IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මීනා "මේ ආදරයයි" ගීතය කලේ ආසාවෙන්ලු

2016-04-01-ent-19


2016-04-01-ent-18සිරස සුපර්ස්ටාර් හා ශක්ති සුපර්ස්ටාර තුළින් ඔබ හඳුනා ගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්‍ෂේත්‍ර‘ය තුළ සනිටුහන් කර හමාරය. සතියේ දිනවල දහවල් 02.00 ට සිරස එෆ්.එම් ඔස්සේ විකාශනය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතයෙන්ද සිරස ටී.වී. ඔස්සේ විකාශය වන "මේ ආදරයයි" තේමා ගීතයද ගායනා කරන ඇය මීනා ප්‍රසාදනීය.

"මම තේමා ගීතවලට තමයි වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නේ. මගේම ගී නිර්මාණ සිද්ධ වෙන්නෙ හරිම අඩුවෙන්. ඒකට හේතුව මට ලැබෙන හැම ආරාධනාවක්ම මම භාර ගන්නෙ නැහැ. මට ගැළපෙන නිර්මාණ පමණයි මම භාරගන්නේ. නමුත් මම ගී නිර්මාණයක් සිදු කළොත් මට මාධ්‍යවලින් සහයෝගය ලැබෙනවා. මගෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ආපු නැති නිසා වෙන්න ඇති තේමා ගීතවලට දායක වෙනවා කියලා දැනෙන්නේ. ට්‍රේන්ඩ් එකට යන්න මම ආස නැහැ. ආර්ථික වටිනාකමක් බලන් ගීත නිර්මාණ සිදු කරන්නේ නැහැ. එහෙත් මම මෑතකදී දායක වුණ තේමා ගීත දෙකක් වැඩි ජනප්‍රියත්වයක් ලැබුවා. "මං ආදරේ" නාට්‍ය‘යේ තේමා ගීතයට මම පෞද්ගලිකව ආසයි...

"මං ආදරෙයි" ගීතය රචනා කළේ නිදුක් මධුෂික, එහි සංගීතය ජයසිරි අමරසේකර. "මේ ආදරයයි" මම ආසාවෙන් කළ ගීතයක්. වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණා. එයට සිරස ටී.වී. ආරාධනා කිරීම ගැන සතුටුයි. සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සුසාර දිනාල්ද මතක් කළ යුතුයි.

ප්‍රවීණ සංගීතඥයන් වගේම, නව පරපුරේ අය එක්කත් මම වැඩකරලා තියෙනවා. අද ගීත නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම කැමති නැහැ මම අකමැති ගීතයක් මගේ වොයිස් එකෙන් අහන්න. මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. මේ කාලෙ සී.ඩී. පටයක් නිර්මාණය කළා කියලා වාණිජ වටිනාකමක් ගන්න බැහැ. ගායිකාවක් ලෙස සී.ඩී පටයක් කළ යුතුයි කියලා මම හිතන්නේ. එයට විශාල පිරිවැයක් වැය වෙනවා. අද තාක්ෂණය දියුණුයි. මට අවශ්‍ය හොඳ ගීත නිර්මාණය කිරීම පමණයි.

"සිරස සුපර්ස්ටාර් තුන්වැනි අදියරේදී මම ඉවත් වුණේ දොළොස් වැනියා විදිහට. ශක්ති සුපර්ස්ටාර් තරගයේ අවසාන වටයට මට යන්න හැකියාව ලැබුණා. මට තරගයකින් මේ තරම් මිනිසුන් අතරට යන්න හැකිවේවි කියලා මම හිතුවේ නැහැ. එහෙත් දෙවියන්ගේ ආශීර්වාදය දෙමාපියන්ගේ ආශීර්වාදය හා මට උදව් කළ සියලු දෙනාගේ සහයෝගයෙන් මම මේ ගමන යනවා. තනියම මම යන ගමනේදී මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය අමතක කරන්න බැහැ. විශේෂයෙන් සුරේෂ් මාලියද්ද මතක් කළ යුතුයි. ඒ වගේම මාව විශ්වාස කරලා මට පළමු චිත්‍රපට ගීතයක් ලබාදුන් සංඛ දිනෙත්ටත් මගේ පෙම්වතාටත් මගේ නිවසේ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මාත් එක්ක හිටපු මාව විශ්වාස කළ හැමෝම මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි."

 

රංගන

 

2016-04-01-ent-17



අදහස් (0)

මීනා "මේ ආදරයයි" ගීතය කලේ ආසාවෙන්ලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 79 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 682 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1578 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3528 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1846 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 702 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38066 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 799 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site