ඌව පළාත් සභා ඡන්දය දවසේ මැර ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබු ලංකාදීප පුවත්පතේ ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
ත්‍රිරෝද රියකින් ගෙදර යද්දී ඔහු පස හඹා ගොස් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටයක් පිපිරී ඇතැයි ද එය මරණය සිදු විය හැකි තරමේ තුවාලයක් යැයිද වෛද්‍යවරු පවසති.
කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුට බ්‍රහස්පතින්දා (25) මුහුණේ සැත්කමක් කිරීමට නියමිතය.දැනට දියර වලින් පමණක් ජීවත් වන ඔහුගේ සැත්කමින් පසුව ද සති හයක් යන තුරු දියර පමණක් ආහාරයට ගැනීමට සිදු වන බව වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැර වැඩ වලට අනුබල දුන්නු කෙනා ගැන හොයන්න අදහසක් නැද්ද? (දිල්)
අපට ප්‍රවෘත්ති ගෙන එන්න ඔබ විඳින දුක් ගැහැට අපමණයි. ඉක්මනින් සුවපත් වේවායි පතමි. (දී)
බලයේ ඉන්න කරන පාහර වැඩ තමයි මේවා (නදී)
පරාජය බාර ගන්න බැරි අය කරන වැඩ මේවා. ඔවුන්ගේ හකුයි පන්නන්න ඕනේ (නදී)
හක්ක පටස් කවලා වාගේ , මාධ්‍යවේදීන් කියන්නේ දිවි පරදුවට තබා රැකියාව කරන කොටසක්. (ස)
ලුම්බිණි- හෙවුවොත් ලෙඩේ. ඒ නිසා පොඩිම මැරයා අල්ලලා. (ස)
මාධ්‍යවේදී මානවකයාට ඉක්මනින් සුව වේවායි පතමි. මෙම සහගහන අපරාධ කරපු සහ කරවපු උන්ගේ හක්කවල් වලටද දෙවියන්ගේ පිහිට පතමි. (නදී)
මෙම මැර ප්‍රහාරය එල්ලවූයේ හාලිඇල පොලිසිය ඉදිරිපිටය. පොලිසිය ඔහේ බලා සිටියහ (නදී)
පොලිසියට කොන්දක් නැහැ (දී)
දැන් වත් තේරෙනවද පොලිසිය දේශපාලනි කරණය වෙලා කියලා (දී)
පුදුම පොලිස් සේවයක් (දී)
මේක මැර ප්‍රහාරයක් නෙවෙයි. ජනතාව , ජනතාව. එ්කනේ පොලිසිය ඔහේ නිද්‍රා ඉරියව්වෙන් බලා උන්නේ.(නදී)
"මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම දඩුවම් විදිය යුතුමය" (අ)
මානව හිමිකම් නියමෙටම පිළිපදින රටවල් වල කෙනෙක් තව කෙනෙකුට ඇගිල්ලවත් ඔසවලා අරියාදුවක් කෙරෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් අන් පුද්ගලයාට ගරු කරන්නේ නැහැ. ඉරිසියා සහගතවයි කටයුතු කරන්නේ. ඒක හොදට ඔප්පු වෙනවා මේ මනුස්සයාගේ කැමරා එක උදුරාගෙන ඒක විනාස කල හැටි ඔහු කියන විට. (නදී)
කෘර ප්‍රහාරය හෙළාදකිමු .චන්දන සොයුරාට ඉක්මන් සුවය පතමු. (දී)