හිටිය අයට පමණි හොඳේ (නදී)

:       0       0

ලියනගේ Wednesday, 08 October 2014 09:38 AM

ඉතින් කුණු වැඩ නොකර ඉන්න කෝ ඇමති තුමෝ (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 October 2014 09:41 AM

පිටිගල, සුනිල්, මතකද ඒ කාලේ මෙයාගේ නම ඇහෙන කොට තරුණ අප බයවෙන හැටි. (නදී)

:       0       0

ගුණසේකර Wednesday, 08 October 2014 09:46 AM

සුදු පිරුවට වලින් වැහිලා තියන කුණු අවිස්සුවම පොදු ඡන්ද දායකයා ඇත්ත දැන ගන්නවා ඉතින් එ්ක නරකද? (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 09 October 2014 04:43 AM

වැරදි කරන අය තමා මාධ්‍යෙව්දීන්ට බය වෙන්නේ. මොකද ඒ අය කරන කියන දේවල් ජනතාවට පෙන්වා දෙන නිසා. (නදී)

:       0       0

චාමික Wednesday, 08 October 2014 10:17 AM

කාලෙකින් ඇමති තුමා ඇත්තක් කියල තියෙනවා.(නදී)

:       0       0

රෝහණ‍ Thursday, 09 October 2014 11:32 AM

ඔය පැත්තේ ඡන්දෙත් ළඟයි නේද? (නි)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 10:29 AM

ප්‍රවෘත්තියක් වෙන්න නම් 'ප්‍රවෘත්තිමය අගයක්' තිබිය යුතුයි. එහෙම අගයක් ලැබෙන එක ක්‍රමයක් තමයි පුවත ටිකක් දුර්ලභ දෙයක් වීම. පින්කමක් වගේ දෙයක් නිතර සිදුවෙන සුලභ දෙයක්. හාමුදුරු කෙනෙකුට හූ කිව්වොත් හරි මන්ත්‍රී ඇමති කෙනෙකුට හූ කිව්වොත් දුර්ලභ දෙයක්. දැන් පේනවද ඇමතිතුමා මාධ්‍ය එහෙම තමයි කියන එක. (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 10:29 AM

ඇමති ගාමිණී ලොකුගේ මහත්තයෝ, ඔය හූ කියන අයට කියන්න අර ඉස්සර කැස්බැවේ හිටපු මන්ත්‍රී තුමෙක් කිවිව කවිය (නදී)

:       0       0

සීල ද සිල්වා Wednesday, 08 October 2014 05:33 PM

මහත්තයෝ,මාධ්‍යවේදීන් තවමත් ඉවසාගෙනයි ඉන්නේ. ඒවා ඇවිස්සුවොත් සමහරුන්ට වෙන්නේ ලංකාව දාලා යන්න. මාධ්‍යවේදීන්ව විවේචනය කරද්දී අන්න ඒ ටිකත් හිතන්න (නි)

:       0       0

ඩිලාන් Wednesday, 08 October 2014 05:51 PM

මාධ්‍යවේදීන් දේශපාලකයින් වගේ කවදාවත් පිල් මාරුකරන්නේ නැහැ (නි)

:       0       0

පද්මිණි Wednesday, 08 October 2014 05:56 PM

කාගෙ කාගෙත් සෙල්ලම් රටට හෙළි කරන්නේ මාධ්‍යය. ඔවුන් නැත්නම් මේවා දැනගන්න අමාරුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 October 2014 10:50 AM

ඇමතිතුමනි, කුණු අවුස්සන්නේ කුණු තියෙන නිසා බව දන්නේ නැද්ද?කුණු නැතිව හිටියහම මාධ්‍යයට තියා කාටවත් බයවෙන්න ඕනේ නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 120 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 501 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 101 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 527 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 947 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site