IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මම උපාධියක් හදාරනවා

20160705Thushi-1පළමු ‘සිරස කුමරිය‘ තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි තුෂි ලක්මාලි සමගින් මෙවර ‘සාරවිට‘ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. නිරූපිකාවකට අමතරව වර්තමානයේ රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන තුෂි ඉදිරියේදී වැඩි දායකත්වයක් රංගනයට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වූ අදහස්.

 

20160705Thushi-6ක්ෂේත්‍රයට ආවේ?

2007 අවුරුද්දේ තිබුණ ‘සිරස කුමරිය‘ තරගය හරහා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියේ. එම තරගයේ අවසන් වටයට මට එන්න ලැබුණා. එහිදි ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් අඳුනගන්න ලැබුණා. ඔවුන්ගේ අතදිම මත තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට යොමු වුණේ.

 

දැනට තුෂිව අපිට දකින්න ලැබෙන්නේ?

ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් හරහා මාව දකින්න පුළුවන්. ඊට අමතරව මම දැන් ටෙලි නාට්‍යය නිළියක් විදිහටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.

 

කරපු නිර්මාණ ගැන මතක් කළොත්?

දැනට මම ගීත රූප රචනා 15කට විතර දායක වෙලා තියෙනවා. අන්තිමට කළේ දමිත් අසංකගේ ‘සිතින් ආදරේ කරන්න‘ ගීතයේ රූප රචනාවට දායක වුණා. ඊට අමතරව බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ ඉඳුනිල් අන්ද්‍රමාන්න ගායනා කළ ‘තරහා වුණත්‘ ගීතයේ රූප රචනාවටත් මම පෙනී හිටියා. ගීත රූප රචනා වලට අමතරව, MRF ටයර්, ලොටෝ, සිංගර්, LOLC, මොබිටෙල් ඇතුළු වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයක මම පෙනී ඉඳලා තියෙනවා.

 

අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාවකුත් ඔබට ලැබිලා තියෙනවා?

ඔව්. එහි වැඩ කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. මීට කළින් මම දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘අංකල් සෑම්‘ ටෙලි නාට්‍යයෙත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. එහි මා රඟපෑවේ ‘සජානි‘ කියන චරිතය.

 

නිරූපිකාවක් වෙන්න හීනයක් තිබුණද?

එහෙම නැහැ. නමුත්, ‘සිරස කුමරිය‘ තරගයට සම්බන්ධ වුණාත් එක්ක ඒ ක්ෂේත්‍රයට මට යොමු වෙන්න ආසාවක් ආවා. දැන් නම් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන සතුටක් තියෙනවා.

 

නිරූපිකාවක් වුණ එක ගැන ඒ කියන්නේ ඔබට තියෙන්නේ සතුටක්?

නිරූපිකාවක් වුණ එක ගැන සතුටක් තියෙනවා. ඒ වගේම පුංචි දුකකුත් තියෙනවා. මොකද, සමහර මිනිස්සු නිරූපිකාවක් කිව්වාහම එක එක කෝණයෙන් බලනවා. මේ ක්ෂේත්‍රය තුළ විවිධ මානසික මට්ටම් වල අයත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒ නිසා නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි සිත් රිදීම් නම් බොහොමයක් ඇති වෙලා තියෙනවා මට.

 

ඉලක්ක මොනවද?

නිරූපිකාවක් විදිහට වැඩ කරන අතරේ ‘සොෆ්ට්වෙයාර්‘ ඉංජිනේරුවරියක් වෙන එක. ඒ සඳහා දැන් මම උපාධියක් හදාරනවා. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන්න ලොකු ආසාවක් මට තියෙනවා.

 

උදව් කළ අයත් ඉන්නවාද?

තාත්තා, අම්මා දෙන්නා තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඔවුන් දෙදෙනා මගේ නිරූපණ වැඩ වලට වගේම මගේ අධ්‍යාපනය කටයුතු වලටත් නිතරම උදව් කරනවා. ඊට අමතරන ඡායාරූප ශිල්පි හෂාන් පන්නිලගේ අයියාවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ගොඩක් පිරිස ඉන්නවා මට උදව් කළ. නම් නොකීවත් ඔවුන්වත් ආදරයෙන් මේ වෙලාවේදී මතක් කරනවා කියලා සඳහන් කරන්න.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - හෂාන් පන්නිලගේ

20160705Thushi-2 20160705Thushi-3 20160705Thushi-4 20160705Thushi-5

 



අදහස් (0)

මම උපාධියක් හදාරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 8 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 1 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 198 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 387 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 235 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 556 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38905 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site