තංගල්ලේදී රිය අනතුරකට ලක්වූ එජාප මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. ඔහුගේ රියෙන් බෝර දොළහ තුවක්කුවක්, උණ්ඩ 11ක්, රිවෝල්වරයක්, උණ්ඩ හයක් හා ගංජා ග‍්‍රෑම් තිස් හයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. අනතුරෙන් පසුව වාහනය පිරික්සීමේදී ඒවා සොයා ගත් බව ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි චන්දෙ දුන්නේ ඕවා කරන්නද (දී)
එජාප මන්ත‍්‍රී කෙනෙක්ලුනේ, නේද? (නි)
පොලිසියේ කට්ටිය කෝකටත් පරිස්සමින්. (නි)
මේවට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න (දී)
දැන් ගංජා වලට මොනවා වෙයිද? (නි)
මේවා ඒ අයට විශේෂ වරප්‍රසාද යටතේ ගෙනියන්න බැරිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොනවද මේ කියන්නේ , මට කිසි දෙයක් මතක නෑනේ (ස)
තංගල්ලෙන් තවත් ගංජා වීර ක්‍රියාවක්ද? (නි)
ඕකත් ගොඩදා ගනීවි (ස)
සමහරවිට මේ ගංජා ගැන මන්ත්‍රීතුමා දන්නෙවත් නැතුව ඇති. (නි)
එයාව මේ පැත්තට ගත්තනම් සේරම හරි (ස)
කාගේ ගෝලයොද ? (ස)
අපේ චන්දෙන් ගිහිල්ලා ඒ බලය වැරදි විදිහට පාවිච්චි කරනවා (දී)
හිතන්න ඇති අහුවෙන එකක් නැහැ කියලා (දී)
නඩු වැටෙනවා අනිවාර්යයෙන්ම (දී)
නිකන් මඩ ගහන්න එපා (ස)
තුවාල ගැන නොහිතා ඉක්මනට අර ගෙඹි පිම්ම ගහන්න එතකොට ප‍්‍රශ්ණ ඉවරයි. (ස)
තවත් චන්දෙත් ඉල්ලයි ලැජ්ජා නැතුව
මොනවාද මහත්තයෝ මේ වැඩ ලජ්ජා නැද්ද (දී)
මිනිස්සු තව ලැජ්ජ නැතුව චන්දෙ දෙනවා (දී)
ඕක සුළු දෙයක්නේ. අඩ් ඩඩ් ඩා ........ (නි)
මම දැන් මොකද්ද කරන්න ඕන පනින්න (ස)
එයා හදිස්සියේවත් විරුද්ධ පක්ෂයේ කෙනෙක් වුණා නම්....? (නි)
ඡන්දේ දීලා පත් කරගන්න ඕවා තමයි තියෙන්න ඕනි සුදුසුකම් (ස)
එතුමා අපේ හිතවතා, දේශීය දේවල් තමයි අගයන්නෙ (අ)
මට මොකුත් ඇහුනේ නැහැ
ලොකු ලොක්කන්ද? ආ... එහෙනම් කමක් නැහැ. (නි)
කෝ මේ ලොකු ලොක්කෝ ටික (ස)
මෙයා අයිති එජාපෙ කාගෙ කණ්ඩායමටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කවුරුවත් සිද්ධිය හරියට දන්නේ නැතුව ඔහේ කතා කරන්න එපා.හරියට බෙලි ගෙඩියක් වැටුණු සද්දෙට බයේ දුවන මෝඩ සත්තු වගේ. (නි)
ඔන්න ජනතා නියෝජිතයන් (දී)
මෙයාලට ඡන්දෙ දීපු අය ලජ්ජා විය යුතුයි. මෙහෙම අය ගැන ඊලග මැතිවරණයේදීවත් සලකා බැලිය යුතුයි..(ස)
අපේ ලොකු ඇත්තන්ගේ දෑත් ශක්තිමත් කිරීමේ උදාර චේතනාවෙන් යුත් ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙයාලටනම් දැඩි දඩුවම් සහ හොඳ ප්‍රචාරයෙක් ලැබේවි .(ස)
දෑත් ශක්තිමත් කරන්න ආණ්ඩුවට ආවා නම් ඔය ගංජා විකුණන්න වෙන්නේ නැහැනේ. (නි)
මන්ත්රී කෙනෙක් වෙන්ඩ නම් ඕව නැතුව බැහැනේ. ගංජා තුවක්කු තමයි මන්තී‍්‍ර කෙනෙකුගේ අනන්‍යතාවය. ඕක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ. මම ටිකක් සැකෙන් හිටියේ ඔය ටික නැතුව ඇති කියල මොකද ඕවා අල්ලන මහත්වරුත් ඕව පරිස්සමට අරන් තියනවනේ .(ස)
ආශාවන් වැඩි වෙන තරමට තණ්හාව වැඩියි. (නි)
අපි වෙන මාතෘකාවක් ගැන කතා කරමු
මන්ත්‍රීලා උනාට එයාලටත් පුද්ගලික ජීවිතයක් තියෙනවනේ (ස)
දැන් කාලයේ මහජනතාවට සේවය කරන්න ගියහම වෙන්නේ වෙඩි කන්න. නැත්නම් ගුටිකන්න. (නි)
මෙයා නම් හැමදාම ලෙඩක් දාගන්නවා..!(නු)
එහෙනම් අල්ලලා කූඩුවට දායි නේ.. බයේ බැහැ..!(නු)
මේක අහුවුනෙත් අනතුර නිසානෙ..?(නු)
දැං කියයි ඕව ගෙනල්ල දාලා කියලා.. මේ තමයි නියම මිනිස්සු..!(නු)
පව් වැඩේ අනේ පොලිස්පතිතුමනි.. ඕක අමතක කරලා දාන්න..!(නු)
මේ අය පාවි පාවිද දන්නෙ නැහැ ඇවිල්ල තියෙන්නෙ..!(නු)
අන්න වැඩ...!(නු)
ඔය මොන දේ උනත් මන්ත්‍රීතුමා හම්බන්තොටනේ..කතානායක තුමා බලන්නත් ගිහිං තිබුණානේ.. මේ ගංජා ටික වෙන කාගෙ හරි ත්‍රීරෝද රියක තිබිලා හමුඋනානම් මාස හයක් රිමාන්ඩ්.. මේකට වැඩිම උනොත් මන්ත්‍රීගේ රියදුරා අල්ලයි.. එහෙමයි ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ..!(නු)
ගංජා ග්රූම් 36ක් කියන්නේ මන්ත්‍රී තුමාට බෙහෙත් වගයක් හදා ගන්න වෙන්නැති.. තුවක්කු එතුමාගේ ආරක්ෂාවට.. පොලිසියටත් ඕනෙ නැති වැඩ..!(නු)
මන්ත්‍රීගේ සුවදුක් විමසයි..!(නු)
සීට් එක උස්සල බැලුවනම් තව තව දේවල් හොයාගන්න තිබුණා..!(නු)
එතකොට මෙයා ගංජා කාරයෙක්ද?(නු)
මොකක් හරි ජනතා සේවයකට යන ගමන් වෙන්න ඇති .. පවු දෙවියනේ..!(නු)
තව ගොඩක් කතා ඉස්සරහට පොලිසියෙන් කියයි.. දැං කන්ගැට්ටාගේ කතා අහලා ඇති වෙලා ඉන්නෙ ඇපි..!(නු)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්දෝ දොසා(නු)
වෙලාවට මෙයා යූ.එන්.පී. උනේ නැත්නම් ඔය මොනවත් හම්බවෙන්නෙ නැහැනේ...!(නු)
මේ වගේ කෙනෙක් බලන්නද අරයා ගියේ..?(නු)
ජනාධිපතිට දැන් රෙද්ද නැතුව තමි යන්න වෙන්නේ මොකද දුක සැප බලන්න ගිහින් තියෙන්නේ හොරෙක් ව නිසා (නු)
මිනිස්සුත් දැකලා තියෙනවා මෙහෙමත් මිනිස්සු දැකලා නැහැ (දී)
වෙන කවුරු හරි දාලා වෙන්න ඇති (දී)
හරිම හොදයිනේ.. ඡන්දෙ දිනලා ගිහිං අපට කරන සේවය.. මගියට පාරෙ යන්නත් බැහැ.. වහාම අනවශ්‍ය වරප්‍රසාද අයින් කළ යුතුයි... දැං යුද්ධයක් නැහැනේ..!(නු)
විකාර වැඩ
කාටද මේවා කියන්නේ? (නි)
ගංජා පාවිච්චි කරන්න අය කියන්නෙ ඒවා පාවිච්චි කලාම තමන් නිකං පාවෙනවා .පාවෙනවා වගේ කියලානේ.මන්ත්‍රිතුමත් එහෙම පාවෙලා ගිහින් බස් එකේ හැපුනද දන්නෙ නැහැ.සනීප උනාම එයාගෙන්ම තමයි අහන්න වෙන්නෙ.(නු)
මේක මොකක්ද? ගංජා කිලෝ ගණන් වාහනෙන් කොළඹ ඇදපු අය හිටියා ඒ කාලේ.(නු)
මට මේ අවස්ථාවේදී විහිළු කතාවක් මතක් වුණා. පුතෙක් ඉන්න තාත්තා කෙනෙකුට යාළුවෙක් කිවුවලු අනාවැකි කියන පුද්ගලයෙක් ගැන. තාත්තට දැන ගන්න ඕනෙ වුනේ තමන්ගේ පුතා අනාගතේ කවුරු වෙයිද කියලා විතරලු. උපදේශක මහතා හමුවීමට ගිය පියාට උපදෙස් මාලාමක් ලැබුණි. "පුතා ගෙදර නැති වෙලාවක් බලලා එයාගෙ කාමරේ මේසේ උඩ පිස්තෝලයක්,පොතක්,අරක්කු බෝතලයක් හා සල්ලි මිටියක් තබා ,පුතා පැමිණි පසු ඔහු ඒ දේවල් වලට කරන දේ හොරෙන් බලාගෙන ඇවිත් මට කියන්න"කියලා උපදේශකයා කිවුවලු. තාත්තා පුතා ගෙදර ආවට පස්සේ බලාගෙන හිටියලු... පුතා ආපු ගමන් පොත අරගෙන පැත්තකට විසිකර දැම්මලු, අරක්කු බෝතලේ අරගෙන බීගෙන බීගෙන ගියාලු,පිස්තෝලෙ දැකලා උණ්ඩ ලොඩ් කරගෙන ඒක කලිසමේ ගහගෙන සල්ලි මිටියත් සාක්කුවේ දාගෙන ගියාලු. පහුවදා උපදේශකයා හමුවීමට පියා ගියාලු. පුතාගේ වැඩේ විස්තර කරලා කිවුවහම උපදේශකයා කිවුවලු... දේශපාලකයෙක් වෙනවාය කියලා. තාත්තට කලන්තෙ දැම්මලු. අන්න ඒ කතාව මේ අයටත් හොඳට ගැලපෙනවා....(නු)
මෙයාගෙ වාහනෙන් වෙන මොනවත් හොයාගන්න බැරිඋනාද?(නු)
ශා නියමයිනේ යූ.එන්.පී මන්ත්‍රීලාගේ වැඩ...(නු)
දැං එතකොට මන්ත්‍රීලට විරුද්ධව නඩු නැද්ද? මේ වගේ අය පාර්ලිමේන්තුවෙ ඉන්නතුරු මේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ..!(නු)
හෑහ්..හෑහ්..හෑහ්හෑ..මම හිතුවා.(නු)
බලය යුතුව පාවිච්චි කරනවා (දී)
මේවා පොලිසියෙ වැඩද දන්නෙ නැහැ..!(නු)
හා.. හා.. මන්ත්‍රී වරප්‍රසාද ගැන රීති ප්‍රශ්ණ මතු කරන්න එපා..!(නු)
අනිත් අයගෙත් වාහන ඉදහිට පරීක්ෂාකරලා බැලුවොත් ගොඩක් දේවල් දැකගන්න පුළුවං වෙයි... කොහෙද ඉතිං වරප්‍රසාද ප්‍රශ්ණ හරහට හිටියානේ.. ඕවා අමතක කරලා දාන්න මෙයා..!(නු)
දැංවත් සියළු පක්ෂ මේ වගේ අය දේශපාලනයට එන එක වලක්වන්න පියවර ගත්තොත් හොදයි.. අනතුර නිසා මේක හෙලිඋනා.. තව කීදෙනෙක් මේ වගෙ කරනවා ඇතිද? රට හදන්න කියලා එන්නෙ..?(නු)
විපක්ෂයේ නිසා වහාම පරීක්ෂණයක් පවත්වන්න වෙනවා...!(නු)
වෙදආරච්චිනේ මොකක් හරි වෙදකමටකට ගෙනි යනවා වෙන්න පුළුවං..!(නු)
ආ.. ඒවාද? සමාජ සේවයට ඕනෙ කරන අත්‍යාවශ්‍ය දේවල්.. නිකං ඉන්න අනේ.. මෙයාලා පිස්සු කරනවා..!(නු)
ජනතා සේවය පිණිස ඔය දේවල් අරගෙන යන්න ඇති(නු)
මන්ත්රී වරප්‍රසාද වෙන්න ඇති.(නු)