ඉකුත් අඟහරුවාදා (23) බදූල්ල හාලිඇල පොලිස් මුර පොළ අසලදී එක්සත් ජාතික පක්ෂ පෙළපාලියක දී ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පු ආරච්චි මහතාට පහර දුන් බව කියන සැකකරු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි පස්සර සංචාරක මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශණි සිල්වා මෙනවිය අද(25) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කැරුණේ බදුල්ල විහාරගොඩ පදිංචි අමිල චන්දන(32) නොහොත් කළු ආරිගේ පුතා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ..එදා චන්ඩියා වගේ ගැහුවට දැන් කලිසමේ මුත්‍රා යනවා ඇති බයට ..(දී)
හතර විලි ලැජ්ජයි, එක්කෙනාද ගැහුවේ හා... හා... (දී)
කාට උනත් ගහන එක වැරද්යි .හැබැයි මාධ්‍යවේදීන් මාධ්‍ය සදාචාරය රැකිය යුතුයි .ඉගෙනගත යුතුයි. (ස)
ඒ කියන බලවත් උදවිය අල්ලන්න ගියොත් ඉතින් පොලිස් ලොක්කට ස්ථාන මාරුවක් ලැබේවි යාපනේට විතර..... (දී)
අල්ල ගත කෙනාගේ උවමනාවට ගහල නැහැ වෙනත් බලවතෙකුගේ අවශ්‍යතාවයකට ඉතින් ඒ බලවත අල්ලන්න එපායැ (දී)
හරියට නීතිය ක්‍රියාත්මක කෙරුනොත් හොඳයි. අපේ ඇස් වහන්න නම් හදන්න එපා (නි)
මේවා මානව හිමිකම් කොමිසමට යන්නත් බැරි නැහැ (නි)
මාධ්‍යවේදීන් යනු රටේ ශක්තියයි (නි)
කිසිවෙකුට ඇපදීලා බේරගන්න බැරි විදියට ජීවිත කාලෙම හිරේට නියම කරන්න ඕනා. එවිට ඔය කුලප්පු උණු අනිකුත් මී හරක්ගේ නහ විද්දා වෙනවා. තමන්ගේ දරු පවුල රැකගෙන ගෙදර ඉන්න තියන එක, මුන්ට පස්චාත් බාගෙන් රූටන්න 7 මාසයක් නැගිට ගන්න බැරි වෙන විදිහට එතනම ඉන්න දඩුවන් දෙන්න ඕනා (නදී)
මිනිස්සු හතර පස් දෙනෙක්ම ගැහුවානේ ඉතින් එකෙක් අල්ලලා හරියනවද (අ)
මාධ්‍ය නිදහස සුරකින්න (දී)
මට දැනගන්න පුලුවන්ද කඩේ යන්නේ මොකටද කියල. (දී)
මේක ප්‍රෝඩාවක් ...පහර දුන්නේ එක්කෙනෙක් නොවෙයි....අනික් එක පහර දුන්නේ බලයේ සහයෝගයෙන් ..ජනතාවගෙන් එල්ල වන විරුද්දතාවය යටපත් කිරීමට දමපු පැලැස්තරයක් මේක. ජනතාවට දැන් පොලිසි ගැන කිසි විශ්වාසයක් නැත .මන්ද ඔවුන්ටද සේවය කරන්න සිදුවී තිබෙන්නේ දෙසපාලනීයකරණය වූ නීතිය යටතේ නිසාවෙන්. (දී)
මිනිහ එලියට එයි ජාතික වීරයෙක් වගේ තව දවස් කිහිපයකින් (දී)
මෙයාලව විතරක් නොවෙයි මේවා කරවන මහා මිනිස්සුන්වත් රිමාන්ඩ් කරන්න ඕන. (දී)
අන්වර්ථ නාමයෙන් නම් පෙන්නේ හිගන චන්ඩියෙක් වගෙයි.(දී)
ලේසි වෙන්නේ නැහැ මෙයාට (දී)
ලේසියෙන් අරින්න එපා වැඩේ (දී)