තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පොළේ දී පොලිස් සැරයන්වරයකුගෙන් පහර කෑ බව කියන වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටී අද නීතිවේදී ලක්ෂාන් ඩයස් මහතා මාර්ගයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
පහර දුන් සැරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඇගේ පෙත්සමෙන් ඉල්ලා සිටී.
පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපති ඇගේ පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ගොඩක් පිරිමි ඒ කාන්තාවට දොස් කියනවා. මතක තියාගන්න එයාගේ සේවය ලබාගෙන හරියට ඇයි සන්තුවරයෝ වගේ කතාකරන්නේ? ඔය පොලිස් නිලදාරියට දඩුවම් කල යුතුයි. (නදී)
සමහරු පාලුගෙයි වළං බිඳින්නේ නැතුව සතිඅන්ත පුවත්පතුත් කියවලම අදහස් දැම්මොත් හොඳයි. බට්ටි කවුද කියලත් ඒවායේ තියෙනවා. (නි)
නීතිය නම් මුළු රටටම එක නීතියක් වෙන්න ඕනා. එක තැනක බිම දාගන ගහනවා. අනිත් තැන්වල ගණිකා මඩම් වල නෝනලට තොප්පිය ගලෝල අාචාර කරනවා . ගහනවා නම් ගහල මුළු රටේම ඉන්න ගනිකාවන්ව එලවල දාන්න. අනික එයාලගේ සේවය ගන්න අයවත් අත්අඩංගුවට ගන්න. (නදී)
නීතා, 50 දශකයේ අග බාගයේ සතර පෝයට පන්සල් යන ,මහා පෝයට සිල්සමාදන් වන බොහොම වැදගත් අහිංසක විදිහට ජීවත් වුන විදුලි කාර්මිකයෙක් අතේ තිබුන ඉස්කුරුප්පු නියනෙන් ඇනලා මිනිහෙක් මැරුවා. හේතුව ඒ මිනිසා අතින් වූ සුළු වරදකට සමාවෙන්න කීවත් අර මිනිසා ඔහුගේ මව හා සංවාසයක් ගැන කතා කිරීම. තම ආත්ම ගරුත්වය කෙලෙසීම හා බැදුණු හදිසි කෝපය නිසා එවන් තත්වකක් ඇතිවූ බව උසාවියේදී මනාව පැහැදිලිවුනා. අර ගහපු පොලිස් නිලදරුවට එවැන්නක් වුණා දැයි මා නොදනිමි. එහෙත් එසේ උනි නම් එවන් අවස්ථා ඔබට මෙන්ම මටත් සිදුවිය හැක. (නදී)
මෙතන සමහර අයට ඒ කාන්තාව ගැන පුදුම අමාරුවක් තියෙන්නේ (නදී)
අර පහුගිය කාලේ දරුවකු පැහැර ගත් අය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයට ගැහුවා වගේ මෙම කාන්තව වෙනුවෙන් ඉන්නා නීති වේදියාට ගසාවිද? (නදී)
බන්දුලයෝ ආණ්ඩුවට කඩේ ගියාට කමක් නැහැ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. (නදී)
ඕක පිටිපස්‌ස ඉන්නේ ඔය උදුල් ප්‍රේමරත්න කියන විශ්ව විද්‍යාලයේ අවරුදු ගානක් පාස්වෙන්න බැරිව හිටිය කෙනා (නදී)
ඔය සුපිරි ගණිකාවන්ට පොලිසියේ මහත්තුරු මැඩම් කියල කතාකරල හරියට නිතිය ක්‍රියාත්මක නොකරන නිසා තමයි මෙහෙම වෙන්නේ ? (නදී)
කුරුටු ගාමින්ට වැඩ නැති නිසා ඔන්න කාලෙකින් වැඩක් ආවා (නදී)
රසික හරි, ටෙනිසන් පොඩ්ඩක් කල්පනා කරන්න හැදියාව පිළිබද නෙමෙයි ප්‍රශ්නය ප්‍රසිද්දියේ පහරදීමක් (නදී)
අපි ඇය රත්නපුරයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවමු. දැන් අපිට එච්චරයි අඩු. (නි)
දැන් පොලිසිය පාරේ තියන උද්ගෝෂණ වලට විතරක් නෙමේ දැන් දැන් පාරේ ඉන්න ගනිකාවන්ටත් බුරනවා. (නදී)
මේක පිටුපස නම් කවුරුහරිම ඇති. සල්ලි ! සල්ලි!! (නි)
නීති මහත්වරුත් සෑහෙන්න උනන්දුයි වැඩේට. සෙල්ලම් වන්දියක් නෙමෙයිනේ ඉල්ලන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව අපි දන්නවා (නි)
දවසක් මම මගේ ළමයි බිරිද එක්ක කහවත්තට යන්න රත්නපුර බස් හෝල්ට් එකේ ඉන්නකොට ඔය කාන්තාව තවත් කාන්තාවකට අමු කුනුහරුපෙන් බනිනවා. මම ළමයි ඉස්සරහ අසරණ වුනා. (නදී)
රසිකා වැනි අය අතරේ මනෝජ්, බන්දුල පරේරා වැනි අයත් සිටීම ගැන මා ආඩම්බර වෙනවා (නදී)
කාන්තා හිංසනය යටතේ පොලිස් නිලධාරියාට නඩුවකුත් ගණිකා වෘත්තිය යටතේ කාන්තාවට නඩුවක් දාල දෙන්නම කුඩුවට දාන්න. (නදී)
එයා පොලිසියට විරුද්ධව නඩු දානවද? මේකේ අනික් පැත්ත තමයි සිද්ධ වෙන්න ඕනෑ. වන්දිය කෝටි 5ක්? (නි)
රසිකා කියා තිබෙන්නේ වැදගත් කරුණක්. තංගල්ලේ නඩුවේදී ලෝකයක් අපි දිහා බලාහිටියා. වාසනාවකට වගේ යුක්තිය බොහෝදුරට ඉටුවුණ නිසා අපි ලෝකාපවාදයෙන් ගැලවුණා. මේකත් ලෝකය පුරා ගිය සිද්ධියක්. ලෝකයා මේක දකින්නේ 'රාජ්‍ය මර්දනය' හැටියට. අපි දකින්නේ 'නිල බලයේ මර්දනය' හැටියට. අපේ රටේ නීතියේ ආධිපත්‍යය (ටිකක් හරි) තිබෙන බව පෙන්වන්න හෝ නොපෙන්වන්න මේ නඩුව වැදගත් වේවි. (නි)
රසිකා, "තරාතිරම වැදගත් සාධකයක් නොවෙයි " හැදියාව ? ඔය විදිහට සියල්ල සිදුවුනොත් වැඩි දිනක් නොගොසින්ම ප්‍රසිද්ධ මාර්ගයක රති කෙලියේ යෙදුනත් අපිට අහක බලාගන යනවා මිසක් වෙනකල හැකි දෙයක් නැති වෙයි .(අ)
කවුරුන් හෝ වැඩේ වවාගෙන කනවා.. මේ මෝඩ පරානෙත් ඒකට අහු වෙලා..තමන් ගණිකාවක් බවත් තමුන්ට එම වෘත්තිය කරන්න ඉඩ ඇරලා ඒකෙන් යැපෙන නපුන්සක මිනිහෙක් ඉන්න වගටත් ප්‍රසිද්ධියේ පිළිගත්තට පස්සේ තව මොන කායික මානසික පීඩාද? අපහාසද? ගහපු දෙයින් නෙමෙයි අපහාස වුනේ .. මාධ්‍ය ඉස්සරහ ඇදපු කෙප්ප වලින් තමන් තමන්ටම අපහාස කර ගත්තේ..අපි නොදන්නා රත්නපුරේ බට්ටිගේ කදුළු කතාව...(අ)
මෙහෙම මෙහෙම හරි නීතිය ආරක්ෂාව ජනතාවට දැනෙනවා නම් ලොකු දෙයක්, ගාන තමයි සැර (අ)
සියල්ල මේ දෙස බලාසිටින්නේ තවත් වරක් නිතිය හෑල්ලුවට ලක්වේද යන්න අද මෙයට සාධාරණය නොලැබුනොත් කඩා වැටෙන්නේ නීතියේ ආධිපත්‍යයයි ඇයගේ තරාතිරම වැදගත් සාධකයක් නොවන බව උද්ඝෝෂක නරුමයන් දැනගත යුතුයි (අ)
පොලිස් පඩියෙන් කොහොමද කෝටි 5ක් ගෙවන්නේ ? (නදී)
කෝටි පහක වන්දියක්? ඇයගේ වටිනාකම මෙතරම් ඉහළද?ඒ වගේ කටක් කොළඹ වීදි කාන්තාවන් ළඟවත් නැතිතරම් ! (නි)
වැඩේ වැරදියි. ඒකේ තර්කයක් නැහැ.නමුත් මෙයා හදන්නේ බොරදියේ මාළු බාන්න. එයාගේ කෙරුවාවල් දැන් දැන් ආරංචියි. (නි)
මේ වැඩෙන් වෙන්නේ ඉදිරියේදී පොලිසිය විදි ගණිකාවන් ඇල්ලීම අතහැර දැමීම සහ සමාජ රෝග රට පුරා පැතිරීම. හවස 6 න් පසු වැදගත් කියල කාන්තාවකටවත් පාරේ බැහැල යන්න බැරි වෙන එක. (නදී)