උඩවලව පනහඩුවේ ධනවත් බස් හිමියා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනකු නොවැම්බර් නව වැනි දා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රසාංග සංජිව ජිනදාස මහතා අද (24) සවස නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කැරුණේ හමුදාවෙන් පැන ගිය සෙබළකු වන, ඇඹිලිපිටිය, ගල්වංගුව, ගුරුආර, දෙවැනි පටු මගේ පදිංචි ලියූප බණ්ඩාරලාගේ අජිත් බණ්ඩාර නොහොත් ගල්වංගුවේ අජිත්, උඩවලව කොළඹගෙ ආරේ පදිංචි අගලවත්තගේ ජගත් ඉන්දික කුමාර නොහොත් පොඩි පුතා, මුල්ඇඩියාවල, රිකිල්ල පාරේ පදිංචි කෝරලේ වාඩියගේ සමන්ත ජයසිංහ නොහොත් කණ්ඩු, සහ මිද්දෙනිය අඹගස් ආරේ, රුක්මල්ගහ පදිංචි වික‍්‍රමගේ රෝහණ වූහ. පසුගිය 13 වැනි දා දින රාත‍්‍රීයේ උඩවලව පනහඩුවේ මද්දුම කංකානමලාගේ ලලිත්කුමාර (38) හෙවත් පුහුල්යායේ ගාමිණී, ඔහුගේ බිරිය රේන්දගේ ඉන්‍ද්‍රානි ඥානලතා (32), දරුවන් වන දිලාන් චතුරංග (14) සහ නදීකා සෙව්වන්දි (08) වෙඩිතබා ඝාතනය කිරිම සහ දේපොළ කොල්ලකෑම සම්බන්‍ධයෙන් මෙම සිවුදෙනා අත්අඩංගුවට ගත හැකිවූයේ පාරේ වැටී තුබූ ජංගම දුරකථනයක ‘මෙමරි චිප්' පතක් නිසාය. සැකකරුවන් සන්තකයේ තිබී මෙම අපරාධයට යොදාගත් බව කියන ටී 56 ගිනි අවියක්, උණ්ඩ 15ක් , පතුරොම් කොපුවක් මියගිය ලලිත්කුමාර පැළද සිටි බව කියන පවුම් පහළොව හමාරක රන් මාලයක් සහ මියගිය නදීකාගේ රන් මාලයක් ද සොයාගෙන ඇත. තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරිමට පෙර උඩවලව ග‍්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ. උඩවලව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාසේන පී ගමගේ මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධරයෝ සැකකරුවන් ඇඹිලිපිටිය අධිකරණය වෙත ගෙන එනු ලැබූහ. ඔවුනට නීතීඥ සහායක් නොතිබිණි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මෙමරි චිප් පත මිනීමරුවන් අල්ලයි
සෑම් Wednesday, 26 October 2011 09:24 AM
මුන්ට ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හොද නැද්ද
Ossan Salam - Doha Wednesday, 26 October 2011 10:27 AM
අපගේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලදරුවන්ට විශේෂයෙන් පුජිත සුන්දර මැතිතුමා සහ ඇහැලියගොඩ ස්ථානිධිපතිතුමාට අපි ආචාර කළ යුතුයි මෙවැනි අපරාධකාරයින් කොටු කළ පිනට
ඉන්දික රුශාන්ත Wednesday, 26 October 2011 11:51 AM
මුන්ට මිනිස් ජවිත ගැන වටිනාකමක් නැහැ තිරිසන්නු
විදුරංග විතානගේ Wednesday, 26 October 2011 11:57 AM
ආයුධ පෙන්නුවන්න අරන් යන්න අපරාදේ හිරේ දාලා කන්න දෙන එක