IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම මගේ තාත්තගේ ශිෂ්‍යයෙක්

2016-12-24-ent-48

හන්තානට පායන සඳ

ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුර හඳ

ඔබට හැකිය දකින්න

 

අමරසිරි පීරිස්ගේ හඬින් ගැයුණ මෙම ගීතය නෑසු කෙනෙකු නැත. රසවිඳි කෙනෙකු ද නැත. භාව සන්තර්පණය නොකළ කෙනෙකු ද නැත. මේ මධුර ස්වරයට පණ දුන් ඒ සංගීතවේදියා විශාරද ඩෙනිස්ටර් පෙරේරා සඳැල්ල අපි මෙවර කතා බහට එකතු කර ගන්නට සිතුවා. මේ ඔහුට විවර කළ අපේ සොඳුරු කතා බහයි.

රූපවාහිනී රාජ්‍ය සම්මාන 2016 සම්මාන රාත‍්‍රියේ හොඳම ටෙලි නාට්‍ය තේමා ගීතයට හිමි සම්මාන ලැබුවා. අපි එතනින් කතාව ආරම්භ කරමු.

2016-12-24-ent-51ඔරු පල්ලේ මස්තකයෝ

එක පෙළ සරතේ

ඔරු පල්ලේ මස්තකයෝ

හබල් පාර ගෙන තාලෙට

ගං දිය කැළතේ

ඔරු පල්ලේ මස්කතයෝ......

 

එදා මේ ගීතයට ස්වර මුසු කරන්නට මට අවස්ථාව ලැබුණා. මේ වෙනකොට මම ටෙලි නාට්‍ය අටක පමණ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ අතුරින් මේ ගීතය මගේ ජීවිතේට ලොකු ආලෝකයක් ලබා දුන්නා. ඒ ලැබුණු සම්මානය නිසාම නෙමෙයි. සත්පත්තිනි ටෙලි නාට්‍යයම මගේ ජීවිතේට ආලෝකයක් ලබා දුන්නා කියලා විශ්වාස කරනවා.

ජාතික රූපවාහිනියේ විකාශය වු සත්පත්තිනි ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ පද රචනය කළේ සරත් ධර්මසිරි. තිස්ස ජයවර්ධන තමයි ගායනා කළේ. ඉතින් මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය මා හට ලැබීම ගැන ඇත්තට ලොකු සතුටක් දැනෙනවා. ඒක වචනයෙන් කියන්න බැරි තරම් සතුටක්.

සංගීත ජීවිතේ මීට වසර පහළවකට එහාට ඔබේ මතකය ගෙන ගියොත්.

හන්තානට පායන සඳ, මගේ පුංචි රෝස මලේ.... මීට වසර පහළවකට ඉහත දී මේ ගීත දෙක මාව එක් රැුයකින් ජනප‍්‍රිය කළා කිව්වොත් නිවැරදියි. ”නිල් කැට වැස්ස” කියන ක්‍ෘ එකේ ධම්මික බණ්ඩාරගේ පද රචනයෙන් සහ මගේ සංගීතයෙන් තමයි ගීත නිර්මාණය වුණේ. ඒ ගීත අතුරින් අමරසිරි පීරිස් ගායනා කළ මේ දෙක ගොඩාක් ජනප‍්‍රිය වුණා. ඒ වගේම මේ ගීත දෙකට සම්මානත් රාශියක්ම ලැබුණා. ගීත 2 කොයිතරම් ජනප‍්‍රිය වුණාත්, ඒ ජනප‍්‍රියත්වයෙන් මාව මිනිස්සු අතරට ගෙන ගියත්, මෙහි සංගීතයට මට කවදාවත් සම්මානයක් ලැබිලා නැහැ. සත්පත්තිනි ටෙලි නාට්‍යයේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට ලැබුණු සම්මානය තමයි මට රාජ්‍යය සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව.

 

ඔබගේ පියාත් දක්ෂ සංගීතඥයෙක්

ඔහු ණගඪගීග පෙරේරා. ඇත්තටම ඔහු තමයි මගේ සංගීත ජීවිතේ මුල්ම ගුරුවරයා වෙන්නේ. එවකට මගේ පියත් ජනප‍්‍රිය සංගීතඥයෙක්. සංගීත ආචාර්ය රෝහණ වීරසිංහගෙත් ගුරුවරයා වුණේ මගේ තාත්තා. මගේ තාත්තාගේ සංගීත දැනුමෙන් බිහිවුණ සංගීත ශිල්පීන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ ඇතුළත මමත් මගේ තාත්තාගේ ශිෂ්‍යයෙක් විදිහට බිහිවුණ සංගීතඥයෙක්.

ඇත්තට මගේ දක්ෂතාව එළියට ආවේ හන්තානට පායන සඳ ගීතයෙන්. වගේම මගේ පුංචි රෝස මලේ ගීතයෙන්. මේ ගීත දෙක මගේ ජීවිතේ ලොකු දුරක් ගෙනාවා. ඇත්තටම ඒ ගීත දෙකෙන් ඇවිත් ක්ෂේත‍්‍රයේ විශාල ගීත ප‍්‍රමාණයක් මගේ අතින් නිර්මාණය වුණා. මේ වෙනකොට ගීත පන්සියයකට වැඩිය මම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

 

ජීවිතේ ලොකු දුරක් ගෙනාපු මේ ගීත දෙක මතක ආවර්ජනය කරමුද?

මීට වසර පහළවකට ඉහත දී මමත්, ධම්මික බණ්ඩාරත් කුරුණෑගල එරන්දතී කියන කලායතනයේ ඒ දවස්වල ඉගැන්නුවා. ධම්මිකත් මමත් නිතර එකට මුණගැසුණ ආව ගිය මතක රැුසක සුන්දර මතකයන් ගොඩක් එකතු වුණ තැනක් තමයි එරන්දති කලායතනය. ඒ කාලේ නිර්මාණය වුණ ගොඩක් ගීත නිර්මාණය වුණේත් එරන්දතී කලායතනයේ. දවසක් ධම්මික මේ ගීත දෙකත් අරගෙන කලායතනයට ඇවිල්ලා මගේ අතට දීලා ඇහුවා මේකට හොඳ ”මෙලඩියක්” දාමුද කියලා.

මම දෙවරක් නොසිතාම හා කිව්වා. ඇත්තටම මේ ගීත දෙකේම සංගීත නිර්මාණ වුණේ හදිසියේ. අහම්බෙන් කොහොම හරි ගීත දෙකට මෙලඩිය දාගෙන අපි දෙන්නා අමරසිරි පීරිස් මහත්මයා සොයාගෙන පිළියන්දල ගියා.

සින්දු දෙක හදාගෙන ආවා කියලා එතුමාගේ අතට දුන්නම එතන තිබුණ සර්පිනාවෙන් මම ඒක ගැහුවා. එතුමා එතනදී ගීතය ගායනා කළා. ”ෂා නියමයි” කියලා අගය කරලා එතුමා ගීත දෙක භාර ගත්තා. එදායින් පස්සේ මම එතුමට ගොඩක් ගීත නිර්මාණ කළා.

 

ඔබ වැඩිපුරම ගීත නිර්මාණ කරලා තියෙන්නේ ප‍්‍රවීණ අය අතරින් කාටද?

අමරසිරි පීරිස් මහත්මයට. ඉදිරියටත් මම ඔහු වෙනුවෙන් ගොඩක් නිර්මාණ කරාවි. තවත් බොහෝ ප‍්‍රවීණයන්ට මම ගීත නිර්මාණය කරලා තියෙනවා.

 

ඉදිරියට මොනවද අලූත් නිර්මාණ?

මම ගීත අධ්‍යක්ෂණය කළ අලූත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී පේ‍්‍රක්ෂකයාට බලා ගන්න පුළුවන්.

මම දැනට පොල්ගොල්ල ශාස්ත‍්‍රාල පිරිවෙනේ සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කරනවා.

 

චිත‍්‍රපටිවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?

ඇත්තටම මම ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා චිත‍්‍රපටියක සංගීත අධ්‍යක්ෂණය කරන්න. ඒක මගේ හීනයක්. තාම මට චිත‍්‍රපටයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉදිරියේදී බලමු.

 

අද ඉන්න තරුණ ගීත රචකයෝ සහ සංගීතඥයෝ ගැන මොකද හිතෙන්නේ?

ගොඩාක් දක්ෂ තරුණ පිරිසක් අපට ඉන්නවා. වැඩි ප‍්‍රමාණයක් ඉන්නේ එක රැුයින් ජනප‍්‍රිය වෙන්න දඩි බිඩි ගාලා හදිසියේ සංගීත නිර්මාණ කරන පිරිසක්. ඒත් සංගීත කලාව කියන්නේ ආප්ප පුච්චනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඉන්න පද රචකයෝ ලියන්නේ හරිම සරලව. සරල ගී පද රචනා කිරීමෙන් වෙන්නේ සාහිත්‍ය අපෙන් ඈත් වෙලා යන එක. විරහව, වේදනාව සතුට ගීතයෙන් කියන්න පුළුවන්. ලස්සන වචන අපේ සාහිත්‍යයේ තියෙනවා.

දැන් හැදෙන ගීත රචකයෝ සහ සංගීතඥයෝ කරන්නේ තනුව නිර්මාණය කරලා තමයි ඒ තනුවට වචන ලියන්නේ. දැන් සංගීත අධ්‍යක්ෂණ තනුවට වචන පිරවීමේ කලාවක් වෙලා. මම තරුණ පරපුරට කියන්නේ අපේ සංගීතය මරන්න එපා කියලා.

 

නදීශා අතුකෝරළ

 

2016-12-24-ent-50
2016-12-24-ent-49



අදහස් (0)

මම මගේ තාත්තගේ ශිෂ්‍යයෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 301 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 921 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 286 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4549 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site