IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහට

රංගනයට මෙන්ම ගායනයටද එකසේ දක්ෂ හංසී මනමේන්ද්‍ර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයක රඟපෑ ඇති හෂී සිය දෙවැනි ගීතය නිර්මාණය කරන්නටද මේ දිනවල සැලසුම් යොදමින් සිටින බව පවසයි.

හංසී කියන්නේ රංගන ශිල්පිනියක්ද? ගායිකාවක්ද?

දෙකම කිව්වොත් නිවැරදියි. මොකද මම ඒ අංශ දෙකටම ගොඩක් කැමතියි. නමුත්, ක්ෂේත්‍රයට එන්නේ මම නිරූපිකාවක් විදිහට. අකිල ජයසේකර අයියාගේ මඟ පෙන්වීම යටතේ තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ. මුලින්ම දායක වුණේ සත්සර කසුන්ගේ ගීතයකට කරපු විඩියෝවක තමයි මම පෙනී හිටියේ.

20161227Hansi_1දායක වුණ නිර්මාණ ගැන කතා කළොත්?

හිරු නාළිකාවේ විකාශය වෙන සංජය නිර්මාල් මහත්මයාගේ ‘වස්සානේ ප්‍රේමයයි’, ස්වාර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ සුපුන් රත්නායක මහත්මයාගේ ‘මගේ ආදර අවනඩුව’ නාට්‍යවලට දැනට දායක වෙලා තියෙනවා. ඉදිරියේදී නාලක විතානගේ මහත්මයා විසින් අධ්‍යක්ෂණය කළ ‘රීදි නෝට්ටු’ කියන ටෙලි නාට්‍යයට තුළිනුත් මාව දැක ගන්න පුළුවන්. මේ දවස්වල මගේ දෙවැනි ගීතයේ වැඩ කටයුතු කරගෙන යනවා. බොහෝ විට ලබන වසර මුලදී මගේ දෙවැනි ගීතයේ එළිදක්වන්න පුළුවන් වේවි කියලා හිතනවා.

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ?

ඇත්තටම නිරූපිකාවක් වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ. මම ගොඩක්ම ආසාවෙන් හිටියේ ගායිකාවක් වෙන්න. මේ හැම දෙයක්ම සිදුවුණේ අහම්බෙන් කිව්වොත් නිවැරදියි. නිරූපිකාවක් වෙන්න කලින් මම ගායිකාවක් වුණා. මම මගේ පළමු ගීතය එළිදක්වලා ඒකට ගීත වීඩියෝවක් කරන්න සැලසුම් කරන අතරවාරයේදී තමයි මට සත්සර කසුන්ගේ මියුසික් වීඩියෝවට පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ. එතැනදී මහේෂ් ජයරත්න අයියා තමයි පොටෝස් කළේ. එයා ඒවා අරගෙන එයාගේ පේජ් එකට දැම්මා. ඒ පොටෝස් දැකලා තමයි මට කතා කළේ පෝටෝ ෂුට්වලට පෙනී ඉන්න. ඊට පස්සේ තමයි නිරූපණයට යොමු වෙන්න ආස හිතුණේ.

පාසල් යන කාලේ කොහොමද කලාව පැත්තට තිබුණ නැඹුරුව?

ඒ කාලේ හැමදේටම යනවා. ඩාන්සින් කළා. මියුසික් කළා. ඒ වැඩවලදී පාසලේ මුල්තැන ගත්තෙත් මම තමයි. මම පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. ඒ විහාරමහා දේවි, විද්‍යාදීප, යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය. පාසල් තුනටම අදටත් මම ගොඩක් ආදරෙයි. මට පාසල් යන කාලේ කලා කටයුතුවලට තිබුණේ ලොකු උනන්දුවක්.

වැඩිපුර කැමති රඟපාන්නද? ගීත ගයන්නද?

මේ කිසිම දේකට මම අකමැති නැහැ. මගේ දක්ෂතා හඳුන ගෙන මාව සුපුන් රත්නායක මහත්මයා එයාගේ ‘මගේ ආදර අවනඩුව’ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන මේ වෙලාවේ මම කතෘවේදීව මතක් කරන්න අවශ්‍යයි. දෙවැනි ගීතය එළිදක්වලා ලැබෙන රසික ප්‍රතිචාර මත ඒකට වීඩියෝවක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.

කලා ක්ෂේත්‍රය තුළ හංසීගේ ඉලක්ක මොනවද?

එකම ඉලක්කය තමයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණේ. ඒ කලාවට සම්බන්ධ වෙන එක. ඒ හීනය දැන් සඵල වෙලා තියෙනවා. මගේම ගීතයක් කරලා ඒකට මියුසික් වීඩියෝවක් කරන එක මගේ තියෙන තවත් ඉලක්කයක්. පළමු ගීතයට මම ගොඩක් ආසාවෙන් හිටියා වීඩියෝවක් කරන්න. නමුත්, ඒක මට කරගන්න බැරිවුණා. ඒ හින්දා අලුතින් එළිදක්වන ගීතයට හරි මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

උදවු කළ පිරිස ගැනත් සඳහනක් කරමු?

මගේ පවුලේ අය ගොඩක් ලොකු සපෝර්ට් එකක් මට දෙනවා. අදටත් මගේ අම්මා මම යන හැම තැනකටම මගේ ආරක්ෂාවට එනවා. තාත්තා ලංකාවේ නැති වුණත් නිතරම මට කතා කරලා අවවාද උපදෙස් දෙනවා. ඒ වගේම මං ගැන ගොඩක් හොයලා බලනවා. ගොඩක් අය මේ ක්ෂේත්‍ර තුළදී මට උදවු කළා. නම් කියන්න නම් ගොඩ දෙනෙක් ඉන්නවා. මේ වෙලාවේ ඒ සියලුම දෙනා ආදරයෙන් මතක් කරනවා. 

20161227Hansi_2 20161227Hansi_3 20161227Hansi_4 20161227Hansi_5 20161227Hansi_6



අදහස් (0)

මම ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 349 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 680 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 412 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1277 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 114 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site