IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මෙන්න මහා අපරාධයක්

(අමදෝරු අමරජීව)

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකියි.

දශක තුනකට වැඩි කාලයක් ලංකාවේ සීනි පරිභෝජනයට විශාල දායකත්වය දැක්වු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1993 වසරේ කන්තලේ සීනි කම්හල පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් පැන නැගුණු සේවක විරෝධතා හමුවේ වසා දැමීය.

කම්හලේ එවකට සක්‍රීය මට්ටමේ තිබු යන්ත්‍ර සූත්‍ර මේ වන විට දිරාපත්ව අභාවයට යමින් පවති. ලොව පළමු ඇගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට චොකොස්ලෝවැනියානු රජයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස 1960 ඔක්තෝබර් 02 දා ආරම්භ වු මෙම සීනි කම්හලේ මැද භාගය වනවිට ස්ථිර හා අනියම් සේවකයෝ 4300 ක් සේවය කළහ.

කම්හලට වාර්ෂිකව සීනි නිෂ්පාදනයට අවශ්‍ය වන උක් වගා කිරිම සදහා සීනි කම්හල අවට අක්කර 21333 රෑඩ් 02 පර්චස් 30 ක උක් වගා කරනු ලැබ තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඇරුන් හේමචන්ද්‍රා මහතා සීනි කම්හල විවෘත කිරිම සදහා අපේ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවා. ඊට පෙර භූමිය නිදහස් කර ගැනිමල වගා සදහා ජලය ලබාගැනිම තිබෙන පරණ යන්ත්‍ර සූත්‍ර ඉවත් කර ඒ සදහා නවීන යන්ත්‍ර සුත්‍ර සවි කිරිම මුලින්ම අපි සිදුකළ යුතුයිගඒ වගේම පසුගිය රජය කාලයේ ආයෝජකයකු සමග ඇතිකරගත් ගිවිසුම සොයාබැලිය යුතුයි.

කෙසේ වෙතත් අපේ රජයෙන් සීනි කම්හල විවෘත කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය

වත්මන් රජයෙන් මෙම උක්වගා භුමියෙන් අක්කට 11000ක් කෙටිකාලීන බෝග වගාව සදහා තාවකාලිකව මුදාහැර ඇති අතර නව රජය යටතේ මෙම සීනි කම්හල යළි නිෂ්පාදන සදහා විවෘත වනු දැකීම බව කන්තලේ වැසියන්ගේ බලාපොරොත්තුවයි. කම්හල සතුව භෞතික සම්පත් පවතින බැවින් නවීන යන්ත්‍රෝපකරණ සවිකර යළි උක් වගා කර මෙය ආරම්භ කිරිමට වඩා සුදුසු බව සියලු දෙනාගේ මතය වී තිබේ

දැනට උක් වගා භූමියෙන් කොටසක් අනවසර වගාකරුවන් ආක්‍රමණය කර ඇති අතර එය නවතා දැමීමට නම් කම්හල යළි සක්‍රීය මට්ට්මකට ගත යුතුව ඇතැයි බෝහෝ දෙනාගේ මතය වි තිබේග වසර ගණනාවක් කම්හලේ සේවය කළ ඇතැම් සේවකයෝ කිහිප දෙනෙකු කම්හල වැසි ගියද තවමත් නිල නිවාසවල රැදි සිටින අයුරු දැකගත හැකිය

 

 



අදහස් (3)

මෙන්න මහා අපරාධයක්

Aruna Monday, 25 November 2024 05:52 PM

ඔය අපරාදේ කළ අය බලේ ඉන්න කොටවත් ආයේ මෙහෙම නොකරන්න හිතාගන්න..

:       13       72

Ruwan De Silva Monday, 25 November 2024 06:13 PM

සිංගප්පූරුවට ලංකාව වගේ භූමියක් තිබ්බා නම් අද ලෝක බලවතෙක්...

:       3       50

සමන් Monday, 25 November 2024 08:39 PM

ඔය කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් රටම ගොඩ...!

:       6       46

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 146 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 54 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 363 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1336 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 413 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 157 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2078 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site