IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති

ඩයනා උදයංගනී

පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි.

උදය වරුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණි.

දෙමළ ජාතික සන්ධානය විවාදය වර්ජනය කර තිබූ අතර  පස්වරු 4.30 ට අවසන් වීමට තිබූ විවාදය පස්වරු 4.00 ට අවසන් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කළ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් පමණි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ එම පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට තිබූ කාලය ද ලබාගනිමිනි.
 
ඒ අනුව විවාදයේදී අදහස් දැක්වූයේ 11 දෙනෙකු පමණි.



අදහස් (49)

මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති

SARATH SILVA Tuesday, 06 February 2018 12:37 PM

මේකෙන්ම පේනවා කව්ද හොරු කියල. ලෝකෙට ඇහෙන්න විවාදයක් ඉල්ලලා එකෙක් වත් අාවේ නැහැ. හැමදාම මුන් ටික එකතුවෙලා කරන්නේ අහිංසක මහජනතාව ගොනාට අන්දන එක විතරයි. හිටපු ජනාදිපති පම්පෝරි ගැහුව අද විවාදෙට එනවා කියල. බොරු කාරයෝ. මොවුන් සේරම ඉන්නේ දැන් හෙළුවෙන්.

:       1926       4022

රජින්දTuesday, 06 February 2018 04:36 PM

සරත් මහත්තයා ඔබතුමාගේ දේශපාලන කියවීම ගැන කණගාටුයි.

:       2015       935

අනුර පැස්කුවල් Wednesday, 07 February 2018 03:06 AM

සරත් ගැන කණගාටු වෙන්න කලින් ඔබතුමා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඊළඟ විවාදයට නොඑන්න හේතුවක් හොයල තියන්න. මොකද එතුමාට දැන් අළුත් හේතුවක් හොයාගන්නත් ලේසි නැහැ.

:       4       212

රාජුන්Wednesday, 07 February 2018 05:07 AM

මොකක්ද අනේ දේශපාලන කියවීම කියන්නෙ? හොරු බේරන්න ණයට කහින එකද?

:       9       279

NissankaTuesday, 06 February 2018 06:11 PM

මේ විවාදෙදි හිතට එකඟව කතා කරන්න පුළුවන්කම තිබුණේ ජවිපෙට විතරයි.

:       799       2811

HafeelWednesday, 07 February 2018 07:53 AM

නිස්සංක, මමත් ඔබගේ අදහස් සමග එකඟයි.

:       2       205

සතයපාලWednesday, 07 February 2018 10:47 AM

පොදු මහජන දේපළ සතයක්වත් හොරකම් කරලා නැති, නාස්ති කරලා නැති, අවභාවිත කරලා නැති මන්ත්‍රීවරු තව කොච්චර ඉන්නවද?

:       1       0

jayasinghe Tuesday, 06 February 2018 12:59 PM

කොච්චර පුරසාරම් දෙඩුවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමාද පැමිණ නැත.

:       5728       7209

dahamTuesday, 06 February 2018 03:40 PM

එතුමා කොළඹින් පිට මැතිවරණ රැස්වීමකට යන නිසා සහභාගී නොවන බවත් 21 සහභාගී වන බවත් පවසනවා දැක්කේ නැද්ද?

:       2459       2073

SathyayaaTuesday, 06 February 2018 09:02 PM

ලංකා දේශපාලනයේ එක ශෝචනීය පැත්තක් තමයි. දේශපාලකයා මොන වැරැද්දක් කලත් ඔහු හරියයි කියන්න පිරිසක් සැදී පැහැදී සිටීමයි. මහින්ද මේ විවාදය මොනයම් හේතුවක් නිසා හෝ මගහැරියේ නම් ඔහුට හෝ ඔහුගේ ගෝලයින්ට පාර්ලිමේන්තුව තුළ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මින්මතු කතා කිරීමේ අයිතියක් නැත.

:       1       3

MuahnWednesday, 07 February 2018 12:50 AM

දුෂණය ගැන විවාදයකට එන්න බැරිනම් මොකටද ස්ටෙජේ වල ගිරිය පුප්පන් කෑ ගහන්නේ

:       1       63

අනුර පැස්කුවල් Wednesday, 07 February 2018 03:02 AM

ඔබ වැනි අය සිටින තාක් කල් එතුමා ගොඩ. ඔබ ගැනත් දුකයි, රට ගැනත් දුකයි.

:       1       160

asadWednesday, 07 February 2018 04:26 AM

6 වෙනිදට විවාදය ඉල්ලුවෙත් එතුමා කියල දහම් මහත්තයට අමතක වෙළද කොහෙද?

:       11       384

VajiraTuesday, 06 February 2018 06:18 PM

හොරුන්ට හොරු ගැන විවාද කරන්න බෑනේ. ඒකයි ඇවිත් නැත්තේ.

:       87       1019

Bamunuarachchi Tuesday, 06 February 2018 01:05 PM

මුන් සියලු දෙනාම පට්ට පල් හොරු නේද? ඇයි අපි මුන්ට චන්දය දෙන්නේ මුන්ව බලයට පත් කොරන්න මම හිතුවා මහින්ද කතා කොරයි කියලා බලනකොට එයත් පට්ට හොරෙක්. JVP ය තමයි අන්තිමට ඉතුරු උනේ.

:       2088       3189

Sanath KandyTuesday, 06 February 2018 06:20 PM

රටට දැන් ඇති එකම බලාපොරොත්තුව ජ​.වි.පෙ. විතරයි.

:       658       1959

V.warnakulasuriyaTuesday, 06 February 2018 09:49 PM

හොරු ගැන ජනතාව තේරුම් ගැනීම රටේ වාසනාවකි. බමුණුආරච්චි මහතාගේ ප්‍රකාශය මම අගය කරමි. එකවතාවක් හෝ ජ.වී.පෙරමුණට අවස්ථාවක් අපි ලබා දෙමු.

:       8       22

raviTuesday, 06 February 2018 11:50 PM

ජේවීපී හොඳයි, එත් ජේවීපී බලයට අවොත් කවුද මෙයාලට අපේ රට සංවර්දනය කරන්න ණය, සහන, ආධාර දෙන්නේ. දියුණු රටවල් මෙයාලව ගණන්ගන්නේ නැහැ .

:       38       10

සපුමල් බණ්ඩාරWednesday, 07 February 2018 03:35 AM

අපේ රටේ මිනිස්සු හොරු දෙසීයක් විතර පාර්ලිමේන්තුවට යවලා ජේ.වී.පී. මන්ත්රීවරු 6 දෙනෙක් විතරක් පත්කර ගෙන දැන් ඒ 6 දෙනාට කියනවා අවධානයෙන් ඉන්නලු. හොරු අල්ලන්නලු. මේ කතා වලට හිනා වෙන්නද? අඩන්නද? කියලා තේරෙන්නේ නෑ.

:       15       203

aruna Tuesday, 06 February 2018 01:21 PM

බොරුවට විවාද ඉල්ලනවා මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරලා පර්ලිමේන්තුව තියෙනවා.එත් තෙරුමක් තියෙනවාද?මිනිස්සු බුද්ධිමත්ව හිතන්න ඕනි මීට වැඩිය

:       859       1607

Admiral Tuesday, 06 February 2018 02:45 PM

මහින්ද රාජපක්ෂ පැමිණ නැත. හිටපු ජනාදිපති පම්පෝරි ගැහුව අද විවාදෙට එනවා කියල. බොරු කාරයෝ.

:       489       2305

manoj Tuesday, 06 February 2018 02:50 PM

ඔක්කොම හොරු.

:       1       158

ජයන්ත Tuesday, 06 February 2018 03:24 PM

පක්ෂයක් ඡන්දයක් ඉල්ලන්න ඕන ජනතාවට කරේ මොනවද කරන්න ඉන්නේ මොනවද කියලා පැහැදිලි කරලා. සිල්ලර කතාවලට කවදා වෙනකම් රැවටෙන්නද

:       0       420

dhamneth Tuesday, 06 February 2018 03:32 PM

අභියෝගයක් වුනත් කලයුත්තේ සුදුසු අවස්ථාවකයි.මෙතැනදී අභියෝගය කලේ දේසපාලන වාසි ලබාගැනීමටයි.

:       744       1003

Chandima Tuesday, 06 February 2018 04:13 PM

ඔය ටික ආවත් කරන්නේ බුද්ධිමත් විදියට කරුණු ඉදිරිපත් කරන එක නෙමෙයි කුණු බාල්දි පෙරලන එකයි.

:       114       621

Jagath Samarakoon Tuesday, 06 February 2018 04:17 PM

අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගන්න දෙයක් නෑ. දේශමාමකත්වය පෙන්න පෙන්න තමන්ගේ පැලැන්තියේ සුවදායක පැවැත්මට අවැසි සියලු කාර්යයන් අහිංසක මිනිසුන්ගේ කරමතින් කර ගැනීමට දේශපාලකයෝ සමත්.... අපේ රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ද?

:       0       211

Bamunuarachchi Tuesday, 06 February 2018 04:29 PM

අපි ජවිපෙ ට ඡන්දය දෙමු

:       1272       2071

ජගත් ලියනගේ Tuesday, 06 February 2018 04:52 PM

මහින්ද ආවාද ?

:       131       925

d.upul Tuesday, 06 February 2018 04:59 PM

කව්ද හොරා? ඒ නිසයි ආවේ නැත්තේ.

:       323       778

sas Tuesday, 06 February 2018 05:17 PM

කෝ මහින්ද මහත්තය ඇවිල්ලත් නැනේ .

:       221       906

jerami Tuesday, 06 February 2018 06:14 PM

දැන් ඉතින් රටේ නැති බොරු කියයි. අරක නිසා එන්න බැරි වුණා මේක නිසා එන්න බැරි වුණා.

:       314       1112

sampath Tuesday, 06 February 2018 07:28 PM

වලව්කාරයෝ ටික පොඩ්ඩක් ගිමන් හරින්න අපි ජ.වි.පෙ එක්ක ගමන යමු...

:       17       19

Diyawanna man Tuesday, 06 February 2018 07:40 PM

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී කිසිම විවාදයකට එන්නේ නැහැ. පඩිය විතරක් ගන්න එනවා.

:       21       25

අනිල් Tuesday, 06 February 2018 08:23 PM

ලොකුඅය කරන්නේ හොරකම් කරන එක.. හරි හොරු ආරක්ෂා කරන එකනේ. මට පෙනෙන හැටියට ජවිපය තමයි මේ ඡන්දයෙදි තියෙන එකම විකල්පය...

:       13       20

ranith Wednesday, 07 February 2018 12:21 AM

මේ අය ජනතාව ගොනාට අන්දනවා ඡන්ද ගන්න

:       20       0

Sanath Wednesday, 07 February 2018 02:14 AM

මොන පම්පෝරි ගැහුවත් ඒකාබද්ධයේ කට්ටිය තමයි විවාදයක් ඉල්ලලා මර ලතෝනි දුන්නේ. මේ රට මිනිස්සුන්ගේ සල්ලි දවසකට පාර්ලිමේන්තුවකට කොපමණ මුදල් වියදම් වෙනවද? මිනිසුන්ව තවමත් අන්දනවා... මිනිසුන් බුද්ධියෙන් හිතන්න ඕනේ. මහින්දටත් ආයේ තමන්ගේ හොර කල්ලිය ගොඩදාන්න යන්න ඕනෙවෙලා රැස්වීම්වල හඬා වැටෙනවා. අයියෝ මහරජාට ගියකළ...

:       29       65

wasantha Wednesday, 07 February 2018 02:21 AM

මේ සියලු දෙනාම හොරු. නැත්නම් හොරු රකිනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය දෙමු...

:       16       40

rocky Wednesday, 07 February 2018 04:19 AM

බමුණුආරච්චි මහත්තයෝ, අපි ඔබ සමගයි!

:       40       98

Deepal Nirosh Wednesday, 07 February 2018 04:40 AM

හොරු ගැන විතරක් කතා කරන හොර විවාදවලට කොහොමත් හොරු එන්නෙ නැහැ. ආවත් එන්නෙ හොරෙන් වෙන දේ බලාගන්න. අන්තිමට විවාදෙනුත් හොර වාසියක් ලැබෙන්නෙ හොරාටමයි.

:       18       232

නීලා Wednesday, 07 February 2018 05:17 AM

අපේ රටේ ජේ වී පී එකට විතරයි තාම හරියට බලයක් ලැබිල නැත්තේ. මෑත කාලයේදී මොවුන්ට ලැබිල තියෙන සුළු බලයෙන් මේ දක්වා කරලා තියෙන වැඩ කොටස ඉතාම විශිෂ්ටයි. මහජනයාගේ දේපල හොරකම් නොකරපු එකම පක්ෂය. මෙවර ඔවුන්ට බලයක් දීල බලන්න කියන එක තමයි මට හිතෙන්නේ.

:       115       405

NuwanWednesday, 07 February 2018 07:37 AM

ඇත්ත කතාව, නමුත් අපේ රටේ බහුතරය කැමැති තමන් විසින් තමන්වම රවට්ට ගන්න, රටට මොනවා වුනත් අපේ රටේ මිනිස්සුන්ට කොළ හෝ නිල් පාට ඇරෙන්න වෙන පාට පෙන්නේ නැ, ඒකයි දුක.

:       22       113

KANDEPOLA Wednesday, 07 February 2018 06:19 AM

ඔක්කොම හොරුන්ට මාරුවෙන් මාරුවට බලය දීලා ඇන ගත්ත එකේ, නරකද ජේ වී පී එකටත් අවස්ථාවක් දීලා බැලුවොත්. එහෙම දුන්න කියලා ආයේ මේ රටට අමුතුවෙන් වෙන්න දේකුත් නැනේ.

:       105       245

kasun Wednesday, 07 February 2018 06:51 AM

සිරිසේනමැතිතුමාත්, රනිල් මැතිතුමාත්, මහින්ද මැතිතුමාත්, අනුර මහත්තයත් සියල්ලම රගනවා අපි ඒ රග මඩලේ නරබන්නන් වෙමු . 70වෙනි නිදහස ලබලත් අපි මොනාද ලබාගෙන තියෙන්නේ . කතාව විතරයි. කතාව දෝලාවෙන් ගමන පයින්.

:       0       65

KANDEPOLAWednesday, 07 February 2018 07:50 AM

නිදහස ලැබිලා අවුරුදු 70 මහ ලොකුවට අභිමානයෙන් සැමරුවට, ඊට කලින් අවුරුදු 443ක් පරදේසක්කාරයාගේ යටත් විජිතයක්ව පැවතී එක ගැන කවුරුත් සද්දයක් නෑ. අවුරුදු 443ක් අපේ මිනිස්සු මොනවද කරේ. අසමගියෙන් බෙදිලා කුලල් කා ගත්ත එක තමයි ඒ කාලෙත් කරේ.

:       0       3

kasunWednesday, 07 February 2018 10:51 AM

අදටත් ඉතුරුවෙලා තියෙන්නේ ඔය කතා කරන 443 මිනිස්සු කරපුවා තමයි... අපේ කට්ටිය ජාති, ආගම් කුල පක්ෂ බදාගෙන හිටියා. එදත් අපි සංවර්දනය වෙමින් පවතින රටක්..., හෙටත්, මතුවටත් ඔය තත්වෙම තමා මහත්තයෝ.

:       0       1

banda Wednesday, 07 February 2018 07:39 AM

හොරු විවාදේ මගහරිනවා ......

:       15       105

palitha Wednesday, 07 February 2018 08:47 AM

ඔය ඔක්කොම හොරු. එ්කයි අාවේ නැත්තේ, ඇවිල්ලා කෑ ගැහුවම පත්තරවල, ටී.වී. වල වැටෙනවා. ඊට පස්සේ ඒ අයට හෝරාකන්න තියෙන මාර්ග අවහිර වෙනවා එකයි.

:       0       44

Rasanga Wednesday, 07 February 2018 10:37 AM

දැන්නම් ඇති .. මේ පාර ජවිපෙ එකට ඡන්දෙ දෙනවා..

:       1       0

Sathyayaa Friday, 09 February 2018 11:01 PM

අපි සියලු දෙනා කොහොම හරි පරාජිතයව ඇදගෙන හරි ඇවිල්ල රජ පුටුවේ නැත්නම් එයා කැමති විදුලි පුටුවේ හරි වාඩි කරමින් අපට ඕනේ විවාද මග හරින මැති ඇමතිවරු නොවෙයි දුෂණ වලට පිටුපාන මහජන නියෝජිතයින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 48 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 240 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 95 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 268 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 501 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site