ඌව පළාත් සභා ඡන්දය දවසේ මැර ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබු ලංකාදීප පුවත්පතේ ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
ත්‍රිරෝද රියකින් ගෙදර යද්දී ඔහු පස හඹා ගොස් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටයක් පිපිරී ඇතැයි ද එය මරණය සිදු විය හැකි තරමේ තුවාලයක් යැයිද වෛද්‍යවරු පවසති.
කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුට බ්‍රහස්පතින්දා (25) මුහුණේ සැත්කමක් කිරීමට නියමිතය.දැනට දියර වලින් පමණක් ජීවත් වන ඔහුගේ සැත්කමින් පසුව ද සති හයක් යන තුරු දියර පමණක් ආහාරයට ගැනීමට සිදු වන බව වෛද්‍යවරු පවසති.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍යවේදීයාගේ් හක්කට සැත්කමක්
චානක. Wednesday, 24 September 2014 07:01 PM
මානව හිමිකම් නියමෙටම පිළිපදින රටවල් වල කෙනෙක් තව කෙනෙකුට ඇගිල්ලවත් ඔසවලා අරියාදුවක් කෙරෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් අන් පුද්ගලයාට ගරු කරන්නේ නැහැ. ඉරිසියා සහගතවයි කටයුතු කරන්නේ. ඒක හොදට ඔප්පු වෙනවා මේ මනුස්සයාගේ කැමරා එක උදුරාගෙන ඒක විනාස කල හැටි ඔහු කියන විට. (නදී)
පිටිගල Wednesday, 24 September 2014 10:46 AM
මේක මැර ප්‍රහාරයක් නෙවෙයි. ජනතාව , ජනතාව. එ්කනේ පොලිසිය ඔහේ නිද්‍රා ඉරියව්වෙන් බලා උන්නේ.(නදී)
ධම්ම Wednesday, 24 September 2014 07:00 AM
අපට ප්‍රවෘත්ති ගෙන එන්න ඔබ විඳින දුක් ගැහැට අපමණයි. ඉක්මනින් සුවපත් වේවායි පතමි. (දී)
දයා අලහාකෝන් Wednesday, 24 September 2014 07:08 AM
බලයේ ඉන්න කරන පාහර වැඩ තමයි මේවා (නදී)
ස්ටීව් Wednesday, 24 September 2014 07:09 AM
පරාජය බාර ගන්න බැරි අය කරන වැඩ මේවා. ඔවුන්ගේ හකුයි පන්නන්න ඕනේ (නදී)
රිචි බාලසුරිය Wednesday, 24 September 2014 07:15 AM
හක්ක පටස් කවලා වාගේ , මාධ්‍යවේදීන් කියන්නේ දිවි පරදුවට තබා රැකියාව කරන කොටසක්. (ස)
පියුමි Wednesday, 24 September 2014 07:22 AM
ලුම්බිණි- හෙවුවොත් ලෙඩේ. ඒ නිසා පොඩිම මැරයා අල්ලලා. (ස)
නාලි Wednesday, 24 September 2014 07:31 AM
මාධ්‍යවේදී මානවකයාට ඉක්මනින් සුව වේවායි පතමි. මෙම සහගහන අපරාධ කරපු සහ කරවපු උන්ගේ හක්කවල් වලටද දෙවියන්ගේ පිහිට පතමි. (නදී)
විජේසිංහ Thursday, 25 September 2014 03:42 AM
කෘර ප්‍රහාරය හෙළාදකිමු .චන්දන සොයුරාට ඉක්මන් සුවය පතමු. (දී)
රවී Wednesday, 24 September 2014 09:16 AM
මෙම මැර ප්‍රහාරය එල්ලවූයේ හාලිඇල පොලිසිය ඉදිරිපිටය. පොලිසිය ඔහේ බලා සිටියහ (නදී)
නිල්මිණි Wednesday, 24 September 2014 09:53 AM
පොලිසියට කොන්දක් නැහැ (දී)
නිල්මිණි Wednesday, 24 September 2014 09:53 AM
දැන් වත් තේරෙනවද පොලිසිය දේශපාලනි කරණය වෙලා කියලා (දී)
දුරාචාර්ය ටිකිරි බණ්ඩාර Wednesday, 24 September 2014 04:33 PM
"මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම දඩුවම් විදිය යුතුමය" (අ)
ලුම්බිණි Wednesday, 24 September 2014 05:53 AM
මේ මැර වැඩ වලට අනුබල දුන්නු කෙනා ගැන හොයන්න අදහසක් නැද්ද? (දිල්)
මන් Wednesday, 24 September 2014 10:38 AM
පුදුම පොලිස් සේවයක් (දී)