IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මිනුවන්ගොඩ ආරාමයක මෙහෙනින් වහන්සේ තිදෙනකු සහ තරුණියක් අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක  මහණ වීමට පැමිණි  තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය  කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව අද (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක්  මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති.

මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

මෙම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ එම මෙහෙණින් වහන්සේලා රැගෙන ගියේ යැයි කියන තරුණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

 

 



අදහස් (4)

මිනුවන්ගොඩ ආරාමයක මෙහෙනින් වහන්සේ තිදෙනකු සහ තරුණියක් අතුරුදන්

Gayani Sunday, 27 August 2023 03:48 AM

එහෙම කිසිම පුද්ගලික තොරතුරක් නැතිව ඒ කෙල්ලව නවත්වා ගත්තු එක වැරැදියි. ඒ වගේමයි පොලිස් කම්ප්ලේන් දාලා තියෙන්නේ 26 ඉඳලා... අතුරුදන් වෙලා තියෙන්නේ 24. දවස් 02ක් යනකන් ප්‍රධාන මෙහෙණින් වහන්සේ දන්නේ නෑ... ඒ කට්ටිය නෑ කියලා. එහෙමද වගකීම් දරන්නේ..? 

:       0       8

ඇබිත්තෙයා Sunday, 27 August 2023 08:24 AM

නන්නාඳුනන කෙනෙක් මහණ වෙන්න කියලා ආවාම කිසිවක් නොසොයා බාර ගන්නවා කියන්නේ... අනතුරක් කර ගැනීමක් තමයි හැඳුනුම්පත සමග ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී අනු අත්සන් කළ ග්‍රාම නිලධාරි සහතිකයක් ගත්තා නම් ඔය ප්‍රශ්න කිසිවක් නැහැ කියලා හිතන්නේ නැද්ද?

:       0       6

Jayagoda Sunday, 27 August 2023 03:49 PM

පන්සල් සහ ආරාම කියන්නේ වධකාගාර...

:       4       1

Bunny Preena Monday, 28 August 2023 01:59 PM

සිතට සහනය සහ සැනසීම ගැන දෙනවයි කියන ආගමික ස්ථානවලත් මෙවැනි සිදුවීම්වලට ප්‍රධානම හේතුව තමන් එම ස්ථානයට පැමැණීමේ ප්‍රධාන අරමුණ මොනවාදැයි හරියට තේරුම් නොගැනීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 13 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 162 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 853 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1394 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1814 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 250 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site