IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන

(සුජිත් හේවාජුලිගේ )

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගීවී නැතැයි වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ නම් සඳහන්වූ නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුලුවට සහභාගි වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් පෙරේදා(19) ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන් අප නිලන්ත ජයවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි වැඩමුළුවක් සඳහා තමාට ආරාධනයක් හෝ නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත නිලන්ත ජයවර්ධන මහතා බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධික්ෂණ අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට පෙරේදා (19) සහභාගීවී සිටියේය.

ඔහු එම රැස්වීමට සහභාගි වූයේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙනුවෙනි. එම රැස්වීමට තමාට නොවැළක්විය හේතුවක් මත සහභාගීවීමට නොහැකි වන බව පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී තිබිණ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූණේද පෙරේදා (19) ය.

 



අදහස් (2)

’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන

Bamunuarachchi Thursday, 21 September 2023 05:14 AM

වැඩමුළුවට ඔබ‍ට ආරාධනය කරන එකක් නැහැ. අපේ රටේ දේශපාලනය කරන උන් හිතාගෙන ඉන්නේ උන් තරම් දන්න අය මේ රටේ ඇත්තෙම නැහැ කියලා. උන් වෛද්‍ය වෘත්තිකයින් , ඉංජිනේරුවන්, ගුරුවරුන්, නීතිය. etc. etc.මේ හැමදේම දන්නවා කියලා. ඔවුන් පාස්කු ප්‍රහාරය ගැනත් දන්නවා. සජියා කොමිෂන් වාර්තාව ඉල්ලනවා, ඒක පිටු 70000 කවදා කියවා ඉවර කරන්නද? අනිතිමට මෑන් පරණ පත්තර වලට විකුණයි. අනුර නොදන්න මගුලක් නැහැ.

:       5       1

Rata Perata Thursday, 21 September 2023 12:05 PM

රටේ පරිපාලනය කොච්චර අකාර්යක්ෂමද කියලා පේනවා නේද ?කිසි උගත් කමක් නැති කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ .මේ වගේ කාලකන්නි ආයෙත් එවලා තමන්ටම සාප කරගන්න එපා.චන්දෙ දෙන්න හරි එකෙක් නැතිනම් චන්දෙ අවලංගු කරන්න .ඒක රටට සෙතක්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 319 0

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2197 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2884 6

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1751 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 9531 4

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2609 7

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40134 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25982 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 260 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1322 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site