( නිමන්ති රණසිංහ)
පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.
මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්
sachith Wednesday, 13 February 2019 06:40 AM
ඔක්කොම කුණු බේරුවල බොක්කට කිවා වගේ තම, දැන් ඉතින් අහුවෙන අහුවෙන පාතාලය මෙයත් එක්කම විතරයි සම්බන්දකම් තියල තියෙන්නේ.
ඇත්ත සත්‍යපාල Wednesday, 13 February 2019 07:09 AM
බොහෝ කලක සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වන ලතිෆ් මහතා පන්නා දැමීමට වෙහෙසුන සහ මදුෂ්ගේ ගෝලයින් පිරිසක් තම ආරක්ෂකයින් ලෙස තබාගෙන සිටි වෙල් විදානේ ගැන වහා පරීක්ෂණයක් කලයුතු බව බලධාරීන්ට නොතේරේද ?
Sapumal. Wednesday, 13 February 2019 07:09 AM
කාට බොරු කලත් අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු කරන්න බැහැ. එම තත්වය රටවැසියන් ලෙස අප සැම ලැබූ විශාල ජයක්. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වා සේ ඉදිරියේදී හොඳ හොඳ දේ අපට බලාගත හැකි වේවි.
Vajira Wednesday, 13 February 2019 08:22 AM
අදහස් නැත
Sepala atygala Wednesday, 13 February 2019 08:42 AM
රහස් පොලිසියට දැන් මොකක් හරි කුනුහරපයක් කියල මේ පටලැවිල්ල ලිහාගන්න ඕන...... මදුෂ්ගේ විස්තර අද වෙනකන් හොයාගන්න බැරි උන ස්ට්ෆ් එකට පින්සිද්ද වෙන්න වැඩේ කරගත්ත
sena Wednesday, 13 February 2019 08:43 AM
හොදයි සම්බන්දයක් තිබිලා ඔප්පු උනත් එයාව ගෙන්න ගන්නේ කොහොමද අපි ඩුබායි රටත් එක්ක අපරාද කාරයෝ හුවමාරු කරගන්න ගිවිසුමකට අත්සන් කරන්නේ නැතුව.
Uditha - London Wednesday, 13 February 2019 08:43 AM
ඒ සැරේ තව අලුත් නාට්‍යක්ද?
pathirana Wednesday, 13 February 2019 09:31 AM
ඔය අපරාදකාරයෝ ටික ලංකාවට ගෙන්න ගන්න බැරි මොකක්දෝ ගිවිසුම් ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ - ඉතින් මොකටද ඔය පොලෝසියේ මහත්තුරු දුක්විදගෙන ඕවා හොයන්නේ?