මසුන් ඇල්ලීමට යාල ගොඩේ කලපුවට ගිය හැට පස් හැවිරිදි ධීවරයකුගේ පාදය කිඹුලකුට අසුවී සිටියදී දිය යටින් අත දමා කිඹුලාගේ බඩ කිති කැවීමෙන් බේරුණු බව එම ධීවරයා කියයි.
ඒ එම් විසදීන් නම් මෙම ධීවරයා කියනුයේ තමා එම උපක්‍රමය දැන සිටි බවයි.
කිඹුලන්ගෙන් බේරීම සඳහා ගල් කැට මතුරා කලපුවට දමා ඇතත් එම මන්තරවල කාලය ඉක්ම ගොස් ඇතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිති කවන කොට කිඹුලා කිව්වද දන්නේ නැහැ, අනේ නිකන් ඉන්නකෝ කිති නොකවා කියලා. එෂ්පයර් වුණ මන්තරේ අපිට දෙන්න බැරිද? (නි)
ඔයාලට දුක තේරෙන්නේ නැහැ. හිනාව කෝකටත්. ඊයේ කාපු ගුටි වලට තාම මගේ කොන්ද රිදෙනවා . කිඹුලා කෑවා නම් ඉවරයි.... (නි)
කතාව ඇත්ත. කොහොම නමුත් කිඹුලා 'චූන්' වුණ එකෙන් මිනිහා බේරුනා (නි)
අපේ පැත්තේ කිඹුල්ලු මේ සිද්ධිය දැනගත්තොත් මාර වැඩේ වෙන්නේ. අපිට වතුරට බහින්නවත් බැරි වේවි (නි)
කිබුල්ලුත් එක්ක මොන මන්තරද අනේ
මාර ගල් කැට වගයක්නේ (දී)
කෝලිත මහත්තයෝ, විහිලුවක රසය විඳින්නත් මානසික හැඩගැස්මක් තියෙන්න ඕනෑ. බලන්න, මේ අදහස් එකක්වත් ඒ ධීවරයා උපහාසයට ලක්කරනවද කියලා. නැහැ නේද. සාහිත්‍යයේදී "සදය සිනාව" කියන්නේ මේවටයි. දයා, නීල්, හේරත්, දම්මික ගේ අදහස්වලට මට තවමත් හිනා. (නි)
ඔව් කෝලිත, දුකේදී හිනාවෙන්න තමයි අපේ අය දන්නේ (නි)
මේ වැඩේ ඇමෙරිකාවේ හරි එංගලන්තේ කෙනක් හරි කළා කියල පත්තරේ වැටුනා නම්? පව් අහිංසක මනුස්සයව විහිලුවකට ගන්න එකනම් වැරදි වැඩක්. (නි)
ඔය මන්තර ඔහේලා ළගම තියාගන්න (නි)
ඌ කිඹුලද? කිඹුලිද? හිතාගන්න බැහැ. (නි)
මේක කියවල මටත් කිති වගේ. එක්ස්පයර් වෙන්න මන්තර වලට දිනය දාලද මන්තරේ ජප කළේ දන්නේ නැහැ. මාතර ගඟට මෙයාට කියලා මන්තරේ ජප කරලා ගල් දාන්න ඕනෑ. මාතර ගඟේ ගොඩක් කිඹුල්ලු ඉන්නවා (නි)
මොන මන්තරද අනේ මේ වෙලාවට
ලංකාවේ මාර්ග සංඥා එලි ගාව, පදික මාරු ගාව හිටන් ඉන්න කිඹුලන්ව නම් කිති කවන්නේ පාට කොළවලින්ලු. (නි)
කිඹුලා කිඹුලිට මොනවා කිවුවද දන්නේ නැහැ ? කිඹුලට මතක වෙනකොටත් හිනහා ඇති (නි)
මන්තර පොත කියවපු නැති නාඹර කිඹුලෙක් වෙන්න ඇති. (නි)
කිති කවද්දි කිඹුලට හක හක ගාලා හිනා යන්න ඇති මගේ හිතේ. (ස)
එක මනුස්සයෙක් එලොව ගිහින් මෙලොව ඇවිත්, බේරුනේ රුදුරු මරණයකින්. සමහරෙකුන්ට ඒක හිනාවට උපහාසයට කාරණයක්. ඒ එයා දුප්පත් අහිංසකයෙක් නිසාද? නැත්නම් මිනිස්සුන්ගේ මනුස්සකම වලපල්ලට ගිහින් තියෙන නිසාද දෙවියනේ ? (නි)
පිස්සු වගේ මට නම් (නි)
මේක කියවනකොට අපට නිකං කිති කැවෙනවා වගේ (නි)
අයියෝ! (නි)
පිස්සු කතා (දී)
කිබුලාගේ බඩට කිචිද
මම දන්නේ නැහැ කිබුලාට කිචි කියලා
අද මම ඒ වැඩේ කරන්න ගිහින් නෝනගෙන් ගුටි කෑවා (නි)
මොලේ තියෙන කෙනෙක්. (ස)
කිඹුලට හිනා ගියාද දන්නේ නැහැ. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
දැන ගත්ත එක හොදයි
බඩද නැත්නම් වෙන තැනක් කිති කැව්වද මන්දා ලොක් වෙච්ච කිඹුල් කට ඉබේ ඇරෙන්න. කොහොම වුණත් මේකා කිඹුල් පැටියෙක් වගේ. (නි)