පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මන්ත‍්‍රීවරුන්ට හිමිවන කෝටා ක‍්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමීල් අද (7) පැවති සභා රැස්වීම අතරතුර තම අසුනින් නැගිට මේසය මත නැගී විරෝධය පළ කළේය.
මේසය මත නැගී සිටි මන්ත‍්‍රීවරයා තමන් ඇ`ද සිටි සරමද ගලවා දැමීය.
සිසුන් ඇතුළත් කිරීමේදී පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පුරප්පාඩු 5ක් පිරවීමේ අවස්ථාව ලැබී ඇති අතර ඉන් තුනක්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න සංජීව මහතා විසින් පුරවා ඇති බවයි.
ඉතිරි දෙකෙන් එක් අවස්ථාවක් සුදුසුකම් ඇති සිසුවෙකුට ලබාදෙන ලෙස තමන් ගොස් විදුහල්පතිනියගෙන් ඉල්ලූ අවස්ථාවේ එම පුරප්පාඩු දෙකද ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පුරවන බව ඇය පැවසූ බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.
මේ අවස්ථාවේ ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා සහ ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවූ අතර ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පැවසුවේ ගැටලූව විස`දීම ස`දහා සභාවෙන් පිටතදී හමුවෙන ලෙස ඉෆ්තිකාර් මන්ත‍්‍රීවරයාට පවසන බවය.
මුලසුනෙහි සිටි උප සභාපති යසපාල කෝරළගේ මහතාට දැඩි පරිශ‍්‍රමයක් දරා සභාව සන්සුන් කිරීමෙන් පසු ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා බිම තිබූ තම සරම ඇ`දගෙන යළිත් අසුන් ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන්ට ජනතා වරමින්ද පාසල් වලට දාන්න කෝටා එක ලැබුනේ? මොවුන් හැම එකම බෙදාගන්නවා. ජනතාව හාමතේ (නි)
මේ කවුරු මොනවා කිව්වත් මීළඟ මහා මැතිවරණයෙන් මෙතුමාට පාර්ලිමේන්තු ආසනයක් නියතයි... (ර)
මෙහෙම අය තමයි ඉතින් අපිට ඉන්න නායකයෝ. (ර)
මේ වගේ අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. (ර)
ආදර්ශවත් දේශපාලකයෝ රටට බිහිවුණා (ම)
මොකක්ද ඇත්තටම මේ අපේ නායකයොන්ට වෙලා තියෙන්නේ. (ර)
සමස්ථ දේශපාලකයන්ම මේවා කරන්නේ කාටවත් ආදරේට නෙමෙයි. (ර)
පුදුමාකාර මහත්තයෙක්නේ මෙයා. ඇඳගෙන සිටි ඇඳුමත් ගළවලාද? (නි)
ලංකාව විනාශ කරන කට්ටියක්. රටේ සියලුම යාන්ත්‍රණයන් විනාශ කරන්නන්ට ශාප වේවා! (නි)
මේවට අදහස් දාලා වැඩක් නැහැ. පිළිකාවක් බඳු මේ දේශපාලන ක්‍රමය ලංකාව ගිලගෙන ඉවරයි (නි)
බාර් ලයිසන්, ඉස්කෝලෙට ළමයි දාන කෝටා...මේවා සංවර්ධනයට අදාළ දේද? අපිත් ඉන්නේ මරු රටක. මේවා හරිගස්සන්න කිසිම මිනිහෙකුට ඕනෑකමක් නැහැ. (නි)
අපොයි දෙයියනේ, යටට මොකුත් ඇඳලා හිටියේ නැද්ද?(හේ)
අනේ මෙහෙමත් ලැජ්ජා නැති වැඩ? (නි)
දෙවියනේ! කාට මොනවා පෙන්වන්නද? (නි)
මොකක්ද මේ හැදිලා තියෙන අමුතු පිස්සුව ඒ ගමන? (නි)
ෂික් විතරක්! මෙහෙමත් ලැජ්ජා නැති මිනිසුන්වද අපි පත්කරගෙන තියෙන්නේ? (නි)
මේ අයද ජනතාව පත් කරගෙන තියෙන්නේ.(හේ)
ලැජ්ජයි මේ ගැන.(හේ)
දේශපාලකයාගේ ආගම දේශපාලනයයි. කිසිම ආගමකින් ඔවුන් සංවර කළ නොහැක.(හේ)
ඇයි කලිසමත් ගලවන්න හිතුනේ නැද්ද?(හේ)
හුරේ! දෙන්නම සුදුසුකම් උපයා ගත්ත අනාගතේ පාර්ලිමේන්තු යන්න. හරි, දැන් වාඩිවෙන්න මහත්වරුනි. (බ)