දිවුරුම් දුන් පළාත් ඇමැතිවරුන් උදම් අනනවාට වඩා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවිය යුතු බවත් වැඩිම මනාප ගත් අයට මහා ඇමැතිකම දෙන අවසාන වතාව මෙය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු මැද හා සබරගමුව ප‍්‍රධාන ඇමැතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී පැවැසීය. හැම මන්ත‍්‍රීවරයකුම පළාතට ගමට වැඩ කළ යුතුයැයිද පළාත් සභාව සුදු අලියෙක් යැයි තිබෙන මතවාදය නැති කිරීමේ වගකීම මන්ත‍්‍රීවරුන්ට තිබෙන බවද ජනපති එහිදී කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔබතුමාත් ඇත්ත දන්නවා? (නි)
ඔවු.ඔවු. මේවනේ දැන් මහජනතාවට තියෙන ලොකුම ප්‍රශ්න. (නි)
මේක 'සුදු අලියෙක්' බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කවුරුත් දන්නවා. එත් පුදුමය නම් මේක නැති කරන්න කිසි කෙනෙකුගේ උත්සාහයක් නැතිකමයි. (නි)
මේවා කියන්න ඕනෑ පට්ටම් නම්බුනාමම පතා වැඩකරන අයට (නි)
පළාත්/ප්‍රාදේශීය සභා දෙකම නැතුවට කමක් නැහැ (නි)
සුභ අනාගතයක්! (නි)
එහෙනම් මොකටද ඡන්දයක් තියන්නේ?(ස)
බර්ටිටත් වුණු දෙයක්? (නි)
මානපත් නැතුව, ඡන්දත් නැතුව, මැති ඇමතිවරුත් නැති උනානම් ලංකාව කොච්චර ලස්සන වේවිද ? (ස)
අන්න නියම මොලේ ඇති වැඩක්
එහෙම නම් ඡන්දෙට ඉස්සරවෙලා අදාල පක්ෂ නිල වශයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි, ජයග්‍රහණය කළොත් කවුද මහා ඇමති වෙන්නේ කියලා. (නි)
එහෙනම් ඇයි මහජන මුදල් මෙතරම් වැයකරලා ඡන්ද තියන්නේ? (නි)
වැඩි මනාපෙට ඉඩ නැහැ කියන්නේ ඒකාධිපති කියන එක නෙවෙයිද?. (ස)
කාගෙ කාගෙත් හිත හදන්න කියන කතා..!(නු)
කලින් දුන්නෙත් වැඩිම මනාපෙට නෙවෙයි. එහෙනම් අද මුතුහෙට්ටිලා, ජයසුරියලා ඇමතිලා වෙලා ඉන්න ඕන. මේක බර්ටිව කපන්න කරපු වැඩක්...(නු)
කොච්චර හොඳද? (ස)
ජයවේවා ජයවේවා නියමයි
මීට පස්සේ ඡන්දත් එපා.. මමත් මාටිංගෙ අදහස අනුමත කරනවා..!(නු)
අපිට දැන් මොකක්ද මේකෙන් වෙන සෙතේ? (නි)
මේ අය මෙච්චර ඇණ කොටා ගන්නේ ජනතාවට සේවයක් කරන්නනේ..!(නු)
ලබන වාරය වෙද්දී මේක අමතක වුණොත්? (නි)
කොහොමද ඊළගට දකුණේ මහ ඇමති තෝරන්නේ? (නි)
බර්ටිට දෙන්න බැරි වුණාට දුකයිද මන්දා? (නි)
කොහොමත් ඔය සුදු අලියාට 1978 ඉදන්ම ඔබතුමා වගේම අපිත් අදටත් කැමති නැහැ. (නි)
එහෙනම් දගලලා වැඩක් වෙන්නේ නැහැ. යන්තම් දිනා ගත්තහම මදෑ. (නි)
මනාපය අවශ්‍ය නැහැ. කේවළ ක්‍රමය තියන්න. (නි)
රහස් ඔත්තු සේවාවක් නැද්ද, ඔය ඇමතිවරු හරියට වැඩ කරනවද බලන්න? (නි)
කිවුවත් නොකිවුවත් ,කෙරුවත් නොකෙරුවත් ඕක සුදු අලියෙක් තමයි. (නි)
එතකොට කැබිනට් එක සුදු අලියෙක් නෙමෙයිද? (නි)
මනාපෙට නෙමෙයි, කොහොමත් මීට පස්සේ සන්ධානෙට මහඇමතිකම් නැහැ. (නි)
එහෙනම් ඉතිං අපි මනාපය නොදී පක්ෂයට කතිරය ගහලා නිකන් ඉන්නවා. (නි)
ඔය මනාප ක්‍රමයත් එපා. මේ මනාප ක්‍රමය නිසා එකම පක්ෂය තුළ කොපමණ ජීවිත නැති වුණාද ? (නි)
මිනීමරාගන්න එක ටිකක්වත් අඩුවෙන්නේ නැතෑ. අඩුම මනාප ගත්ත කෙනාට මහ ඇමතිකම දුන්නානම් තමයි වැඩිය හොද. (නි)
මනාපයට මහ ඇමතිකම දෙන්න ඕනෑ නැත්නම් මනාප ක්‍රමය ඉවත් කරන්න. කරුණාකරලා ඒක කරන්න. පළාත් සභා අහෝසි කරන්න. එතෙකාට ඔය කරදර ඔක්කොම ඉවරයි. ඉක්මනින්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. (නි)
මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. (නි)
එහෙනම් මොකටද මනාප ක්‍රමයකට ඡන්දයක් තියන්නේ? (නි)
බොහොම වටිනා අදහස් ටිකක්. හැමෝම හිතට ගත්තා නම් තමයි හොද. (නි)
ජනතාවට වෙනසක් අවශ්‍ය නිසයි එස්.එම්.රංජිත් මහත්තයාට වැඩිම මනාප ලැබුණේ. දැන් ඉතින් උදම් අනලා හරියන්නේ නැහැ, ජනතාවට සේවය කරන්නේ නැතුව. බලමුකෝ මෙතුමාවත් උතුරු මැද ජනතාවට දැනෙන්න සේවයක් කරයිද කියලා. වැඩිම මනාපෙට( ජනතා මතයට) ඉඩදෙන්න බැරි නම් ඇමතිකම් දෙන්නේ නැති නම් ජනතාවගේ මුදල් මේ තරම් කාබාසිනියා කරන ඡන්ද තියන්නත් එපා. (නි)
මනාප ක්‍රමය සහ පළාත් සභාත් ලංකාව වැනි කුඩා රටවලට සුදුසු නැහැ. (නි)