IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මනාලයයි මනාලියයි වුණු ආච්චියි සීයයි

2016-10-22-ent-61

අපි විවාහ වුණේ 1986-ඔක්තෝබර් 25 වැනිදා. ඒ කියන්නේ මීට අවුරුදු 30කට පෙරදීයි. අවුරුදු තිහක් ගෙවිලා ගියා. ඒ වෙද්දි අපි දෙන්නා ආච්චි - සීයා වෙලා. ආපස්සට හැරිලා බලද්දි, ඒක ඇත්තටම සුන්දර ගමනක්. බොහෝ සුන්දර ගමනක් ආ වග තමයි හැඟෙන්නේ.

ජීවිතයේ අපි පටන් ගත්තේ පුංචි තැන් වලින්. අපට සියල්ල සම්පූර්ණ වෙච්ච පරිසරයක් තිබුණෙ නැහැ. මහා මන්දිර - සඳළු තල තිබුණෙත් නැහැ. ඒත් අපි දෙන්නට ප‍්‍රාර්ථනා තිබුණා. ඒ ප‍්‍රාර්ථනාවන් ඔස්සේ ගියා. හැබැයි ඒවා බිඳ වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒවා එක්ක එල්ලිලා ගමන් කළා. ඒ අතරේ දුක් කරදර නොපැමිණියාම නොවෙයි. ඒ සියල්ලට මුහුණ දීලා ආපු ගමනක් මේ.”

යුගදිවි ගමනේ 30 වසරක් කියන්නෙ සුළුපටු කාලයක් නොවෙයි. ඒ විදියට ගමනක් එන්න නම්, ආදරය වගේම ඊට එහා ගිය ගෞරවයකුත් දෙදෙනා අතර තිබිය යුතුයි. මේ ප‍්‍රවීණ රංගන ශිල්පී යුවළ ඊට කදිම උදාහරණයකැයි කිව හැකිය. ස්වකීය යුග දිවි ගමනේ තිස් වසරක් සපිරෙන මොහොතේදී, ශ‍්‍රියන්ත - කුසුම් යුවළ නැවතත් මනාල යුවළක් ලෙස හැඩවුණා. අවුරුදු තිහක සැමරුම ඇයි ඒ විදියට සනිටුහන් කළේ?

 

ශ‍්‍රියන්ත ඇයි නැවතත් මේ විදියට මනාලයකු වෙන්න හිතුවේ?

2016-10-22-ent-62ඒක ඇත්තටම කුසුම්ගෙ අදහසක්. හැබැයි අපි එදා 1986 දි මංගල ඡුායාරූපයකට පෙනී සිටියට පසුව ඉන් වසර පහළොවකට පස්සේ නැවතත් මනාල යුවලක ලෙස හැඩ වීමට අපි දෙන්නට අවකාශය ලැබුණා. සෝමරත්න දිසානායක ශූරීන්ගේ ”පුංචි සුරංගනාවී’’ චිත‍්‍රපටය වෙනුවෙන් තමයි ඒ විදියට හැඩ වුණේ.

 

”කුසුම්” ඇයි ඔබට මේ විදියෙ අදහසක් ඇති වුණේ?

නව පරපුරේ දක්ෂයින්ට අපි ශක්තියක් වෙන්න ඕනෑ. මේ වගේ අදහසක් අපට තිබුණෙ නැහැ. නමුත් මේ දක්ෂ ළමයි ටික එකතු වෙලා තමයි මේ සියල්ල සම්පාදනය කළේ.

 

කවුද මේ කියන දරුවෝ?

ඇඳුම් නිර්මාණ ශිල්පී ප‍්‍රනීත් රණවීර පුතා තමයි මේ අදහස ගෙනාවේ. එතකොට මම කිව්වේ, පුතේ ශ‍්‍රියන්ත මාමාව මේ වැඬේට කැමති කරවා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. එයා මේකට කැමති වෙයිද දන්නෙත් නැහැ කියලයි. නමුත් අතිශය කාර්යබහුලව සිටින අතරේ ශ‍්‍රියන්ත ඊට අවකාශය ලබාදුන්නා. ඒ අනුව ප‍්‍රනීත් පුතා මා වෙනුවෙන් උඩරට ඔසරි නිර්මාණය හරි අපූරුවට කළා. ශ‍්‍රියන්ත වෙනුවෙන් නිලමේ ඇඳුම සම්පාදනය කළේ සඳකඩ නිලමේ ඇඳුම් ආයතනයයි. වත්මනෙහි අපට සිටින දක්ෂතම රූපලාවන්‍ය ශිල්පියකු වන ලක්කිත උක්වත්ත මාව හැඩගැන්වීම් කළා. ඔය දරුවො ටික එකතු වෙලා තමයි මේ වැඬේ සාර්ථකව කළේ. ඒ නිසා එයාලගෙ නිර්මාණ කටයුතු වලට ලොකු ආලෝකයක් ගෙන දීම අපේ අරමුණ වුණා. ඒ වගේම අපි කලින් සැලසුම් නොකළත් නැවත අපි දෙන්නා මනාල යුවළක ලෙස හැඩගැන්වීම සිදුවුණාම අපිට ලොකු සතුටක් ඇති වුණේ. ඒ හින්දාම ඒ මොහොතේ අපි දන්නා කියන අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කීප දෙනෙකුට ආරාධනා කළා. අපේ හිටපු ලෝ ප‍්‍රකට ක‍්‍රීඩක ඩිල්ෂාන්ගෙ D-Pavillion ස්ථානයට එන්න කියලා. එතැනදි තමයි අපි ඡුායාරූප වලට පෙනී සිටියේ.

 

ශ‍්‍රියන්ත දැන් මේ වගේ අවස්ථා විලාසිතාවක් වගේ වෙලා. රැුල්ලක් කිව්වත් නිවැරදියි. පසුගිය දිනෙක අපේ ප‍්‍රවීණ ජනප‍්‍රිය යුවළක් මේ විදියට සැමරුවා. මේක නිසා ජනප‍්‍රියත්වයත් සහ සමාජයේ කතාබහකට ලක්වීම අරමුණ කිව්වොත්?

කොහෙත්ම එහෙම දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි යන මතය සමාජයේ සමහර අය අතර තිබෙන දෙයක්. නමුත් ජීවිතයේ වටිනාකම දැනෙන විට හරියට උපන්දිනය අවුරුදු පතා සමරනවා. ඒ වගේ අපට විවාහ දිනයත් සමරන්න පුලූවනි. අනෙක කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථක නැහැ කියන පණිවුඩය අපට සමාජයට දෙන්න පුලූවනි. කුසුම්ට සහ මට ඒ අභිමානය තියෙනවා. අපට අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් ගන්න අවශ්‍ය නැහැ. ප‍්‍රචාරයක් ගන්නත් අවශ්‍ය නැහැ. හැබැයි අපට සමාජයට සාධාරණීය පණිවුඩයක් දෙන්න පුළුවනි. එනම් අද විවාහ වෙලා හෙට දික්කසාද නොවෙන්න කියන එක. අපි දෙන්න තවමත් එදා හිටපු ඒ ජෝඩුවම තමයි.

 

”කුසුම්” ඇත්තද ඒ කතාව? එදා හිටපු ඒ ජෝඩුවමද මේ?

අපි දෙන්නා අද වන විට ආච්චි සහ සීයා තමයි. ඒ ආච්චි සහ සීයාගේ විවාහය නැවතත් අලූත් වුණා. එදා වගේම අදත් හෙටත් අපි දෙන්නා ආදරණීය ජෝඩුවක්.

 

මේ තිස් වසර සමරා උත්සවයකුත් ගන්නවා ඇති නේද?

උත්සව නැහැ. සුපුරුදු විදියට අපි දාන - පින්කම් කරන්න කැමතියි. අත්තිඩියෙ ”මෙත් සෙවණ” ළමා නිවාසයට ගොස් ඒ පිංකම කරන්න කටයුතු යෙදුවා. ඒ සතුට තරම් දෙයක් එදාට තවත් නැහැ.

 

ශ‍්‍රියන්ත මේ කාරණා අතරේ එදා 1986 විවාහයේ සැමරුම් ගැන සිහිපත් කළොත්?

මම කතෝලිකයෙක් වෙච්ච හන්දා දෙව් මැදුරේ චාරිත‍්‍ර උත්සවය එදා පැවැත්වුණේ. බොරැුල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයේදීයි. එදා කලාකරුවන් රැුසක්ම ඊට සහභාගි වුණා. ඒ අතරේ හරි සුවිශේෂි දෙයක් සිද්ධවුණා. එදා වෙනත් උත්සවයකට ඇවිත් සිටි විජය කුමාරණතුංග මහතා සහ පසුකලෙක අමාත්‍යවරයකු වූ ෆීලික්ස් පෙරේරා මහතා අපේ උත්සවයටත් ඇවිත් අපට සුබ පැතුවා. එය අපට සුවිශේෂී මොහොතක් වුණා. දේවස්ථානයේ කටයුතු වලින් පසුව පෝරුවේ චාරිත‍්‍ර සමග මංගල උත්සවය පැවැත්වුණේ ”තැප්‍රොබේන්” (එදා) හෝටලයේදීයි.

 

අද වගේම හරියට චිත‍්‍රපටයක වගේ නැටුම්, ගැයුම්, රැුඟුම් එහෙමත් විවාහ උත්සවයේදී තියෙන්න ඇති නේද? මොකද අද නම් මුල් තැන දෙන්නෙ ඒවාට නිසා?

සංගීතය නම් තිබුණා. නමුත් උත්සවය හමාර වෙනකල් එයාලට ඉන්න බැරි බව කිව්වා. ඊට පස්සේ මගේ යාළුවා (මනාලයගේ යහළුවා* වූ කමල් අද්දරආරච්චි ඩ‍්‍රම් සෙට් එක වයමින් ගී ගැයුවා.

”සිහින ලොවක් දුටුවා මතකයි

සිහින ලොවින් ආවා මතකයි”

ගීතය ඔහු ගායනා කළ අපූරුව මට අදටත් හරි අපූරුවට මැවී පෙනෙනවා.

ඔබ දෙපොළගේ ඉදිරි සිහිනත්

සැබෑ වෙන්න ඔන්න එහෙනම්

 

අපෙන් සුබ පැතුම්!

 

ඔසරි නිර්මාණය - ප‍්‍රනීත් රණවීර

නිලමේ ඇඳුම - සඳකඩ නිලමේ ඇඳුම්

හැඩගැන්වීම - ලක්කිත උක්වත්ත

පසුතලය D-Pavillion

 

සටහන/ඡායාරූප සඳුන් ගමගේ

 

2016-10-22-ent-60
2016-10-22-ent-59



අදහස් (0)

මනාලයයි මනාලියයි වුණු ආච්චියි සීයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 59 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 170 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 743 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 429 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1495 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 332 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site