IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මිනී මරණ හැටි උගන්වන පත්තරත් තියෙනවා‘

මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකිරීම තවත් එවැනි අපරාධවලට පිටිවහලක් බවත් ප්‍රවීන චිත්‍රපට  අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ ‘විද්‍යාගෙන් පසු අපි?‘ මැයෙන් සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳව බොරැල්ල නගරෝදය ශාලාවේ දී පැවැති විවෘත සංවාදයකදී ය.  

නාලක ගුණවර්ධන, නීතීඥ කේ ඩබ්ලිව් ජනරංජන, චන්දන සිරිමල්වත්ත,  ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ද සහභාගී වූ එම සංවාදය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබිණි.

ඉන්දියාවේ තරුණියක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය වාර්තා කරද්දී කිසිම පුවත්පතක ඇගේ නම හෝ ඡායාරූප පළ නොකළ බවත්, එය ඔවුන් විසින් ඇති කර ගත් ස්වයං වාරණයක් බවත්, ලංකාවේ තත්ත්වය ඊට වෙනස් බවත් ධර්මසිරි බණ්ඩාරනායක මහතා කීවේය.

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත මහතා කීවේ අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේ දී ‘දූෂණය‘ යන වචනය භාවිත නොකිරීමට මාධ්‍යවේදීන් වග බලා ගන්නේ නම් හොඳ බවයි.

ඇතැම් නාලිකාවල ප්‍රවෘත්ති විකාශන හරියට ටෙලිනාට්‍යයක් වගේ යැයි ද සිරිමල්වත්ත මහතා කීවේය.

17705_457892667708864_2750725813619560697_n 1688798_457891957708935_3916052120218026927_n 11032222_457883927709738_789635880823677220_n 11224358_457891541042310_4985166557657822758_n 11391284_457891791042285_4568074488404700656_n 11391592_457890427709088_7164139253525046793_n 11401158_457891064375691_7816526125740779627_n 11402700_457883834376414_1939077272598302908_n 11403322_457884227709708_6581860785030328404_n 11412166_457890647709066_7639130721992411904_n 11412380_457892087708922_3515509865465573274_n 11428482_457891811042283_3851513778671111083_n 11535729_457891571042307_4904469873628215352_n 11535910_457892224375575_8841687495752553594_n



අදහස් (0)

‘මිනී මරණ හැටි උගන්වන පත්තරත් තියෙනවා‘

නාරද Wednesday, 10 June 2015 08:53 AM

කාථා කර කර ඉදලා වැඩක් නැහැ ශක්තිමත් නීති සහ දැඩි දඩුවම් අවශ්‍යයි. නැත්නම් හැමදාම ෂෝ සහ පොර ටෝක්ස් (ම)

:       0       0

දුමින්ද Wednesday, 10 June 2015 09:12 AM

අපරාද විකුණගෙන කෑම (ම)

:       0       0

සමන්ති Thursday, 11 June 2015 12:03 AM

මොන පත්තරද මේ? (නි)

:       0       0

චූලා Wednesday, 10 June 2015 10:10 AM

අපරාධයක් ගැන දැනගැනීමෙන් ඉගෙනගැනීමට බොහෝ දේවල් තිබෙනවා.පුවත් මඟින් අපරාධ කිරීමට පෙළඹෙන අය ඉතාමත් අඩුයි. එහෙත් අපරාධයක් සිදුවුණ ක්‍රමය දැනගැනීම මඟින් ප්‍රවේශම් වෙන පිරිස ඉතාමත් ඉහළයි. (නි)

:       0       0

කරු Thursday, 11 June 2015 10:17 AM

රටේ සිදුවන අපරාධ සිදු වූ අාකාරයටමත් අපරාධකාරයා පාපොච්චාරණය කරන ආකාරයත් අපරාධ වසන් කිරීමට යොදාගන්න ක්‍රමවේදයන් මාධ්‍ය හරහා එලෙසම ප්‍රචාරය කිරීම නිසා අන් අයද එවැනි අපරාධ කිරීමට පෙලබෙවිමක් දකින්න පුළුවන්. (ම)

:       0       0

සෙනරත් Wednesday, 10 June 2015 05:12 AM

අපරාධ සිදු වූ ආකාරය එලෙසින්ම ප්‍රසිද්ධ කිරීමෙන් එවනි උපක්‍රම වලින් ගැලවීමට අනෙක් අයට උපකාරයක් නොවන්නේද? (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 10 June 2015 05:25 AM

නා නාවිධ මිනීමැරීම් සිදුකර නීතිය කණපිට හරවා ඒවා වසා දැමු නායකයන් පාලනය කළ රටක වෙන දේවල් ගැන එක අතකින් පුදුම වෙන්න දේකුත් නැති නමුත් පෙර වැරදි නිවැරදි කරගත යුතුයි (නි)

:       0       0

අශෝක රළපනාව Wednesday, 10 June 2015 05:26 AM

සෙනරත්, ඔයා දන්නවද ඒ පුවත් ගොඩාක් ආශාවෙන් කියවන අයට මානසිකව ඒවා කිඳාබහිනවා කියලා? ඉන්දියාවේ ළමයි එයාගේ දෙමාපියන්ගේ සම්පුර්ණ නම දන්නේ නැහැ.එහෙත් සිනමාවේ ඉන්න අයගේ ඕනෑම දෙයක් දන්නවා.අපේ ළමයි වුණත් ඔය පුවත්පත් වල තිබෙන ස්ත්‍රී දුෂණ හරි ආශාවෙන් කියවනවා.එතකොට එයාලගේ මනස විකෘති වෙන්න ඉඩ තියෙනවා නේද? අපිට අපේ අදහස් කියන්න නිදහස තියෙනවා.එත් ටිකක් හිතලා බලන්න අපි වුණත් ඒවා රස කරලා බලන්න ආශා නැද්ද කියලා. (නි)

:       0       0

හුසේන් මොහොමඩ් Wednesday, 10 June 2015 05:37 AM

සමාජ වැරදි එයාකාරයෙන්ම සද්භාවයෙන් පෙන්වාදී, මහජනයා එමගින් ඈත් කිරීම කලාකරුවන්ගේ වගකීම තේරුම් ගෙන ඒ සඳහා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔබ සැමට මාගේ ප්‍රණාමය. (ම)

:       0       0

මොහාන් Wednesday, 10 June 2015 05:54 AM

මම දන්නවා ඔය කියන පත්තරේ ගැන. ගොඩක් විකිනෙනවා . අමු අමුවේ ඔක්කොම දානවා මේ පත්තරේ. යහපාලනයෙන් වත් මේක වැදගත් පත්තරයක් විදියට කළොත් හොඳයි නේද? (බ)

:       0       0

අනුර Wednesday, 10 June 2015 05:55 AM

අපි ඉස්කෝලේ යන කාලේ තිබුන එක පත්තරේක 33 කාමරේ කියල විශේෂාංග ලිපියක්. අපි හරි ආසයි එක කියවන්න. මොකද එකේ අමු අමුවේ තිබ්බේ ඒ පුද්ගලයා සමාජ රෝගයට ගොදුරුවන විදිය. (ම)

:       0       0

ඉන්දික Wednesday, 10 June 2015 05:57 AM

මිනිස් සිතේ ස්වභාවය අනුව අපරාධ ගැන සවිස්තරාත්මකව වැඩිපුර අසන්නට ලැබීමෙන්, එයට නැබුරු වීමේ සම්බාවිතව වැඩිවේ. අර සත්තිගුම්බ ජාතකය (ගිරව් දෙන්නගේ කතාව) වගේ .(ම)

:       0       0

අසුනත Wednesday, 10 June 2015 06:11 AM

අපේ බහුතරයක් ජනමාධ්‍යකරුවොත් රටේ දේශපාලනයටම ගැලපෙන ආකාරයට හැඩ ගැහිලා. එයාල එයාලගේ බඩ වඩා ගැනීම මිස සේවයක් විදියට කරන්නේ නැහැ . ඔබතුමන්ලා වගේ ජනතාවාදී ජනමාධ්‍ය වේදීන් මේ වගේ දේවල් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීම සතුටක් සහ සේවයක් . පුලුවන්නම් අද පත්තරවල ඉන්න බොරු සුචරිතවාදී එහෙත් තමුන්ගේ වාසිය ගැන හිතන සමහරක් ජනමාධ්‍ය කරුවන්ට ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති ටිකක් හදල දෙන්න .නැත්නම් මිනිස්සු පත්තර බලන්නෙම නැතුව යාවි . දැනටත් ගොඩක් අය පත්තර බලන්නේ නැහැ . (ස)

:       0       0

තුවාන් Wednesday, 10 June 2015 06:14 AM

අශෝක රළපනාව - ඔයා කියපු එක 100% ම ඇත්ත. මගේ පුද්ගලික අත්දැකීම මත. සමහර නාලිකා ප්‍රවෘත්ති ටෙලිනාට්‍යයකටත් එහා.... අඬ අඬ කියන්නේ!! (ස)

:       0       0

ලලිත් Wednesday, 10 June 2015 06:14 AM

කොටකෙතන මව මැරූ පුතා කලෙත් ගැලවීම සඳහා පෙර මිනී මැරුම් ආකාරයට නිරුවත් කර මල සිරුර සැඟවීම ඔහු එම දේවල් පෙර මිනී මැරුම් වලින් විස්තර දැනගත් ආකාරයට සිදුකළා සියලුම විස්තර එයාකාරයෙන් පළකිරීමෙන් තව කෙනෙකුට ගැලවීම වගේම අපරාද කාරයෙකුට සැඟවීමටත් අාභාෂය ලබාගැනීමට පුළුවන්. (ස)

:       0       0

සරත් Wednesday, 10 June 2015 06:22 AM

වාහිනී වලට ඕනේ උන් කැවුම් වගේ ,අපරාද කරන හැටි සමාජයට දෙන්න. ඉස්සර පත්තර ප්‍රමිතියක් තිබුන, මිනිඋන්ට වැරදි දේවල් මේවාය කියා කියල දෙන, දැන් එහෙම නැහැ .සමාජයට ආදරේ පුවත්පත්, රුපවාහිනී කලාවේදීන් හරි අඩුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 65 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 158 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 165 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1930 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2808 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2079 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site