IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මීපැණි අමාවකි

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ  දේශනයක් ඇසුරෙනි.

දේශිය ආයුර්වේදයේ එදා සිට අද දක්වාම ඖෂධ පිළියෙළ කිරිමට  ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා  කරන මී පැණි  රෝගි  තත්ත්ව සුවපත් කිරිමට  විවිධ අයුරින්  යොදා ගැනේ. වෛද්‍ය විද්‍යාත්මකව කරුණු  පෙන්වා දෙන පරිදි ක්ෂණික අවශෝෂණ ගුණයක් මී පැණි සතුවේ.

download-(2)

·        දැඩිව ගිලන්ව සිටිනා  රෝගින්ට  දෙළුම්  ඉස්ම සමඟ මී පැණි  මිශ්‍රකර පානය කිරිමට  සැලැස්වීමෙන් ගුණය ලැබේ.

·        ක්ෂුද්‍ර ජිවි  නාශක ගුණයෙන් ඉහළ මී පැණි සුව නොවෙනා තුවාල වල ආලේප කිරිමෙන්  ඒවා  ඉක්මණින්  සුවය ලැබේ. දියවැඩියා  රෝගින්ට  වඩා  යෝග්‍යය.

·        මීපැණි වලට මිශ්‍රකර  එම දියරය තුවාල පිරිසිදු කාරකයක්  ලෙස භාවිතා  කළ හැකිය.

·        උදර  වේදනාවෙන්  පෙළෙන විට අසමෝදගම් සමඟ මීපැණි  මිශ්‍රකර  පානය කිරිමෙන් ගුණදායකය.

·        මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්ට  කුරුදු පොතු  සමඟ මී පැණී ගැනිමෙන් පවතින තත්ත්වය අවම කර ගත හැක.

·        පිත්තාශයේ ගල් ඇති  අවස්ථාවලදි  අන්නාසි  සමඟ මී පැණි  මිශ්‍රකර  ගැනිමෙන් ගුණ ලැබෙන බව ආයුර්වේදයේ පෙන්වා දී ඇත.

·        සිගරට් ඇතුළු දුම්පානය කරන්නන්ට පෙනහළු අභ්‍යන්තරයේ සිදුවන විකෘතිතා වලදි අන්නාසි සමඟ මී පැණි ආහාරයට එක්කර ගැනිම වඩාත්                ගුණදායකය.

download-(1)

·        දිනපතා හිස්බඩ මී පැණී තේ හැන්දක් ගැනිමෙන් දිර්ඝායුෂ ලැබුණු බව, අප පැරණියන් අත්දැකිමෙන්ම තහවුරු කළ කරුණක් වේ.

·        දත් දිරායාම, දත් මුල් වලින් ලේ ගැලවිම, දත් මුල් දියවීම වැනි මුඛ රෝගයන්ගෙන් පෙළෙන අවස්ථාවලදී අරළු රෝගයන්ගෙන් පෙළෙන අවස්ථාවේදි අරළු පිලමුල්, මුණමල් පොතු එකට දමා තම්බා සාදා ගත් ඖෂධිය වතුරට සීනක්කාරම් කුඩු දමා මී පැණී ලබාගත හැකි බව ප්‍රත්‍යක්ෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

·        ඇදුම රෝගි අවස්ථාවේදි  කරාබු නැටි තෙල් සමඟ මී පැණි මිශ්‍ර කර  පානය කිරිමත් හෘද ආරක්ෂාව සලසා ගැනිමට  තනිකර මී පැණී භාවිතා කර ඇති බවත් ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වෙයි.

·        ලොව ප්‍රකට සුරූපනියක් වන ක්ලියෝපැට්ට්‍රා මී පැණී තම ශරිරයේ පැහැය ආරක්ෂා කර ගැනිමට භාවිතා කර ඇති බව පොත පතේ සඳහන්ය.

·        ඉක්කාව සුව විමට ගුණ දෙන ඖෂධයක මී පැණි ගුණදායක වේ.

·        සුදු රුධිරානු වර්ධනයට  සෘජු දායකත්වයක් ලබාදෙන මී පැණි ශරීර ප්‍රතිශක්තිය ඇති කිරිමේ පානයක් ලෙස ද භාවිත කළ හැකිය.

·        රාත්‍රියේදී නින්ද නොයන විටදී එයට ප්‍රතිකාරයක් වශයෙන් මී පැණී භාවිතා කළ හැකිය.

·        ඇඳ තෙමන දරුවන්ට, එම තත්ත්වය පාලනය කිරිමට ද මී පැණී අතීතයේදී  ලබාදි ඇත.

·        වෛරස් ආසාදනයෙන් වැළෑක්විමට වඩාත්, ගුණදායක මී පැණී උණ සහ සෙම අසනීප තත්ත්වයන්ගෙන් පසුවන අවස්ථාවේදි ඉඟුරු ඉස්ම සමඟ  මී පැණී පානය කිරිමට දිමෙන් සුවය ලැබෙන බවද ආයුර්වේදයේ සඳහන් වේ.

·        ක්ෂුද්‍ර ජිවින් සමඟ සටන් කිරිමේ ඉහළ ගුණයක් ඇති නිසාම වැදි යුගයේදි , දඩයම් කර  සොයා ගන්නා මාංශ කල්තියා ගැනිමට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ මී පැණිය.

ඉතිහාසය හාරා ඇවිස්සිමේදි වසර හත්දහසකට පෙරාතුව ඉතිහාසයේදි ඊජිප්තුවේ පිරමීඩ වල ඇති මමී තබාගැනිමට ද භාවිතා කර ඇත්තේ මී පැණීය. 

                                                     images-(4)

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 



අදහස් (0)

මීපැණි අමාවකි

මධුශාන් Monday, 26 October 2015 05:25 AM

අපිටත් තිබෙනවා ගැටලු. ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 96 0


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 98 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 303 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 295 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 612 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site