IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මම දැනටත් වැඩියෙන්ම ආසා කරන රැකියාව ඒක

2016-09-24-ent-06

"ස්නේහා", "පබසරා", "සඳසාවි", "රන්තරු", වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයේ තරුවක් වූ ඇය නිපුණිකා හේවාගමගේ ය. කෙටි කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි ඇය මේ වන විට නැවතත් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින්නීය. නිවේදනයටද දස්කම් පෑ ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ඇය අපත් සමග මෙලෙස එක්විය.

 

මේ දවස්වල තොරතුරු මොනවාද?

2016-09-24-ent-02මේ දවස්වල මම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒ ස්වාධීන රූපවාහිනියේ "දේවිය සුගලා" ටෙලි නාට්‍යය. ඊට අමතරව නිල්වලා ආයතනයෙන් තව ටෙලිනාට්‍යයක් කරනවා. ජයවික්‍රම අධ්‍යක්ෂකවරයාගේ තවත් ටෙලිනාට්‍යයක් සඳහා සම්බන්ධවෙලා ඉන්නවා.

 

ටික කලක් කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියේ ඇයි?

ඇත්තටම කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියේ,මගේ උපාධිය සම්පූර්ණ කරනවාත් සමගම හොඳ රැකියාවක් සඳහා අවස්ථාවක් ලැබුණ නිසයි. මම හිතුවා ඒ වෙලාවේ හැටියට රැකියාව කියන දේ කරන්න ඕන දෙයක් කියලා. ඒ නිසා මම අවුරුදු දෙකක කාලයක් පෞද්ගලික අංශයක රැකියාවක නිරත වූවා.

 

රැකියාවෙන් ඉවත්වෙලාද නැවත කලාකටයුතු සඳහා දායක වෙන්නේ?

ඔව්. මම දැනට රැකියාවෙන් ඉවත්වෙලා තමා කලා කටයුතු සඳහා දායක වෙන්නේ.

 

අවුරුදු දෙකක කාලයක් කලාකටයුතු වලින් ඈත්වෙලා නැවත එක් වෙද්දී ක්ෂේත්‍රයට අලුත් දේවල් එකතුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම කලා කටයුතුවලින් ඈත්වුණාට මම මාධ්‍යවලින් අයින් වුණේ නෑ. වැඩසටහන් වලට දායක වුණා. නිවේදන කටයුතු කරනු ලැබුවා. එවැනි වැඩකටයුතු සඳහා සම්බන්ධ වුණා. ක්ෂේත්‍රයේ පොඩි පොඩි වෙනස්වීම් සිදුවෙලා තිබෙනවා.අලුත් කට්ටිය ඇවිත් තියෙනවා. ඒ දේවලුත් එක්ක මට ලැබෙන වැඩ සඳහා උපරිම දායකත්වයක් ලබාදෙන්න උත්සාහ කරනවා.

 

චිත්‍රපට සඳහා දායකත්වය ලබාදීලා තිබෙනවාද?

දැනටනම් මට චිත්‍රපටි සඳහා ආරාධනා ලැබිලා නැහැ. මට ගැලපෙන චරිතයක් ලැබුණොත් ඒ සඳහා දායක වෙනවා. ඒ දේවල් ඉදිරියේදී බලමු.

 

උපාධිය නිසා රැකියාවක් ලැබුණ ඔබ නැවත කලාවට එකතුවුණා, නැවත උපාධියෙන් ප්‍ර‘යෝජනයක් ගන්නේ නැද්ද?

දැනට නම් මම රැකියාවක නිරතවීම පිළිබඳ අදහසක් නැහැ. උපාධිය ගත්තෙත් ගොඩක් මහන්සි වෙලා. මොනදේ කළත් වැඩි කැමැත්තක් තියෙන්නේ කලාව පැත්තට. කොහොමත් මම එකතැනක ජීවිතය නතර කරගන්න කැමති නැති කෙනෙක්. අපට අවස්ථාව ලැබෙනකොට අපි ඒ දේවල් ලබාගන්නවා. මොකද හොඳ අවස්ථා අපට ජීවිතයේ හැමදාම ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අවස්ථා ආවොත් මම අනිවාර්යෙන්ම ලබාගන්නවා.

 

පවුල් පසුබිම කලාවට සම්බන්ධද?

මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි හැමදේටම එදා වගේම අදත් පස්සෙන් ඉන්නේ අම්මායි තාත්තායි. ඒ දෙන්නා දෙන සහයෝගය නිසා තමයි මට මෙච්චර දුරක් හරි එන්න අවස්ථාව ලැබුණේ.

 

කලාවේ මූලික අඩිතාලම ගැන කිව්වොත්?

නාලන් මෙන්ඩිස් මහත්මාගේ "දූවරු" තමයි මගේ පළමුවැනි ටෙලිනාට්‍යය. හැබැයි මම මේ අංශයට එන්නේ උසස්පෙළ ඉවර කරලා සතියක් වගේ කාලයක් තුළදී. ඒ පෞද්ගලික නාළිකාවක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න. ඒ පටන්ගත්ත ගමනේදී මුලින්ම නිවේදිකාවක් වුණා. ඊට පසුව රංගන ශිල්පිනියක් වුණා. ඊට පසුව හඬකැවීමක් ශිල්පිනියක් වුණා. ඉතින් මේ ආපු ගමන්මග ගැන හුඟක් සතුටුයි.

 

දායක වූ පැරණි නිර්මාණ ගැන කතාකොළාත්?

"ස්නේහා" "පබසරා" "සඳසාවි" "රන්තරු" "ඉහිරුණු කිරි" "සිහින සක්මන" "දේවිය සුගලා" "හිරු සඳුට ආදරෙයි" "පොඩි මාමා" "දෙවන වේදිකාව" "ඉසිවරුණ" යන ටෙලිනාට්‍ය සඳහා දායක වෙලා තිබෙනවා.

 

නැවත නිවේදනයට එකතුවෙන්න අදහසක් නැද්ද?

නිවේදන කටයුතුවලින් මම කොහොමත් ඈත්වෙන්නේ නැහැ. එයට හේතුව මම මුලින්ම පටන්ගත්තේ නිවේදනය වීම. නිවේදන සඳහා නැවත අවස්ථාවක් ලැබුණොත් ඒ දේවලුත් මගහරින්නේ නැහැ.

 

නිවේදනය පිළිබඳ හදාරා තියෙනවාද?

ඔව්. මට උපාධිය තියෙන්නේත් ජනමාධ්‍ය අංශයෙන්. ඒ පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවා.

 

නිවේදනය පැත්තෙන් ලැබුණ අත්දැකීම් පිළිබඳව කතා කළොත්?

මම උසස් පෙළ කරලා සතියක් යන්න කලින් තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණේ. මම දැනටත් වැඩියෙන්ම ආසා කරන රැකියාව ඒක. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ හැමතිස්සෙම හැම දෙයක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනෙ කෙනෙක්. මොකද ලෝකය ක්ෂණිකව වෙනස් වෙනවා. ඒකෙ ප්‍රවෘත්ති අපට ලැබෙනවා. ඒවා සංස්කරණය වැනි දේවලුත් මම කළා. පොඩි වයසකදී තමා මට ඒ අත්දැකීම ලැබුණේ. එතනින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එවැනි අත්දැකීමක් ලැබිච්ච නිසා තමා මම නිවේදන රැකියාට මා මෙතරම් ආදරය කරන්නෙ.

 

ඉදිරි කටයුතු පිළිබඳව කිව්වොත්?

දැන් ආයෙමත් මම නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධවෙලා ඉන්නවා. ඉදිරියේදී නැවතත් ටෙලිනාට්‍ය ඔස්සේ මාව දැකබලාගැනීමට පුළුවන් වෙයි. ඊට අමතරව අලුතෙන් රියැලිටි වැඩසටහනක් සඳහා සම්බන්ධවෙන්න සූදානමක් තියෙනවා. ඒ හිරු නාළිකාවේ මෙගාස්ටාර් වැඩසටහන සඳහායි. දැනට මේ ටික තමයි මගේ ඉදිරි කටයුතු.

 

මතක් කරන්න පිරිසක් ඇතිනේද?

අම්මා, තාත්තා පවුලේ කට්ටිය ඇතුළුව මම මේ වන විට දායකවෙලා ඇති ටෙලිනාට්‍යවල අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු කාර්යමණ්ඩලය සහ මාත් එක්ක හිටපු හැමකෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. මම දැනට ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු හයක් පමණ වෙනවා. මගේ වැඩකටයුතු සාර්ථකව කරගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ මට මාත් සමග වැඩ කටයුතු කරන අයගේ සහයෝගය නිසා. ඉතිං ඒ නිසා ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2016-09-24-ent-05
2016-09-24-ent-04
2016-09-24-ent-03
2016-09-24-ent-01
 



අදහස් (0)

මම දැනටත් වැඩියෙන්ම ආසා කරන රැකියාව ඒක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1332 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1498 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1334 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site