IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’මම වැරැද්දක් කළේ නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර  නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

බොහෝ  නිවැරදිව කල්පනා කර බලා ව්‍යවස්ථානුකූලව  එම තීරණය ගත් බවද  ඔහු සඳහන් කළේය.

“ඒක ඔබතුමාලට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව ඒ තීරණය අරගෙන තියෙනවා.  හැම දෙයක්ම හොයලා බලලා තමයි ඒ තීන්දුව ගත්තේ." යැයිද   ඔහු සඳහන් කළේය.

තමා එය ගෙදර සිට ගත් තීරණයක් නොවේ යැයිද  අබේවර්ධන මහතා කීවේය.

පොලිස්පතිවරයාගේ තනතුර නතර කරනවා  නම් ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ඇති බවද  හෙතෙම පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන්  ඊයේ  සාකච්ඡා  කෙරුණු අවස්ථාවේදීය.



අදහස් (11)

’’මම වැරැද්දක් කළේ නෑ’’

sunil Friday, 26 July 2024 04:17 PM

මෙයා වැරැදි කරන්නෙත් නැහැ. ඉතා ශුද්ධ වන්තයි.

:       83       23

Sharafaz Friday, 26 July 2024 04:38 PM

කොයි වරදකරුවා පිළිගනීද ඔහු වැරැදියි කියා...?

:       68       21

විජිත් Friday, 26 July 2024 04:38 PM

ළඟදීම ජම්පර් එක අන්දලා හෝ අමු නිර්වස්තරයෙන් හිරේ ඉන්නවා කාටත් දැකගන්න පුළුවන්...

:       71       34

anuranga Friday, 26 July 2024 05:00 PM

බබා...!

:       65       27

Achi Friday, 26 July 2024 05:02 PM

හොරෙක් කවදාවත් කියන්නේ නෑ මං මංකොල්ල කෑවා කියලා...

:       65       38

ජයනාත් Friday, 26 July 2024 05:18 PM

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙලා පණ්ඩිතකම් කතා කළාට උසාවියෙදී උත්තර දෙන්න වෙයි...

:       59       32

Sriyal Friday, 26 July 2024 05:34 PM

අධිකරණ නියෝගවලට අවනත නොවන හිතුවක්කාර චරිත....

:       53       29

ravin Friday, 26 July 2024 06:12 PM

තමතමුන් කළ වැරැදි පිළිගන්න දේශපාලකයෝ මේ රටේ ඉන්නවද? අනාගතයේදී වත් එහෙම රටක් අපට ලැබේද?

:       39       30

සමන් Friday, 26 July 2024 09:11 PM

ඔය පෙන්ගුවින්ව තමයි මුලින්ම මාරු කරන්නේ.. තව පෝය දෙකයි...

:       30       4

Upali weerapperuma Saturday, 27 July 2024 03:10 AM

ඒවා අපි දන්නෑ

:       27       8

Rohana Saturday, 27 July 2024 03:14 PM

දේශපාලකයින් කවද්ද වැරැද්ද පිළිගත්තේ. උසාවියට කැඳවනකම් කලබල නොවී මොහොතක් ඉන්න.

:       23       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7064 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4190 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5444 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4015 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 959 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1724 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36368 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24171 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 522 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site