IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මම ස්තූති කරනවා මගේ සිංදු වලට Comment කරන එකට

2016-05-24-ent-67


කණ්ඩායම් සංගීතය හරහා බිහි වූ ගායකයන් අතර උදය ශ්‍රීට බොහෝදෙනා ආදරය කරනු ලබන්නේ ඔහුගේ ඇති ගීතමය අනන්‍යතාව නිසයි. මේ දිනවල ඔහුගේ වැඩකටයුතු පිළිබඳ විමසීම සඳහා අපි ඔහුව සම්බන්ධ කර ගතිමු.

 

2016-05-24-ent-68කොහොමද මේ දිනවල කලා කටයුතු?

පහුගිය මාසයේ අවුරුදු හින්දා සංගීත ප්‍රසංග සඳහා දායක වුණා. ඊට අමතරව මියුසික් ඇකඩමියේ වැඩකටයුතු කරන අතරේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙකක සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපට දෙක බොහෝදුරට මේ අවුරුද්දේ තිරගත වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

සංගීත කණ්ඩායම් සංකල්පයක් ගොඩනැගුණේ කොහොමද?

මට සංගීත කණ්ඩායමක් ආරම්භ කළ යුතුයි යන සංකල්පය සිතට නැගුණේ ගෘහස්ථ ප්‍රසංගවලදියි. විවිධ සමාගම්වලින් පවත්වන ගෘහස්ථ ප්‍රසංගවලදී සංගීත කණ්ඩායම් එක්ක මම ගීත ගායනා කරන විට ඒ අය මගේ අලුත් ගීතවල නෝට්ස් බලලා නොතිබූ නිසා මට ගීත ගායනා කිරීමට අපහසුතා ඇතිවූ අවස්ථා තිබුණා. ඒ අවස්ථාවලදී තමයි මගේ සිතට නැගුණේ මගේම Players ලා එක්ක ප්‍රසංගයකට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නට සැලසුම් කළේ පසුගිය වසරේ අග භාගයේදියි. ඉන්පස්සෙ මම ලංකාවේ Recoding Level එකේ ඉන්න Players ලා ටිකක් එකතු කරගෙන Event දෙක තුනක් කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. උදය ශ්‍රී Full Band එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මාත් සමග වැඩ කිරීමට නර්තන කණ්ඩායමකුත් ඉන්නවා.

 

ඒකපුද්ගල ගීත පැතිකඩ ගැන කිව්වොත්?

දිගටම තනි ගාකයෙක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්. ඒකට තමයි යම් යම් දේවල් එකතු වෙන්නේ. බෑන්ඩ් එකත් එක්ක කරන දේවල් සහ නර්තන කණ්ඩායමත් සමග කරන දේවල් එකතු වෙයි. නමුත් උදය ශ්‍රී කියන නමින් තමයි සියලු කටයුතු වෙන්නේ. උදාහරණයක් විදිහට පිටරට මාර්ක් ඇන්තනී හෝ ජස්ටින් ටිම්බර්ලෙක් වැනි කලාකරුවන් ඒ අයගේ ප්‍රසංග කරන්නේ ඔවුන්ගේ නමින්. උදාහරණයකට මාර්ක් ඇන්තනී ප්‍රසංගයක් කළොත් %මාර්ක් ඇන්තනී ලයිව් ඉන් කෝන්සර්ට්^ කියලා තමයි යන්නේ. එයාගෙම සංගීත කණ්ඩායමක් සමග තමයි ඒ ප්‍රසංග මාලාවම කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මමත් නිර්මාණය කරන්නේ. කවුරු හරි කතා කළොත් ඔයාගේ සංගීත කණ්ඩායමත් සමගම තමයි ඔයාව ඕනේ කියලා, ඒ විදිහට තමයි වැඩකටයුත්ත වෙන්නේ.

 

අලුතින් බිහිවන ගීත ගැන කිව්වොත්?

මේ මාසයේ අගදී ගොඩක්දුරට මගේ ඊළඟ ගීතය එනවා. අන්තිමට එළිදැක්වූවේ "අමතලා ආයේ අමතලා" කියන ගීතයයි. ඒකෙන් පස්සෙ එන ගීතය ගොඩක්දුරට මේ මාසයේ එන්න ඉඩ තියෙනවා. "අමතලා ආයේ අමතලා" ගීතය තාමත් ගොඩක් කට්ටිය ඉල්ලනවා කියලා රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකා වලිනුත් කියන නිසා මම පොඩ්ඩක් පරක්කු කළා ඊළඟ සින්දුව එළිදක්වන්න. නැත්නම් අප්‍රේල් මාසයේ තමයි දාන්න හිටියේ. දැන් හිතාගෙන ඉන්නවා මේ මාසයේ එළිදැක්වුවොත් හොඳයි කියලා.

 

ඔබේ සංගීත කණ්ඩායම ගෘස්ථ සංගීත ප්‍රසංගවලට පමණක් සීමා වෙනවද?

මගේ සංගීත කණ්ඩායම එන්නේ ගෘස්ථ ප්‍රසංග වලදී විතරයි. මොකද එළිමහන් ප්‍රසංග කරන්න අද ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් තියෙනවනේ. ඒක නිසා එළිමහන් සංගීත ප්‍රසංග සඳහා මම විතරක් දායක වෙනවා. ගෘහස්ථ සංගීත කණ්ඩයම්වලට මගේ සංගීත කණ්ඩායම දායක වෙනවා.

 

බොහෝදෙනා හොඳයි සහ නරකයි කියන රිගින් ටෝන් රැල්ල පිළිබඳව ඔබේ අදහස?

මේ සඳහා ඇතැම් අය කරන චෝදනාවල ඇත්තකුත් තියෙනවා. ඔය කාරණාව පිළිබඳ සම්පූර්ණ ඇත්තක් හෝ සම්පූර්ණ බොරුවක් නැහැ. හොඳ නරක දෙකම තියෙනවා. ලංකාවේ තියෙන බුද්ධිමය දේපල පනත ඇතුළේ කලාකරුවෙක්ට නිදහසේ අවශ්‍ය ඕනෑම නිර්මාණයක් කරන්න පුළුවන්. ගායකයෙක්ට සංගීත ප්‍රසංගයක් තුළ ගීත කිව්වාම ලැබෙන දේ තමයි ඔහුගේ ප්‍රධාන ආදායම වෙන්නේ. ඒ අය නිරායාසයෙන්ම පෙළෙඹෙනවා ආදායම් මාර්ග එන්නෙ මොන විදිහටද, ඒ සඳහා හරියන නිර්මාණ කරන්න. රිගින් ටෝන් කියන දේත් ඒ ඔස්සේ ආපු ආදායම් මාර්ගයක්.

ඒ ගායකයාත් හිතනවා මේ රිගින් ටෝන් ජාතියේ ගීතයක් කළොත් හොඳයි කියලා. එයාට ඒකෙන් සල්ලි හම්බවෙන නිසා එයා දිගටම ඒක කරනවා. ඇල්බම් මාර්කට් එකක් අද ලංකාවේ තිබුණ නම් ඔහොම දෙයක් වෙන්නෙ නැහැ. අපි රු.500කට ඇල්බමයක් කළොත් පහුවෙනිදාට එහි පිටපත් තියෙනවා. ඉතිං ඒ ඇල්බමය තුළින් කලාකරුවාට ආදායමක් එන්නෙ නැහැ. ඇල්බම් මාර්කට් එක හැදුණ නම් මේ රිගින් ටෝන් රැල්ල පස්සෙ යන්නෙ නැහැ. මොකද තමන් කැමති විදිහට සින්දු 10ක් 15ක් එකතු කරලා ඇල්බමයක් කරලා ඒ ඔස්සේ යම්කිසි ආදායම් මාර්ගයක් හොයන්න පුළුවන්. මේ සඳහා ආණ්ඩුවක් මැදිහත් වෙලා තමයි යම්කිසි දෙයක් කරන්න ඕන. අපිට කියන එක විතරයිනෙ කරන්න පුළුවන්.

අපිට ඒ සඳහා බලයක් නැහැනේ කුමන හෝ ක්‍රියාමාර්ගයක් ස්ථාපිත කරන්න. ඒක නිසා තිබුණ සහ ඕනෑම ආණ්ඩුවකින් මේ දේ වෙලා නැහැ. එදා වුණෙත් නැහැ. අද වෙන්නෙත් නැහැ. මොකක් හරි ක්‍රමයක් හැදිච්ච දවසට තමයි රිගින් ටෝන් රැල්ල, අර රැල්ල, මේ රැල්ල, අඬන සිංදු මේ ඔක්කෝම නවතින්නේ. නැත්නම් ඔයාලා පත්තරවල ලියනවා. අපි රූපවාහිනියේ හෝ කියනවා. එච්චරම තමයි. ඒක නිසා කවුරුත් මේ ගැන කතා කර කර ඉන්න එකෙන් ඵලක් නැහැ. මේ ලිපිය දැකලා හරි කවුරුහරි අත තියලා වැඩේ පටන් ගත්තතොත් තමයි හොඳ.

 

කලාකරුවා කියන කෙනාට කලා හැකියාවන් තියෙනකන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඔවුන් වියපත් වුණාම ජීවත් වීමට රජයෙන් හෝ කිසියම් ක්‍රියාපිළිවෙතක් තිබිය යුතුයි කියලා ඔබ හිතනවාද?

අපේ අනෙක් රටවල් බැලුවොත්, ඉන්දියාව සහ අනෙක් යුරෝපා රටවල කලාකරුවාට ස්ථාවරය හදලා තියෙන්නේ. ඔවුන්ගේ ආර්ථික පැත්ත, ඔවුන්ට ගෙවල් අවශ්‍ය නම් ඒ දේවල්ද, ණය පහසුකම්ද, රක්ෂණ පහසුකම්ද ඔවුන්ට ලබාදෙනවා. එවැනි රටවල ජාතික සම්පතක් විදිහට තමයි කලාකරුවාව හඳුන්වන්නේ. ලංකාවේ එවැනි දෙයක් නැහැ. ලංකාවේ කලාකරුවන්ව හූරා කනවා මිසක් අර වැනි ක්‍රියාමාර්ග නැති නිසා කලාකරුවන් පෙළෙඹෙනවා යම් යම් ක්ෂණික ආදායම් මාර්ග සඳහා. මම කියන්නේ එක වෘත්තියක යෙදෙන අය ගැන. මම නම් ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. මට ඒ ආදායම් මාර්ගය තියෙනවා. ගායනය විතරක් කරන කෙනෙක්ට මම කිව්වා වගේ ගොඩාක් ආදායම් නැති නිසා වයසට යද්දි බොහෝ ප්‍රශ්න එනවා. ඊට පස්සෙ ඒ අයට රැකවරණය නැතිව යනවා. කර්තෘ භාග ගෙවීම් පිළිබඳව තියෙන පනත හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි ප්‍රශ්නයන් මතුවෙන්නේ නැහැ කියලා හිතනවා.

 

කලාව තුළින් ජාත්‍යන්තර මට්ටමට යන්න දක්ෂතා හැකියා තියෙන අය ඉන්නවා නේද?

එවැනි අය සඳහා අන්තර්ජාතික ආයතන විසින් දායකත්වය ලබා නොදෙන්නේ ඇයි? ජාත්‍යන්තර මට්ටම යන්න පුළුවන් දක්ෂතා තියෙන අය ලංකාවේ ඉන්නවා. මම ශබ්දාගාරයක් පවත්වාගෙන යන නිසා මම පෞද්ගලිකව ඒ ගැන දන්නවා. ඒ නිසා දක්ෂතාවල ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ රෙකෝඩ් ලේබල් තියෙනවා. ගීත ඇල්බම් කරන්නේ, විකුණන්නේ, බෙදාහරින්නේ කලාකරුවෙක්ව ප්‍රමෝට් කරන්න. ඒක නිසා ජාත්‍යන්තර මට්ටමේ රෙකෝඩ් ලේබල් තියෙන ආයතන තියෙනවා. එවැනි ආයතන ලංකාවේ ආයෝජන කරන්න කැමති නැහැ Copyright ප්‍රශ්න නිසා. අපි ගොඩක්ම පුරුදු වෙලා තියෙන්නේ නොමිලේ ලබාගන්නනේ. කවුරු හරි අලුත් සිංදුවක් එළිදැක්වුවොත් අන්තර්ජාලයට ගියා ඩවුන්ලෝඩ් කළා. ඒ කාර්යය සඳහා තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අන්තර්ජාතික මට්ටමේ රෙකොඩ් ලේබල් කැමති නැහැ.

මෙහෙ ආයජනය කළොත් එහෙම කලාකරුවෙක්ව අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ඒ ආයතනයට පාඩුයි. කලාකරුවා ගොඩක් වියදම් කරලා නිර්මාණය කළාට අපි ඒ දේ ලබාගන්න පුරුදු වෙලා තියෙන්නේ නොමිලේ. මේ කාරණා නිසා තමයි දක්ෂතා තියෙන කෙනෙක්ට අද ජාත්‍යන්තර මට්ටමේ ලේබලයක් ලබාගැනීමට නොහැකි වෙලා තියෙන්නේ.

 

දියුණු තාක්ෂණය තුළ විදේශීය කලාකරුවන් තම නිර්මාණ සඳහා Google play, Spotify, iTunes වැනි දේවල් භාවිතා කරද්දී ලංකාවේ මෙවැනි දේවල් සඳහා යොමු නොවෙන්නේ ඇයි?

මෙවැනි දේවල් භාවිත කරන කිහිපදෙනෙක් ඉන්නවා. ලංකාවේ තියෙන තව ප්‍රශ්නයක් තමයි ලංකාවේ රසික රසිකාවියන්ට වඩා ගායක ගායිකාවන් වැඩියි. තමන්ගේම ස්ව උත්සාහයෙන් ඔරිජිනල් ගීත කරලා, ජනප්‍රිය වෙලා ස්ථාපිත ගායකයෙක් වෙච්ච අයත් ඉන්නවා. රියලිටි වලින් සෑහෙන පිරිසක් බිහිවෙනවානේ. දිනන අය පරදින අය හැමෝම. ඒ අයත් තමන් ගායන ශිල්පීන් ශිල්පිනියන් ලෙස හිතාගෙන ඉන්න මට්ටමකුත් තියෙනවා. ඔතනින් කිහිපදෙනයි තමන්ගේ නමක් හදාගෙන වෘත්තියක් විදිහට ඔය ක්‍රියාව කරගෙන යන්නේ. ඒ ජනප්‍රිය කිහිපදෙනාට තමයි Google play, Spotify, iTunes වැනි දේවල් සඳහා ගීත Upload කර එයින් සාර්ථකත්වයක් ලබාගන්න හැකියාවක් තියෙන්නේ. ඒ වගේ කිහිපදෙනෙක් දැනටත් ඒ සඳහා Upload කරනවා. ඒ වලින් යම්කිසි ආදායම් මාර්ගත් හදාගෙන තියෙනවා. මේ දේවල් තව දියුණු වෙන්න නම් ක්ෂේත්‍රයේ මොනාද අලුත් Update කියන දේවල් හොයන්න ඕන සහ රැඳෙන නිර්මාණ ටිකක් එන්න ඕන.

 

ඔබේ රසිකයන්ට කියන්න දෙයක් ඇති නේද?

මුලින්ම ස්තූති කරනවා මගේ රසික රසිකාවියන් හැමෝටම මාත් එක්ක ඉන්න එක ගැන දිගටම. මගේ සිංදු අහන එකට, මට Comment කරන එකට. මට කියන්න තියෙන්නේ හොඳ සංගීතය අහන්න. පුළුවන්නම් කලාකරුවාට උදව්වක් වෙන්න ඒ අයගේ Original CD ඇල්බමයක් ගන්න. මේ දේවල් වලින් ඒ කලාකරුවා බොහෝසෙයින් දිරිමත් වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-24-ent-69



අදහස් (0)

මම ස්තූති කරනවා මගේ සිංදු වලට Comment කරන එකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 675 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1387 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2612 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1519 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site